කෙසේ වෙතත් මෙම පිරිස චම්පික ඇමතිතුමාගේ නිවස තුළ මුණගැසුණ විටද වහාම උදය ඔහුගේ රෝගී තත්ත්වය ඉදිරියට පැමිණවිය. විශේෂයෙන්ම ඊට සති දෙකක පමණ සිට පක්ෂය තුළ තර්ක විතර්ක ඉදිරියෙහි උදයගේ හැසිරිම අනුව ප්‍රතිචාර දැක්වු චම්පික රණවක අවස්ථා ගණනාවකදීම කියා සිටියේ උදය ඔයාට මේ පක්ෂයෙන් යන්න ඕන නම් යන්න. ඒකට ප්‍රශ්නයක් නෑ යනුවෙනි කෙසේ වෙතත් ඉතා සුහදශීලිව පැවති මෙම කතා බහ තුළ අනුරුද්ධ, උදය අමතමින් කියා සිටියේ ‘උදය අයියේ සමහර දේවල් විස්තර කරන්න ඔයා ගන්න උදාහරණ හරි බාලයි. ටිකක් ඉහළ උදාහරණ ගන්න. දැන් දැන් දිගටම  ඔයා ගැලරියට හරියන උදාහරණමයි නිතරම ගන්නේ’ යනුවෙන් ද පැවසිය මෙම සානච්ඡාවේදී දොඩමලු වු උදය වැඩි වශයෙන්ම කථා කළේ පොදු අපේක්ෂකයා පිටු පස තිබිය හැකි ජාත්‍යන්තර කුමත්‍රණ පිළිබඳවය. 

මධ්‍යම රාත්‍රියට ආසන්න විමත් උදයගේ රෝගී තත්ත්වයත් හේතුවෙන් මෙම හමුව හමාර කිරීමට සියලු දෙනාම තීරණය කළහ. අනුරුද්ධ, උදයගේ කර මතට තම අත තබා ඔහුගේ උරහිසද මිරකමින් චම්පික ඇමතිතුමාගේ නිවසින් පිටතට පැමිණියේය. ඒ අතරතුර අනුරුද්ධ එම දිනයේ දී දෙවැනි වරටත් ඔහු ඉඳහිට ලබාගන්නා ඔෘෂධයක් උදයට නිර්දේශ කළේය. ඒ මානසික ආතතිය සඳහා බහුලව භාවිත කරනු ලබන “සිටපෑම්” ඔෘෂධයයි. “උදය අයියේ ඔයා මානසික අවුලක වගේ ඉන්නේ ඔය පෙත්තක් බොන්න ඔයාගෙ ඔය ටෙන්ෂන් එක  එතකොට අඩුවෙයි” යනුවෙන් පැවසීය. ඊට පෙර පෙරවරුවේ අනුරුද්ධ හා අප සියලු දෙනාම චම්පික ඇමතිතුමාගේ නිවසේ දි ප්‍රතිපත්ති ප්‍රකාශන සකසන අවස්ථාවේදී ද අනුරුද්ධ මා හට ද ‘සිටපෑම්’ නිර්දේශ කළේය. 


ඉහත හමුවේදි දැකගත හැකි වූ විශේෂත්වය නම් ඔවුන් කිසිවෙක් උදයගේ දේශපාලන අර්බුද පිළිබඳ කිසිවක් කථා නොකොට වෙනත් දේශපාලන කරුණු වෙත පමණක් අවධානය යොමු කිරීමය. පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී තිබුණ උද්වේගකර බව ඒ තුළ නොවිය. එය එසේ වුවත් පසුදින විශ්වවිද්‍යාලයේ දි දේශනයක් පවත්වමින් සිටි අනුරුද්ධහට කථා කළ චම්පික අනුරුද්ධ අන්න උදය අරලිය මැදුරේ යනුවෙන් පැවසිය. 
ඔහුට සිය දේශනය තවදුරටත් ඉදිරියට කිරිමට නොහැකි විය. ඔහ තම සිසු සිසුවියන් අමතා “මම ලොකු ප්‍රශ්නෙක ඉන්නේ තව ටිකකින් ඕගොල්ලන්ට මේ පිළිබඳ ිපි එයි” යනුවෙන් පවසන විටත් අනුරුද්ධ තමා පිළිබඳ මහත් ලජ්ජාවක් ඇති වුණා සේය. මොහොතකින් අනුරුද්ධගේ ජංගම දුරකථනය යළිත් නාද විය ඇමතුම මහාචාර්ය සුදන්ත ලියනගේගෙනි. ඔහු කියා සිටියේ අනුරුද්ධ උදයත් අපිට ආවා දැන් ඉතින් මෙහෙට එන්න යනුවෙන් පවසද්දී පෙරළා ඔහුගේ පිළිතුර වුයේ “සර් මට සල්ලි නෑ, ඒ හින්දා මට ඕන නෑ” යන්න පමණි. 


