පැලවත්ත කඳවුරේ උමගක් හාරා ජවිපෙ සමාජිකයෝ පලා ගිය හැටි -2

පැලවත්ත උමඟින් පලායෑමේ ප්‍රථම සැලසුම 1988 දී දියත් වූයේ බාහිරව පිටතින් ජවිපෙ මැදිහත්වීමෙනි. එහෙත් දෙවැනි පලායෑමේ සැලසුම 1992 සැප්තැම්බර් ක්‍රියාත්මක වූයේ පිටත කිසිදු ජවිපෙ බාහිර සහායක් ලබාගැනීමකින් තොරවය. ඒ වන විට ජවිපෙ කැරැල්ල පැරදී පක්ෂ යාන්ත්‍රණය මුළුමනින්ම වාගේ බිඳවැටී තිබූ බැවිණි. ප්‍රථම පලායෑමේදී රැඳවියන් හමුවීමට එන අමුත්තන් මගින් ද ලිපි සහ පණිවිඩ පිටතට රහසිගතව යැවූ අතර කඳවුරේ සිටි එක් ඇසක් අහිමි වූ පරවියෙකුගේ සහාය පණිවිඩ හුවමාරුවට යොදා ගෙන තිබේ.  රැඳවුම්කරුවෝ පරිප්පු දී පරවියා හීලෑකරගත් අතර පසුව එය අසුවීමෙන් පසු ආරක්ෂක අංශ විසින් පරවියා විනාශ කරන ලදී.


රැදවියන් විසින් රහසිගතව වෝකිටෝකි යන්ත්‍රයක්ද රේඩියෝ උපකරණ යොදාගෙන බැටරි බලයෙන් ක්‍රියාත්මක කළ අතර එයට ආරක්ෂක අංශ මගින් අවට සිදුකරන රේඩියෝ පණිවිඩ ද ඇතැම් අවස්ථාවේ ශ්‍රවණයට හැකි විය.


කඳවුරේ රැඳවියන් 912 දෙනෙකු 1988 මුල්භාගයේ දී සිටි අතර වසර අවසානයේ සිටි රැඳවියන් සංඛ්‍යාව 1,218 කි. පැලවත්ත කඳවුරේ පරිපාලනය සිදු කළේ යුද හමුදාවේ පළමුවැනි ගජබා රෙජිමේන්තුව සහ පළමු වැනි සිංහ රෙජිමේන්තුව මගිනි. කඳවුරෙන් පිටත ආරක්ෂාව භාරව සිටියේ පොලිසියයි.


මෙම පලායෑම් සිද්ධීන් පිළිබඳව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මෙරිල් ගුණරත්නගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වන ලද්දේ කළුතර පොලිස් අධිකාරි ජගත් ජයවර්ධන, මතුගම පොලිස් අධිකාරි ආර්.එම්.ජී කැමිලස් සහ ජයශ්‍රී උඩවත්ත, මීගස්තැන්න පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්. උමගිලිය ඇතුළු කණ්ඩායමක් විසිනි. එයට පැලවත්ත හමුඳා කඳවුරේ ස්ථානාධිපති රද්දොළුගම පදිංචි එන්. වීරසිංහ ඇතුළු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එයට සහාය විය. 


කඳවුරේ සියල්ලෝම උමඟ හාරන අතරතුර හොඳම දේ බලාපොරොත්තු වූහ. ඒ එළියට පැන ගැනීමය. එමෙන්ම නරකම දේ ගැන සූදානම්ව සිටියහ. ඒ පලායන විට හසුවූවහොත් ප්‍රතිඵලය මරණය බවය. මෙහි එකක් හෝ අනෙක ක්‍රියාත්මකව පවතින බවද සියල්ලෝම පසක් කරගෙන සිටියහ. කඳවුරෙන් 131 දෙනා පලාගියේ කණ්ඩායම් 4 ක් වශයෙන් වෙන් වෙන්වය. උමඟකින් පලායෑම යනු මරණය අතේ අරන් යෑමකි. උමඟේ මඳ දුරක් යන විට හුස්ම ගැනීමේ අප සුවක් මතුවේ. කඳවුරේ ගොඩනැගිලිවලට කොන්ක්‍රීට් තුළ තිබූ  බව කොන්ක්‍රීට් කඩා ඉවත්කර එම බට යොදා මයිනහම් ක්‍රමයට වාතය ලබා ගැනීමේ ක්‍රමයක් නිර්මාණය කර තිබිණි. මයිනහම ලෙස සකස්කර තිබුණේ කඳවුරේ රැඳවියන්ට රතුකුරුස සංවිධානයෙන් පරිත්‍යාග කර තිබූ රූපවාහිනීයක් බහා තිබූ පෙට්ටියකට ගම් බෝතලයක හිස් බටයක් ආධාරයෙනි. උමගේ සමහර තැන්වල ජලය ද කාන්දු වන බැවින් ගමනට බාධා රැසකි. කඳවුරේ ප්‍රධාන හමුදා නිලධාරියාගේ කාර්යාලය යටින් ද උමඟ ගොස් තිබිණි. දෙවන වරට පැනගිය උමඟ වෙනත් අන්තයකින් කඳවුරට වතුර බවුසර් ගෙන එන මහ පාරට අඩි 8 ක් පවා යටින් ද ගොස් තිබිණි.

