(පරිවර්තනය හර්ෂණ තුෂාර සිල්වා)

‘‘කලාපයේ යහපතටත් ලෝකයේ යහපතටත් ඉන්දියාව ඉදිරියට යමින් සිටිනවා. ඉන්දීය ජනරජ දිනයත්, ශ්‍රී ලංකාවේ නිදහස් දිනයත් සමරමින් මෙම පැරැණි මිත‍්‍ර සමාජය හමුවේ කතා කිරීමට ලැබීම භාග්‍යයක්. පැරැණිම මිතුදම සමරන පැරැණිම සමාජය. පසුගිය වසරේ ජනවාරි මාසයේදී ඔබ දියත් කළ සඟරාවේ නම වූයේ එයයි.

පුද්ගලයන් ලෙස, සමාජ ලෙස, ජාතීන් ලෙස අප අද මුහුණ දෙන අභියෝග ඉතාමත් සංකීර්ණයි. ඒ වගේම එම ගැටලූ තනිව නිරාකරණය කරගැනීමට යෑම තවත් දුෂ්කරයි අන්‍යෝන්‍ය යැපීම දුර්වලතාවක් නොව එය ශක්තියේ මූලාශ‍්‍රයක්. අප අද පෝෂණය කරන මිතුදම එයයි. අප ගොඩනගා ගත් විශ්වාසය, අප නිර්මාණය කරගත් සබඳතා අද අප හමුවේ තිබෙන අභියෝගවලට මුහුණ දීම සඳහා  තිබෙන යෝග්‍යතම විසඳුමක් ලෙස පෙන්වා දිය හැකියි.

මෙතැන සිටින ඔබ සියලූ දෙනා තුළම සාමයේ සහ මිත‍්‍රත්වයේ තානාපතිවරයකු මා දකිනවා. ඔබ රටවල් දෙකේ හොඳම දේවල් එකට ගොනු කරනවා. ඔබගේ සහක‍්‍රියා, සබඳතා ඔබට එකතු කළ හැකි දේවල්  අපේ ගැඹුරු සම්බන්ධය අපේ ගමනේ වේගය පෙන්නුම් කරනවා. අහස ඇල්ලිය යුතුයි. අප ඉදිරියට ගමන් කළ යුතුයි. ඔබ සියලූ දෙනාට ශක්තිමත්ව ඉදිරියට ගමන් කළ හැකියි. ඒ ගැන සැකයක් අවිශ්වාසයක් නැහැ. ඒ වගේම අපේ රටවල් දෙක, අපේ රටවල් දෙකේ පරිණාමය, අපේ රටවල් දෙකේ අනාගත ප‍්‍රගතිය උදෙසා ක‍්‍රියාත්මක වන ක‍්‍රියාවලි සම්බන්ධයෙන් අපේ තිබෙන අවබෝධය මත ඒ සියල්ල රැඳී පවතිනවා.

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් එකිනෙකට සම්බන්ධ කෙරෙන ආකාර බොහෝමයි. පුරාණ කතා, මිථ්‍යා විශ්වාසවල ඉතිහාසයත් එතැන් සිට ශිෂ්ටාචාර දක්වාත් ඉන්දු ලංකා සබඳතා දිව යනවා. සංස්කෘතික, වාණිජ සහ මිනිසුන් අතර පැවැති සබඳතා ඉන්දු ලංකා සබඳතාවල විවිධ මට්ටම් පෙන්නුම් කරනවා. එයයි අප එකිනෙකාගේ අනන්‍යතාව. අපට සුවිශේෂී වාසියක් තිබෙනවා. අපේ බැඳීම් ඉතාම ශක්තිමත් වගේම අපේ රටවල් දෙකේ තියෙන බොහෝ දේ ද සමානයි. ඒ නිසා අප එකිනෙකා දැකීමට විශේෂ වෙහෙසක් දරන්න අවශ්‍ය නැහැ. එහෙත් ප‍්‍රශ්නය වන්නේ මේ ප‍්‍රතිලාභ වඩාත් වඩාත් ශක්තිමත් කරගන්නේ කෙසේ ද යන්නයි. අපේ අන්‍යොන්‍ය ප‍්‍රතිලාභ වැඩි කරගන්නේ කෙසේ ද යන්නයි.

මේ අවස්ථාවේදී ඉන්දු ලංකා සබඳතා සම්බන්ධයෙන් වන මගේ දැක්මට කරුණු තුනක් පදනම් වෙනවා.

පළමුවැන්න අවධානයයි.

