IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


’දැන්වත් මේ සෙල්ලම නතර කළ යුතුය’

(සංවාද සටහන-බිඟුන් මේනක ගමගේ)

සරසවි සිසුන් නිදහස් අධ්‍යාපනය පිණිස වූ අරගලයක නිරතව සිටින්නේ කලෙක පටන්මය. එහෙත් මෙවර සයිටම් අරභයා වූ ඒකාබද්ධ අරගලය ඊට වඩා සැලකිය යුතු ලෙස වෙනස් මෙන්ම තීරණාත්මකය. තීව‍්‍රය. සාම්ප‍්‍රදායිකව පැවැති සටන වාමාංශික ආභාෂයක් සහිත රැඩිකල්වාදී එකක් යැයි අර්ථකථනය කළ ද මෙවර එවැනි අර්ථකථනයක් දිය නොහැකිය.

මෙවර දියත්ව ඇත්තේ නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් යන ක්‍ෂේත‍්‍ර දෙකේම සුරක්ෂාව පිණිස ඒකාබද්ධ වූ සටනකි. උදාහරණයකට විශ්ව විද්‍යාල වෛද්‍ය සිසුවෝ වනාහි සාම්ප‍්‍රදායිකවම වාමාංශික ආභාෂයකින් පෙළගැසුණ පිරිසක් නොවෙති. ජාතික මට්ටමින් මතු නොව ජාත්‍යන්තර මට්ටමෙන් වුව මැන බැලූව ද අතිශයින්ම දුෂ්කර උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබා පැමිණියෝය. සරසවි පීඨ අතරෙහි ද දුෂ්කරතම ඉලක්කය ජයගත් වෛද්‍ය පීඨ අටක සිසුවෝ වසරක පමණක් කාලයක් තිස්සේ දැන් සිටින්නෝ අනවරත අරගලයකය. පිරිසක් අට්ටාලවලය. පිරිසක් මහමඟය. පොදුවේ ගත්කල සියල්ලෝ විරෝධතාවකය. එහෙත් පුදුමසහගත තත්ත්වය නම් මේවාට විසඳුම් සෙවිය යුතු පාලකයන් එය නොසලකා හැර එක ආයතනයක් වෙනුවෙන් පෙනී සිටීමට ගන්නා උත්සාහයයි.

සයිටම් ආයතනයට පදනම වැටුණේ පසුගිය රජය අවධියේදීය. එහෙත් 2015 ජනවාරි 8 ඒ රජය පරාජය කර නව රජයක් බලයට පත්කරන්නට ජනතාව කටයුතු කළහ. ඉතින් දැන් ප‍්‍රශ්නයට විසඳුම සෙවිය යුත්තේ කවුද? වත්මන් රජයයි. ආරම්භයේ පටන්ම සයිටම් ආයතනය ක‍්‍රියා කළේ වංචනිකව බව සියල්ලෝ දනිති. එය ගුණාත්මකව පහළ අඩියක බව දනිති. සයිටම් වෙනුවෙන් යම් මතවාදයක සිටින අතළොස්සක් වේ නම් ඔවුහු යම් ප‍්‍රතිලාභයක් ලැබුවෝය. මෙහිදී සැබැවින්ම සයිටම් මවුපියෝ අසරණය. ඔවුන් සිය දුවා දරුවන් මීට සම්බන්ධ කළේ ආයතනයෙන් කළ යම් දැනුම්වත් කිරීම් හා ප‍්‍රචාරණ කටයුතු විශ්වාස කිරීමෙනි. එසේ බලද්දී අද්‍යතන අධ්‍යාපන ප‍්‍රශ්නය පැහැදිලි ලෙස කඳවුරු දෙකකට බෙදී ඇත්තේ ප‍්‍රමාණාත්මකව රටේ සාතිශය බහුතරය සයිටම්විරෝධී අරගලයක පාර්ශ්වකරුවන් කරමිනි.

