IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


චන්ද්‍රිකාගේ රහස් පණිවිඩ

 

ජයම්පති සමග මංගල සමරවීර මහතා ප්‍රකාශකර සිටියේ දිනන අපේක්‍ෂකයකුට සහයෝගය දියයුතු වුවත් මේ මොහොතේ තමන්ට එ.ජා.ප. අපේක්‍ෂකයකුගෙන් පිටත අපේක්‍ෂකයකු පිළිබඳ කථා නොකළ හැකි බවයි.


තවද, චන්ද්‍රිකා මැතිනිය ජයම්පතිට පවසා තිබුණේ මංගල සමරවීර මහතා සමග කෙරෙන සාකච්ඡාවලදී මෛත්‍රී ඇමතිතුමා පිළිබඳ කිසිදු ඉඟියක් හෙළි නොකරන ලෙසයි. මන්දයත්, එතුමියගේ යුගයේ සිටම මංගල - මෛත්‍රී අතර යම් හිත් අමනාපනයක් තිබෙන බව දැන සිටියේ චන්ද්‍රිකා මැතිනිය පමණක් නිසාය. 


ඔක්තෝබර් මස මැදදී ආචාර්ය ජයම්පති, උපුල් ජයසූරිය මහතාගේ නිවසේදී එ.ජා.ප. මන්ත්‍රීවරුන්වන රංජිත් මද්දුමබණ්ඩාර හා තලතා අතුකෝරල මහත්මිය මුණගැසුණේය. ඒ වනවිට ඔවුන්ගේ අදහස වූයේ සජිත් ප්‍රේමදාස මහතා පොදු අපේක්‍ෂකයා වියයුතු බවය. එහෙත් මෙම අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතාහට කෙසේවත් පොදු අපේක්‍ෂකයා විය නොහැකි බව ජයම්පති ඔවුන්ට විග්‍රහකර දුන්නේය. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්‍ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදී පසෙකට වී බලා සිටි යැයි උපකල්පනය කළ නොහැකි බව ඔවුන්ට පහසුවෙන් තේරුම්ගත හැකිවිය. 


ඔක්තෝබර් මස අග සහ නොවැම්බර් මස මුල වනවිට රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්‍ෂකයා ලෙස තරග නොකළ යුතු බවට පක්‍ෂය අභ්‍යන්තරයෙන්ම අදහස් මතුවිය. එය කොතරම් ප්‍රබලවීද යත් සමහරු රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී ඒ බව ඍජුවම ප්‍රකාශ කළහ. එවිට රනිල් වික්‍රමසිංහ මහතා පෙරළා ඔවුන්ගෙන් ඇසූ ප්‍රශ්නය වූයේ “හරි ඕගොල්ලො කියනව නම් මට දිනන්න බෑ කියලා, මට කියන්න කාටද පුළුවන් දිනන්න. කෙනෙක් නම්කරන්න” යනුවෙනි. කෙසේ වෙතත් ජයම්පතිගේ අදහස වන්නේ මෛත්‍රී ඇමතිතුමාට පොදු අපේක්‍ෂකත්වය ලබාදීම වෙනුවෙන් එ.ජා.ප. ය තුළ පැවති මතවාද ඉදිරියේ රවි කරුණානායක, එරාන් වික්‍රමරත්න, රුවන් විජයවර්ධන, ආර්. යෝගරාජන් මෙන්ම අවසානයේදී මංගල සමරවීර මහතාද දැඩි පරිශ්‍රමයක් දැරූ බවයි. 


මේ අතර ඔක්තෝබර් මාසයේ මුල් සතියේ දිනක ජයම්පති වික්‍රමරත්නට මෛත්‍රී ඇමතිතුමාගෙන් පණිවුඩයක් ලැබුණි. ඊට අනුව ඔහු පරණවිතාන ද සමග රාත්‍රියේ මෛත්‍රී ඇමතිතුමාගේ නිවසට ගියේය. එහිදී මෝටර් රථය පැදවිය යුත්තේ පරණවිතාන විසින්මය. පරණවිතානගේ මෝටර් රථයට මෛත්‍රී ඇමතිතුමාද ගොඩවිය. ආරක්‍ෂකයින් කිසිවකුත් නැත. යන්නේ කොහෙටදැයි පරණවිතාන නොදනියි. මෛත්‍රී ඇමතිතුමා කියන මාර්ග ඔස්සේ පරණවිතාන සිය මෝටර් රථය පදවයි. අවසානයේ රථය නතරවූයේ ඩී. ආර්. විජයවර්ධන මාවතේ සීනෝර් ආයතනයට අයත් අවන්හලෙහිය. එහිදී මෙම තිදෙනා රාත්‍රී ආහාර අනුභව කරන අතරතුර කථාව ඇරඹිය. චන්ද්‍රිකා මැතිනිය විසින් ලබාදී තිබූ යම් යම් පණිවුඩ කිහිපයක් ජයම්පති විසින් මෛත්‍රී ඇමතිතුමාට ලබාදුන්නේය.