දෙවැන්න පහසුකම් සැපයීමයි

තුන්වැන්න සමෘද්ධියට පත් කිරීමයි

පළමුවැනි සාධකය x අවධානය යොමු කිරීමයි

ඉන්දියාව වඩාත්ම සංකීර්ණ සහ බහුවිධ සමාජයක්. ඉන්දියාව විවිධ ගෝත‍්‍ර ජාතීන්, විවිධ භාෂා කතා කරන, විවිධ ජීවන රටා සංස්කෘතික අංගවලින් සමන්විත අති විශාල ජනතාවකට නිවහන වෙනවා. ලොව ප‍්‍රධානම ආගම්වලට නිවහන සපයන්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ කතා කරන භාෂා සහ උපභාෂා ප‍්‍රමාණය 1,652කට ආසන්න වෙනවා. මානව විද්‍යා සමීක්ෂණයකට අනුව ඉන්දියාවේ විවිධ ජාතීන් 4,599 කට ආසන්න පිරිසක් ජීවත්වෙන බව ඇස්තමේන්තු කර තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ෆෙඩරල් ක‍්‍රම යටතේ පළාත් සහ ප‍්‍රාදේශීය මට්ටමට බලය බෙදා දෙමින් ඉන්දියාව මෙම පොහොසත් විචිත‍්‍ර බහුවිවිධත්වය ආරක්ෂා කරගැනීමට සමත්ව තිබෙනවා. එය අපේ මුතුන් මිත්තන්ගේ වගේම අපේ මිනිස්සුන්ගේ සහජයෙන්ම තිබෙන සාමයට කැමැති බව පෙන්නුම් කර තිබෙනවා. අපේ මිනිසුන් ඉවසීම අගයනවා. ඒ වගේම සහජීවනයේ අධ්‍යාත්මික බව අගයනවා.

ඒ වගේම බිලියන 1.25ක ජනතාවගේ සංවර්ධන අභිලාෂ සැපිරීමට වගේම ඔවුන්ගේ අවශ්‍යතා හා වුවමනා සැපිරීමේ වගකීම අපේ රජයට පැවැරී තිබෙනවා. අපේ වෙහෙස වීම්වල කැපවීම්වල ප‍්‍රතිඵල අද ලැබී තිබෙනවා. ලොව සියලූ රටවල් අතරින් ඉන්දියාව වෙනුවෙන් ලන්සු තබන බව ‘ෆෝචූන් 500’ සමාගම් සහ ලොව හොඳම බහුජාතික සමාගම්වල ප‍්‍රධාන විධායක නිලධාරීන් පවසනවා. එය ඉතා වැදගත් ප‍්‍රකාශයක්. ඉන්දියාව පසුගිය වසරේ දී ලොව ප‍්‍රධානම ආර්ථික අතරින් සියයට 7.5ක ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරමින් ඉදිරියෙන් සිටියා. මේ වසරේදීත් ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කර තිබෙන අතර ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 17කට ඉන්දියාව හිමිකම් කියනු ඇතැයි ද පැවසෙනවා.

ආයෝජනයට ප‍්‍රතිලාභ සැලසීමේදී ඉන්දියාව අන් සෑම රටකටම වඩා ඉදිරියෙන් සිටිනවා. ලාභ පදනම් දර්ශකයේ පළමු ස්ථානයට පැමිණීමට ඉන්දියාව සමත්ව තිබෙනවා. වසර 2020 වනවිට ඉන්දියාවේ සාමාන්‍ය වයස අවුරුදු 29ක් ලෙස සැලකෙනවා. ඒ අනුව ඉන්දියාව ලොව තරුණම රට බවට පත්වන අතර ඉන්දියාවේ ජනගහනයෙන් සියයට 64ක් වැඩකරන වයස් කණ්ඩායම නියෝජනය කරනවා. අද ඉන්දියාව අවස්ථා අති විශාල සංඛ්‍යාවක් තිබෙන ඒ වගේම නිම නොවන ශක්‍යතා තිබෙන භූමියක්. අද ඉන්දියාව වේගවත් ලෙසත් විශාල ලෙසත් ආර්ථික පරිවර්තනයට ලක්වෙමින් තිබෙනවා. එය අපේ මිතුරු සහ හවුල් රටවල්වලට සුවිශේෂී අවස්ථාවක්. එය ඔවුන් මඟහැර නොගත යුතුයි. ඉන්දියාවේ ආර්ථික වර්ධනය ඉන්දියාවට පමණක් ප‍්‍රතිලාභ ගෙන දෙන්නක් නෙමෙයි. ඉන්දියාවේ ආර්ථික වර්ධනය කලාපයේ මෙන්ම ලෝකයටත් ප‍්‍රතිලාභ රැුසක් ගෙන දෙනවා. ඉන්දියාවේ අසල්වැසියන් ඉන්දියාවේ මිතුරන් අපේ වර්ධනයේ කොටස්කරුවන් කරගන්න අපි කැමැතියි.

