IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අරලියගහ මැදුරෙන් මෛත්‍රීට ආප්ප සංග්‍රහයක්

නොවැ. 20 හා 21 පෙරවරුවේ සිට පවා මෛත්‍රී ඇමතිතුමා හැසිරුණු ආකාරයත් අරලියගහ මැදුරට ආගිය ආකාරයත් නිරීක්‍ෂණය කල එ.ජා.පයේ බොහෝ දෙනකු විශ්වාස කළේ මෛත්‍රී ඇමතිතුමාට අගමැති ධුරය ලබාදීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා එකඟ වනු ඇති බවයි. සැබවින්ම එවැනි කටකතා පැතිර ගිය අතර මැයි මස 19 වැනිදා ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා ලලිත් වීරතුංග මහතා විජේරාම නිවසට පැමිණ පැය දෙකහමාරක් කළ සාකච්ඡාව ද මෙම සැකය වඩාත් තහවුරු කරන බවක් පෙන්වීය. එමෙන්ම, නොවැම්බර් 19 හා 20 වන විට මෛත්‍රී ඇමතිතුමා ආරක්‍ෂිත පියවරක් ලෙස දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීය. ඒ තුළද මෙම සැකය වඩාත් ඉස්මතු විය.


ඒ නොවැම්බර් 20 වැනිදාය. එදින පෙරවරුවේ අරලිගහ මැදුරේ දානමය පින්කමක් සංවිධානය කර තිබුණ අතර ඊට ද මෛත්‍රී ඇමතිතුමා සහභාගි විය. එපමණක් ද නොව එදින රාත්‍රියේ පැවැති ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට ද එතුමා සහභාගි වූ අතර එහිදී ද කිසිදු වෙනසක් හෝ චකිතයක් එතුමා තුළින් විද්‍යාමාන නොවීය. විශේෂයෙන්ම මේ වන විට අරලියගහ මැදුර විශ්වාසය තබා සිටි එ.ජා.ප ප්‍රබලයන් කිහිපදෙනාම මෙවර රාජපක්‍ෂවරුන් රැවටුවා සේය. සුප්‍රසිද්ධ ආප්ප කෑම යනු මේ රැස්වීම පටන් ගැනීමට පෙර මෛත්‍රී ඇමතිතුමා අරලියගහ මැදුරෙන් ආප්ප දෙක තුනක් අනුභව කර තිබුණි. තමාට දැඩි කුසගින්නක් ඇති බව එතුමා ගාමිණී සෙනරත් මහතාට කියා තිබුණ අතර ඊට අනුව ගාමිණී සෙනරත් මහතා එතුමා වෙත ආප්ප තුනක් ගෙනැවිත් දුන්නේය.