විශේෂයෙන්ම මෙම සාකච්ඡාවේදී පොදු අපේක්‍ෂකයකු පිළිබඳ කිසිදු කථාවක් සිදු නොවුනද මෛත්‍රී ඇමතිතුමා අනාගතයේදී රාජපක්‍ෂවරු සමග දේශපාලනය නොකරන බවට වන එතුමාගේ දැඩි ස්ථාවරය එහිදී ප්‍රකාශ කළේය. ඔක්තෝබර් මාසයෙදී පැවති ලංකා සම සමාජ පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට සහායදීම හා නොදීම යන විවාදාත්මක කරුණ මත මධ්‍යම කාරක සභා සාමාජිකයන් දෙකට බෙදී දැඩි විවාදයක පැටළුණි. එහිදී මහාචාර්ය තිස්ස විතාරණ දිගින් දිගටම කියා සිටියේ පොදු අපේක්‍ෂකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාම බවයි. පන්ති සටන්වල ඉතිහාසයට අනුව මාක්ස්වාදී පක්‍ෂයකට ධනපති රනිල් වික්‍රමසිංහට සහාය දිය නොහැක. මෙහිදී ජයම්පති අදහසක් ගෙන එමින් පොදු අපේක්‍ෂකයා මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා වැනි අයකු වුවහොත් පක්‍ෂයේ තීරණය කෙබඳුදැයි ඇසීය. එවිට තම පපුවට අත තබාගත් මහාචාර්යතුමා මෛත්‍රී මට කියා තිබෙනවා එයා පොදු අපේක්‍ෂකයා වන්නේ නැති බව යැයි අවධාරණයෙන් කියා සිටියේය. ඒ වනවිටත් මධ්‍යම කාරක සභාවේ සම්පූර්ණ සාමාජිකයන් 42 අතරින් පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම්, ලාල් විජේනායක, විමල් රොද්‍රිගෝ ඇතුළු 13 දෙනකු පක්‍ෂයෙන් ඉවත්වීමට තීරණයකර අවසන්ය.


මෙම ජනාධිපතිවරණය සමකාලීන ලාංකේය දේශපාලනයට කළ බලපෑම පිළිබඳ ඇති ප්‍රබලම නිදර්ශනය සපයන්නේ පැරණි වමයි. එනම්, පැරණි වමේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකෙහිම මධ්‍යම කාරක සභාවේ මෙම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමටත් පෙරම දෙදරා දෙකඩවිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ සමස්ත සාමාජිකයන් 51 දෙනා අතරින් තවදුරටත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට සහයෝගය පළකිරීමට ඉදිරිපත්වූයේ සාමාජිකයන් 27ක් පමණි. එනම්, 24 දෙනෙක් පොදු අපේක්‍ෂකයාට සහයෝගය පළ කළහ.