කෙසේ වෙතත්  මෙම සිදු විමට පසුදින උදය, අනුරුද්ධ හට කථා කරමින් කියා සිටියේ “අනුරුද්ධ. චම්පික, අයියට කියන්න මට මඩ ගහන්න එපා කියලා” යනුවෙන් පැවසුවත් ඊට ප්‍රතිචාර ලෙස අනුරුද්ධ ප්‍රබල දෙසුමක් විනාඩි 30 ක් පුරා පැවැත්වීය. අතීතය මතකයට නඟමින් ඉහත සඳහන් “බෝම්බුවල” සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂත් සමග සිටිම අපරාධයක්. පක්ෂයක් ලෙස අප සන්ධානයෙන් ඉවත් විය යුතු යැයි. යන මතවාදය උදය විසින් පක්ෂය තුළ තහවුරු කළ ආකාරයට ඔහුගේම මතකයට නඟා දුන් අනුරුද්ධ දැන් ඔබ වෙනත් දෙයක් කථාකරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය. මේ අතර එතැන් සිට උදය හෙළ උරුමයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට හා අනෙකුත් ක්‍රීයාකාරීන්ට දුරකථනයෙන් කථා කරමින් යළි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සහයෝගය ලබා දිමට තමා හා එක්වන ලෙසට නිරන්තරයෙන්ම පෙලඹවීම් සිදු කළේය. කෙසේ වෙතත් දෙසැම්බර් 11 වැනිදා මාධ්‍ය සාකච්ඡාවේදී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ තමන් ජාතික හෙළ උරුමයෙන් ඉවත් වුයේ ප්‍රතිපත්තිමය කරුණක් මත මිස පක්ෂය තමන් හට නොසැලකු නිසා යැයි ප්‍රකාශ නොකරන බවයි. 


මෙම සිදුවිම මාස කිහිපයක සිටම උදය සම්බන්ධයෙන් චම්පිකගේ නිරික්ෂණය නිවැරදිය. රාජපක්ෂවරු අතරින් උදය වඩාත්ම ළඟ සබඳතා පැවැත්වුයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමගය. 2014 පළාත් සභා මැතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා සෘජුවම උදයගේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය දැක්වීය.

