IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මෛත්‍රි නිසා එජාපයේ කැලඹිලි

නොවැම්බර් 21 වැනිදා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූයේ පෙරවරු 9.30 ටය. ඊට සමගාමීව මාධ්‍ය සාකච්ඡාවක් පෙ.ව. 11.00 ට සංවිධානය කර තිබූ අතර එය අවසානයේ පැයෙන් පැය කල් ගොස් සවස 3.00 දක්වාම ඇදී ගියේය. එම පෙරවරුව වන විට චන්ද්‍රිකා මැතිනියගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රීලනිප මැති ඇමතිවරු 25 දෙනකුවත් මෛත්‍රී ඇමතිතුමා සමග ආණ්ඩුවෙන් ඉවත් කර ගැනීමට උපරිම උත්සාහයක් ගනිමින් සිටින බවකි. එදින කෘත්‍යාධිකාරී මණ්ඩලයට එහි සාමාජිකයන් 92 දෙනා අතරින් 86 දෙනකුම සහභාගි වී සිටියහ. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා කෙසේ හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට උත්සාහ කළ පිරිස විවිධ තර්ක ඉදිරිපත් කිරීමට උත්සාහ කළ අතර අනෙක් අතට එය බිඳ දැමීමට ගෙනා ප්‍රධානතම තර්කයක් බවට පත් වූයේ අවම තරමින් දෙමළ ජාතික සන්ධානය මෙන්ම වික්‍රමසිංහ මහතා සමඟම සිටි මනෝ ගනේෂන් පවා රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා නොදෙන බව ප්‍රකාශ කර තිබීම මෙහිදී ඉතා වැදගත් විය.

 

 

ඒ අනුව රවී කරුණානායක, මංගල සමරවීර වැනි අය පොදු අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නොපැමිණිය යුතු බවට අදහස් ඉදිරිපත් කළහ. පෙරවරුවේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සජිත් පිලේ සමහරකු ගෙන ඒමට උත්සාහ කළ තර්කයන් අතර මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා සමඟ ආණ්ඩුවෙන් ඉවත්ව එන පිරිස 40 ක් වත් නොවේ නම් පොදු අපේක්ෂකත්වය ලබා නොදිය යුතුය වැනි අදහස්ද වූ අතර අවසානයේදී එය සාර්ථක නොවීය. විශේෂයෙන්ම කුමන කටකතා පැතිර ගියද නොවැම්බර් 21 පෙරවරුවේ පවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ අරලියගහ මැදුර දැඩි ලෙස විශ්වාස කළේ ෆීනික්ස් පක්ෂියා අළු මතින් මතු වන්නා සේ අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාම පොදු අපේක්ෂකයා බවට පත් වනු ඇතැයි යන මිථ්‍යාවය. එම මිථ්‍යාව තුළ එතරම්ම ගැඹුරු ලෙස අරලියගහ මැදුර ගිලෙමින් සිටියේ සජිත් පාර්ශ්වය පිළිබඳ ඔවුන් තැබූ විශ්වාසය මෙන්ම ඊට කලක පටන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ළඟම හිතවතුන් අරලියගහ මැදුරට ලබාදී තිබූ පොරොන්දු ප්‍රකාරවය.


20 වැනිදා රාත්‍රියේ චන්ද්‍රිකා මැතිනිය හා රාජිත ඇමතිතුමා මුණගැසීමට තීරණය කර තිබුණි. ඒ කිසිවකුත් නොදන්නා තත්ත්වයක් තුළය. විශේෂයෙන්ම චන්ද්‍රිකා මැතිනියගේ නිවසේ සිටි ආරක්ෂක නිලධාරීන් පිළිබඳ පවා එතුමිය තුළ පූර්ණ විශ්වාසයක් නොතිබුණා සේය. ඒ සමහරු අරලියගහ මැදුරට තොරතුරු සපයන බව එතුමියගේ විශ්වාසය විය.