ඉන්දියාව මෑතකදී විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත‍්‍රයෙන් අත්පත් කරගත් ජයග‍්‍රහණ මෙතෙක් නොතිබූ දේවල්. අහසේ තරුවල සිට සාගරයේ ගැඹුරුම තැන් දක්වාත්, අභ්‍යවකාශයේ සිට සඳ දක්වාත් එතැන් සිට අඟහරු සිකුරු දක්වාත් අප පර්යේෂණ කරනවා. ජලමාන පර්යේෂණවල සිට සාගර පර්යේෂණ දක්වාත් එතැන් සිට ඇන්ටාර්ක්ටිකාවේ ගවේෂණ දක්වත් පරීක්ෂණ අත්හදා බැලීම් සිදුකරමින් අපේ විද්‍යාඥයන් අපව ආඩම්බර කර තිබෙනවා.

ශ්‍රීහාරකෝතාහි, සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට අයි.එස්.ආර්. ඕ ‘පෝලා’ චන්ද්‍රිකා රථය ඔස්සේ චන්දි‍්‍රකා 104ක් දියත් කිරීමට ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතන පසුගියදා සමත්වුණා. එතරම් චන්දි‍්‍රකා ප‍්‍රමාණයක් දියත් කළ ලොව පළමු මෙහෙයුම එයයි.

ඉන්දියාව ළඟදීම දුරකතන සබඳතා බිලියනයකට හිමිකම් කීමට සූදානමින් සිටිනවා. ඉන්දියාවේ නාගරික දුරකතන ඝනත්වය සියයට 154ක්. ඉන්දියාවේ අන්තර්ජාල පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 350 ක්. ‘අයි ෆෝන්’ (ඇපල් ජංගම දුරකතන* එකලස් කිරීමට ඉන්දියාව තෝරාගැනීමට ඇපල් සමාගම තීරණය කර තිබෙනවා. ඉන්දියාව එවැනි පහසුකමක් තිබෙන ලොව තෙවැනි රට බවට පත්වෙනවා.

දිනකට ඉන්දියානු ජනගහනයෙන් මිලියන 25කට ආසන්න ප‍්‍රමාණයක් දුම්රිය තම ප‍්‍රවාහන ක‍්‍රමය ලෙස භාවිත කරනවා. එය ලොව බොහෝමයක් රටවල ජනගහනයටත් වඩා වැඩියි. ලොව දෙවැනි විශාලතම දුම්රිය ප‍්‍රවාහන ජාලයේ හිමිකරුවා වන්නේ ද ඉන්දියාවයි. ලොව විශාලතම සිවිල් සේවා යෝජකයා වන්නේ ද ඉන්දීය දුම්රිය සේවයයි. වසර 2023 වනවිට පළමු ‘බුලට් දුම්රිය’ ගමනාගමනය සඳහ යෙදවීමට ඉන්දියාව බලාපොරොත්තු වෙනවා. එහිදි මුම්බායි සිට අහමදාබාද් දක්වා කිලෝමීටර 7ක් ජලය යටින්ද එම දුම්රිය ගමන් කරනවා. මේ අත්හදා බැලීම් අන් රටවල් සමඟ බෙදාගැනීමට අප කැමැතියි. අප දැනටමත් ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය නැවත ගොඩනැගීම සහ නවීකරණය කිරීමට කි‍්‍රයාකාරීව සම්බන්ධ වී සිටිනවා.

ලොව මහතම කාන්තාව ඉකුත් දා ගුවනින් ඉන්දියාවට රැුගෙන ආවා. ඇයගේ ජීවිතය බේරාගැනීම සඳහා සැත්කමක් සිදු කළා. අප අද වනවිට සෞඛ්‍ය සංචාරක ක්ෂේත‍්‍රයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් සිය ගණනක් ද ලොව පුරා දහස් ගණනක් රෝගීන් ද උසස් සහ දැරිය හැකි පහසුකම් සපයන ඉන්දියාව වෙත  පැමිණෙනවා.

