ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත සංවිධානය කරනු වස් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන නැවුම් උත්සාහයක් දරමින් සිටී. ඔහු මෙසේ උත්සාහ කරන්නේ පක්ෂයේ කොටසක් තවමත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වමින් සිටින අවස්ථාවකය. දිනෙන් දින පහත බසිමින් තිබෙන රජයේ ජනපි‍්‍රයත්වය හමුවේ, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නිල නායකයා ලෙස තම තත්ත්වය ස්ථාවර කරගත යුතු වන, තම බල පදනම ශක්තිමත් කරගත යුතු වන තැනට ජනපති සිරිසේන තල්ලූ වී ඇත. මේ වන විට ඔහු ශී‍්‍ර ලංකාවේ ජනපති ලෙස පත්වී වසර දෙකකට අධික කාලයක් ද ගතව අවසන්ය.

මෙය සිත්හි තබාගෙනම ඔහු ලබන අපේ‍්‍රල් දෙවැනි දා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ සමුළුවට සහභාගී වනු ඇත. දිවයිනේ විවිධ මැතිවරණ කොට්ඨාස නියෝජනය කරමින් පක්ෂයේ තරුණ සාමාජිකයන් මෙම සමුළුවට සහභාගීවීමට නියමිත අතර, නුවර දී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙමින් පවතින ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහා මැයි රැුලියට මෙම සමුළුව ප‍්‍රාරම්භයක් වනු ඇත. තරුණ සමුළුවට 10000 ක පමණ සාමාජික පිරිසක් සහභාගී වනු ඇතැයි පසුගිය අඟහරුවාදා දින රැුස්ව සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ අපේක්ෂාවයි. සමුළුව පැවැත්වෙනු ඇත්තේ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී ය. තරුණ සාමාජිකයන් සමුළුවට සහභාගී කරවන ලෙස පක්ෂයේ සංවිධායකයන්ට දැනටමත් දැනුම් දී ඇත. විශාල පිරිසක් සහභාගීවීමෙන් ශක්තිමත් පක්ෂ සාමාජිකයන් අතර ශක්තිමත් මානසිකත්වයක් ඇති වනවා පමණක් නොව, පක්ෂයේ නායකයා ලෙස තමා පිළිගන්නා, තම ප‍්‍රතිපත්ති පිළිගන්නා බහුතරයක් සිටින බව පෙන්වා දීමට ජනපති සිරිසේනට ඇති අවශ්‍යතාව ද සැපිරෙනු ඇත.

තරුණ සමුළුව පැවැත්වීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කටයුතු සංවිධානය කරමින් සිටින්නේ රජයේ කටයුතු අරබයා ජනපති සිරිසේන වඩ වඩාත් මැදිහත්වෙමින් සිටින අවස්ථාවකය. පෙර ඔහු රජයේ අනෙක් ප‍්‍රධාන පාර්ශ්වකරුවා වන එක්සත් ජාතික පක්ෂයට නිදහසේ වැඩ කටයුතු කරගෙන යාමට අවස්ථාව දුන්නේය. රජයේ කටයුතුවලට ඔහු මැදිහත් වූයේ අවස්ථා කිහිපයක දී පමණි. එවන් වැදගත් අවස්ථා සඳහා උදාහරණ ලෙස - හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා දිගටම එම ධුරයේ රැුඳී සිටිය යුතු යැයි මතයක එක්සත් ජාතික පක්ෂය සිටින විට අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීම, එමෙන්ම මහ බැංකුවේ බැඳුම්කර වංචාවක් සිදුව නැතැයි එක්සත් ජාතික පක්ෂය පුන පුනා පවසමින් සිටිය දී එය නොසලකා හරිමින් බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විමර්ශන කොමිසමක් පත් කිරීම ආදිය දැක්විය හැකිය.

බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙක් ඉදිරිපත් කෙරුණු කෝප් කමිටු වාර්තාව යට ගැසීමට පවා එක්සත් ජාතික පක්ෂය නිරර්ථක උත්සාහයක යෙදුණේය. එහෙත්් දැන් බැඳුම්කර විමර්ශන කමිටුව හමුවේ දිනෙන් දින එක්සත් ජාතික පක්ෂයත්, හිටපු මහ බැංකු අධිපතිවරයාත් අපහසුවට පත් කිරීමේ සමත් කරුණු එළිදරව්වෙමින් පවතී. එම කරුණු හා අර්ජුන් මහේන්ද්‍රන් පසුගිය සමයේ බැඳුම්කර සිදුවීම අරබයා නිකුත් කළ ප‍්‍රකාශවල සඳහන් කරුණු එකිනෙකට පරස්පර විරෝධීය. විමර්ශන කමිටුවේ කි‍්‍රයාකාරීත්වයෙන් පහර වැදෙමින් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට මිස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නොවේ. 2015 වසරට පෙර මහ බැංකුවේ කටයුතු සිදුවූ ආකාරය මෙම සිදුවීමට ඈඳා ගැනීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරමින් සිටිය ද එයින් පහර වදිනුයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂට මිස ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සිටි ඇමැතිවරයකු වූ මෛතී‍්‍රපාල සිරිසේනට නොවන බව සඳහන් කළ යුතුය.

ජනපති සිරිසේනගේ අවධානයට යොමුව ඇති තවත් කරුණක් වනුයේ ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවේ කටයුතු ය. මෙම කමිටුවේ ප‍්‍රධානීත්වය දරන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ය. මෙම කමිටුව යටතේ ආර්ථික සහ වාණිජ්‍යය ගැටලූ සාකච්ඡුාවට ගැනෙන අතර එහි දී ගන්නා තීරණවලට අනුමැතිය ලබාගැනීම සඳහා ඒවා කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීම සිදුවේ. කැබිනට් මණ්ඩලය වෙත යොමු කෙරෙන එම වාර්තා ඉතා කෙටිය. වැඩි තොරතුරු අඩංගු නැත. ගැටලූකාරී අවස්ථාවක් වේ නම්, වැඩිදුර අධ්‍යයනයක් සිදුකළ යුතු වේ නම්, එවැනි වාර්තා අධ්‍යයනය කිරීම සහ නැවත කැබිනට් මණ්ඩලය වෙත වාර්තා කිරීම සඳහා අමාත්‍ය උපකමිටුවක් පත්කර සිටී. මෙම කි‍්‍රයාවලිය දැනටමත් සිදුවන මුත් බොහෝ ආර්ථික සහ වාණිජ්‍යමය ගැටලූ මෙම උපකමිටුව වෙත යොමු කිරීමක් සිදුව නොමැත.