විශේෂයෙන්ම බෝම්බුවල සාකච්ඡාවලදී ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට උදය ගෙනා තර්කය පිටුපස තිබුණේ වෙනත් අරමුණක් බව චම්පික ඇමතිතුමාගේ අදහසයි. එනම් උදය ඒ සියලු සම්‍යප්‍රයෝග තුළින් සිදු කළේ යම් තර්කානුකූල පදනමක් ඔහු විසින්ම පක්ෂය තුළ ගොඩනඟා පළමුව ජාතික හෙළ උරුමය සන්ධාන අණ්ඩුවෙන් පිටතට ගැනීමයි. එම අවස්ථාවේ දී උදය ද හෙළ උරුමය සමඟ ආණ්ඩුවෙන් ඉවත් වෙයි. ඒ සමගම ආණ්ඩුව හා හෙළ උරුමය ප්‍රබල දේශපාලන ගැටුමකට ගිය කල හදිස්යේම හෙළ උරුමයත් සමඟ යළිත් උදය ප්‍රතිපත්තිමය කරුණක් නිර්මාණය කරමින් ඒ මත ගැටෙමින් හෙළ උරුමයෙන් ඉවත්වෙයි. ආණ්ඩුවෙන් ඔහුට ආරාධනා ලැබෙයි. එම ආරාධනා පිළිගෙන උදය නැවත සන්ධාන ආණ්ඩුවට එක්වෙයි. එවිට කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට තරග කිරිමට මෙතෙක් හෙළ උරුමයෙන් හා චම්පික රණවකගෙන් තිබු බධාව ඉවත් වේ. චම්පික දේශපාලන වශයෙන් හුදකලා වෙයි. බෝම්බුවල සානච්ඡාවේ සිට උදය ගොඩනැඟිමට බලාපොරොත්තු වුයේ ද අවසානයේදී ජනාධිපතිවරණය අතරතුර ඔහු වෙනත් ආකාරයට සිදු කළේ ද එම උපක්‍රමික සැලැස්ම බව චම්පික රණවක ඇතුළු අනෙතුක් හෙළ උරුම නායකයන්ගේ ඒකමතික අදහස විය. 


හෙළ උරුමය අවසන් වශයෙන් ආණ්ඩුවෙන් ඉවත් විමට තීරණය කළ නොවැම්බර් 19 වැනිදා වනවිට උදය ගම්මන්පිල සිටියේ ඇති වු අසනිප තත්ත්වයක් හේතුවෙන් “ලංකා හෝස්පිට්ල්ස්” හි නේවාසික ප්‍රතිකාර ලබමිණි. ඒ සඳහා ඔහුට අවශ්‍ය රෝහල් පහසුකම් ලබා දීමට ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වී තිබිණි. ඊට පෙර දින නිශාන්ත වර්ණසිංහ සහ අනුරුද්ධ ප්‍රදීප් එම රෝහලට ගියේ හෙළ උරුමය විසින් සැකසු මාධ්‍ය නිවේදනයකට අත්සන් ලබා ගැනිමටය.  ඔවුන් එහි ගිය විට උදයගේ බිරිඳ පළමුව කියා සිටියේ උදයගේ අසනිප තත්ත්වය උත්සන්න නිසා ඔහු දැඩි නින්දක බවයි. පැයක් පමණ රෝහලේ වාඩි වී සිටි ඔවුන් දෙදෙනා අවසානයේ දී උදයගේ කාමරයට ගොස් රෝගී තත්ත්වය විමසා අවශ්‍ය අත්සන් ලබා ගත්තේය. තවද ඊට පසුදින එනම් 19 වැනිදා නියමිත වේලාවට උදය රෝහලේ සිට ජාතික හෙළ උරුමයේ එම තීරණාත්මක මාධ්‍ය හමුව පැවති ස්ථානයට පැමිණි අතර එම මාධ්‍ය හමුව අවසානයේ නැවත ඔහු එම රෝහලටම ගියේය. 


මේ අතර මෙම සිදුවීමට මාසයක පමණ සිට උදය නිතරම කැස්ස රෝගයෙන් පෙළෙන බවක් පෙන්වීය. මෙම කාලවකවානුව තුළ හෙළ උරුමය නිතර නිතර තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වු අතර ඒ සෑම අවස්ථාවකම උදයට නොනවත්වාම කැස්ස මතු විය. ඒ අනුව රැස්විම පුරාම කැස්ස රෝගයෙන් පෙළෙන ඔහු අතරමගදී තමාට අපහසු බව පවසා ඉන් ඉවත් වී යයි. තවද පක්ෂයේ සාමුහික තිරණයකට අනුව උදය ද ආණ්ඩුවෙන් ඉවත් වුවද ඔහු දිගින් දිගටම කියා සිටියේ. ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා හෙළ උරුමය ආණ්ඩුවට ලබාදුන් කාලය ප්‍රමාණවත් නැති බවය. එලෙස ඉතා කෙටි කලකින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය කළ නොහැකි බවට ද ඔහු පක්ෂ අභ්‍යන්තරයේ දී තර්ක කරන්නට විය. 