වෛද්‍ය පීඨයක් පිහිටුවීමේදී මූලික අවශ්‍ය අංගයක් වන්නේ රෝහලකි. එහෙත් සයිටම් ආයතන ප‍්‍රධානියා කළේ තමා සන්තකයේ තමාට අයත්ව තිබූ රෝහලත් විකුණා දමා ඒ මුදල අධ්‍යාපන ආයතනයක් වෙනුවෙන් ආයෝජනය කිරීමය. සිසුන් ඇතුළත් කිරීම ගැන ද පැහැදිලි දත්ත නැත.

එය ආරම්භ කළ අවධියේ 2011 දී 300 ක් පමණ ද 2012 දී හාරසිය හතළිස් ගණනක් ද බඳවා ගත් බව කියයි. මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ අටටම වර්ෂයකට බඳවාගන්නේ දළ වශයෙන් එක්දහස් දෙසීයක පමණ පිරිසකි. කථිකාචාර්යවරුන් සියයක් පමණ සිටින කොළඹ වෛද්‍ය පීඨයට පවා වසරකට බඳවාගන්නේ  සිසුන් දෙසීයක් පමණය. එවැනි සීමාකිරීමක් වන්නේම වෛද්‍ය අධ්‍යාපනයේ ඇති භාරදූරභාවය නිසාය.

වෛද්‍ය අධ්‍යාපනය දෙන්නට අවශ්‍ය වන්නේ විශිෂ්ට ගුරුවරුය. ඊළඟට වැදගත්ම කරුණ වන්නේ සායනික පුහුණුවයි. රටකට රෝගීන් වැඩියෙන් බිහිවේවායි කවරෙක්වත් පතන්නේ නැත. එහෙත් සිසුන්ට අධ්‍යයනය සඳහා අදාළ රෝහලේ විවිධ වර්ගවල රෝගීන් සිටිය යුතුවේ. වෛද්‍ය සභාවේ නිර්දේශය එයයි. රෝගීහු වනාහි අසරණයෝය. තමා සායනික වශයෙන් පරීක්ෂාවට ලක්වන්නේ කාගේ අතින්දැයි ඔවුහු නොදනිති. අප කතාකරන්නේ සැබැවින්ම ජීවිතයත් මරණයත් අතර ප‍්‍රශ්නයකි. අහස් යානාවක් පදවන්නකු කළ යුතු නොකළ යුතු කරුණු රැසක් පවතින්නාක් මෙන් රෝග විනිශ්චය ද කළ යුතු නොකළ යුතු සංකීර්ණ කරුණු රැසකින් සමන්විතය. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් පාලනාධිකාරියට අවධාරණය කළේ එම සංවේදී කරුණට අදාළ නිර්දේශ මත පිහිටා කටයුතු කළ යුතු බවය. එහෙත් ප‍්‍රශ්නය වූයේ සයිටම් එම නිර්ණායක මත පිහිටා කටයුතු නොකිරීමය. ඔවුන් එම නිර්ණායක මත පිහිටා කටයුතු කරන්නේ නම් ප‍්‍රශ්නයක් නැත.

ලංකාව වැනි රටවල වෛද්‍ය අධ්‍යාපනය මතු නොව  ඕනෑම අධ්‍යයන ක්ෂේත‍්‍රයකට පිවිසෙන සිසු සිසුවියන් වැඩිපුර උනන්දු වන්නේ ගුණාත්මක අධ්‍යාපනයකට නොව සහතිකයකටය. රාජ්‍ය විශ්ව විද්‍යාලවල සිටින සිසු සිසුවියන් අතර තත්ත්වය ද මීට වෙනස් නැත. ඔවුන්ට අද උපාධිය ප‍්‍රදානය කරන්නට දැයි ඇසුවොත් බොහෝ දෙනෙක් අධ්‍යයන කටයුතු නැතිවම වුව එය ලබාගැනීමට සූදානම්ය. අධ්‍යාපන ක්ෂේත‍්‍රවල ප‍්‍රමිතිය සඳහා කිසියම් ආයතනයක් පත්කර තිබෙන්නේ එහෙයිනි. එහෙත් අද වනවිට ප‍්‍රමිති පරීක්ෂකයන් ද අසරණ වෙලාය. ඇතැම් බලධාරිහු ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව අපහාසයට උපහාසයට ලක්කරමින් කටයුතු කරති. මේ නිසා වඩාත් අර්බුදයට යන්නේ එහි ස්වාධීනත්වය බව ඔවුහු නොදනිත් ද?

