IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අමරවීර නිවෙසේ මහ රෑ කසු කුසු

ජනාධිපතිතුමා පිළිගැනීමෙන් අනතුරුව අමරවීර මන්ත්‍රීතුමා සාකච්ඡාවට ප්‍රවේශයක් ලැබෙන පරිදි සිය කතාව ආරම්භ කළේය. ‘ඔබතුමාට විරුද්ධව වැඩියෙන්ම වැඩ කළේ මම. තංගල්ල ඡන්ද ප්‍රතිඵලයෙන්ම ඒ බව පේනව. ඔබතුමාට අඩුවෙන්ම ඡන්දෙ දීල තියෙන්නෙ තංගල්ලෙ ජනතාව. මගේ ඉල්ලීම් කීපයක් තිබෙනව. ඉන් පළමුවැන්න රාජපක්ෂ පවුල ආරක්ෂා කරල දෙන්න. මේ වන විට පවුලේ අයගේ ගෙවල් සහ ඒ අයගේ හිතවතුන්ගේ ගෙවල් වටකරන තත්ත්වයක් උදාවෙලා තිබෙන්නේ. 


දෙවැනි ඉල්ලීම වන්නේ පක්ෂය දෙකඩ කරන්න එපා. තුන්වන ඉල්ලීම අපේ ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයන්ට වන හිරිහැර හා දේශපාලන පළිගැනීම්වලට මැදිහත්වී ඒවා විසඳල දෙන්න යනුවෙන් පැවසීය. ඊට පිළිතුරු දුන් මෛත්‍රී ජනාධිපතිතුමා “මම කිසිම කෙනකුගෙන් පළිගන්නේ නෑ. පක්ෂය කැඩෙන්න ඉඩ තියන්නෙත් නෑ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පණ වගේ ආදරෙයි” යනුවෙන් පැවසීය.


රැස්ව සිටි මන්ත්‍රීවරු පිරිසට හැඟුණේ ජනාධිපති මෛත්‍රී හා ඇමති මෛත්‍රී අතර වෙනසක් නොමැති ආකාරයකි. මේ ආකාරයෙන් පැමිණ සිටි මන්ත්‍රීවරු 27 දෙනා සමඟ පැය එකහමාරක් පමණ සුහද ව කතා කරමින් සිටි මෛත්‍රී ජනාධිපතිතුමා රාත්‍රි 10.00 ද පසු වනතුරු අමරවීර මන්ත්‍රීතුමාගේ නිවසේ රැඳී සිටියේය. මේ වන විට පැමිණ සිටි පිරිසට රාත්‍රි ආහාරය වශයෙන් ‘කඩෙන් ගෙනා කෑම පාර්සල්’ එහි තිබුණි. මෛත්‍රී ජනාධිපතිතුමා ද එම කෑම පාර්සල්වලින්ම ගෙන අන් අය සමඟ බෙදාගනිමින් රාත්‍රී කෑම වේල සම්පූර්ණ කර ගත්තේය. ඇමතිකම දැරූ සමයේ දී මෙන්ම විහිළු තහළු ද සිදුකර ගත්තේය. ඒ අතරම ජනාධිපතිවරණ ප්‍රචාරක වේදිකාවල සිට මෛත්‍රී ජනාධිපතිතුමාට මඩ ගැසූ, බැණ වැදුණ අය ද සිටියහ. තමන් විසින් පරාජය කළ පිරිසක් ඉදිරියට කිසිදු ආරක්ෂකයකු නොමැතිව පැමිණි ජනාධිපතිතුමා දැන් ‘කඩෙන් ගෙනා කෑම’ වර්ග ද අනුභව කරයි. මෙම ඇදහිය නොහැකි සිදුවීමත් සමඟ එහි සිටි සියලු මන්ත්‍රීවරු සතුටට පත්වූහ.


ඉන් අනතුරුව සිදු වූ සියල්ල අමරවීර මන්ත්‍රීතුමා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාටද දැනුම් දුන්නේය. ඒ අනුව නාමල් මන්ත්‍රීතුමාද අමරවීර මන්ත්‍රීතුමාගේ නිවසට එම රාත්‍රියේම පැමිණියේය. විශේෂයෙන්ම මෙම අවස්ථාව වන විට එහි සිටි මන්ත්‍රීවරුන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවටද හිටපු ජනාධිපතිවරයා හා නව ජනාධිපතිවරයා පැටලෙන ස්වභාවයක් උද්ගතව තිබුණි. නැතහොත් ජනාධිපතිවරු දෙදෙනකු රටෙහි සිටින ආකාරයක් දැනුණි. සමහරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යැයි කියද්දී තවත් සමහරු මෛත්‍රී ජනාධිපතිතුමා යනුවෙන් ප්‍රකාශ කළහ. තවද, ශ්‍රී.ල.නි.පයේ බොහෝ පිරිසකට මෛත්‍රී, මහින්ද දිව පැටලෙන ස්වභාවය ගොඩනැගුණේ ඉහත නම් දෙක සඳහාම ‘ම’ ශබ්දය පළමුවත් ඉන් පරව ‘ඉ’ ස්වරයත් යෙදීම නිසා වන්නට ඇත.