21 වැනිදා එම තීරණාත්මක දිනයේ පෙරවරුවේ සමෘද්ධි නිලධාරීන්ගේ මහ සමුළුවක් බොරැල්ල කැම්බල් පිටියේදී පැවති අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපතිතුමාය. කැම්බල් පිටියේ ජනාධිපතිතුමාගේ උත්සවයට සමගාමීව බත්තරමුල්ල ‘අපේගම’ පරිශ්‍රයේදී මෛත්‍රී ඇමතිතුමා සහභාගි වූ තවත් උත්සවයක් විය. එහිදී මෛත්‍රී ඇමතිතුමා කළ කතාව වෙනදාට වඩා තරමක් වෙනස් ස්වරූපයක් ඉසිලීය. මෛත්‍රී ඇමතිතුමාගේ කතාවේදී තමා අනාගතයේදී රටට මීට වඩා පුළුල් වැඩ කොටසක් ඉටුකිරීමට බලාපොරොත්තු වන බව පැවසීය. මෙය එතුමාගේ අනාගත දේශපාලන ගමන පිළිබඳ ඉඟියක් බඳුවිය. මේ සමඟම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ විජයානන්ද හේරත්ට කතා කළ මාධ්‍යවේදියකු කියා සිටියේ ස්ථිර වශයෙන්ම පොදු අපේක්‍ෂකයා මෛත්‍රී ඇමතිතුමාම බවය. ඒ අනුව විජයානන්ද මේ බව ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන්ට දන්වන ලදී. මේ අතර පෙරවරු 11.00 පමණ වන විට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ද කැම්බල්පිටියේ පැවති උත්සවය නිමවා යළි අරලියගහ මැදුරට පැමිණියේය. අරලියගහ මැදුරට පැමිණි ජනාධිපතිතුමා එතුමාගේ නිල කාමරයට ගොස් සිරස රූපවාහිනී නාළිකාව නැරඹීමට පටන් ගත්තේය. ටික වේලාවක් ගතවෙද්දී ඉහත මෛත්‍රී ඇමතිතුමා කළ ප්‍රකාශය නැවත විකාශය විය. “මම අනාගතයේදී තමුන්නාන්සේලාට මීට වඩා සේවයක් කරනවා” යන ප්‍රකාශය කෙරෙහි ජනාධිපතිතුමාගේ දැඩි අවධානය යොමු වෙද්දී තවත් මොහොතකින් පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාගේ නිල කාර්යාලයේ දුරකථනයෙන් ඇමතුමක් ලැබිණි. ඉන් කියවුණේ මීට මඳ වේලාවකට පෙර මෛත්‍රී ඇමතිතුමා හා රාජිත ඇමතිතුමා පාර්ලිමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණු බවයි. සිරස නාළිකාවේ විකාශනය වූ මෛත්‍රී ඇමතිතුමාගේ ප්‍රකාශයත්, දුරකථන ඇමතුමෙන්ද ලද තොරතුරුත් අනුව එකවරම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට ‘මෛත්‍රී තමයි කැන්ඩිඬේට්’ යනුවෙන් ඉබේටම මෙන් කියැවිණි. මේ අනුව යුද්ධය අවසන් භාගයේදී ලොව රුදුරුතම ත්‍රස්ත සංවිධානය ලෙස විරුදාවලිය ලද එල්.ටී.ටී.ඊ සංවිධානයේ බුද්ධි අංශයද පැරදූ ශ්‍රී ලංකා රජයේ බුද්ධි අංශ මොහොතකට ගොලුවී ගියේය.


නොවැම්බර් 21 පෙරවරුව වන විට මෛත්‍රී ඇමතිතුමා පොදු අපේක්‍ෂකයා බවට පත්වීම සිදු නොවන බවටද යම් යම් සිදුවීම් හා ආරංචි පැතිර ගියේය. මේ වන විට චන්ද්‍රිකා මැතිනිය උදෑසන කිරිබත් ද පිසගෙන බලාපොරොත්තු සහගතව සිටියාය. එතුමියට අනුව මෛත්‍රී ඇමතිතුමා පළමු වරට ආණ්ඩුවෙන් ඉවත්ව තම නිවසට පැමිණීමට නියමිතව තිබුණේ එම පෙරවරුවේය. නමුත් එය සිදු නොවීය. අනෙක් අතින් මාධ්‍ය සාකච්ඡාවද පෙරවරුවේ සිට පස්වරු 3 දක්වා ඇදී ගියේය. මේ අතර මෛත්‍රී ඇමතිතුමා සමඟ ආණ්ඩුවෙන් ඉවත්ව පැමිණීමට නියමිත පිරිස ද ක්‍රමයෙන් අඩුවන්නට විය. විශේෂයෙන්ම මෛත්‍රී ඇමතිතුමා පොදු අපේක්‍ෂක අභියෝගය බාර ගනීද යන සැකය සෑම දෙනා තුළම පැවතීම තවත් ප්‍රශ්නයකි. මංගල සමරවීර මෙන්ම එ.ජා.පයේ බහුතරයක් විශ්වාස කළේ අන්තිම විනාඩියේදී හෝ මෛත්‍රී ඇමතිතුමා මෙම අභියෝගය බාර නොගෙන ඉන් පලායාමට ඉඩ ඇති බවයි. ඒ අනුව 21 වෙනිදා පෙරවරුව හා මධ්‍යහ්නය වන විටත් මෛත්‍රී ඇමතිතුමා පොදු අපේක්‍ෂක අභියෝගය බාර ගැනීම ආශ්චර්යයක් බවට පත්ව තිබුණි. සැබවින්ම එය කිසිවකුත් විශ්වාස නොකළ ආශ්චර්යයක් පමණක්ම විය.