2012 දී පමණ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිවරයාට අත්බෝම්බ ප‍්‍රහාරයක් පවා එල්ල විය. අද මෙන්ම විවිධ බලපෑම් කළේය. අවසානයේදී ප‍්‍රශ්න මැදම මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය සභාවේ සභාපතිත්වයට පත්කළේය. අප දන්නා තරමට මහාචාර්ය ෆොන්සේකා පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ වූවෙක් නොවේ. ඔහුට එදා තනතුර ප‍්‍රදානය කළේ ද සයිටම් ආයතනයට අනුමැතිය ගැනීමටය. එහෙත් සයිටම්හි ප‍්‍රමිතිය වඩා නරක තත්ත්වයක ඇති බව සභාපතිවරයා ප‍්‍රමුඛ නිලධාරිහු අවබෝධ කරගත්හ. ඒ නිරීක්ෂණ චාරිකාවකින් පසුව තත්ත්වය සියැසින්ම දැකීමෙනි. ඉතින් පෞද්ගලික අධ්‍යාපනය ගැන අන්තවාදී අදහසක් නොදැරූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවා මීට අනුමැතිය නොදුන්නේ මන්දැයි නැවත සිතා බැලිය යුතුය. ප‍්‍රමිතිය හදාගැනීමට සයිටම් සූදානම් නම් ප‍්‍රශ්නයක් නැත.

වෛද්‍ය ශිෂ්‍ය ප‍්‍රවේශය මතු නොව සියලූ අංශවල සිසුන්ගේ උසස් අධ්‍යාපන සිහිනයට හානි පමුණුවන ප‍්‍රධාන බාධකය වී තිබෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගන්නා සංඛ්‍යාව සීමිත වීමය. මෙය ඉතාමත් සංවේදී ප‍්‍රශ්නයකි. මන්දයත් ඉසෙඩ් අගයට ප‍්‍රමාණවත් පරිදි සමීප වූවන්ට පවා මේ ඉඩකඩ ප‍්‍රශ්නය නිසා බැටකන්නට සිදුවන හෙයිනි.

මෙය තර්කයක් හැටියට අතිශය සාධාරණය. ප‍්‍රශ්නයක් හැටියට මානුෂිකය. සයිටම් සාධාරණීකරණයට ඇතැමුන් භාවිත කරන්නේ මේ තර්කනයයි. එහෙත් සයිටම් සම්බන්ධයෙන් ගත්කල එය පූර්ණ සත්‍යයක් නොවේ. සයිටම් ආයතනයට බඳවාගත් අතිබහුතර සිසු සිසුවියෝ මෙසේ ඉසෙඞ් ලකුණු සීමාවේ සිටියෝ නොවෙති. හොඳින් විමසා බැලූවහොත් එය නිරීක්ෂණය කළහැකිය. මෙහි ඇත්තේ මුදල පිළිබඳ සාධකයයි. ඇත්ත වශයෙන් ආණ්ඩුවට අධ්‍යාපන ප‍්‍රතිපත්තිය සකසාගැනීමට නිවැරැදි වුවමනාවක් තිබේ නම් සයිටම් ප‍්‍රශ්නය හොඳම ප‍්‍රවේශයයි. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ඉඩකඩ ඇහිරීමේ පාපයට වන්දි ගෙවමින් උසස් අධ්‍යාපන සිහිනය බොඳ වන සිසු සිසුවියන්ට සාධාරණ පිළිතුරක් දීමට රජයට වගකීමක් ඇත. ඒ වෙනුවෙන් සියලූ පාර්ශ්ව එකට එකතු වී වහ වහා නිශ්චිත ක‍්‍රමවේදයක් සැකැසිය යුතුවේ. එහෙත් එයට මුවා වී සයිටම් මුට්ටිය දාගැනීමට කිසිසේත් අනුමත කළ නොහැකිය. සරලවම කියන්නේ නම් මුදල සාධකයක් විය යුතු නැත. අවශ්‍ය වන්නේ මුදල වෙනුවට කුසලතාව මත උසස් අධ්‍යාපනය ලබාදෙන වැඩපිළිවෙළකි. නොඑසේව කුසලතාවෙන් හීන පුද්ගලයන්ට මුදල් බලයෙන් දොරටු විවර වන ක‍්‍රමයක් නොවේ. 

