IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මුස්ලිම් පක්ෂ මෛත්‍රී පසුපස

මහාචාර්යතුමා මට සලකන්නේ දරුවකුට මෙනි. ඒ පිළිබඳ කථා බොහොමයක් ඇත. 2012 වසරේ දිනක මම එතුමාට යෝජනාවක් ගෙනඑමින් එතුමාගේ ජීවිත කථාව හෙවත් ‘බයෝග්‍රෆි’ එක ලිවීමට මට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියෙමි. එවිට මහාචාර්යතුමා එකවරම කියා සිටියේ ‘පුතා මම වයසට ගියත් මගෙන් තාම පන්සිල් පද පහ කැඩෙනව. පන්සිල් පද පහම තවමත් කඩන මගේ ජීවිත කථාව ලියල ඉඳා කියවපල්ලා, හැදියල්ලා කියල සමාජයට පොතක් දාන්න ඕන නෑ කියන එකයි මගේ මතය’ යනුවෙන් එතුමා මගේ යෝජනාව බැහැර කළේය.

පන්සිල් පද 5 කඩන ආකාරය එතුමා එකින් එක විස්තර කළේය. එතැන් පටන් මමද බොහෝවිට විනෝදයට මෙන් මගේ මිතුරන්ට මහාචාර්යතුමා පන්සිල් පද කඩන සහ කැඩෙන ආකාරය පිළිබඳ කළ විවරණය අවශ්‍ය අවස්ථාවලදී පවසමි. කෙසේ වෙතත් පස්වන සිල්පදය බිඳින ආකාරය පිළිබඳ එතුමා යම් වාරණයක් තාවකාලිකව පනවාගෙන ඇති බව එහිදී පැවසුවේය. එනම්, ඒ වනවිට මහාචාර්යතුමා දුම්කොළ හා මද්‍යසාර විරෝධී ශ්‍රී ලංකා සභාවේ සභාපති ලෙස කටයුතු කළ අතර එය සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස මෛත්‍රී ඇමැතිතුමා ලබා දී තිබූ පත්වීමක් විය. එතුමා පවසා සිටියේ තමා වයින් ටිකක් බීමට ප්‍රියකරන නමුත් මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමා තමා හට පවරා ඇති මෙම වගකීම හෙවත් එම ආයතනයේ සභාපති ධුරය දරනතුරු වයින් උගුරක් හෝ නොබොන බවයි. යම්කිසි දිනක මෙම සභාපති ධුරයෙන් ඉවත් වූ දින රාත්‍රියේ නැවත වයින් ටිකක් බොන බවත් එතුමා එහිදී පැවසීය. ඒ අනුව මා කියා සිටියේ ‘සර් මේ තනතුරෙන් ඉවත්වූ දිනයේ රාත්‍රියේ බොන වයින් බෝතලය තෑගි කරන්නේ මමයි’ යනුවෙනි. එම කථාව එතැනින් අවසන්ය. 