කෙසේ වෙතත් එදින චන්ද්‍රිකා මැතිනියගේ නිවසේදී මංගල සමරවීර මහතා දිසානායක මහතා අමතමින් “අනේ දිසා ජනකට කොහොම හරි පණිවුඩය දෙන්න.


ජනක තමයි වැඩියෙන්ම මහන්සිවුණේ මේ වැඬේට. නැත්නම් මිනිහව අපි කොන්කළා වගේ වෙනව’ යැයි පැවසීය. ඒ අනුව දහවල් 12.00ට පමණ නො. 40, කැප්පෙටිපොළ මාවතේ පිහිටි ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිතුමාගේ නිවසට දිසානායක මහතා ගියේය. එහි ගිය විට එතුමාට දැනගන්නට ලැබුණේ ඇමතිතුමා පාර්ලිමේන්තුවට ගිය බවකි. තවද, එදින එතුමා පාර්ලිමේන්තුවට ගොස් තිබුණේ තම පවුලේ සාමාජිකයන්ද සමඟය. ඒ අනුව දිසානායක මහතා පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාගේ කාර්යාලයේ සිටින හෙක්ටර් වෙත කතා කරමින් ජනක බණ්ඩාර ඇමතිතුමා සම්බන්ධ කරදෙන ලෙස ඉල්ලා සිටියේය. විජේතුංග ජනාධිපතිතුමාගේ කාලයේ සිටම එම කාර්යාලයේ සේවය කරන හෙක්ටර් හට බොහෝ දේ ඉවෙන් මෙන් දැනෙයි. ඒ අනුව නොවැම්බර් 21 දින සිදුවීමට යන වෙනස පිළිබඳ ඔහුට ඒ වන විටත් ඉවෙන් මෙන් දැනී හමාරය.


විශේෂයෙන් චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති ධුරය දැරූ සමයේ එතුමියගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ දිසානායක මහතා හෙක්ටර් හොඳින් හඳුනයි. හෙක්ටර්ගේ පණිවුඩයට අනුව ජනක බණ්ඩාර ඇමතිතුමා දිසානායක මහතා ඇමතීය. ඒ අනුව ජනක බණ්ඩාර ඇමතිතුමාගේ පළමු ප්‍රශ්නය වූයේ ‘යන කට්ටිය කවුද?’ යන්නය. එහෙත් දිසානායක මහතාගේ ප්‍රශ්නය වූයේ ‘ඔබතුමා එන්නේ නැද්ද?’ කියාය. ඊට පිළිතුරු වශයෙන් ඇමතිතුමා ‘අපිට දේශපාලනය කරන්න තියෙන්නේ මේ පක්‍ෂය විතරයිනේ. අපි ඉතින් මේ පක්‍ෂය බේරාගන්න එපායැ’ යනුවෙන් අවසන් වශයෙන් පැවසීය. මේ අතර එදින පාර්ලිමේන්තුවේදී කතා කළ ජනක බණ්ඩාර ඇමතිතුමා රාජපක්‍ෂවරුන්ගේ පාලනය තුළ තමා විඳි දුක්පීඩාවන් පිළිබඳ භාවාතිශය ලෙස කතා කළේ අසාසිටින්නන්ගේ මෙන්ම ඔහුගේ ද නෙතගට කඳුළු නංවමිනි. මේ අතර ශෂිමාල් විසින් රෙජිනෝල්ඞ් කුරේ ඇමතිතුමාට කතා කර මෛත්‍රී ඇමතිතුමා පොදු අපේක්‍ෂකයා බවට පත්වන බව පැවසූ අතර පෙරළා ඇමතිතුමා කියා සිටියේ තමා සුළුඅපනයන බෝග වගාකරුවන්ගේ 5,000 කණ්ඩායමක් සමඟ අරලියගහ මන්දිරයේ සිටින බවත් ජනාධිපතිතුමා විසින් ඔවුන්ට අදාළ මුදල් ප්‍රතිපාදන බෙදාදීමෙන් අනතුරුව එය නිමවා තමා කෙළින්ම නව නගර ශාලාවට පැමිණෙන බවත් පැවසීය.