නිදහස් අධ්‍යාපනය යටතේ වෛද්‍යවරයකු බිහිකිරීමට සුවිසල් මුදලක් රාජ්‍යය වැය කරන බව ඇතැම් විචාරකයෝ පවසති. විශේෂයෙන්ම එම මුදල මහජන බදු මුදල් නිසා කිසිදා නිමා නොවන බැඳීමකින් එකී වෛද්‍යවරුන් පොදු ජනතාව සමඟ තියුණු ලෙස බැඳී පවතින බවට මත දක්වති. පෞද්ගලික රෝහල්වල ප‍්‍රතිකාර කිරීම් ගැන දොස් දකිති. එහෙත් මා දන්නා තරමින් නම් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙන් වෛද්‍යවරුන් බිහිවන්නේ අඩුම පිරිවැයකිනි. තවද රජයේ වෛද්‍යවරුන්ට පෞද්ගලික රෝහල්වල සේවය කිරීමට බැරි ඇයි? එය රජය විසින් පිළිගනු ලැබූ තත්ත්වයකි. බදු මුදලින් උගෙන ගත් පුද්ගලයා පෞද්ගලික රෝහල්වල ප‍්‍රතිකාර කිරීම වැනි කරුණු මත සමස්ත වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ ගුණාගුණ තක්සේරු කිරීමට යාම නොමනාය. එසේ මැනීමට අවශ්‍ය නම් ඊට ලොව පිළිගත් දර්ශක  ඕනෑ තරම් තිබේ. විශේෂයෙන්ම මානව හිමිකම් දර්ශක, අධ්‍යාපන දර්ශක ආදිය එන්න එන්නම කඩාවැටෙද්දී ලංකාවේ සෞඛ්‍ය දර්ශක පවතින්නේ ඉතා ඉහළ තත්ත්වයක බව මේ විවේචකයන්ට නොපෙනෙන්නේ මන්ද? මෙරට ළදරු මරණ අනුපාතය අඩුය. ආයු අපේක්ෂාව වැඩිය. ඇතැම් බෝවන රෝග වසංගත රෝග අප හමාර කර තිබෙන්නේ අසල්වැසි සුවිසල් ඉන්දියානු ලොකු අයියාට ද පෙරය. ජාත්‍යන්තර පරිමාණයේ මෙවැනි ජයග‍්‍රහණ අපට අත්පත් කරගැනීමට හැකිවුණේ දේශීය වෛද්‍යවරුන් නිසා නොවේද? මෙම ජයග‍්‍රහණත් සමස්ත සෞඛ්‍ය සේවයත් රදාපවතින්නේ කොළඹට සීමා වී පෞද්ගලික රෝහල් මතම සිය පැවැත්ම තහවුරු කරගත් වෛද්‍යවරුන් අතළොස්සක් මත නොවේ. විවේචකයන් මෙම අතළොස්සක් වෛද්‍යවරුන් මත සිය තර්කය ගොඩනඟාගන්නේ බුද්ධිවිෂයක වංකභාවය නිසා මිස අන් හේතුවක් නිසා නොවේ. රජයේ රෝහල්වල දිග පෝලිම් පවතින බව ද ඇතැම් ශල්‍යකර්මවලට ලැයිස්තුවේ දිගු කලක් සිටීමට වන බව ද අපි පිළිගනිමු. ඇත්තය. එම තත්ත්ව වහ වහා වෙනස් කළ යුතුය. එහෙත් ඒ ප‍්‍රමිතියක් නැති වෛද්‍ය කඩ කඩිමුඩියේ නීත්‍යනුකූල කිරීමෙන් නම් නොවේ. කළයුත්තේ උසස් තත්ත්වයේ ප‍්‍රමිතියෙන් යුතු වෛද්‍යවරුන් වැඩි වැඩියෙන් බිහිකිරීමය.