මෙම තත්ත්වය තුළ එතුමියගේ නිවසේ සියලු ආරක්ෂකයන් සුපුරුදු පරිදි නිදාගත් පසු එදින එතුමියට වඩාත්ම විශ්වාසදායක පොලිස් නිලධාරියා පමණක් අවදිව සිටියේය. ඒ අනුව ඒ වනවිට ඔවුන් අනුගමනය කරමින් සිටි රහසිගත සන්නිවේදන මාර්ග ඔස්සේ චන්ද්‍රිකා මැතිනියගෙන් රාජිත ඇමතිතුමාට අදාළ පණිවිඩය ලැබුණි. එමගින් කියවුණේ තම නිවසේ සියලුම ආරක්ෂකයින් නින්දට ගොස් ඇති බවත් එම නිසා රාජිත ඇමතිතුමාට පැමිණිය හැකි බවත්ය. මේ වනවිට වේලාව මධ්‍යම රාත්‍රිය පසුවී අලුයම 1.30 පමණ වී තිබුණි.


ඊට අනුව රාජිත ඇමතිතුමාද තමාට විශ්වාසදායකම පුද්ගලයකු සමග නිදහස් මාවතේ චන්ද්‍රිකා මැතිනියගේ නිවසට ගිය අතර එහි අවදිව සිටි ආරක්ෂක නිලධාරියා ගේට්ටුව විවෘත කළේය. ඒ සමගම නිවසේ උඩුමහලට ගිය රාජිත ඇමතිතුමා චන්ද්‍රිකා මැතිනියත් සමග පසු දින වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කළේය. විශේෂයෙන්ම මෛත්‍රී ඇමතිතුමා පොදු අපේක්ෂකයා බවට රට හමුවේ ප්‍රකාශයට පත් කරවන මාධ්‍ය සාකච්ඡාව සිදු කළ යුතු ආකාරය එහිදී විශේෂ අවධානයට යොමු විය.


තවද, පාර්ලිමේන්තුවේ සිට මෛත්‍රී ඇමතිතුමා පළමුව පැමිණෙන ස්ථානය වශයෙන්ද තෝරා ගත්තේ චන්ද්‍රිකා මැතිනියගේ නිවසයි. කෙසේ වෙතත් මෙම දෙදෙනා අතර සාකච්ඡාව අලුයම 3.15 දක්වාම පැවතිණි. විශේෂයෙන්ම චන්ද්‍රිකා, මෛත්‍රී සහ රාජිත ගත් විට ඔවුන් මේ සැරසෙන්නේ තිදෙනාගේම දීර්ඝ කාලීන දේශපාලන ජීවිතයේදී ඔවුන් මුහුණදෙන අතිශයින්ම සංකීර්ණ දේශපාලන මෙහෙයුම ඇරඹීමටය.


21 වැනිදා උදෑසන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් රාජිත ඇමතිතුමාට දුරකථන ඇමතුමකි. දුරකථන ඇමතුම ලබා ගෙන ඇත්තේ සුජාතා සේනාරත්න මහත්මියයි. මේ වන විට නිදි යහනේ සිටි රාජිත ඇමතිතුමා වෙත දුරකථනය රැගෙන පැමිණි සේනාරත්න මහත්මිය රාජිත මෙන්න ඔයාට ජනාධිපතිතුමාගෙන් කෝල් එකක් යනුවෙන් පවසද්දී රාජිත ඇමතිතුමාට සිහින් ඩහදියක් ක්ෂණිකව දැමුණි. තමා ඊට පෙර අලුයම චන්ද්‍රිකා මැතිනියගේ නිවසට ගිය ගමන ජනාධිපතිතුමාට ආරංචි වී ඇති බවට රාජිත ඇමතිතුමා අනුමාන කළේය. කෙසේ වෙතත් දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්විය යුතුමය. රාජිත ඇමතිතුමා සමඟ ජනාධිපතිතුමා කථා කළ පළමු වචනයම වූයේ අනේ රාජිත ඔයත් යනවද? යනුවෙන් ඉතා බැගෑපත් හඬින් උච්චාරණය කළ ප්‍රකාශයයි. ඊට රාජිත ඇමතිතුමාගේ ක්ෂණික පිළිතුර වූයේ කොහෙ යන්නද ජනාධිපතිතුමා මම තාම බුදි යන්නය.