ආර්ථික කළමනාකරණය පිළිබද කැබිනට් කමිටුවේ කටයුතුවල විනිවිදභාවයක් නොමැති බවත්, එම කමිටුව කැබිනට් මණ්ඩලයට සමාන්තර, වෙනත් කැබිනට් මණ්ඩලයක් මෙන් කි‍්‍රයාත්මක වන බවත් පසුගිය සමයේ අනාවරණය විය. එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබල අමාත්‍යවරයකු හොරණ ප‍්‍රදේශයේ රේඩියල් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පිහිටුවීම සම්බන්ධයෙන් වූ ව්‍යාපෘතියකට ඔහුගේ බලය භාවිතා කරමින් අනුමැතිය ලබාගෙන තිබීම එවැනි අවස්ථාවකට උදාහරණයකි. ආයෝජන ප‍්‍රවර්ධන මණ්ඩලයේ අනුමැතිය මෙම ව්‍යාපෘතියට ලැබීමට ප‍්‍රථමයෙන් ලැබී තිබුණුු අනුමැතියක් මත ව්‍යාපෘතිය භාර සමාගම, කර්මාන්ත ශාලා පරිශ‍්‍රය ඉදිකිරීමට යෝජිතව තිබූ බිම් කොටස එළිපෙහෙළි කිරීමේ කටයුතුවල ද යෙදී සිටියේය. එහෙත් එම බිම් කොටසේ වෙනත් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා පෙර අවස්ථාවක සමාරම්භක උත්සවයක් ද පවත්වා තිබුණු අතර සමරු ඵලක ද පිහිටුවා තිබිණි. ජනපති සිරිසේන වහාම කි‍්‍රයාත්මක වන පරිදි ටයර් කම්හල ඉදිකිරීමේ කටයුතු අත්හිටවූ අතර, ආයෝජන ප‍්‍රවර්ධන මණ්ඩලය කළ විමර්ශනයක දී අනාවරණය වූයේ මෙම බිම් කොටස සංවර්ධන කලාපයක් ඇති කිරීම සඳහා වෙන් කර ඇති විශාල ප‍්‍රදේශයක කොටසක් බවත්, එනිසා එය වෙන් කළ නොහැකි බවත් ය. මේ හමුවේ ජනපති සිරිසේන ආර්ථික කළමනාකරණ කටයුතු පිළිබද කැබිනට් කමිටුවේ පාලනය තමන් යටතට ගනිමින් කමිටුවේ තීරණ සහ නිර්දේශ ඉතාම සැළකිලිමත්ව විමර්ශනය කිරීම සඳහා ඉහළ මණ්ඩලයක් ඇති කළේ ය. අගමැති වික‍්‍රමසිංහ ද මෙම මණ්ඩලයේ එක් සාමාජිකයෙකි.

හම්බන්තොට වරාය ගිවිසුම

මේ දක්වා විසඳුමක් ලැබී නොමැති තවත් ගැටලූවක් වන්නේ හම්බන්තොට වරාය ගිවිසුමයි. පසුගිය ජනවාරි හත් වැනි දා අගමැති වික‍්‍රමසිංහ සහ ශී‍්‍ර ලංකාවේ චීන තානාපති යි ෂින්ලියෑන්ග් මහතා හම්බන්තොට වරායට යාබද භූමියේ කර්මාන්ත පුරයක් ඇති කිරීම සඳහා වූ ව්‍යාපෘතියක සමාරම්භක උත්සවයකට සහභාගී වූහ. මෙම අවස්ථාව සඳහා මාර්ගය සකස් වූයේ විරෝධතා සහ පොලිසිය විරෝධතාකරුවන් පළවා හැරීම සඳහා ජල ප‍්‍රහාර හා කඳුළු ගෑස් භාවිතා කළ අතිශය කලබලකාරී වාතාවරණයක් මධ්‍යයේ ය. සමාරම්භක උත්සවය පැවැත්වුණ ද ව්‍යාපෘතියට අදාළ ඉදිරි කටයුතු දියත් කිරීමට බාධා ඇති විය. එයට හේතුව වූයේ ව්‍යාපෘතිය බාර චීන සමාගමට ලබා දිය යුතුව තිබූ සම්පත් සහ සේවාවන් අරබයා විවිධ පාර්ශව අතර ඇතිව තිබූ ගැටලූ ය. එම ගැටලූ අධ්‍යයනය කිරීම සඳහා ජනපති සිරිසේන අමාත්‍ය මණ්ඩල උපකමිටුවක් පත් කළ අතර, ඒ හමුවේ රජය හා ව්‍යාපෘතිය බාර චීන සමාගම අතර ඇති කර ගැනීමට නියමිත වූ අවබෝධතා ගිවිසුම තවත් ප‍්‍රමාද විය. අවසානයේ පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවට එම අවබෝධතා ගිවිසුම ඉදිරිපත් කෙරුණ ද, අවසන් තීරණයක් නොගැනිණි. මෙම සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේ අවධානය ද යොමුවනු ඇත්තේ මේ සම්බන්ධයෙන් ය. ඒ සඳහා තම සගයන් සූදානම් කිරීමක් ලෙස ඔවුන් අතර හම්බන්තොට වරාය ප‍්‍රතිව්‍යූහගත කිරීමේ කි‍්‍රයාවලිය පැහැදිලි කෙරෙන සටහනක් බෙදා හැරීමට සංවර්ධන මූලෝපාය සහ අන්තර්ජාතික වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා කටයුතු කර ඇත.

කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන් වෙත මෙම සටහන ලබාදීම සිදුවූයේ පසුගිය සෙනසුරාදා ය. එයත් සමඟ වැඩබලන වරාය සහ නාවික අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අත්සන් තබා තිබුණු සටහනක් ද විය. ගිවිසුමෙන් ලබා දී තිබූ ඇතැම් වරප‍්‍රසාද අරබයා ඔහු දැඩි විරෝධය දක්වා තිබිණි. විෂය බාර අර්ජුන රණතුංග මහතා මේ දිනවල සිටිනුයේ විදෙස්ගතව ය.