ඒ ආකාරයෙන්ම ලංකා සමසමාජ පක්‍ෂයේ 42ක් වූ මධ්‍යම කාරක සභිකයින් අතරින් 13 දෙනෙක් පොදු අපේක්‍ෂකයාට සහාය පළ කළහ. ඒ අනුව එම පක්‍ෂ දෙකෙහිම පොදු අපේක්‍ෂකයාට සහයෝගය පළකළ පිරිසගේ පක්‍ෂ සාමාජිකත්වයද තහනම් වූ අතර එම පිරිස් පොදු අපේක්‍ෂක මෛත්‍රී ඇමතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට උපරිම ශක්තියකින් තම ක්‍රියාකාරී දායකත්වය සැපයූහ. එම සාම්ප්‍රදායික වමේ පක්‍ෂ දෙක පමණක් නොව දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාවද දෙකඩ වී ගිය අතර ඔවුහු ද විකල්ප මහජන එක්සත් පෙරමුණ ලෙස පොදු අපේක්‍ෂකයාට සහය පළ කළහ. දිනක් සෝභිත හිමියන් ජයම්පති අමතා කියා සිටියේ ‘මහත්තය මේ පොදු අපේක්‍ෂක කමට දේශපානලනඥයෙක් එන්න ඕන. මම ඇවිල්ල හරියන්නේ නෑ. මේ මගෙ වටේ ඉන්න කට්ටිය මම එන්න ඕන කියල කරදර කරනව’ යනුවෙන් පැවසීය. තවද, සෝභිත හිමියන් මෙම සමස්ත කාලය පුරාම කියා සිටියේ පොදු අපේක්‍ෂක අභියෝගය බාරගෑනීමට සුදුසු කිසිවෙකුත් නොමැති නම් තමා එම අභියෝගය බාරගන්නා බවයි. මන්දයත්, උන්වහන්සේ තම සිතෙහි ඇති සත්‍ය හැඟීම එලෙසම ප්‍රකාශ කළේ නම්, එනම්, තමා කිසිලෙසකින්වත් පොදු අපේක්‍ෂකයා වීමට අදහස් නොකරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ නම් ඒ වනවිට සාර්ථකව ගොඩනැගෙමින් තිබූ එම සමස්ත ව්‍යාපාරයම බිඳවැටීමට ඉඩ තිබුණු බව උන්වහන්සේ ද දැනසිටි නිසයි ඒ. තමා ඉදිරිපත් නොවන බවට ස්ථිර වශයෙන්ම තීරණය කර තිබූ උන්වහන්සේගේද පොදු අපේක්‍ෂක තේරීම වී තිබුණේ කරු ජයසූරිය මහතාය. 


මේ අතර සෝභිත හිමියන්ගේ පොදු අපේක්‍ෂක කතිකාව හා විධායක ජනාධිපතිධුරය අහෝසිකිරීම පිළිබඳ මතවාදය ආණ්ඩුවට කොතරම් පීඩනයක් එල්ලකර තිබුණේදයත් 2014 වසරේදී දිනක කෝට්ටේ නාග විහාරයට පැමිණි බැසිල් රාජපක්‍ෂ ඇමතිතුමා උන්වහන්සේ සමග පුරා පැය 3ක් පමණ සාකච්ඡාවක නිරත විය. ආචාර්ය ජයම්පති සමග එක්ව මෙම ව්‍යාපාරයට තම පූර්වදායකත්වය සැපයූ අනෙක් පුද්ගලයා නීතිඥ ජේ. සී. වැලිඅමුණය. ඔහුද අරලියගහ මැදුරට පසමිතුරෙකි. මානව හිමිකම් හා මූලික මිනිස් අයිතිවාසිකම් යන විෂයෙහි සුපතළ නීතිඥයකු වූ වැලිඅමුණ පොදු අපේක්‍ෂක කතිකාවේ විවිධ මත දැරූ විවිධ පුද්ගලයන් කිහිපදෙනකුටම එකලෙස පිළිගත හැකි පුද්ගල චරිතයක් විය. එහිදී විශේෂයෙන්ම මාදුළුවාවේ සෝභිත හිමියන්, රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා මැතිනිය යන තිදෙනාම පිළිගත් පුද්ගලයකු ලෙසද වැලිඅමුණ හඳුනාගත හැක. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පැමිණි දෝෂාභියෝගයත් සමග නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා නීතිඥයන් අතර ආණ්ඩුව පිළිබඳ දැක්වූ මතවාදී ගැටුමෙහිදී වැලිඅමුණද ඉදිරියෙන්ම සිටියේය.


සැබවින්ම මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආරම්භක බලාපොරොත්තුව වූයේම තමන් ගෙනයන මෙම සමාජ ව්‍යාපාරය තුළින් ආණ්ඩුව මත ගොඩනැගෙන පීඩනය උපයෝගී කරගනිමින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මගින්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකොට රටටත්, එතුමාටත් අවම හානිය වනපරිදි රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපනය කරවීමය. එහෙත් වැලිඅමුණ වැනි පිරිසකගේ මතය වූයේ එය කිසිදිනක යථාර්ථයක් නොවිය හැකි බවය.

සකස් කළේ : ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (1)

චන්ද්‍රිකාගේ රහස් පණිවිඩ

sanjeewa Tuesday, 21 March 2017 07:48 AM

කොහොමහරි වුනේ රටට කෙළවුණ එක විතරයි. බොරු පම්පෝරි නවත්තල අඩු ගානේ වැඩක් කරනවානම්?

:       0       0

ඔබේ අදහස් එවන්න

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4914 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14747 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5780 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 529 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1435 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2556 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site