IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


මෛත්‍රීගේ තනතුර අනුර යාපාට

 

පොදු අපේක්ෂකයා යනු ඒ වන විට මහා සමාජ ව්‍යාපාරයක් බවට පත්ව හමාරය. එම සමාජ ව්‍යාපාරයට උපක්‍රමික, උපායමාර්ගික හා බුද්ධිමය මැදිහත්වීමක් සමඟ අනුබලයක් දීම අපගේ මැතිවරණ ව්‍යාපාරයේ පුරෝගාමී කාර්යභාරය විය. සත්තකින්ම අපි සියලු දෙනාම අපට පැවරුණු ඒ ජාතික කාර්යභාරයට සාර්ථකව උරදුන් පිරිසක් වීමු. අවසානයේ ජනවාරි 9 වැනිදා උදෑසන අප ලද ජයග්‍රහණය යනු ඒ මහා පොදු අපේක්ෂක සමාජ ව්‍යාපාරය සාර්ථක වූ අවස්ථාවයි. 


මෛත්‍රී ඇමැතිතුමා ඉවත් වීමත් සමඟ හිස් වූ ශ්‍රීලනිප මහ ලේකම් ධුරයට අනුර යාපා ඇමැතිතුමා පත්විය. ඔහු උත්සවාකාරයෙන් නොවැම්බර් 24 වැනි දින ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයේ දී වැඩ බාරගන්නා ලදී. ඒ සමගම තවත් ප්‍රශ්නයක් මතුවිය. ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබිය දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක නව මහ ලේකම්වරයකුගේ පත්වීම මැතිවරණ කොමසාරිස්වරයාට පිළිගැනීමට සිදුව ඇත. විශේෂයෙන්ම නව මහ ලේකම්වරයාගේ පත්වීම සම්බන්ධයෙන් නිල වශයෙන් මැතිවරණ කොමසාරිස්වරයා ඉදිරිපත් කරන ලද ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයන්ගේ අත්සන් සහිත නිල ලේඛනයේ සඳහන් වූයේ නොවැම්බර් 21 වැනිදා පස්වරුවේ පැවැති ශ්‍රිලනිප විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමකින් පසුව එළැඹී තීරණයකට අනුව මධ්‍යම කාරක සභිකයන් එසේ අනුර යාපා ඇමැතිතුමා පක්ෂයේ මහලේකම් ධුරයට තෝරා පත්කරගත් බවකි. එහෙත් මැතිවරණ කොමසාරිස්වරයාගේ තර්කය වූයේ එය එසේ විය නොහැකි බවයි. මන්දයත්, එතෙක් සිටි පක්ෂ මහලේකම්වරයා පොදු අපේක්ෂකයා බවට පත්වූයේ 21 වැනිදා පස්වරු 3.00ට පමණය. ඉන් අනතුරුව එදින තුළම විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පවත්වා නව මහ ලේකම්වරයක පත්කරගෙන ඇත. එම රැස්වීමට සහභාගි වූ මධ්‍යම කාරක සභා නියෝජිතයන් අතර යාපනය, මඩකළපුව, අම්පාර, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල නියෝජිතයන් ද පැමිණ සිට ඇත. මෙම තත්ත්වය ප්‍රශ්න කළ මැතිවරණ කොමසාරිස්වරයා නොවැම්බර් 24 වැනිදා ඔහු වෙත ඉදිරිපත් කිරීමට මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේ වාර්තාව පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමට මෙන් කතා කළ අතර විශේෂයෙන්ම අවසානයේ දී එය මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගැනීම පිටුපස ශ්‍රීලනිප විනය කමිටුවේ ප්‍රධානියා හා ශ්‍රීලනිපය වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා නියෝජනය කරන නිල නිත්‍ය නියෝජිතයා වන චම්පානි පද්මසේකර මෙන්ම අනුර ජයසේකර හරහා මැදිහත් වූ බැසිල් රාජපක්ෂ මහතා කොතෙක් දුරට බලපෑවේ ද යන්න විවාදශීලි කරුණකි. මන්ද ඉහත මධ්‍යම කාරක සභා රැස්වීම ව්‍යාජ එකක් බව සියලු දෙනාම දන්නා කරුණක් වන නිසාය.