පසුගිය කාලයේ සිදු වූ ආර්ථික විපරිවර්තන සමඟ මේ වනවිට ලංකාවේ සමාජය කිසියම් ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තිබේ. සරලව කිවහොත් මැදි ආදායම් ලැබීමේ තත්ත්වයට පත්වීම සමඟ මධ්‍යම පන්තියත් ඉහළ මධ්‍යම පන්තියත් සිය කටයුතුවලදී වාණිජමය මෙහෙයවීම්වල බලපෑමට වැඩි වැඩියෙන් ලක්වේ. නිදහස් අධ්‍යාපනය යන සටන් පාඨය යට කරගෙන අධ්‍යාපනයේ නිදහස යන සටන් පාඨය වැඩි හඬකින් නැඟෙන්නේ ඒ නිසාය. මේ සූදානම් වන්නේ අධ්‍යාපනයත් වෙනත් උපභෝග පරිභෝග භාණ්ඩ මෙන් හෝල්සේල් දැමීමටය. එසේ උත්සාහ දරන ඇතැමුන් නඟන තව තර්කයක් වන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් ලංකාව පහළ මට්ටමේ සිටින බවය.

 ඔවුන් පෙර පරිදිම හිතාමතාම පටලවන්නේ ශ්‍රේණිගත කිරීම හා ප‍්‍රමිතියයි. ශ්‍රේණිගත කිරීම හා ප‍්‍රමිතිය යනු කාරණා දෙකකි. ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට ඒමට නම් නොබෙල් ත්‍යාග ලැබීම ආදී බරපතළ සාධක මුල් තැනට එයි. අපේ විශ්ව විද්‍යාල පද්ධතියෙන් එවන් නිර්මාණ බිහි නොවීමේ දුක්ඛදායක කතාව පසුපස ඇත්තේ රාජ්‍ය අධ්‍යාපනයට වැය කරන මුදලේ හිඟතාවයයි. මේ වනවිට ලංකාවේ ඇත්තේ විද්‍යා විෂයවලට වියදමක් නොකරන තත්ත්වයකි. වැය කරන ප‍්‍රමාණයත් තවත් කප්පාදු කරමින් සිටී. මේ නිසා පර්යේෂණ කිරීමට ඇති හැකියාව පහළ මට්ටමකට වැටේ. එහෙත් එයින් එම විශ්ව විද්‍යාල ප‍්‍රමිතියෙන් පහළ වැටී ඇති බවට කිසි ලෙසකින් අදහස් වන්නේ නැත.