 

රාත්‍රී 8 ට උමඟ හෑරීම සිදුවන අතර එය උදෑසන 4ට අවසන් වේග රාත්‍රී 6 ට ආහාර ලබාදීමෙන්  පසුව රැඳවියන් පමණක් සිටින බැවින් කිසිම නිලධාරියෙකු නොපැමිණෙන අතර උමඟ හෑරීමට අදාළ ශබ්ද පිටතට නොඇසීම සඳහා රැඳවියයෝ පස්වරු 7 සිට පැය කිහිපයක් විමුක්ති ගී සහ පැදුරු සාජ්ජ කුටි තුළ පැවැත්වූහග


උමඟ අඩි 2 යි අඟල් 6 ප්‍රමාණයෙන් උස සහ පළල් වූ අතර එය මැද මිදුලෙන් ඇරඹිණි. පොළව යටට අඩි 4 ක් බැසීමෙන් පසු මිදුල යටින් උමඟ ගමන් කරයි. කලින් තට්ටු බිල්ඩිමක් අසලින්  සැලසුම් කළ ද එය අත්හැර දමන ලදී. උමඟ හෑරීමේදී 25 ක පමණ පිරිසක් එළියේ සිට සහාය දුන් අතර උමඟ තුළ දෛනිකව ඉවත් කරන පස් ගෝනි 5 ක් පමණ බෑගයක ගැට ගසා ලණුවකින් ඇද ඉවතට ගන්නා ලදී. රාත්‍රී 8 ට උමඟ හෑරීම සිදුවන අතර එය උදෑසන 4ට අවසන් වේ. රාත්‍රී 6 ට ආහාර ලබාදීමෙන්  පසුව රැඳවියන් පමණක් සිටින බැවින් කිසිම නිලධාරියෙකු නොපැමිණෙන අතර උමඟ හෑරීමට අදාළ ශබ්ද පිටතට නොඇසීම සඳහා රැඳවියෝ පස්වරු 7 සිට පැය කිහිපයක් විමුක්ති ගී සහ පැදුරු සාජ්ජ කුටි තුළ පැවැත්වූහ. උමඟ හාරනු ලබන්නේ පනිට්ටුවලින් ගලවාගත් කම්බි කොකු මගිනි. ඉවත් කරන පස්වලින් කොටසක් විරු සමරුව ප්‍රදර්ශනය සඳහා සකස් කරන නිර්මාණ සෑදීමට කඳවුරු පාලකයන් විසින් ගෙනත් දුන් මැටි ගොඩට එක්කර තිබේ. ඉන් විශාල ප්‍රමාණයේ ලංකාවේ රූපයක් සහ විජේවීර ඵලකයක් ඇතුළු බොහෝ නිර්මාණාත්මක මැටි ප්‍රදර්ශන භාණ්ඩ දිවා කාලයේ ප්‍රදර්ශනය සඳහා සකස්කර මවාපෑම් සිදුකරන ලදි. ඉතිරි පස් වතුරට දියකර වැසිකිළි වලට දමා සෝදා යැවූ අතර දින කිහිපයකට වරක් එසේ අවහිර වන ගලි කටවල් ගලවා ෂොපින් බෑග් අතට දමාගෙන අසූචි සමඟ එකතු වූ පස්, බාල්දි මගින් ඉවත්කර වළවල් වලට දමා තිබේ.