ගිවිසුම සකස් කිරීමේ දී පිළිගත් ක‍්‍රමවේද අනුගමනය කර නොමැති බවත්, තක්සේරු කිරීම සිදුකර ඇති ආකාරය නිවැරැුදි නොවන බවත් මුතුහෙට්ටිගමගේ සටහනෙහි සඳහන් විය. එම සටහනට අනුව හෙක්ටයාර් 500ක බිම් කොටසක් සඳහා ගෙවිය යුතු වාර්ෂික බද්ද ඩොලර් ලක්ෂ 750 කි. එහෙත් හෙක්ටයාර 780ක් වන වරාය කලාපය මෙම ගණනයට ඇතුළත් කර නොමැත. උද්ගතව ඇති තත්ත්වය හමුවේ මෙම සතියේ ද ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනෙනු ඇතැයි සිතීම උගහට බව අමාත්‍ය ආරංචි මාර්ගයක් පැවසුවේය.

සමරවික‍්‍රමගේ සටහන මෙසේය,

 

හම්බන්තොට වරාය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ කි‍්‍රයාවලියේ ප‍්‍රධාන ලක්ෂණ

1. ශී‍්‍ර ලංකාවේ සමාගම් පනත යටතේ සමාගමක් පිහිටුවීම සහ ලියාදිංචි කිරීම.

2. වැඩිදුර සංවර්ධනය කළ යුතු වරාය සම්පත් සහ කලාපයන් දැනටමත් හඳුනාගෙන අවසන්ය - පළමු අදියර හා දෙවන අදියර (අවසන් කර ඇත* තෙවන අදියර (සංවර්ධනය කිරීමට යෝජිතය*

අ. අක්කර 780ක ඇති කර තිබෙන දියකඩනය, පර්යන්ත, වරාය වේදිකා, නැංගුරම් කලාපය, තෙල් ටැංකි ආදී සියලූ යටිතල පහසුකම්.

ආ. වරායට යාබද වර්ග කිලෝමීටර පහක කලාපයක් සැපයුම් කලාපයක් ලෙස භාවිතයට ගැනෙනු ඇත.

ඇ. හම්බන්තොට වරාය හා සම්බන්ධ සියලූ චංචල දේපළ ව්‍යාපෘතිය බාර සමාගමට ලබාදෙනු ඇත. මේ සඳහා එම සමාගම ගෙවීම් සිදුකළ යුතු නොවේ.

සියලූ නිශ්චල දේපළ වසර 99 ක බද්දකට යටත් කෙරෙනු ඇත. ඒ නිසා ගනුදෙනුවට අදාළ වන වරාය, වරාය දේපළ හෝ වෙනත් නිශ්චල දේපළ කිසිදු ලෙසකින්වත් විකිණීම සිදුවන්නේ නැත.

3. පාර්ශවකරුවන්ගේ එකඟතාව, ඉඩම බද්දට දීම පිළිබද එකඟතාව සහ අවබෝධතා ගිවිසුම ඒවාට අදාළ පරිදි වරාය අධිකාරිය, ශී‍්‍ර ලංකා රජය, රාජ්‍ය - පෞද්ගලික සබඳතාවයේ පාර්ශවකරු වන වරාය සමාගමේ සභාපති සමග කි‍්‍රයාත්මක කෙරෙනු ඇත.

4. වරාය සමාගමේ සභාපතිවරයා සම්පත්වලින් සියයට 80ක් මිලයට ගනු ඇත. ඉතිරි සියයට 20 රාජ්‍ය - පෞද්ගලික සබඳතාවක් යටතේ වරාය අධිකාරියට හිමිවනු ඇත. මේ අනුව පිහිටැවෙනු ඇති ඒකාබද්ධ සමාගම, හම්බන්තොට වරාය අරබයා ඇති කර ගැනෙන මෙම රාජ්‍ය - පෞද්ගලික සබඳතාව පවත්වා ගනු ඇත.

අ. වරාය සමාගමේ සභාපතිවරයා තවත් සියයට 20ක සම්පත් සාධාරණ අගයක් යටතේ, වසර 10ක් ඇතුළත තම ශී‍්‍ර ලංකා හවුල්කරු වෙත ලබාදීමටත්, ඒ හරහා තමන් සතු සම්පත් ප‍්‍රමාණයට මුළු සම්පත් ප‍්‍රමාණයෙන් සියයට 60ක අගයක් දක්වා ගෙන ඒමටත් එකඟත්වය පළ කර ඇත. ගිවිසුම කි‍්‍රයාත්මක වන දිනයේ සිට මාස හයක් ඇතුළත එසේ ලබාදීමට යන සම්පත් ප‍්‍රමාණය මිලයට ගැනීමට ශී‍්‍ර ලංකා හවුල්කරු තම කැමැත්ත පළ කළ යුතුය. සම්පත් ලබාදීම සිදුවන්නේ අවබෝධතා ගිවිසුමේ සඳහන් කර ඇති පරිදි ඩොලර් බිලියන 1.4 ක් වන ව්‍යාපෘති වටිනාකමට යටත්වය.

ආ. මාස හයක් ඇතුළත කොටස් මිලදී ගැනීමට ශී‍්‍ර ලංකා හවුල්කරුවන් කිසිවකු ඉදිරිපත් නොවුණහොත් ගිවිසුමේ කොන්දේසිවලට යටත්ව අනෙක් පාර්ශවකරුවන් වෙත නිකුත් කෙරෙනු ඇති අතර, බහුතර කොටස්වල හිමිකාරීත්වය පැවතිය යුත්තේ වරාය සමාගමේ සභාපතිවරයා යටතේ යන පදනමේ සිට, සමාගම සතු කොටස්වලින් යම් ප‍්‍රමාණයක් තෙවැනි පාර්ශවයකට වෙත ලබාදීමට ද වරාය සමාගමට හැකියාව ඇත.

5. කි‍්‍රයාත්මක දිනයේ සිට වසර 99ක් යන තෙක් සහන කාලය බලපැවැත්වෙනු ඇත. එම කාලය ගතවූ පසු සියලූ දේපළ සහ සම්පත් ශී‍්‍ර ලංකා රජය වෙත නැවත ලබාදෙනු ඇත.