මෙය ඇසූ ජනාධිපතිතුමා පස්වනක් ප්‍රීතියෙන් පිනාගියා සේ ඒකනෙ රාජිත මේ එක එකා උදේ පාන්දරින්ම මගේ ඔළුව කනවා යනුවෙන් පැවසීය. ඒ සමගම තවදුරටත් රාජිත ඇමතිතුමාට ජනාධිපතිතුමාගේ කටහඬ හොඳින් ඇසෙයි. “යකෝ ඒ මනුස්සය තාම බුදි. රාජිත මාව දාල කොහෙවත් යන්නෙ නෑ. උඹලට පිස්සු” යනුවෙන් මෙලෙස ජනාධිපතිතුමා දොස් පවරන්නේ එතුමා වටා සිටින යම් පිරිසකටය.
කෙසේ වෙතත් තමාට බාත්රූම් එකට යාමට අවශ්‍ය බව පවසමින් තම බිරිඳ අතට දුරකථනය පත් කිරීමෙන් පසුවද ජනාධිපතිතුමා තවදුරටත් එතුමිය සමග දිගින් දිගටම දොඩමලු විය. ඊට ප්‍රතිචාර දැක්වූ සේනාරත්න මහත්මියද රාජිත එවැනි දේශපාලන තීරණයකට එළැඹ නැති බවට ජනාධිපතිතුමා සහතික වූවාය.


මෙම සිදුවීමෙන් පසුව රාජිත ඇමතිතුමා මෛත්‍රී ඇමතිතුමා ඇමතීය. එහිදී තමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව පත්වීම් ලබාදීම වෙනුවෙන් පැවැත්වෙන උත්සවයට අපේ ගම පරිශ්‍රයට යන බව පැවසූ මෛත්‍රී ඇමතිතුමා 11.30 පමණ වන විට පාර්ලිමේන්තුවට පැමිණිය හැකි බව පැවසීය. ඒ සමඟම රාජිත ඇමතිතුමාද කියා සිටියේ අද දින යෙදෙන ජාත්‍යන්තර ධීවර දිනයේ උත්සවයකට සහභාගිවීමට නැක්ඩා ආයතනයට යන බවත් තමාටද 11.30 පමණ වන විට පාර්ලිමේන්තුවට පැමිණිය හැකි බවත්ය. එහිදී තවදුරටත් කථා කළ මේ දෙදෙනා පාර්ලිමේන්තුවේදී මුණගැසී අර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පනත පිළිබඳ කථා කරන්න කතානායකතුමා මුණගැහෙමු යැයිද කතිකා කර ගත්හ. ඒ අනුව තම දුරකථනවලට සවන් දුන්නද එහි කිසිදු සැකයක් නොමැත.


කෙසේ වෙතත් සුපුරුදු පරිදි එදිනද හැඳ පැලඳ ගත් රාජිත ඇමතිතුමා සිය උදෑසන ආහාර මේසයේ තමාට ආහාර බෙදමින් සිටි තම බිරිඳ අමතා “සුජාතා මම අද ආණ්ඩුවෙන් අයින් වෙනවා. ඇමතිකමෙනුත් අයින් වෙනවා. අපිට අද මේ වාහනයි. සිකියුරිටියි බාර දෙන්න වෙනවා. මෛත්‍රී පොදු අපේක්ෂකයා වෙනවා.” යනුවෙන් පවසද්දී ඇය ඉකිගසමින් හඬන්නට වූවාය. ඇයගේ ප්‍රධානතම චෝදනාව වූයේ ජීවිතයේ සියලු දේ සාකච්ඡා කර සැලසුම් කළත් මෙම සිදුවීමේදී පමණක් ඇය එම තීරණය ගැනීම සඳහා සම්බන්ධ කර නොගැනීමය. සැබවින්ම එම නිවසේ මෙම තීරණය පිළිබඳ දැන සිටියේ රාජිත ඇමතිතුමා හා චතුර සේනාරත්න පමණි. මේ අතර යොදා ගත් පරිදි පෙරවරු 11.30 පමණ වන විට මෛත්‍රී ඇමතිතුමා මෙන්ම රාජිත ඇමතිතුමාද පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ සිටියහ. මේ වනවිට රාජිත ඇමතිතුමා පිටත සියලු දේ සූදානම් වන ආකාරය දෙස පූර්ණ වශයෙන් දැනුම්වත්ව සිටියේය.

 

 

 

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

මෛත්‍රි නිසා එජාපයේ කැලඹිලි

ඔබේ අදහස් එවන්න

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4915 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14747 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5780 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 530 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1435 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2556 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site