මේ වනවිට සයිටම් ප‍්‍රශ්නය පවතින්නේ ජනප‍්‍රිය උදාහරණයකින් පැවසුවහොත් දඬවම්ලාගේ සක්විතිලාගේ ප‍්‍රශ්නය වගේය. දඬුවම්ලාට සක්විතිලාට හසු වන මිනිසුන්ට එහි ඇති අනීතික බව මහ බැංකුව පැවැසුවේ කල්තියාය. ඒ වෙනුවෙන්ම වූ නිවේදන අවස්ථා කීපයකදීම පළ කෙරිණි. එහෙත් ඔවුහු දැන දැනම අමාරුවේ වැටුණහ. සයිටම් ආයතනය ගැනත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිවේදන පළ කළේ මහ බැංකුව වගේමය. එහෙත් දරුවන්ගේ අනාගතය පිළිබඳ සිහිනයෙන් මායාවකට හසු වූ මවුපියෝ ඒවා සත පහකට මායිම් නොකළහ. නිවේදන ද නොසලකා හැරිණි. දැන් ඔවුන් පත්ව සිටින්නේ දඬුවම්ලාට සක්විතිලාට හසුව අසරණ වූ මිනිසුන්ගේ මට්ටමටය. කෙසේ වුවද සියල්ල සිදුවන්නේ හොඳට යැයි සිතා දැන් කළයුත්තේ සයිටම් ප‍්‍රශ්නය මුල්කරගත් පුළුල් සමාජ සංවාදය මෙරට නිදහස් අධ්‍යාපනයේත් නිදහස් සෞඛ්‍යයේත් උන්නතිය පිණිස භාවිත කිරීමය.

නොඑසේව ආර්ථික දෘෂ්ටිකෝණවලින් ප‍්‍රශ්නය විග‍්‍රහ කර ආණ්ඩුවට සිය වගකීමෙන් මිදීමට එය අවභාවිත කිරීම නොවේ. එහෙත් තවමත් අප දකින්නේ දිනපතා වීදි බසින විශ්ව විද්‍යාල සිසුන් හා ඊට එරෙහිව නැ‍ගෙන පොලිස් බාධක හා ජල ප‍්‍රහාරයි. ආණ්ඩුව මේ සෙල්ලම් කරන්නේ රටේ ජීවනාලිය බඳු අනාගත පරපුර සමඟය. ජීවිතයේ හොඳම සමයේ මෙසේ මහමඟ අතරමංව රජයෙන් අවතක්සේරුවට ලක්වීම පුරවැසි සමාජයකට යහපත් නොවේ. රජය දැන්වත් මේ සෙල්ලම නතර කළ යුතුය.

- ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය හිරාන් අමරසේකර



අදහස් (12)

’දැන්වත් මේ සෙල්ලම නතර කළ යුතුය’

chandima Fonseka Tuesday, 07 March 2017 07:40 AM

දිස්ත්‍රික් පදනමෙන් අසාධාරණයට ලක්වන නගරවල සිසුන්ට යම් සාධාරණයක් කිරීමට දැන්වත් වැඩපිළිවෙළක් ආරම්භ කරන්න. ගම් වල අය පහසුකම් නැහැ කියන තර්කය වාසියට අරගෙන අඩු ලකුණු වලින් කැම්පස් යනවා. නගරේ අයට ඔය කියන තරම් මහා ලොකු විශේෂ පහසු කමක් නැතත් විශ්ව විද්‍යාල සිහිනය අපරාදේ අහිමි වෙලා යනවා. අනික දුෂ්කර කියන පළාත් වල සමහර අය අද නගර වලට ඇවිත් ටියුෂන් අරන් ගමට ගිහින් බොහොම සැහැල්ලුවෙන් විභාගේ ලියල අඩු ලකුණු වලින් උසස් අධ්‍යාපන සිහිනය ගොඩ යනවා.

:       442       476

roshan Tuesday, 07 March 2017 08:54 AM

මෙයා කතා කරන්නේ සයිටම් ගැන විතරයි. එතකොට අනිත් උපාධි ආයතන තිබුනට කමක් නැද්ද? ඒවායේ ප්‍රමිතිය ගැන හොයල බැලුවද? කීයක් හම්බවෙනවද දන්නේ නැහැ ළමයි රට අරින ඒජන්සි වලින්.