6. ශී‍්‍ර ලංකා රජය මුල් අවස්ථාවේදී ම ඉදිරිපත් කර ඇති කොන්දේසිවලට අනුව, වරාය අධිකාරිය සහ අනෙකුත් අදාළ රාජ්‍ය අධිකාරීන් ද, වරාය සමාගමේ සභාපතිවරයා හෝ වෙනත් සහ සමාගමක් ද, වරායේ අදියර තුනක සම්පත් සඳහා ඩොලර් බිලියන 1.12 (සැපයුම් කලාපය අයත් වන හෙක්ටයාර 1235ක කලාපය හැර* ක ආයෝජනයක් සිදුකරන අතර, ඔවුන් අතරින්  ඕනෑම අයකුට පිහිටුවීමට යන ඒකාබද්ධ සමාගමෙන් සියයට 80ක කොටසක හිමිකාරීත්වය ලබාගත හැකිය. වරාය සමාගමේ සභාපතිවරයා සහ ශී‍්‍ර ලංකා රජය මේ සඳහා ඩොලර් ලක්ෂ 50ක ඒකාබද්ධ ආරක්ෂිත තැන්පතුවක් පවත්වා ගනු ඇත.

අ. තක්සේරු දෙපාර්තමේන්තුව සිදුකර ඇති තක්සේරු කිරීම අනුව සැපයුම් කලාපය අයත් වන හෙක්ටයාර 1235ක කලාපය සඳහා රුපියල් ලක්ෂ 4940 ක බද්දක් වාර්ෂිකව ගෙවිය යුතු ය. නැතහොත් වසර 99ටම බලපැවැත්වෙන සේ රුපියල් බිලියන 12.1ක් සහ මාස්පතා බදු ලෙස රුපියල් 25000ක් බැගින් ගෙවිය යුතුය. මෙම බදු මුදලින් සියයට 80ක් වරාය සමාගම ගෙවනු ඇත.

ආ. කන්ටේනර, දොඹකර සහ වෙනත් උපකරණ සඳහා ඩොලර් ලක්ෂ 4000 - 6000 අතර ආයෝජනයක් අපේක්ෂිතය.

7. සහන ගිවිසුම යටතේ රාජ්‍ය - පෞද්ගලික සබඳතාවය පවත්වාගන්නාට පැවරෙනු ඇත්තේ වානිජ්‍යමය කටයුතු පමණකි.

8. රාජ්‍ය පෞද්ගලික සබඳතාව පවත්වාගන්නාට හමුදාමය කටයුතුවල යෙදීමට ඇති ඉඩකඩ අවුරා දැමීම සඳහා සහන ගිවිසුමෙන් වගබලාගෙන ඇත. ජාතික ආරක්ෂාව සහ වරායේ ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම හිමි ශී‍්‍ර ලංකා රජයට ය.

අ.  ඕනෑම යුද නැවකට, සබ්මැරීනයකට හෝ වෙනත්  ඕනෑම නාවික යාත‍්‍රාවකට හෝ වරායට ඇතුළුවීම සඳහා අවසරය ලබාදීමේ අයිතිය ඇත්තේ ශී‍්‍ර ලංකා රජයට ය.

ආ. ගෙවීම් සම්බන්ධයෙන් ඇති කරගන්නා අවබෝධතා මත ශී‍්‍ර ලංකා රජය එවැනි යාත‍්‍රාවලට නැංගුරම් ලෑමේ පහසුකම් භාවිතා කිරීමේ අවසරය ලබා දෙනු ඇත.

ඇ. වරායේ පිටත හා ඇතුළත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශී‍්‍ර ලංකා රජය ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ, ශී‍්‍ර ලංකා පොලිසියේ, ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ සහ අන්තර්ජාතික වෙළඳාම් හා මූලෝපායික සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජනය ඇති අධීක්ෂක කමිටුවක් පිහිටවනු ඇත.

ඈ. මෙම කමිටුවේ අධීක්ෂණය යටතේ රාජ්‍ය - පෞද්ගලික සබඳතාව පවත්වාගන්නා සමාගමට සම්පත්වලට, නැව්වලට සහ පුද්ගලයන්ට අදාළව වරායේ අභ්‍යන්තර ආරක්ෂාව කළමනාකරණය කර ගැනීමට හැකිවනු ඇත.

ඉ. රාජ්‍ය - පෞද්ගලික සබඳතාව පවත්වාගන්නා සමාගම ආරක්ෂක කටයුතු සඳහා පත් කරන සියලූම පුද්ගලයෝ ශී‍්‍ර ලංකා පුරවැසියන් විය යුතු ය.

9. මුල් කි‍්‍රයාකාරීත්වයේ සිට, අපේක්ෂිත කි‍්‍රයාකාරීත්වයෙන් සියයට 50ක තත්ත්වයට රාජ්‍ය පෞද්ගලික සමාගම පවත්වාගන්නා සමාගම පත්වූ විට වරාය මධ්‍යයේ සිට කිලෝමීටර 100ක අරයක් දක්වා විහිදෙන විශේෂ බිම් කොටසක් වසර 15ක කාලයකට එම සමාගම වෙත ලබාදෙනු ඇත. මෙම කාලය ඇතුළත මෙම වටප‍්‍රමාණයේ පිහිටන බහාලූම් පර්යන්ත සහ වෙනත් ස්ථානවල සංවර්ධන කටයුතු සීමා වනු ඇත.

මෙම සීමා ඔලූවිල් සහ ගාලූ වරායන්ගේ නිවාඩු නිකේතනවල, ධීවර වරායන්වල, සංචාරක ක්ෂේත‍්‍රයේ, වරායේ, සාමාන්‍ය භාණ්ඩ ගොඩබෑමේ ආදී කටයුතුවලට බලපැවැත්වෙන්නේ නැත. කොළඹ, ති‍්‍රකුණාමලය, කන්කසන්තුරේ වරායවල සංවර්ධන කටයුතු මේ යටතේ ආවරණය කෙරෙන්නේ නැත.

අදාළ නීතිවලට සහ ශී‍්‍ර ලංකා රජය හා ඇතිකරගෙන තිබෙන ද්වි පාර්ශවික ගිවිසුම්වලට අනුව, නෞකා වරාය ඇතුළුවීම සහ නැංගුරම් ලෑමේ කටයුතු, තෙල් ගබඩාවල කටයුතු, ව්‍යාපෘතියේ කොටසක් ලෙස රාජ්‍ය - පෞද්ගලික සබඳතාව පවත්වාගන්නා සමාගම යටතට පැවරෙනු ඇත.