දැනුම සහ විශේෂඥතාව අනෙක් පිරිස් සමඟ බෙදාහදා ගැනීමට ඉන්දියාව සෑම විටම විවෘතයි. පුහුණු සහ තාක්ෂණික සබඳතා වඩාත් යහපත් හෙට දවසකට ප‍්‍රධාන යතුරයි.  අද සමාජ ගොඩනැගී තිබෙන්නේ දැනුම සහ නවෝත්පාදනය මතයි. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ පාඨමාලා හැදෑරීම සඳහා ඉන්දියාව වාර්ෂිකව ශ්‍රී ලංකාවට ශිෂ්‍යත්ව 800ක් පිරිනමනවා. ඊට අමතරව විවිධ විෂය ක්ෂේත‍්‍ර යටතේ කෙටි කාලීන සහ මධ්‍යකාලීන පුහුණු පාඨමාලා අවස්ථා 375ක් ඉන්දියාව ශ්‍රී ලංකා ජාතිකයන්ට වාර්ෂිකව පිරිනමනවා.

එකිනෙකාගේ වර්ධනය උදෙසා කළ හැකි දේවල්, වේගවත් වර්ධනයකට හිමිකම් කීම එකිනෙකා සතු සුවිශේෂීතා මොනවාදැයි කෙරෙහි අවධානය යොමු කිරීමට කාලය පැමිණ තිබෙනවා. අදහස් රැුසක් තිබෙනවා. විවිධ ක‍්‍රම සහ විධි තිබෙනවා. එහෙත් අපේ උත්සහය මහන්සිය කැපවීම ඒකාබද්ධ විය යුතු අතර එක්ව අවධානය යොමු කළ යුතු ද වනවා. 

දෙවැනි සාධකය  පහසුකම් සැපයීම

දකුණු ආසියානු කලාපයේ සිටින ඉන්දියාවේ දෙවැනි විශාලතම වෙළෙඳ සහකරු වනුයේ ශ්‍රී ලංකාවයි.  දෙරටේ වාර්ෂික වෙළෙඳාම්වල වටිනාකම් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6ක් වෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව 2000 වසරේදී නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹුණා. එතැන් පටන් දෙරටේ සම්පූර්ණ වෙළෙඳාම අට ගුණයකින් වැඩි වුණා.

අපි එම වෙළෙඳ ගිවිසුම ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක් (ETCA) දක්වා වර්ධනය කිරීමට උත්සාහ කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවට පහසු ක‍්‍රමයකට කටයුතු කිරීමට ඉන්දියාව කැමැති බව මම මෙහිදි කියා සිටිනවා.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ආයෝජකයන් අතර සිටිනවා. පසුගිය වසර 15ක කාලයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවේ සිදුකළ ආයෝජනවල වටිනාකම ඩොලර් බිලියනයකට වඩා වැඩියි. ඉන්දියාව ඉදිරියේදී තවත් බිලියනකට ආසන්න ආයෝජන ශ්‍රී ලංකාවේ තුළ සිදු කිරීම සඳහා කටයුතු යොදා තිබෙනවා. මෑත කාලයේදී ශී‍්‍ර ලංකාවේ සමාගම් ඉන්දියාවේ විශාල ආයෝජන කර තිබෙනවා. විශේෂයෙන්ම ඇඟළුම්, ගෘහභාණ්ඩ සහ තේ යන ක්ෂේත‍්‍රවල එම ආයෝජන කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සමාගම් ඉන්දියානු සමාගම්වල සැපයුම් සහ අගය දාම සමඟ ඒකාබද්ධ වනු ඇතැයි අප විශ්වාස කරනවා.

ලොව විශාලතම තෙල් පිරිපහදුව තිබෙන්නේ ඉන්දියාවේ බව කීමට මට අවසර දෙන්න. ගුජරාටයේ ජාම්නගර්හි පිහිටි මෙම පිරිපහදුවට දිනකට තෙල් බැරල් මිලියන 1.24ක් පිරිපහදු කිරීමේ ධාරිතාවක් තිබෙනවා. මෙගාවොට් 648ක ධාරිතාවකින් යුතු ලොව විශාලතම සූර්ය බලශක්ති බලාගාරය මෑතකදී තමිල්නාඩු ප‍්‍රාන්තයේ රාමනාතන්පුරම්හි කමුදි හි ස්ථාපිත කර කි‍්‍රයාවට නංවනු ලැබුවා. සාම්ප‍්‍රදායික සහ සාම්ප‍්‍රදායික නොවන බලශක්ති ක්ෂේත‍්‍රවලදී ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වෙනවා. සූර්ය සහ ද්‍රව බලශක්ති ක්ෂේත‍්‍රවලදී ශ්‍රී ලංකාවට ඉතාමත් හොඳ විභවතාවක් තිබෙනවා. මහාපරිමාණ යටිතල පහසුකම් සහ සම්බන්ධ කිරීමේ ව්‍යාපෘති කෙරෙහි ද ශ්‍රී ලංකාව අවධානය යොමු කර තිබෙනවා.