:       227       660

wickrama Tuesday, 07 March 2017 06:06 PM

මෙම ආදර්ශවත් මහාචාර්ය තුමා පුද්ගලික උපකාරක පන්ති ගැන එහෙම අදහස කොහොමද දන්නේ නෑ. විශ්ව විද්‍යාල වල ඉඳගෙන උපකාරක පන්ති කරන සමහර මහාචාර්යවරු ගැනත් කිව්වනම් තමයි වඩා හොඳ ?

:       0       0

දිලුම් Wednesday, 08 March 2017 04:22 AM

සමරහ මිනිස්සු මේ ප්‍රශ්නේ ගැන කථා කරන්නේ අනුන්ගෙන් අහුලගත්ත දේවල් වලින් මිසක් හරිහැටි දෙයක් දැනගෙන විචාරශිලිව නෙමෙයි. ගොඩක් මුද්‍රිත සාහිත්‍ය වලින් මේකේ ඉතිහාසය පිළිබඳ නිල තොරතුරු හොයා ගන්න පුළුවන්. SAITM – South Asian Institute of Technology and Management කියල තමයි මේකේ නම මුලින්ම තිබිල තියෙන්නේ. මේකේ එක පාඨමාලාවක් ඇතුලත් කරල තියෙනවා Health Science කයල. BOI එකෙන් මේකට අනුමැතිය ගන්නකොට ඒ නිලධාරින් අනුමැතිය දීල තියෙන්නේ Health Science පාඨමාලාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ගැනීමට යටත්ව මෙය ක්‍රියාත්මක කිරීමට. එහෙත් නෙවිල් මහත්මයා මේකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ගැනීමක් නොකර සෞඛ්‍ය විද්‍යාව වෙනුවට වෛද්‍ය විද්‍යාව පාඨමාලාවක් ආරම්භ කරල හොරට ළමයිනුත් බඳවාගෙන. ඒකෙන්ම පේනවා මේකේ තියන වංචා සහගත තත්වය. දැන් සමීරගේ නාටකයත් එක්ක තවත් ගුණත්වය පිරිහෙනවා. නෙවිල් මහත්මයාට ඇත්තටම මේ රටේ ළමයින්ට සාධාරණයක් කරන්න අවශ්‍ය උනානම් අඩු තරමේ අදාල නීතිමය ක්‍රියාවලිය තුළ හරි පාරේ යමින් වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න තිබුණා. එතුමාගේ වංචාකාරි ක්‍රියාදාමය තුළ මුළු රටමත් ළමයිනුත් අද මහත් අපහසුතාවයට පත්වෙලා.

:       283       7

mahesh Wednesday, 08 March 2017 06:08 AM

මේ ලිපිය ඉතාම පක්ෂපාතිව අදහස් පල කරන ලද්දක් . මෙතුමා මහාචාර්ය වෙලාතියෙන්නේ වන හා පාරිසරික විද්‍යා විෂය සම්බන්දව . විද්වතෙක් යමක් පවසන විට ඉතාම සමබරව අදහස් දැම්මානම් නම් ඉතා වටිනවා