10. දිවයිනේ සියලූ වරායන් නියමිත තත්ත්වවලට අනුව කි‍්‍රයාත්මක වන බව සහතික කිරීමටත්, ඒ හරහා වරායන් අතර තරගකාරීත්වයක් ඇති කිරීම මගින් ඒකාධිකාරීත්වයක් ඇති වීමේ අවදානම බිඳදැමීමටත් හැකි වන පරිදි ස්වාධීන වරාය කටයුතු නියාමකයකු පත් කිරීමට රජය කටයුතු කරනු ඇත. මෙම ගිවිසුම සම්පූර්ණයෙන් කි‍්‍රයාත්මක කිරීම සඳහා, වරාය අධිකාරී පණත, නැවියන්ගේ ප‍්‍රඥප්තිය, මාස්ටර් ඇටෙන්ඩන්ට් වරයාගේ පනත, ආදිය අවශ්‍ය පරිදි සංශෝධනය කෙරෙනු ඇත

11. රාජ්‍ය - පෞද්ගලික සම්බන්ධතාව පවත්වාගන්නා සමාගම සිදුකළ යුතු නැවත නැව්ගත කිරීම් සඳහා කළ යුතු ගෙවීම් සහ අන්තර්ජාතික ගෙවීම්, කොළඹ අන්තර්ජාතික බහාලූම් පර්යන්තයේ පවත්වාගැනෙන ගෙවීම් හා සම වනු ඇත. දේශීය වශයෙන් කෙරෙන භාණ්ඩ ගොඩබෑම්වලදී අදාළ පරිදි ශී‍්‍ර ලංකා වරාය අධිකාරියට ගෙවීම් සිදුකළ යුතු වනු ඇත.

12. ආයෝජන ප‍්‍රමුඛතා සඳහා රජය පහත දැක්වෙන පරිදි සහන ලබාදෙනු ඇත.

අ. ආදායම් බදු

ආ. සමාගම් ආදායම් බදු සහන

”වාණිජ්‍යය කටයුතු ආරම්භ කළ දිනයේ සිට වසර 25 ක උපරිමයකට යටත්ව, ආයෝජනය කළ මුදල නැවත උපයා ගැනෙන තෙක් සමාගම් ආදායම් බදු සහනයෙන් නිදහස් කිරීම”

”එතැනින් පසු ඉදිරි වසර 15 සඳහා සියයට 7ක සහන සමාගම් ආදායම් බද්දක් කි‍්‍රයාත්මක වේ.”

”එතැනින් පසු සාමාන්‍ය පරිදි සමාගම් ආදායම් බදු කි‍්‍රයාත්මක වේ”

ආ. ලාභාංෂ මත පැනවෙන බදු

”පාර්ශවකරුවන් වෙත බෙදාහැරෙන ලාභාංෂ මත ආදායම් බදු පැනවීමක් සිදුනොවේ”

ඇ. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම සඳහා ආයෝජනය කළ ප‍්‍රාග්ධනය මත රජයේ බදු පැනවීමක් සිදුනොවේ (ජාතිය ගොඩ නැගීමේ බද්ද, වැට් බද්ද, සෙස් බද්ද ආදී*

ඈ. ව්‍යාපෘතිය හා සෘජුව සම්බන්ධව සිටින විදේශික විශේෂඥයන් 20 දෙනකුගේ උපරිමයක් උපයන ආදායම මත ගෙවිය යුතු වන බද්දෙන් නිදහස්ය.

කැබිනට් තනතුරු වෙනස් කිරීම

කැබිනට් තනතුරු වෙනසක් සිදු කිරීමට යන බවට පැතිර තිබූ කසුකුසුවට නව පණක් දුන් ප‍්‍රකාශයක් ජනපති සිරිසේන පසුගිය බ‍්‍රහස්පතින්දා සිදුකළේය. හම්බන්තොට පැවැති හමුවක් ඇමතූ ඔහු ධීවර අමාත්‍ය සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් වන මහින්ද අමරවීර මහතාට වඩා වැඩි කැබිනට් වගකීමක් ලබාදීමට තමා අපේක්ෂාවෙන් සිටින බව පැවසුවේය. තංගල්ල මැතිවරණ කොට්ඨාසයේ දැනටමත් ධීවර කටයුතු ක්ෂේත‍්‍රය හා සම්බන්ධව කටයුතු කරන තිදෙනකු සිටින බව ද ඔහුගේ අවධානයට ලක් විය. අමරවීරට අමතරව ඔහුගේ  නියෝජ්‍ය අමාත්‍යවරයා වන දිලිප් වෙදආරච්චි මහතා, පළාත් සභා ධීවර අමාත්‍ය එච්. ඩබ්ලිව් ගුණසේන මහතා ඔවුන් ය. සති කිහිපයකට පෙර අඩුම තරමින් අමාත්‍යවරු දෙදෙනකු වත් පෞද්ගලිකව වෙන් වෙන්ව ජනපතිවරයා මුණගැසී ඔවුන්ගේ තනතුරු සංශෝධනය කිරීමට යන්නේ දැයි විමසූහ. සිනහවෙන් ඔවුන්ගේ ප‍්‍රශ්න බැහැර කළ ජනපති සිරිසේන එවැනි අදහසක් නොමැති බවත් ඉදිරි වැඩකටයුතුවල යෙදෙන ලෙසත් ඔවුන්ට උපදෙස් දුන්නේය.

හමුවෙන් පසු මෙම දෙදෙන කැබිනට් තනතුරු වෙනසක් සිදුනොවන බවට ඔවුන්ගේ අමාත්‍ය සගයන් අස්වැසීමෙන් පසුව, සියල්ලන් අතර ඇතිව තිබූ කලබලය පහව ගියේය. එහෙත් පසුගිය බ‍්‍රහස්පතින්දා ජනපතිවරයා කළ ප‍්‍රකාශය හමුවේ සියල්ලන් නැවත කලබලව ඇත. ගෙවුණ සතියේ ජනපති සිරිසේන ඔහුගේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනකු හමුවේ ද කැබිනට් තනතුරු සංශෝධනයක් ළඟදීම සිදුකිරීමට නියමිත බව පවසා තිබේ. සමහරුන් දුකට පත් වේවි. ඔවුන්ගෙන් කෙනෙක් පැවැසුවේය.