ඉහළට ගමන් කරන ව්‍යාපාරික ක‍්‍රමවේදයක් නිර්මාණය කිරීම සඳහා සුදුසු ව්‍යාපාර පරිසරය නිර්මාණය කිරීම ඉතා වැදගත්. අවශ්‍ය අවස්ථාවේදී ව්‍යවසායකයන්ට නිවැරැුදි තීරණය ගැනීම සඳහා සුදුසු පරිසරය සැකසීම පහසුකම් සපයන්නන් ලෙස අපගේ කාර්යභාරය වනු ඇත. උපායමාර්ග සැලැසුම් කරන්නන් ලෙස අප ගන්නා කි‍්‍රයාමාර්ග දිගුකාලීන ඇඟවුම් සහ බලපෑම් දෙස බැලීම ඉතා වැදගත්. අප ඉදිරියට යෑමට පෙර බැලීම ඉතා වැදගත්.

බලපත‍්‍ර දීමේ කි‍්‍රයාවලිය පහසු කිරීම සඳහා ඉන්දීය ආණ්ඩුව පියවර ගත්තා. අනුමැතිය දීම්, ප‍්‍රතිලාභ සහ පරීක්ෂණ කි‍්‍රයාවලියට සම්බන්ධ ප‍්‍රතිපාදන සහ කි‍්‍රයාපටිපාටි පහසුකම් කිරීමටත් ඉන්දීය ආණ්ඩුව විවිධ පියවර ගත්තා. මෙහිදි ඩිජිටල් තාක්ෂණය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා.

‘ව්‍යාපාර කිරීම පහසුකිරීම’ සුරක්ෂිත කිරීම සඳහා ඉන්දීය ආණ්ඩුව ගත් පියවර ඉතා ව්‍යාප්ත, පුළුල් වන අතර ව්‍යවස්ථාදායක සහ ව්‍යුහාත්මක වූවා. භාණ්ඩ සහ සේවා පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී සම්මත වී මේ වසරේදී කි‍්‍රයාත්මක වීමට නියමිතයි. මෙය වක‍්‍ර බදු ව්‍යුහයේ සිදු වූ විශාලතම ප‍්‍රතිසංස්කරණය වන අතර ඒ ඔස්සේ ඉන්දියාව තුළ පොදු ජාතික වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. නීත්‍යනුකූල විදේශ සංචාර රට තුළට පැමිණීම සඳහා අප විවිධ පියවර ගෙන තිබෙනවා. අපේ වීසා ක‍්‍රමවේදය නිදහස් සහ ප‍්‍රායෝගික කිරීමටත් සරල කිරීමටත් අප මේ වනවිට කි‍්‍රයාමාර්ග ගෙන තිබෙන අතර එම කි‍්‍රයාවලිය මේ වනවිට සිදුවෙමින් පවතිනවා. ඉන්දිය සම්භවයක් ඇති පුද්ගලයෙක් (පී.අයි. ඕ* සහ විදේශවල ඉන්දීය පුද්ගලයන් ( ඕ.සී.අයි) කාඞ් ක‍්‍රමවේදය ඒකාබද්ධ කිරීමට ද අප පියවර ගත්තා. ඒ වගේම අපි විද්‍යුත් සංචාරක වීසා ක‍්‍රමවේදයේ ප‍්‍රතිලාභය ශ්‍රී ලංකා ජාතිකයන් සඳහා ලබාදීමට ද අපි කටයුතු කළා.

තුන්වැනි සාධකය  සමෘද්ධියට පත් කිරීම

 දෙගොල්ලන්ටම සමෘද්ධියට පත්විය හැකි අනාගතයක් අප දකිනවා. මම කලිනුත් කී පරිදි එක් අයකුට වාසි සැලසෙන තවත් අයකුට පාඩු ලැබෙන වර්ධනයක් මම දකින්නේ නැහැ. අප වෙන් කරන සාගර තමයි අප සම්බන්ධ කරන්නේ. එය අවබෝධය පිළිබඳ කරුණක්.