:       3       364

Dewaka Wednesday, 08 March 2017 06:14 AM

මේ ලිපිය ලියා ඇත්තේ ලංකාවේ සිටින ප්‍රසිද්ධම ටියුෂන් ගුරුවරයෙකි. රජයේ විශ්ව විද්‍යාලයක උගන්වන ගමන් පෞද්ගලිකව අධ්‍යාපනය විකිණීමෙන් (ඔවුන්ගේම බසින්) විශාල මුදලක් උපයන එතුමාට, රජයෙන් පඩි ලබන වෛද්‍යවරු පෞද්ගලික ආයතනවල සේවය විකුනනවාට ප්‍රශ්නයක් නැත. එම තර්කය අපි පිළිගනිමු. ලක්‍ෂ එකසිය විස්සක් නැති නිසා දුප්පත් සිසුන්ට වෛද්‍ය උපාධිය අහිමි වී පොහොසත් සිසුන්ට අවස්ථාව ලැබීම අසාධාරණය. උදේ 3 සිට පෝලිමේ ඉඳ රජයේ රෝහලේ වෛද්‍යවරයා හමු වී, බෙහෙත් පිටින් ගන්න යයි කියා තුණ්ඩුව ලියා දුන් විට, මුදල් නැති දුප්පතා මිය යයි. රුපියල් දහස් ගණනක් ගෙවා චැනල් සේවයෙන් ප්‍රතිකාර ලබාගෙන තවත් ලක්ෂ කිහිපයක් වියදම් කර බෙහෙත් ලබාගෙන පොහොසතා ජීවත් වීම ප්‍රශ්නයක් නැත. මෙතැන පොඩි කොස්සක් තියෙනවා වගේ නේද? විදේශ විනිමය මිලියන ගණනින් පිට කර, අපිට නොපෙනෙන ඉසව්වේ ඇති විදේශ සරසවි වලින් උපාධිය අරගෙන විත් ACT 16 ලියා ලංකාවේ බෙහෙත් කරන්න හොඳය. ලංකාවේ ඉගෙන ගන්න දරුවන්ට ACT 16 ලියා වත් වෛද්‍යවරුන් වීමට නොහැක. තවත් පොඩි කොස්සක් නේද?

:       14       504

himal Wednesday, 08 March 2017 11:19 AM

මෙය ළමයින්ට ජීව විද්‍යාව අමතර පන්ති කරන්නේ නිකන් වෙන්න ඇති. බොරු බයිලා. ළමයි අතරේ තරගේ නැතිවෙනකොට මෙයලටනේ පාඩු ඒකයි ඔය.

:       15       376

Ranjith Mahanama Wednesday, 08 March 2017 03:31 PM

ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට ඒමට නම් නොබෙල් ත්‍යාග ලැබීම ආදී බරපතළ සාධක මුල් තැනට එයි".

:       0       0

SUJITH Thursday, 09 March 2017 04:47 AM

අතිශය තරගකාරී විභාගයක් ඉහලින් පාස් වෙච්ච නිසා එයාලාට කෝටි එකයි කාලක් වටිනා උපාධියක් නොමිලේ ලැබෙනවා එකෙන් අදහස් කරන්නේ නැහැ රටේ තියෙන සියලු සම්පත් එයාලාගේ කටට දාන්න ඕන කියලා.

:       1       2

pathirana Thursday, 09 March 2017 06:00 AM

අපේ රටේ දොස්තරලා හැරුණු විට දරුණු ත්‍රස්ත වාදින්වත් රෝගීන් පරණ ඇපයට ගන්නේ නැහැ, ඉතින් අපි කොහොමද මෙයාලාගෙන් සදාරණත්වය බලාපොරොත්තු වෙන්නේ?

:       4       3

chandima Fonseka Thursday, 09 March 2017 10:59 AM

මෙතුමාට බනින්නත් එපා ඉතින් මොකද මෙතුමා කොළඹ ප්‍රධාන පෙලේ පාසලක ඉගෙන ගෙන ඒ ලෙවල් කරලා හොඳ ප්‍රතිපල තිබිලත් දිස්තික්ක පදනම නිසා සරසවියේ ජීව විද්‍යා අංශයට තේරුනේ. නැත්නම් අද හොඳ වෛද්‍ය වරයෙක් හෝ වෛද්‍ය විද්‍යා මහාචාර්ය වරයෙක්.

:       0       0

Ananda Tuesday, 06 June 2017 01:38 AM

ඔව්... අපි අපේ රට වෙනුවෙන් කටයුතු කළ යුතුය. ඒ වෙනුවෙන් යාඥා කළ යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

කොලම

නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 233 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 541 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 92 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 422 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 312 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 813 4

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site