කැබිනට් තනතුරු වෙනසක් සිදුකිරීමට ජනපතිවරයා ගෙන ඇති තීරණය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ද එකසේ බලපැවැත්වෙනු ඇති බව සැක නැත. කෙසේවුවත් කැබිනට් තනතුරු වෙනසක් සිදුවේ නම් එය සිදුවනු ඇත්තේ ඔහුගේ මොස්කව් සහ ඩකා සංචාරවලින් පසුවය. රුසියා ජනපති ව්ලැදිමිර් පුටින් කළ ආරාධනයක් පිළිගෙන ඔහු ලබන 22 වැනිදා දින තුනක සංචාරයක් සඳහා රුසියාව බලා යෑමට නියමිතය. 24 වැනිදා ඔහු නැවත කොළඹ බලා පැමිණෙනු ඇත. මාර්තු 26 වැනිදා ජනපති සිරිසේන බංගලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන එරට නිදහස් දින සමරුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වනු ඇතැයි මුලින් කියැවුණත් එම සංචාරය සිදුනොවන ලකුණු ඇත. ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් රුසියා සංචාරය නිමවා දිවයිනට පැමිණි පසු ගැනෙනු ඇතැයි ආරංචි මාර්ගයක් පැවසුවේය.

මැතිවරණ පොරොන්දු

ජනපති සිරිසේන දිගින් දිගටම අපහසුතාවට පත්කරන කරුණක් වී ඇත්තේ තවමත් ඉටුකර නොමැති මැතිවරණ පොරොන්දුය. ඒවා අතරින් ද වංචා, ¥ෂණ සහ අපරාධවලට හවුල්ව සිටි හිටපු දේශපාලනඥයන් නීතිය ඉදිරියට ගෙන එන බවට දුන් පොරොන්දුව ප‍්‍රධානය. ජනපති ලෙස පත්වීමෙන් පසු ඔහු මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය පිහිටුවීමට එකඟතාව පළ කළේය.

ඇතැම් සිදුවීම් විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිදුවූ අතර, ඉතිරිය බැර වූයේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ය. වසර දෙකකට වඩා කාලයක් ගතව ඇති තැන එම විමර්ශනවල ප‍්‍රතිඵලයක් ලෙස අධිකරණය දක්වා ගොස් ඇත්තේ සිදුවීම් කිහිපයක් පමණකි. විදෙස් විමර්ශන ආයතනවලින් සහය ලැබුණු සිදුවීම් කිහිපයක් ද ඒවා අතර ඇත. පැවැති පරිපාලනයේ හිටපු නායකයන් අයථා අන්දමින් අත්පත් කරගත් සම්පත් හා දේපළ නැවත පවරා ගැනීම සඳහා පත් කෙරුණු ජනපති කාර්යසාධන බළකාය ඒ සම්බන්ධයෙන් කිසිදු කටයුත්තක නිරතව නොමැත.

දැන් අනාවරණයව තිබෙන ආකාරයට මෙම කාර්යසාධන බළකායේ සාමාජිකයකු ඩුබායි හි තිබෙන බව පැවසුණු රාජපක්ෂගේ හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ සම්පත් පිළිබද විමර්ශනයක යෙදී ඇත. මෙම සාමාජිකයා ඩුබායි බලධරයන්ට තර්ජනාංගුලිය දනවමින් කියා ඇත්තේ විමර්ශන කටයුතුවලට සහය නුදුනහොත් නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බවය. එතැන් සිට එම විමර්ශන කටයුතු ඉදිරියට යෑමක් සිදුව නොමැති අතර, එයට හේතුව වී ඇත්තේ මෙම සාමාජිකයාගේ තර්ජනය නිසා ඩුබායි බලධරයන් අතර ශී‍්‍ර ලංකාව කෙරෙහි හොඳ හිත පළුදුවීම ය. පැවැති රජයේ ඉහළම තලයන්ගේ සිටි, වංචා හා දුූෂණ චෝදනා බරපතළ ලෙසම එල්ල වී තිබෙන, ඇතැම් පුද්ගලයන් හා එක්සත් ජාතික පක්ෂය සබඳතා පවත්වන්නේ යැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් අමාත්‍යවරු චෝදනා කරන්නෝය. සිදුවන විමර්ශන කටයුතු සම්බන්ධ රහස්‍ය තොරතුරු ඔවුන්ට ලබාදීමට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් සාමාජිකයන් කටයුතු කරන බව ද ඔවුහු පවසන්නෝය. නමුත් එක්සත් ජාතික පක්ෂය ඉතාම දැඩිව මෙම චෝදනා ප‍්‍රතික්ෂේප කරන්නේය.

තම රජයේම වංචා හා ¥ෂණ සිදුවෙමින් තිබෙන බව ජනපති සිරිසේන ම පසුගිය දා පිළිගත්තේය. එහෙත් එම වංචා හා ¥ෂණ පසුපස සිටින්නේ කවුරුන්දැයි ඔහු හෙළි කළේ නැත. ජනපතිවරයා මෙය පිළිගත්තේ ඉහළ යමින් තිබෙන ජීවන වියදම දිගින් දිගටම රටේ ජනතාව පෙළමින් තිබෙන අවධියකය. තත්ත්වය තවත් බරපතළ වනු ඇතැයි සැකසංකා මතුව ඇත්තේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශී‍්‍ර ලංකාවේ ණය අර්බුදය හා ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් අන්තර්ජාතික මුල්‍ය අරමුදල හා සාකච්ඡුාවක නිරතවීමට වොෂින්ටනය බලා යෑමට සූදානමින් සිටින බැවින්ය. පසුගිය සතියේ මෙම තීරුවෙන් අනාවරණය කෙරුණු පරිදි දිවයිනට පැමිණි අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් රටේ ඇතිව තිබෙන බරපතළ ආර්ථික අර්බුදය කෙරෙහි අවධානය වහාම යොමු කළ යුතුව තිබෙන බව පෙන්වා දුන්හ. ඒ සඳහා පියවරක් ලෙස මූලෝපායික නොවන සම්පත් කිහිපයක් විකුණා ඩොලර් බිලියන ගණනක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බව ශී‍්‍ර ලංකා රජය ඔවුන් හමුවේ පැවසුවේය. ශී‍්‍ර ලංකාවේ බල ශක්ති ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් ද එම ¥ත පිරිසේ අවධානය යොමු විය. පසුගිය බදාදා එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය පොළී අනුපාතික වෙනස් කළ අතර එය ද, ශී‍්‍ර ලංකාවේ ණය අර්බුදය තවත් බරපතළවීමට හේතුවක් වනු ඇතැයි බිය පළව ඇත.