නොවැම්බර් 23 වැනිදා අනුරාධපුර සඳහිරුසෑයේ ධාතු තැන්පත් කිරීම සුබ මොහොතින් හා උත්සවශ්‍රීයෙන් සිදුවූයේ රාජපක්ෂවරු ගණනාවකගේම සහභාගිත්වයෙනි. සඳහිරු සෑය ගොඩනැගීමට අදාළ බිම සැකසීමේ දී විශාල පරිමාණයේ නිධන්වස්තු ප්‍රමාණයක් මතුවූ බවත් ඒවා ක්ෂණිකව අතුරුදහන් වූ බවත් අනුරාධපුර ප්‍රදේශයේ ඇති ජනප්‍රවාදයකි. කෙසේ වෙතත් ලෝකයේ ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියනු ලබන අනුරාධපුර නගරය ආශ්‍රිතව නූතන යුගයේ මහා කොන්ක්‍රීට් නිර්මාණයක් සිදුකිරීම අනුරාධපුර යුගය හා සබැඳි මහා ඉතිහාසය විනාශ කිරීමක් බඳුය. ඊජිප්තුවේ ඉපැරණි පිරිමීඩ ඇති භූමියක වර්තමාන ඊජිප්තු රජය නූතන තාක්ෂණය යොදා කොන්ක්‍රීට් පිරමීඩයක් ඉදිකිරීමට තීරණය කළහොත් එය ඉතිහාසයට කරන තර්ජනයක් බඳුය.


අවශ්‍ය නම් ඓතිහාසික පිරමීඩ ඇති නගරවලින් පරිබාහිරව කොන්ක්‍රීට් පිරමීඩයක් ඉදිකිරීමට කිසිවකුටත් විරුද්ධ විය නොහැකිවනු ඇත. ඒ අනුව බලන කල අනුරාධපුරයේ අටමස්ථානය මධ්‍යයේ මෙලෙස තම කීර්තිනාමය අනාගතයට ගෙන යනු වස් කොන්ක්‍රීට් ඉදිකිරීමක් කිරීමට එරෙහිව කිසිදු විද්වත් භඬක් මතු නොවීම විමසා බැලිය යුතු කරුණකි. 


විශේෂයෙන්ම මෙම සඳහිරු සෑයේ ඉදිකිරීම් බාරව සිටියේ යුදහමුදාවයි. ඒ නිසාම හමුදාපති දයා රත්නායක මහතා 18 වැනි දින මෛත්‍රී ඇමැතිතුමාගේ නිල නිවසට පැමිණ ඊට අදාළ ආරාධනා පත පිළිගන්වනු ලැබුවේය.


මේ අතර නොවැම්බර් 23 වැනිදා සන්ධානයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැති අතර ඊට ශ්‍රීලනිපයේ ප්‍රබලයන් රැසක්ම සහභාගි වූහ. අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල, ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා, ඒ. එච්. එම්. ෆවුසි හා ඩලස් අලහප්පෙරුම ඊට සහභාගි වූහ. එහි දී කතා කළ ඩලස් ඇමැතිතුමා බටහිර රටවල් මැදිහත්ව නිපද වූ මෙම මෙගා ටෙලිනාට්‍යයේ ප්‍රධාන නළුවා මෛත්‍රීපාල සිරිසේන බවත් දෙබස් හා අංග රචනය චන්ද්‍රිකා විසින් ද, තිර රචනය රනිල් වික්‍රමසිංහ සහ සටන් අධ්‍යක්ෂණය දෙමළ ඩයස්පෝරාව විසින් ද සිදුකරන බව පැවසීය.


මේ අතර මෛත්‍රී ඇමැතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් නොවැම්බර් 21 වැනිදා සෞඛ්‍ය සුළු සේවක පත්වීම් දහසක් ලබාදෙන ලදි. එහෙත් එතුමා ඉවත්වීමත් සමඟම ඉහත පත්වීම් නීති විරෝධී බවට රජය ප්‍රකාශ කළ අතර එම පත්වීම් ඉන් දින 4කට පසුව අවලංගු කරනු ලැබීය. ඒ අනුව එම පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළහ.
ඩලස් ඇමැතිතුමා එදින මාධ්‍ය හමුවක් පැවැත්වීය.