අපේ ආරක්ෂාව එකට බැඳී තිබෙනවා. නාවික ආරක්ෂාව සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කරනවා. නාවික විෂය සහ ක්ෂේත‍්‍ර දැනුවත් කිරීමේ වැඩසටහන්, නාවික ගවේෂණ, සෙවුම් සහ මුදාගැනීමේ මෙහෙයුම්වලදීත් මුහුදු කොල්ලකෑම් මැඬලීමේ මෙහෙයුම් ආදියේදීත් ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් සමග එක්ව කටයුතු කරනවා. එම නිසා කොළඹ ඉන්දීය ගුවන් යානා රැුගෙන ගමන් කළ නාවුක යාත‍්‍රාවේ ගමනාන්තයක් වීම පුදුමයට කරුණක් නෙමෙයි. එය ඉන්දියාවේ විශාලතම සහ නවතම නෞකාවයි. ශ්‍රී ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එම නෞකාවට පිවිසි පළමු රාජ්‍ය නායකයා බව ද සඳහන් කළ යුතුයි.

ඉන්දියාව ශ්‍රී ලංකාවට විවිධ වර්ගවල ආරක්ෂක උපකරණ සහ සැපයුම් සපයාගැනීම සඳහා ඉන්දියාව ඩොලර් මිලියන 100ක ණය දිගුවක් ද ලබාදුන්නා. ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ගැඹුරු මුහුදේ මුර සංචාරවල යෙදිය හැකි යුද නෞකා දෙකක් මිලදී ගැනිමට කටයුතු කරනවා. ඒ වගේම ඉන්දියාව ශ්‍රී ලංකාවේ යුද සහ ආරක්ෂක අංශ නිලධාරීන් සහ පිරිස්වලට පුහුණුවීමේ අවස්ථාව ද ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ අපේ තිබෙන සංවර්ධන සබඳතාව ශ්‍රී ලංකාවට වර්තමානයේදී සෞභාග්‍යය උදාකිරීමට පමණක් නොව අනාගතයේදීත් සෞභාග්‍යය උදාකිරීම සඳහා බව කිව යුතුයි. ශ්‍රී ලංකාව අද පමණක් නොව අනාගතයේදීත් සාර්ථක වනු දැකීම අපේ අපේක්ෂාවයි. අප පෝෂණය කරන මිත‍්‍රත්වය එයයි. අප පෝෂණය කර රැුක බලා ගත යුතු සහ ඉදිරි පරම්පරා වෙනුවෙන් ආරක්ෂා කළ යුතු මිතු දම වන්නේ ද එයයි.

ඉලක්කම්වලින් පමණක් අපි අපේ සබඳතාවේ වැදගත්කම දෙස බලන්නේ නැහැ. අපේ මිත‍්‍රත්ව සබඳතාවේ වටිනාකම බලන්නේ ඔබත් අපත් අතර තිබෙන අන්තර් සම්බන්ධතාව ඔස්සේ බව කිව යුතුයි.

අපේ භූ පිහිටීම අපේ ඉතිහාසයට හැඩයක් දුන්නා. එහෙත් අපේ අනාගතයට හැඩයක්දීමට අප සියලූ දෙනා එකමුතුව කටයුතු කළ යුතුයි. එය අපේ ඒකාබද්ධ ප‍්‍රයන්තයක් විය යුතුයි. එය අපේ ආණ්ඩුවලට තනිව කළ හැකි කාර්යයක් නොවෙයි. අපේ විදේශ ලේකම්වරයා කී පරිදි එය පද්ධතිය ඉදිරියට ගෙන යෑමේ මාර්ගයයි. රටවල් දෙකේම කර්මාන්ත, උගතුන්, බුද්ධිමතුන් පොදු සිවිල් වැසියන් මේ සියලූ දෙනා අතරේ තිබෙන සහකි‍්‍රයා සුළුවෙන් තකන්න බැහැ. ශ්‍රී ලංකාxඉන්දු සමාජය මේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමට සෑම ප‍්‍රයන්තයක්ම ගනු ඇතැයි මට විශ්වාසයි.

සෑම උදෑසනකම අප නැවත උපදිනවා. එහෙත් වඩාත්ම වැදගත් වන්නේ අප අද කරන දේ’’ බව බුදු රජාණන් වහන්සේ කියා සිටියා. ඒ නිසා අපි අදත් සෑම දිනකදීමත් අවධානය යොමු කරමු, පහසුකම් සපයමු. ඒ වගේම සමෘද්ධියට පත්වෙමු.