මිට පෙර පොදු අපේක්ෂකයා හා ජාතික හෙළ උරුමය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව තිබුණ අතර ඒ ආශ්‍රීතවද හෙළ උරුමය අභ්‍යන්තරයේ ඇති වු සාකච්ඡා වලදී උදය ප්‍රශ්න ගණනාවක්ම මතු කළේය. පුදුමකයකට මෙන් හෙළ උරුම මධ්‍යම කාරක සභාවේදී ඇතිවු මෙම වාද විවාද පිළිබඳ සියලු තොරතුරු විමල් වීරවංශ මහතාගේ ක්‍ භැඅි වෙබ් අඩවියේ වාර්තාවිය. මෙලෙස ක්‍ භැඅි වෙබ් අඩවිය පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු බලා දුන් පුද්ගලයා සොයා ගැනිමට අදාළ දිර්ඝ උපක්‍රමික සැලසුමක් උදය විසින් පක්ෂය හමුවේ තැබු අතර සියලු දෙනාටම යටි සිතින් සිනහ ගියේ මහින්දත් මේ වන විට උදය යම් මොහොතත යළිත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එක් විමට ඉඩ ඇති බවට තොරතුරු ලැබෙමින් තිබුණ නිසාය.


පොදු අපේක්ෂකයාහා ජාතික හෙළ උරුමය අතර අත්සන් කිරිමට තිබු එකඟතා ගිවිසුම පිළිබඳ ප්‍රශ්නය නැඟුණේ දෙසැම්බර් පළමුවැනිදා විහාර මහා දේවි උද්‍යානයේදී පොදු අපේක්ෂකයා සමඟ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ඊට සහයෝගය දක්වන අනෙකුත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සමඟ අත්සන් කළ මුලික එකඟතාවත් මෙම හෙළ උරුම එකඟතාවක් අතර යම් පරස්පරයක් තිබීම හේතුවෙනි. එය එසේ වුවත් දෙසැම්බර් 2 වැනි දින මෛත්‍රි ඇමතිතුමාගේ විජේරාම නිල නිවසේ දී විධායක ජනාධිපති ධුරයේ අනාගතය පිළිබඳ ජනාධිපතිවරණය ජය ගන්නවාට වඩා අපගේ රැස්විම්වල උණුසුම් මාතෘකාවයි. මේ පිළිබඳ ප්‍රශ්නයේ දී වරක රනිල් වික්‍රමසිංහ මහතා 1978 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවද ගෙනවිත් හඩනඟා කියවීය. මේ අනුව දින ගණනක් මෙලෙස වාද විවාද කරමින් සියලු දෙනා පැමිණි අවසන් නිගමනය වුයේ පුර්ණ වශයෙන් ජනාධිපති ධුරය අහෝසි කිරීමට කැපවි සිටින අතර පළමු අදියරේ දී එනම් දින 100 වැඩ සටහන තුළදි ජනමත විචාරණයක් සඳහා තුඩු නොදෙන විධායක ජනාධිපති ධුරයේ සිදු කළ හැකි සියලු. අත්තා නෝමතික බලතල ඉවත් කරනු ලැබේය යන්නය. 


ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරි වැඩ කටයුතු මෙන්ම සියලු ප්‍රචාරක කටයුතු අතිශය සංකිර්ණ තත්ත්වයක් යටතේ සිදුවෙද්දී තවත් එක් උභතෝකෝටිකයකයක් දෙපසින් වර්ධනය වන බව පෙනෙන්නට තිබුණි. ඒ හෙළ උරුමය සම්න්ධයෙනි. එනම් චම්පික ඇමතිතුමා  හා රතන හාමුදුරුවෝ සම්බන්ධයෙන් චන්ද්‍රිකා මැතිණිය එක් අතකින් යම් නොරිස්සුම් සහගත ප්‍රතිපත්තියක සිටිය දි එ.ජා.ප.ය දෙසින් මංගල සමරවීර ඇමතිතුමා ද එවැනිම ප්‍රතිපත්තියක සිටින බව අපගේ නිරීක්ෂණය වීමය.

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්