මාධ්‍ය හමුවේ දී කතා කළ ඩලස් ඇමැතිතුමා ඒ වන විට එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කර තිබූ ප්‍රකාශයකින් උපරිම ඵල නෙළීය. සැබවින්ම දෙසැම්බර් 8 වැනිදා තිස්ස අත්තනායක මහතා ගත් තීරණය හදිසියේ ගනු ලැබූ තීරණයක් නොවන බව පසක් වන්නේ ඔහු පොදු අපේක්ෂකයා දුර්වල වන ආකාරයෙන් නොවැම්බර් 22 වැනි දින කරන ලද පරස්පර විරෝධි අපහැදිලි ප්‍රකාශයත් සමඟය. තිස්සගේ ප්‍රකාශය උපුටා දක්වමින් කතා කළ ඩලස් ඇමැතිතුමා මෙසේ කීය. “එජාප මහලේකම් කියන ආකාරයට මෛත්‍රීපාල සිරිසේන මහතාට පොදු අපේක්ෂකත්වය ලබාදී තිබෙන්නේ ප්‍රධාන කොන්දේසි 3කට යටත්වයි. ඉන් පළමුවැන්න, ජනාධිපතිවරණය ජයගෙන පැය 24ක් තුළ සියලු විධායක බලතල රනිල් වික්‍රමසිංහ මහතාට පැවරිය යුතුයි. දෙවැන්න, දින 100 ක් ඇතුළත විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතුයි. තුන්වැන්න, අගමැති විය යුත්තේ රනිල් වික්‍රමසිංහයි. මෛත්‍රීපාල සිරිසේන මහතා පිටුපස බටහිර කුමන්ත්‍රණයක් පවතින බව පැවසූ ඩලස් ඇමැතිතුමා බටහිර තානාපති කාර්යාලවලට ද අනතුරු ඇඟවීමක් කිරීමට අමතක නොකළේය.


මෛත්‍රී ඇමැතිතුමා පොදු අපේක්ෂකයා බවට පත්වීමෙන් පසු සෝභිත හිමියන් බැහැදැකීමට පළමුවරට කෝට්ටේ නාග විහාරයට ගියේ නොවැම්බර් 23 වැනිදාය. තම ජයග්‍රහණය පිළිබඳ ඉතා විශ්වාසයකින් කතා කළ මෛත්‍රී ඇමැතිතුමා එහි දී හෙළිකළ එක් වැදගත් කරුණක් වූයේ තමා ජයගන්නා ජනාධිපතිවරණය පැවැත්වෙන ජනවාරි 8 වැනිදාටම බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ජන්ම දිනය ද යෙදි ඇති බවයි.


මෛත්‍රී ඇමැතිතුමා දැරූ ශ්‍රිලනිප මහ ලේකම් ධුරයට අනුර යාපා ඇමැතිතුමා පත්වීම් ලබද්දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප නායකත්වය නියොජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ට හිමි විය. ඒ සමඟම මෛත්‍රී ඇමැතිතුමා අතරමගක දී හෝ මහමඟදී මුණ ගැසුන ද තැන නොතැන නොමැතිව බිම දිගාවී මහ පොළොවේ පස් වුවද කන්නාක් මෙන් වැඳ වැටුණු දිස්ත්‍රික්කයේ අනෙක් මැති ඇමැතිවරු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයන් එතුමාට එරෙහිව නූතන විජිතපුර බළකොටුව ගොඩනගන්නාක් මෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් කඳවුරු බැඳගත්හ. මේ අතර නොවැම්බර් 26 වැනිදා උතුරුමැද පළාත් අමාත්‍ය පේෂල ජයරත්න මහතාව අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ අතර ඔහු හා පළාත් පාලන නියෝජිතයන් කිහිප දෙනෙකු පමණක් මෛත්‍රී ඇමැතිතුමාගේ සහායට ඉතිරි වූහ.

 

 

 

 

 

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

මෛත්‍රීගේ තනතුර අනුර යාපාට

ඔබේ අදහස් එවන්න

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4913 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14747 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5779 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 529 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1435 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2556 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 146 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1351 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site