කෙසේ වෙතත් නොවැම්බර් 21ට ආසන්න දිනකදී දිසානායක, චම්පානි හා තුසිත හල්ඔලුව යන පිරිස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවසේ සිටියදී තිරු නඬේෂන් මහතා හදිසියේ පැමිණෙන බව දැනුම් දුන්නේය. ඒ අනුව මේ පිරිස ජනක ඇමතිතුමාගේ ගෙදර කාමරයකට වී දොරද වසාගෙන තිරු නඬේසන් යනතුරුම එහි සිටියේය. පුදුමයකට මෙන් තිරු නඬේසන් ගිය පසු එතෙක් කල් ජනක බණ්ඩාර ඇමතිතුමාගෙන් විද්‍යමාන වූ උනන්දුව හා උද්යෝගය ක්ෂණිකව වාෂ්ප වී ගියා සේය. එහෙත් සියලු දෙනාම එක්ව සුපුරුදු පරිදි අඩියක් ගැසීය. ඒ සමඟම තිරු නඬේසන්ගේ පූර්ව ගමනේ පණිවුඩයට අනුව යමින් පසුදින සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීතුමාද එහි පැමිණි බවට එම පිරිසට ආරංචි විය. එපමණක්ද නොව ජනක බණ්ඩාර ඇමතිතුමාගේ කණ්ඩායමේ අනෙක් ප්‍රධානීන් වූ පියසේන ගමගේ ඇමතිතුමා සමඟ කටයුතු කිරීමට භෂඊඵ ආයතනයේ ප්‍රධානියකුද, රෙජිනෝල්ඞ් කුරේ ඇමතිතුමා මුණගැසීමට බැසිල් රාජපක්‍ෂ මහතා ද පැමිණියහ. ඒ සමගම එම්.කේ.ඒ.ඩී.එස්. මුණගැසීමට ප්‍රියත් බන්දු උත්සාහ කළේය.


මේ අතර 21 වැනිදා දවස පුරා වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය මහත් අර්බුදයකට මුහුණපෑවාය. ඒ අන් කිසිවක් නිසා නොව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පැය භාගයෙන් භාගයට කතාකොට විවිධ යෝජනා කිරීමත් සමඟය. ජනාධිපතිතුමාගේ එකම ඉල්ලීම වූයේ දුරකථනයෙන් රාජිතව තමාට සම්බන්ධ කරදෙන ලෙසය. ජනාධිපතිතුමා එහිදී කියා සිටියේ එක් වරක් හෝ රාජිත සමඟ කතා කළ හැකි නම් තමාට ඔහු වෙනස් කරගත හැකි බවය. මේ ආකාරයෙන් අවස්ථා කිහිපයක්ම කතා කළ ජනාධිපතිතුමා ‘සුජාතා නංගි, රාජිතට ඕන දේශපාලනයක් කරන්න කියන්න. මම ඔයාව බේරුවල සංවිධායක බවට පත් කරන්නම්’ යැයිද යෝජනා කළේය. කෙසේ වෙතත් පසුදින ශිරත්නි රාජපක්‍ෂ ආර්යාවද සුජාතා සේනාරත්න මහත්මියට කතා කොට තමාට රාජිතට කතා කිරීමට අවශ්‍ය බව දන්වා සිටියාය. එහෙත් එවිට සේනාරත්න මහත්මිය කියා සිටියේ ඉන් ඵලක් නොවන බවය.