ජිනීවා කි‍්‍රයාවලිය

දැනට ජනපති සිරිසේනටත්, රජයටත්, සැනසුම් සුසුමක් හෙළීමට ඇති එකම අවස්ථාව වන්නේ යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීමේ චෝදනා අරබයා පසුගිය 2015 වසරේ ඔක්තෝබර් මස ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ අනුමත වූ යෝජනාවලිය අනුව කටයුතු කිරීමට, ශී‍්‍ර ලංකාවට තවත් වසර දෙකක (වසරක ලෙස පසුගිය සතියේ සඳහන් වූයේ වැරැුදීමකිනි* කාලයක් ලබාදීමට අන්තර්ජාතික ප‍්‍රජාව පසුගියදා පැවැති ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී තීරණය කිරීමය.

ඉදිරි සති කිහිපය ඇතුළත ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ තවත් රටවල් කිහිපයක් 2015 යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීම සඳහා ශී‍්‍ර ලංකාවට තවත් වසර දෙකක කාලයක් ලබාදෙන යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අවස්ථාවේ ශී‍්‍ර ලංකා ¥ත පිරිසට නායකත්වය දෙන ලෙස විදෙස් අමාත්‍ය මංගල සමරවීර මහතා, ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා වන හර්ෂ ද සිල්වා මහතාට උපදෙස් දී ඇත. නව යෝජනාවලියෙන්, 2015 යෝජනාවලියේ කිසිදු අන්තර්ගතයක් වෙනස් කර හෝ සංශෝධනය කර හෝ නොමැති බව මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු ය. 2015 යෝජනාවලියේ ඇති විදෙස් විනිසුරුවරුන් සහභාගී කරගත යුතු වීමේ නිර්දේශය සංශෝධනය කර ගැනීමට හෝ වෙනස් කිරීමට හෝ හැකියාවක් ඇතිදැයි සොයා බලන ලෙස කොළඹින් ජිනීවා වෙත දැනුම් දී ඇතැයි සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකි විය. එහෙත් එම උත්සාහය සාර්ථක වී නොමැත. එසේ වුවත් එවැනි උපදේශන සැසිහිදීත් සහ මාර්තු හත්වැනි දා පැලැයිස් ඩෙ නාසියොන්ස් හි ශී‍්‍ර ලංකාව සංවිධානය කළ නිල නොවන රැුස්වීමේදීත් ශී‍්‍ර ලංකාව කෙරෙහි අනෙක් රටවල තිබූ හොඳහිත මැනවින් නිරූපණය විය.

මේ හමුවේ සවිමත් වූ ආත්ම විශ්වාසයක් ඇතිකරගත් රජයේ ඇතැම් නායකයන් ශී‍්‍ර ලංකාවට වසර දෙකක සහන දිගුවක් ලබාදී තිබීම නිසා එම කාලයේ කවුන්සිලයේ අවධානය වෙනත් කටයුතුවලට යොමුවනු ඇතැයි අදහසක සිට කටයුතු කරනු දැකගත හැකිවිය. ඇමෙරිකාවේ නව ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ විදෙස් ප‍්‍රතිපත්තිය අනුව ඉදිරි කටයුතු වඩා පැහැදිලි සහ වෙනස් වනු ඇති බව ඔවුන්ගේ මතය විය. එහෙත් දැනගැනීමට ඇති පරිදි ඇමෙරිකා රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ශී‍්‍ර ලංකාවේ ගැටලූව සම්බන්ධයෙන් කටයුතු කිරීමේ සම්පූර්ණ බලය දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු භාර නියෝජ්‍ය සහයක ලේකම් විලියම්.ඊ.ටොඞ් වෙත පවරා දී තිබේ. ඇමෙරිකාවේ ශී‍්‍ර ලංකා තානාපති ප‍්‍රසාද් කාරියවසම් මහතා වොෂින්ටනයේ දී ටොඞ් හමුවිය. පසුව ශී‍්‍ර ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත රහස්‍ය ලිපියක් එවීමට ඔහු කටයුතු කළේය. එහි සඳහන්ව තිබුණේ ට‍්‍රම්ප් පරිපාලනය වැඩ බාරගෙන තවමත් ගතව ඇත්තේ සුළු කාලයක් හෙයින් ඇමෙරිකා ප‍්‍රතිපත්තියේ සැලකිය යුතු වෙනසක් සිදුවනු ඇතැයි දැනට අපේක්ෂා කළ නොහැකි බවයි.

2015 ඔක්තෝබර් මස මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාවලියේ චෝදනා විමර්ශනය කිරීමේ යාන්ත‍්‍රණය වඩාත් විශ්වසනීය කිරීම සඳහා විදෙස් විනිසුරුවරුන් එක් කරගැනීමට නිර්දේශ කර තිබුණ ද, ජනපති සිරිසේන නැවත නැවතත් කියා සිටියේ ආරක්ෂක අංශ වෙත නැගී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට විදෙස් විනිසුරුවරුන්ට අවස්ථාවක් නොදෙන බවය. පසුගිය හතරවැනිදා පලෙයි, ශී‍්‍ර ලංකා ගුවන් හමුදා යානා නිවස්නයේ (හැන්ගර්* හි සිට ආරක්ෂක අංශ සාමාජිකයන් අමතමින් ඔහු කියා සිටියේ මෙවැන්නකි.