ඉවත්කරන ලද බොරළු සහිත වැලි පස් උදෑසන 4 ට පමණ වාට්ටුව ඉදිරිපිට මිදුලේ අතුරන අතර රැඳවියන් 50 ක් පමණ උදෑසන 5 ට ඒ උඩින් පැයක පමණ කාලයක් ව්‍යායාම කිරීම තුළින් කිසිවෙකුට අමුත්තක් නොපෙනේ. උමඟට ඇතුලුවන කට ද විශාල කැරම් ලෑල්ලකින් වැනි දෙයකින් වසා දමා එයට උඩින් පස් දමා කුණුබක්කි තබනු ලබයි. ගොඩනැගිල්ලේ වඩිම්බු ලී ගලවා ඒවා අවශ්‍ය ප්‍රමාණයට කපා උමඟේ උඩට පස් කඩා වැටීම වැළැක්වීම සඳහා ගසනු ලැබේ. ලී මුක්කු මුළුතැන්ගෙයි සේවයේ නිරතවන රැඳවියන් අදාළ ප්‍රමාණයට ලිපට දමන දරලී කපා ඒවා බත් ලිප තබන කල්දේරම්වල යටට දමා එහි උඩින් බත් දමාගෙන වාට්ටුවට ගෙනවිත් ඒවා වෙන්කර ගනිති. අවශ්‍ය ප්‍රමාණය දක්වා එසේ ලී මුක්කු ගෙන එන ලදී. වාට්ටුවේ 435 ක් වූ රැඳවියෝම උමඟ කැපීම දන්නා නමුදු කිසිදු තොරතුරක් කිසිවෙකුට කියාපෑමට ගියේ නැත.  එය සාමූහික වැඩක් බැවිනි. අනෙක පාවාදීමක් සිදුකරන අයට රැඳවියන් ගෙන් එල්ල විය හැකි මාරාන්තික ප්‍රහාරයන්ය.


උමඟ තුළින් රැඳවියන් පලායෑමට ප්‍රථම ඔවුනට ප්‍රථමයෙන් කණ්ඩායම් වශයෙන් වෙන්ව යන අන්දම පිළිබඳව නායකයන් විසින් සිතියම් ඇසුරින් විස්තර කරන ලදී. සෑම අයෙකුම එළියට උමඟින් පලායෑමේ දී ඇඳගෙන යන ඇඳුමට අමතරව සිලි සිලි බෑගයක ඔතා ගත් කමිසයක් සහ සරමක්ද රතුකුරුස හැඳුනුම්පතක් ද රුපියල් 500ක පමණ මුදලක් ද සූදානම් කරගන්නා ලදී. උමඟින් පලාගිය රැඳවියන් ප්‍රථමයෙන් එක්වූයේ තුඩුගල්ල යකුපිටිය කැලෑවටය. පසුව සිංහරාජ රක්ෂිතය, රෑන කන්ද, මෝල්කාවේ කහඹිලියා කන්ද, තපස්වල කන්ද, පාහියන්ගල කන්ද කළුකන්දාව කඳු ආශ්‍රිත ප්‍රදේශවලට ගොස් විසිර තිබිණි. පසුව ඔවුහු තමනට මඟ පෙන් වූ එළියේ සිටි ජවිපෙ ක්‍රියාකාරිකයන් සමඟ යළි පක්ෂයට එක් වී විවිධ දිස්ත්‍රික්කවලට යොමුවූහ.


ඥාතීන් රැඳවියන් බැලීමට පැමිණිමේ දී 131 දෙනෙකු 1988 ඔක්තෝබර් 29 වන විට පැනගොස් තිබිය දී ඉතිරි රැඳවියන් එම ඥාතීන් පැමිණි විට කියා සිටියේ ඔවුන් රෝහලට හෝ උසාවිවලට ගෙන ගොස් සිටි බවය. නිලධාරිහු රැඳවියන් ගණන් කරනා විට බොරු ගණන් හිලව් හදා ඒවා ආවරණය කිරීමට සෙසු අය සමත් වූහ. පලාගිය 131ක ගේ ආහාර විශාල ප්‍රමාණයක් දිනපතා ඉතිරි වූ බැවින් වැඩිපුර ආහාර පරිපාලනයට හසු නොවන සේ විනාශ කරන ලදි.