IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මැකෝ දුන් නියෝග

ජනවාරි 6 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පන්සල් හා දේවාල ගණනාවකටම ගියේය. එතුමා ජනාධිපතිවරයා වශයෙන් අවසන් වරට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තේ ජනවාරි 6 වැනිදාය. ඉන් පසුව රත්නපුර සමන් දේවාලයට පැමිණ තම දුක්ගැනවිලි සමන් දෙවියන් හමුවේ කියූ බවටද දේවාල තොරතුරු අනාවරණය කළේය. 

මේ සියල්ල අතර ජනවාරි 13 වැනිදාට නියමිත පාප් වාහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ සියලු කටයුතු සිදුවෙමින් පැවති අතර ‘කට බොරු කියුවත් දිව බොරු නොකියයි’ යන සිංහල ජනවහර යළිත් පසක් කරන්නාක් මෙන් අගමැති දි. මු. ජයරත්න මහතා ප්‍රකාශ කර තිබුණේ පාප් වහන්සේ ශ්‍රී ලංකාවට පය තබන්නේ අලුත් ජනාධිපතිවරයකු යටතේ බවයි.


ජනාධිපතිවරණයට පෙර දින වන විට කොළඹ නගරය තුළට හමුදාව කැඳවීම පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කිරීමේ අරමුණින් නිශාන්ත වර්ණසිංහ මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ගියේය. නිශාන්ත තමා සතු තොරතුරු මැතිවරණ කොමසාරිස්වරයාට දන්වා සිටියත් කොමසාරිස්වරයා ඒ සියල්ල අවඥාවෙන් බැහැර කිරීමට මෙන් නැවතත් පෙරළා ප්‍රති උත්තර ලබා දුන්නේය. කෙසේ වෙතත් මේ අතරතුර හදිසියේම හමුදා මුලස්ථානයෙන් පැමිණී යුද හමුදාපතිවරයාගේ නියෝජිතයකු මැතිවරණ කොමසාරිස්වරයා ඉදිරියේ පෙනී සිටියේය. එම හමුදා නිලධාරියා රැගෙන විත් තිබුණේ මැතිවරණ දිනයේදී කොළඹ නගරය තුළට හමුදාව කැඳවීමටත් එම භට පිරිස් ස්ථානගත කිරීමටත් අදාළ ආඥා පත්‍රයට මැතිවරණ කොමසාරිස්වරයාගේ නිල අනුමැතිය ලබා ගැනීමට අදාළව ඇති ලියවිල්ලය මේ වන විට කොමසාරිස්වරයා තම උපරිම කථා විලාසය යොදා ගනිමින් නිශාන්තට කියමින් සිටියේ කොළඹට හමුදාව එන කථාව බොරුවක් කටකතාවක් පමණක් බවය. එහෙත් මෙම දෛවෝපගත සිදුවිමක් සමඟ මැතිවරණ කොමසාරිස්වරයා මහත් අපහසුතාවකට පත් විය. වහා පුටුවෙන් නැගිට සිටි කොමසාරිස්වරයා නිශාන්ත ඉදිරියේම අදාළ හමුදා නිලධාරියාට මහා හඬින් කෑ ගැසිය. ‘හමුදාව ගෙන්වන වද නැද්ද කියලා තීරණය කරන්නේ මම මිසක් හමුදාපති නොවෙයි.’ යනුවෙන් ඔහු පැවසීය ඒ සමඟම කොමසාරිස්වරයා පොලිස්පති ඉලංගකෝන් මහතාට දුරකථන ඇමතුමක් ලබා ගත්තේය. ඒ අනුව ඔහු පොලිස්පතිවරයාට කියා සිටියේ කොළඹ නගරයේ ආරක්ෂාවට සම්පුර්ණයෙන්ම පොලසිය යෙදවිය යුතු අතර, මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාවට විශේෂ කාර්ය බළකාය යෙදවිය යුතු බවත් ඉහළ ස්වරයෙන්ම පැවසීය තවද, කිසිදු ලෙසකින් හමුදාව දැමිය නොහැකි බවද ඔහු තරයේ කියා සිටියේය. 


පොලිස්පතිවරයා සමඟ කළ දුරකථන සංවාදයෙන් පසුව නිශාන්ත දෙසට යොමුවූ කොමසාරිස්වරයා ‘මෙතන මොකක් හරි දෙයක් වෙන්න වගේ හදන්නෙ’ යනුවෙන් ඔහු තුළ වූ සැකයද එළිදැක් විය. ඒ සමඟම නිශාන්තගේ පැමිණිල්ල සම්පූර්ණයෙන්ම පිළිගැනීමටද කොමසාරිස්වරයා කටයුතු කළේය. නිශාන්තගේ එම පැමිණිල්ල අනුව බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාව, නිදහස් චතුරශ්‍රය හා මරදාන ‘ටි්‍රපොලි’ යන ස්ථානවල අනවශ්‍ය පරිදි යුද හමුදාවේ ගජබා රෙජිමේන්තු සෙබළුන් ස්ථානගත වී සිටින බව සඳහන් විය. මෙහිදී තවදුරටත් කථා කළ නිශාන්ත කොමසාරිස්වරයාට කියා සිටියේ ගජබා මෙහෙන් ලෑස්ති වෙනකොට සිංහ අනෙක් පැත්තෙන් සිටිනු ඇති බවයි.