මේ අතර ඊට පෙර වසරේ එ.ජා.ප. පක්‍ෂ සම්මේලනයේදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතාට කියා සිටියේ “ඔබතුමා පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා වෙන්න. ඔබතුමා වෙනත් අයකුට අපේක්‍ෂකත්වය දෙනවා නම් එවිට ඒක මට දෙන්න” යනුවෙනි. මේ අනුව නොවැම්බර් 21 වැනිදා පෙරවරුවේ පක්‍ෂයේ හදිසි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වෙන අතරතුර සජිත් හිතවාදීන් සමහරකු බියට පත්වූයේ එම රැස්වීමේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් පෙර පක්‍ෂ සම්මේලනයේදී තමා විසින් සිදු කරන ලද ප්‍රකාශය යළි ආවර්ජනය කරයිද යන සැකය මතු වූ නිසාය. එසේ වූයේ නම් ක්ෂණිකව සියල්ල අවුල්සහගත වීමට ඉඩ තිබුණි. ඒ මඟින් එ.ජා.ප. පාක්‍ෂිකයා තුළ යම් උදාසීනත්වයක් ගොඩනැගීමට ඉඩ තිබුණි. කෙසේ වෙතත් එවැන්නක් සජිත් ප්‍රේමදාස මහතා තුළින් ප්‍රකාශ නොවුණි.


මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා 21 වැනිදා පෙරවරුවේ තම පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවා පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රී ඇමතිතුමාගේ නම යෝජනා කර ඊට අවශ්‍ය කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය ලබාගැනීමට කටයුතු සූදානම් කර තිබුණි. එහිදී වික්‍රමසිංහ මහතා චන්ද්‍රිකා මැතිනියට, රාජිත ඇමතිතුමාට හා චතුරට කියා සිටියේ තමන් පොදු අපේක්‍ෂකයකු සඳහා අනුමැතිය කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ලබාගැනීමත් සමඟම එය ප්‍රසිද්ධියට පත්වන නිසා එදිනම එනම්, 21 වැනිදාම මෛත්‍රී ඇමතිතුමා ඇතුළු කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්ව පැමිණිය යුතු බවයි.


එහෙත් ප්‍රශ්නයකි. අරලියගහ මැදුරේ මෙහෙයවීමෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී මෙම පොදු අපේක්‍ෂක යෝජනාව පරාජයට පත්වේද? ඒ වනවිටත් පක්‍ෂයේ ලේකම් තිස්ස අත්තනායක අරලියගහ මැදුරේ අණට කීකරුය. එහිදී වැදගත් කරුණ නම් ඒ වන විටත් අත්තනායක මහතා පොදු අපේක්‍ෂකයා කවුරුන්දැයි සැක හැර නොදනියි. තවත් පිරිසකගේ අවශ්‍යතාව රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයට ඇදදැමීමය. ඒ අවසරයෙන් ජනවාරි 9 වැනිදාට පක්‍ෂයේ බලය ලබාගැනීමය. කෙසේ වෙතත් මලික්, කබීර් හෂීම්, රවී ඇතුළු බොහෝ පිරිසක් වික්‍රමසිංහ මහතා සමඟ සිටියහ. විශේෂයෙන්ම රාජිත, චතුර හා චන්ද්‍රිකා මැතිනිය සමඟ 20 වැනිදා හා 21 වැනිදා එ.ජා.ප දෙසින් බොහෝ සම්බන්ධීකරණ කටයුතු සිදුකළේ කබීර් හෂීම් සහ රවී කරුණානායක.

 

 

 

 

 

 

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

අරලියගහ මැදුරෙන් මෛත්‍රීට ආප්ප සංග්‍රහයක්

ඔබේ අදහස් එවන්න

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4914 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14747 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5780 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 529 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1435 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2556 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site