”ජනපතිවරයා සහ සේනාධිනායකයා ලෙස මම කියන්න කැමැතියි මම ආරක්ෂක අංශ සහ පොලිස් සේවයේ සියලූම සාමාජිකයන්ගේ ආරක්ෂාව මගේ බරපතළම වගකීමක් ලෙස සලකන බව. මොන චෝදනා නැගුණත්, අපි ඒවා ප‍්‍රතික්ෂේප කරනවා. අපේ යුද විරුවන්ට නැගිලා තියෙන යුද අපරාධ චෝදනා විභාග කරන්න ශී‍්‍ර ලංකාව විදෙස් විනිසුරුවරුන්වත් හවුල් කරගන්න  ඕනෙය කියා නිර්දේශයක් ඉදිරිපත් වෙලා තියෙනවා. එය පිළිගන්න කිසිසේත්ම සූදානම් නැහැ කියන එක අවධාරණය කර කියන්න මම කැමැතියි. රාජ්‍ය නොවන ආයතනවල වැඩ කරන ඇතැම් ශී‍්‍ර ලංකා ජාතිකයන් සල්ලි නිසාම ඇතැම් වැරැුදි මතවල එල්බගෙන කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසාම ඔවුන් නිරපරාදයේ ආරක්ෂක අංශවලට එරෙහිව නොයෙක් ව්‍යාපාර දියත් කරමින් සිටිනවා. ඔවුන්ට වුවමනා හැටියට රට පාලනය කරන්න මම සූදානම් නැහැ. ඔවුන්ට වුවමනා හැටියට ආරක්ෂක අංශවලට චෝදනා ගොනු කරන්න මම සූදානම් නැහැ. ඔවුන්ට වුවමනා හැටියට චෝදනා විභාග කරන්න මම සූදානම් නැහැ.”

අගමැති වික‍්‍රමසිංහ ද දැන් ජනපති සිරිසේන දරන ස්ථාවරයෙහි ම පිහිටා කටයුතු කරන බව හඳුනාගත හැකිය. පසුගිය හතරවැනි දා ජාතික නීති සතිය ප‍්‍රකාශයට පත් කරමින් පැවැති සමාරම්භක උත්සවයේ දී ඔහු කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් නිර්දේශ කර ඇති දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමේ දේශපාලන ශක්‍යතාමය හැකියාවක් ශී‍්‍ර ලංකාවට නොමැති බවයි. එවැනි අධිකරණ පිහිටුවීමට නම් ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

බ‍්‍රහස්පතින්දා විදේශ අමාත්‍යවරයා ද මෙම මතයේ ම සිටිමින් කරුණු දක්වනු දැකගත හැකිවිය. තම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ විදෙස් විනිසුරුවරුන් ඇතුළත් කළ යුතුයැයි ජගත් මානව හිමිකම් කවුන්සිලය කිසිදු අවස්ථාවක බලපෑම් නොකළ බව ය. යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීම සඳහා ශී‍්‍ර ලංකාව ඉදිරිපත් කළ සැලැස්ම ද ඔවුන් පිළිගත් බව ඔහු කීවේය.

”එම සැලැස්මේ කොතැනකවත් යුද අපරාධ විනිශ්චය සභාවක විදෙස් විනිසුරුවරුන් සිටිය යුතුය කියා සඳහනක් නැහැ.” අමාත්‍යවරයා පැවසුවේය.

ලබන 22 වැනිදා ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් සයිඞ් රාඞ් අල් හුසේන් ඔහුගේ වාර්තාව ඉදිරිපත් කළ පසු සාමාජික රටවල් සහ රාජ්‍ය නොවන සංවිධාන ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සිදුකරනු ඇත.  ඕස්ටේ‍්‍රලියාව සහ ස්විට්සර්ලන්තය එහිදී යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීම සඳහා සැලසුමක් ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කර සිටිනු ඇතැයි ජිනීවා හි සිටින රාජ්‍යතාන්ති‍්‍රකයෝ පවසති. දෙමුහුන් අධිකරණ ඇති කළ යුතු යැයි මෙම රටවල් දෙක විවෘතවම අදහස් දක්වා තිබේ. එම රාජ්‍යතාන්ති‍්‍රකයන් වැඩිදුරටත් සඳහන් කළ ආකාරයට බි‍්‍රතාන්‍යය සිටින්නේ ද 2015 යෝජනාවලිය ඒ අයුරින්ම කි‍්‍රයාත්මක කළ යුතුය යන මතයේ ය.

ඉදිරි වසර දෙක යනු ශී‍්‍ර ලංකා රජයට නැවත මැතිවරණ සඳහා සූදානම් විය යුතු කාලය යි. එවැනි වාතාවරණයක මානව හිමිකම් කවුන්සිල යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීමට තරම් මානසිකත්වයක රජය සිටිනු ඇතැයි සිතීම උගහටය. මේ හමුවේ රජය සිටින්නේ ඉදිරිය ගැන වෙනසක් අපේක්ෂාවෙන්ය. එය වසර දෙක ගතව අවසානයේ සිදුවන වෙනසක් ද, නැතහොත් දැනට රජයට එල්ල වෙමින් තිබෙන පීඩනයන් හමුවේ සිදුවන වෙනසක් ද යන්න වැදගත් පැනයකි.

මෙම වසර ජනපති සිරිසේනට අතිශයින් අභියෝගාත්මකය. අපේ‍්‍රල් නිවාඩු මාසයට පෙර ඔහු තම පක්ෂයේ ශක්තියත්, පක්ෂයෙන් තමා වෙත ඇති ශක්තියත් පෙන්වීමට සැලසුම් කර ඇත. එයත් සමග රජයේ කටයුතුවල කැපී පෙනෙන කාර්යභාරයක නියැළීම ඔහුගේ අරමුණය.

සභාග රජයක් පිහිටුවීම අරබයා එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඇති කරගත් ගිවිසුම අලූත් කිරීම ද මෙම වසරේ සිදුවනු ඇත. එම ගිවිසුමේ එක් තැනක මෙවැනි සඳහනක් ඇත.

”වංචා හා දූෂණ කටයුතුවල යෙදී සිටින පුද්ගලයන් හඳුනාගැනීමට සහ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අන්තර්ජාතිකව පිළිගත් වංචා හා දූෂණ විරෝධී පිළිවෙත් හා අනුකූලව කි‍්‍රයාත්මක වන ස්වාධීන කොමිසමක් පිහිටැවෙනු ඇත.”

මේ අරබයා සිදුකර ඇති දේ කවරේ ද, තවමත් කිරීමට ඉතිරිව ඇති, පොරොන්දුවලට සීමාවී ඇති දේ කවරේ ද, යන්න ඉදිරියේ දී පැහැදිලි වනු ඇත.

පරිවර්තනය - කෝවිද ගුණසේකර