අවම තරමින් ඊට වසරකට පසුව දිනක් මා ගමනක් යමින් සිටියදී මෝටර් රථයේ ගුවන්විදුලි යන්ත්‍රයේ ත්‍ඵ පුවත් විකාශයකින් කියැවුණේ භ්ක්‍ෘ් ආයතනය සඳහා නව නිලධාරි මණ්ඩලයක් පත්කර ඇති බවකි. මම වහාම මහාචාර්යතුමාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගත්තෙමි. එතුමා පානය කරන වයින් වර්ගය කුමක්දැයි විමසීමි. ඒ අනුව මම මහාචාර්යතුමාගේ ගෙදරට ගොස් එම වර්ගයේ වයින් බෝතලය පරිත්‍යාග කළෙමි.
මේ අතර දෙසැම්බර් 14 වැනිදා මහනුවරදී මුස්ලිම් කොංග්‍රසයේ සමුළුවක් පැය 12ක් පුරා පැවැත්වුණි. විශේෂත්වය නම් එහිදී පවා කිසිදු එකඟතාවකට එළැඹීමට ඔවුන්ට නොහැකිවීමය. මෙම රැස්වීමෙන් පසුව පක්ෂ නායක අමාත්‍ය රවුෆ් හකීම් ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුව තම යෝජනාවලට සුබවාදී පිළිතුරක් ලබාදුන්නද මුස්ලිම් ජනතාවගේ ගෞරවය රැකෙන පරිදි තමන්ට කටයුතු කිරීමට සිදුව ඇති බවයි. තවදුරටත් ඔහු කියා සිටියේ ‘ආණ්ඩුව අපගේ ඉල්ලීම් පිළිගැනීම තුළින් මුස්ලිම් ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට උත්සාහ කරනවා’ යනුවෙනි. මේ වනවිට ගොඩනැගී තිබුණ දේශපාලන වාතාවරණය තුළ ආණ්ඩුව මුස්ලිම් කොංග්‍රසය තුළින් එවැන්නක් බලාපොරොත්තු වුවද එම ජනාධිපතිවරණයට පෙර නැවත මුස්ලිම් ජනතාව මහින්ද රාජපක්ෂ මහතා දෙසට හැරවීමට නොහැකි බව රවුෆ් හකීම් අන් කවරකුටත් වඩා හොඳින් දැනසිටියා සේය. ඒ අනුව දෙසැම්බර් 14 වනවිට ඕනෑම මොහොතක මුස්ලිම් කොංග්‍රසය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතහැර පොදු අපේක්ෂකයා වෙතට පැමිණීමට නියමිතව සිටියේය.


එය එසේ වුවත් දෙසැම්බර් 15 වැනිදා පෙරවරුවේ මුස්ලිම් කොංග්‍රසය හා ශ්‍රී.ල.නි.ප.යේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් අරලියගහ මැදුරේදී පැවැත්විණි. ඊට ඩලස් අලහප්පෙරුම, සුසිල් ප්‍රේමජයන්ත හා අනුර යාපා යන අමාත්‍යවරු සහභාගි වූ අතර පැය එකහමාරක් පුරා සිදුවූ එම සාකච්ඡාවේදී දෙපාර්ශ්වයටම කිසිදු එකඟතාවකට පැමිණීමට නොහැකි විය. අවස්ථාවෝචිතව කථා කළ රවුෆ් හකීම් ඇමැතිතුමා තම පක්ෂයේ ස්ථාවරය තීරණය කරනු ලබන්නේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලය බැවින් එහි තීරණය දැන්වීමට කටයුතු කරන බව පැවසීය. තවද, මේ වනවිට මුස්ලිම් කොංග්‍රසයේ පළාත් පාලන, පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 99ක්ම පොදු අපේක්ෂකයාට සහාය දියයුතුය යන ස්ථාවරයේ සිටි අතර එම තත්ත්වයද ඉහත සාකච්ඡාවේදී හකීම් ඇමැතිතුමා විසින් කියා සිටියේය. මේ වනවිට මුස්ලිම් කොංග්‍රස් නායකත්වය සමග චන්ද්‍රිකා මැතිනිය හා රනිල් වික්‍රමසිංහ මහතා ඉතා විශ්වසනීය සබඳතාවක් ගොඩනඟාගෙන හමාරය. ප්‍රශ්නය වූයේ මුස්ලිම් කොංග්‍රසය පොදු අපේක්ෂකයාට සහයෝගය පළකරන දිනය කවදාද යන්න පමණකි.


දෙමළ ජාතික සන්ධානය පිළිබඳ සැලකීමේ දී දෙසැම්බර් 15 වැනිදා වනවිටත් ඔවුන් ඍජුවම පොදු අපේක්ෂකයාට සහයෝගය පළකිරීමෙන් වැළකී සිටියේය. සැබවින්ම එය යම් උපක්‍රමික එළඹුමක් බඳුය. ආරම්භයේ සිටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රචාරක යාන්ත්‍රණයේ එක් ජනප්‍රිය අංගයක් වී තිබුණේම මෛත්‍රී, රනිල්, චන්ද්‍රිකා, සම්බන්ධන් සමග රට බෙදන හොර ගිවිසුමක් ගසා ඇති බවකි. අනෙක් අතට 1994 සිටම රනිල් වික්‍රමසිංහ මහතාට කොටි ලේබලය අලවා තැබීම නිසාම සිංහල බෞද්ධ සමාජය තුළට මෙම අදහස ඉතා පහසුවෙන් ගෙනයාමට හැකිවිය. විශේෂයෙන්ම 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාට දෙමළ ජාතික සන්ධානය ඍජුවම සහාය පළකළ අතර එතැන් සිට සන්ධානයේ ප්‍රචාරක යාන්ත්‍රණය ඇලවූ කොටි ලේබලය ඔවුන්ට ගලවාගත නොහැකි විය. එම තිත්ත අත්දැකීම හොඳින් අධ්‍යයනය කළ චන්ද්‍රිකා මැතිනිය හා සම්බන්ධන් මහතා මෙවර වඩාත් උපක්‍රමික විය. ඒ අනුව නිසි අවස්ථාව පැමිණෙනතුරුම දෙමළ ජාතික සන්ධානය පසෙකට වී නිශ්ශබ්දව සිටියේය.