එ සමඟම නිශාන්තගේ ඉල්ලීම පරිදි කොමසාරිස්වරයා තම ගමේ මිතුරාට දුරකථන ඇමතුමක් ලබා ගනිමින් ඉහත තත්ත්වය පිළිබඳ ඔහුගේ පෞද්ගලික අදහස විමසීය. ඊට පිළිතුරු දුන් සරත් ෆොන්සේකා මහතාද ගජබා එහෙන් ඉන්නකොට සිංහ රෙජිමේන්තුවත් හොඳ සෝදිසියෙන් සිටින බව පවසමින් ආණ්ඩුව ගජබා දාල මොකක් හරි අනවශ්‍ය දෙයක් කළහොත් නිකරුණේ දෙතුන් දාහක් මියයාමට ඉඩ ඇති බවටද අනතුරු ඇඟවිය. සැබවින්ම මෙම දුරකථන සංවාදය සිදුවූයේ හුදෙක් මිත්‍රත්වය මත සිටය. මේ අතර මැතිවරණයට දින 4ක පමණ සිටම රනිල් වික්‍රමසිංහ මහතා, චම්පික රණවක ඇමතිතුමා හා රාජිත සේනාරත්න ඇමතිතුමා මෙවැනි ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගතවීම වළක්වා ගැනීමේ අරමුණින් හමුදාවේ ඉහළ නිලධාරීන් සමඟ නිරන්තර සබඳතාවකින් කටයුතු කළේය. තවද, මීට පෙර පොදු අපේක්‍ෂක ව්‍යාපාරයේ සියලු නායකයන් කොමසාරිස්වරයා සමඟ කළ සාකච්ඡාවේදීද මීටම අදාළ ආඥාපත්‍රය මැතිවරණ කොමසාරිස්වරයා ඉදිරියෙහි තැබීය.


ජනවාරි 8 ජනාධිපතිවරණය දිනයේ උදෑසන රූපවාහිනී නාළිකා සුපුරුදු පරිදි විවර කළ සැමට දැකගත හැකි වූයේ බුදුන් නොවදාළ එහෙත් රාජපක්‍ෂ ජනාධිපතිතුමා වෙනුවෙන්ම ප්‍රබන්ධ වූ බුලතේ බණය. ඒ අනුව රූපවාහිනී නාළිකා දෙක තුනකම පෙරවරු පහේ සිටම හුස්මක් කටක් නොමැතිව බුලත් කොළයක් අතටගෙන ඒ මේ අත හරවමින් බුලත් බණ දෙසන හිමිවරු දැකගතහැකි විය. එහි අරමුණ සියල්ලන්ටම පැහැදිලිය. උදෑසන බණ අසන උපාසක උපාසිකාවන්ට බුලතේ ආදීනව කියාදෙන්නේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුත්තේම එක් අංගයක් ලෙසිනි. ඊට පෙර හමුදාපති දයා රත්නනායක උඩුවේ ධම්මාලෝක හිමියන් හා ස්වර්ණවාහිනිය එක්ව නගර ආශ්‍රිතව ක්‍රීඩා පිටිවලට ජනතාව රැස්කර බණ (‘මහින්ද බණ’) වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන ලදී. 


විශේෂයෙන්ම සිංහල බහුතර ජනතාව අතර ප්‍රචලිත ස්වර්ණවාහිනිය ජනාධිපතිවරණයට සමගාමීව හැසිරවීමට ජනාධිපතිතුමා සෘජුවම මැදිහත් වූ බවටද ජනාධිපතිවරණයට පෙර සිටම වාර්තාවිය. ඒ අනුව ආණ්ඩුවට විරුද්ධ මතවාදයක සිටි එහි අධ්‍යක්ෂවරයකු ඉවත් කිරිමටද ස්වර්ණවාහිනියේ හිමිකරුවන්ට සිදුවිය. එය එසේ නොකළා නම් එහි හිමිකරුවන්ට එරෙහිව පරණ ෆයිල් එළියට එන බව කියැවිණි.


අටවැනිදා උදෑසන ජනතාව ඡන්දපොළට යාමට සූදානම් වීමත් සමඟ රාජ්‍ය මාධ්‍ය විසින් ඊට පෙර ලියා තිබූ ප්‍රවෘත්තියක් ප්‍රකාශයට පත් කළේය. එමඟින් කියවුණේ සජිත් ප්‍රේමදාස මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සහයෝගය දැක්වීමට තීරණය කර ඇති බව වාර්තා වන බවයි. සැබවින්ම ඊට දින කිහිපයක සිටම සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් පළවූ මෙවැනි ප්‍රවෘත්තිවල පදනම යම් අභිරහසක් වුවද එතුමා එම අවස්ථාවේ එ.ජා.ප.ය හැර නොයන බවද ඒකාන්තය. මෙවැනි ප්‍රවෘත්තියක් මඟින් පොදු අපේක්‍ෂකයාට ඡන්දය දීමට බලාපොරොත්තු වන පිරිසගේ චිත්ත ධෛර්යය බිඳ දැමීම එතුළින් යම් පමණකට සිදු කළ හැක. ඒ අවසරයෙන් පොදු අපේක්‍ෂකයා පැරදුණු කල එ.ජා.ප.යේ නායකත්ව අර්බුදය ගොනු පසුපස යන රිය සකසේ යළිත් ඇරඹේ.


මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සිය ඡන්දය භාවිතා කළේ වීරකැටිය මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදීය. එතුමා එවර ඡන්දය භාවිතය කිරීමට පැමිණියේ සුපුරුදු පරිදි ශිරන්ති රාජපක්ෂ ආර්යාව සමඟ වුවද වැඩිදෙනාගේ අවධානයට ලක් වුයේ මෝඩි ඇඳුම ඇඳගත් ඩුප්ලිකේට් සිරිසේන වෙතටය.

 

 

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

මැකෝ දුන් නියෝග

ඔබේ අදහස් එවන්න

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4914 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14747 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5780 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 529 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1435 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2556 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site