මේ අතර පළමු වරට ඡන්දය දීමට නියමිත නව තරුණ පරපුර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට නියමිත බව බොහෝ සමීක්ෂණ වාර්තා හෙළිකර තිබුණි. විශේෂයෙන්ම 2014 ඡන්දහිමි නාමලේඛනය එම වසරේ ඔක්තෝබර් 30 වැනිදා ප්‍රකාශයට පත්කර තිබීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දෘෂ්ටිකෝණයෙන් මහත් අවාසිදායක තත්ත්වයක් ගෙන දුන්නේය. සාමාන්‍යයෙන් සෑම වසරකටම අදාළ ඡන්දහිමි නාමලේඛනය මැතිවරණ මහා ලේකම් කාර්යාලය විසින් නිකුත් කරනු ලබන්නේ එම වසරේ දෙසැම්බර් 31 වැනිදාය. පිළිගත් සම්ප්‍රදාය එය වුවත් 2014 වසරේදී එම වසරට අදාළ ඡන්දහිමි නාමලේඛනය ඔක්තෝබර් 30 වැනිදා ප්‍රකාශයට පත්කිරීම තුළ නව ඡන්ද ලක්ෂ 3ක් පමණ 2015 ජනාධිපතිවරණයට එක්විය.


2010 ජනාධිපතිවරණය ගත්විට එය පැවැත්වූයේ 2008 ඡන්ද හිමි නාමලේඛනයට අනුවය. ජනාධිපතිවරණය පැවැත්වීමේදී නව පරපුර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එරෙහිව ගමන් කිරීම වළක්වාලනුවස් බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ මෙම තීරණය වෙනස් කරවීමට උත්සාහ ගත්තද එය අසාර්ථක විය.


කෙසේ වෙතත් නව ඡන්දදායකයන් බවට පත් වයස් ඛණ්ඩයේ බොහෝ පිරිසක් උසස් පෙළ හදාරන සිසු සිසුවියන්ය. නව පරපුරෙන් එල්ලවිය හැකි ඡන්ද අවාසි යම් පමණකට හෝ සමනය කරගනුවස් ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණය විසින් දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිත පෞද්ගලික උපකාරක පන්ති තුළ යුද ජයග්‍රහණය හා සම්බන්ධ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වාර්තා චිත්‍රපටයක් පෙන්වීම ආරම්භ කර තිබුණි. ගාල්ල නගරයේ උපකාරක පන්තියක පෙන්වමින් තිබූ එම වාර්තා චිත්‍රපටය ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් තහනම් කරන ලදී. එම කරුණ හෙළිවීමත් සමඟ ටියුෂන් පන්තිවල පෙන්වීමට සූදානම් කර තිබූ මෙම වාර්තා චිත්‍රපටය පෙන්වීම අතරමඟ නැවතිණි.


වඳුරඹ පොදු අපේක්ෂක වේදිකාවට ගිනිතැබීම පොදු අපේක්ෂක මැතිවරණ ව්‍යාපාරයට ලැුබුණු අමතර ජවයක් බඳුය. ජීප් රථ දෙකකින් පැමිණි පිරිසක් එම වේදිකාව ගිනි තැබූ අතර ශබ්ද විකාශන යන්ත්‍ර රැගෙන ආ ලොරි රථයද ඔවුහූ ගිනි තැබූහ. විශේෂයෙන්ම රටේ මධ්‍යස්ථ මතධාරීන් හා මධ්‍යම පන්තිය තුළ තවදුරටත් රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය පිළිබඳ කලකිරීම තීව්‍ර කරවීමට තරම් එම සිදුවීම ප්‍රබල උත්තේජනයක් විය. අනෙක් අතට ඊට වගකිවයුතු පුද්ගලයා බවට පත්වූයේ නිශාන්ත මුතුහෙට්ටිගම මහතාය. කෙසේ වෙතත් මෙම සිදුවීම මත වඳුරඹ පොලිස් ස්ථානාධිපති ජී. එල්. කීර්තිසිංහ මහතා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය මෑතකාලීනව රාජ්‍ය සේවය දේශපාලනීයකරණය වීමට එරෙහිව රට තුළ ඇති විරෝධය පුපුරායාමක් ලෙසද අර්ථකථනය කළ හැක.


වඳුරඹ සිදුවීම හමුවේ කීර්තිසිංහ මහතා තම නිවසේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තමාට රාජකාරි කරගෙන යාමට නොහැකි නිසා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වන බව පැවසීය. මෙම නිලධාරියා ඉල්ලා අස්වීමට ගත් තීරණය පොලිස්පතිවරයා පිළිනොගත් අතර ඔහු සේවය අත්හැර ගියා සේ සලකන බවද ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසීය. කෙසේ වෙතත් වඳුරඹ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් තුන්දෙනකු බලහත්කාරයෙන් මුදාගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලැබූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අත්අඩංගුවට ගැනීමට බද්දේගම මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර වරෙන්තු මත සිටි ඔහු දෙසැම්බර් 26 වැනිදා සිංගප්පූරුවට ගියේය. මෙම සිදුවීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට එල්ලවූ දරුණු පසුබෑමක් වූ අතර මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මුතුහෙට්ටිගම මහතා ගුවන්තොටුපළ ඪෂඡ මැදිරියෙන් පිටව ගොස් ඇති නිසා පොලීසියට ඒ සම්බන්ධයෙන් තොරතුරු නොලැබුණු බවය. එය එසේ වුවත් මෙම සිදුවීම මත ආණ්ඩුව ලද පසුබෑම හමුවේ නැවත දෙසැම්බර් 28 වැනි දින මුතුහෙට්ටිගම මහතාව යළිත් ශ්‍රී ලංකාවට කැඳවන ලදී. එහිදී ඔහු ගුවන්තොටුපළ පොලීසියේ අත්අඩංගුවට පත්විය. දිනක් මම දයාන් ජයතිලක මහතා අමතමින් මෛත්‍රී ඇමැතිතුමාට සහයෝගය දීමට ඉදිරිපත් වන ලෙසට යෝජනා කළෙමි. අප දෙදෙනාගේ සංවාදය අවම කරමින් විනාඩි 20ක් වත් ඇදීගියේය. එහිදී මා මගේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ඊට අනුව නිසැක වශයෙන්ම මෛත්‍රී ඇමැතිතුමා ජයගන්නා බව පැවසුවද ඊට ප්‍රතිචාර දැක්වූ දයාන් මට කියාසිටියේ මලිත් ඔයා සංඛ්‍යා විද්‍යාව පිළිබඳ විශ්වාසය තබනවා. මම විශ්වාසය තබන්නේ පොලිටිකල් කෙමිස්ටි්‍ර නැතිනම් දේශපාලන රසායන විද්‍යාව පිළිබඳවයි. දේශපාලන රසායන විද්‍යාවට අනුව විග්‍රහ කළවිට නම් මෛත්‍රීට වඩා ගව් ගණනක් දුරින් මහින්ද ඉන්නවා. මේ වෙලාවේ මම විශ්වාසය තබන්නේ දේශපාලන රසායන විද්‍යාව පිළිබඳ පමණයි” යනුවෙන් පැවසීය.

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

මුස්ලිම් පක්ෂ මෛත්‍රී පසුපස

ඔබේ අදහස් එවන්න

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4914 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14747 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5780 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 529 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1435 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2556 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site