ජනවාරි 10, 11 සහ 12 යන දින 3 තුළ සිදු වූ ඉහත සියලු සාකච්ඡා අතරතුර දී තවදුරටත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ශ්‍රී.ල.නි.පයේ හා සන්ධානයේ නායකයා වශයෙන් ක්‍රියා කළ යුතු යැයි යනුවෙන් වූ යෝජනාවට සමගාමීව එතුමා ජාතික ලැයිස්තුව තුළින් පාර්ලිමේන්තුවට පැමිණ විපක්ෂ නායකවරයා විය යුතු බවට ද වූ අදහස් මතුවිය. විශේෂයෙන්ම සන්ධානයේ සෙසු පක්ෂ නායකයෝ මෙම අදහස වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටියහ. මේ අනුව 11 වැනිදා රාත්‍රියේ මෙම අදහසට අනුව යමින් එහි තවත් සාකච්ඡාවක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී පැවැත් වූ අතර ඊට මහින්ද අමරවීර හා ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් සහභාගි වූහ. මෙම යෝජනාවට අනුව මහින්ද රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යාම සඳහා මාලනී ෆොන්සේකා මන්ත්‍රීතුමිය ඉල්ලා අස්විය යුතු විය. තවද, මාලනී ෆොන්සේකා මහත්මිය ඉල්ලා අස් වූ කල ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා බවට පත් කරවීමට අවශ්‍ය සන්ධාන මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත සඳහන් දිවුරුම් ප්‍රකාශ ද මෙම සාකච්ඡාවෙන් අනතුරුව පසු දින සිටම ලබාගැනීම ආරම්භ විය. කෙසේ වෙතත් අවසානයේදී මහින්ද රාජපක්ෂ මහතා විසින්ම ප්‍රකාශ කර සිටියේ තම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යාම මෙම අවස්ථාවේදී අනවශ්‍ය ක්‍රියාවක් බවයි. විශේෂයෙන්ම එම අවස්ථාවේ දී එතුමා ගනු ලැබූ මෙම බුද්ධිමත් තීරණය පිටුපස එතුමාගේ පවුලේ සාමාජිකයන් ඒකමතිකව සිටි බව නොරහසකි. 


මේ අතර 13 වැනිදා පස්වරුවේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මෛත්‍රී ජනාධිපතිතුමා මුණගැසී පක්ෂය භාරගන්නා ලෙස ඉල්ලා සිටියේය. එය ඇසූ ජනාධිපතිතුමා මහත් අර්බුදයකට පත්විය. ඊට දින 4 කට පෙර රටේ ජනතාවගෙන් හැට දෙලක්ෂයක් ඡන්දය ලබා දී ශ්‍රී.ල.නි.ප.යේ සභාපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කළ කල්හි ඉන් දින 4 කට පසුව එම පක්ෂයද තමන්ට භාර වෙයි. අනෙක් අතට මෛත්‍රී ජනාධිපතිතුමා තුළ හටගත් තවත් මානසික සංකීර්ණයකි. එනම්, තමා ජනාධිපති ධුරයට පත් වුවත් ඊටත් වඩා තම ජීවිතය හා බද්ධ වූ දේශපාලනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මෙවන් සන්දර්භයක ජ්‍යෙෂ්ඨයන්ගේ ඉල්ලීමත් සමඟම මෛත්‍රී ජනාධිපතිතුමා ඊළඟට විමසා සිටියේ මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ස්ථාවරය කෙබඳු ද යන්නය. එවිට එම ජ්‍යෙෂ්ඨයන් පිරිස කියා සිටියේ තමන් මේ වන විටත් මහින්ද රාජපක්ෂ මහතා සමඟ මේ පිළිබඳ කතා කර ඇති බවත් පක්ෂයේ සියලු දෙනාගේම ඒකමතික තීරණය එය නිසාවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද දැනටමත් ඊට එකඟතාව පළකර ඇති බවත්ය. මෙම සන්දර්භය තුළ මෛත්‍රී ජනාධිපතිතුමා කියා සිටියේ එසේ නම් තමා පක්ෂය භර ගැනීමට සූදානම් බවය. ඒ අනුව මීට අදාළව මෛත්‍රී  ජනාධිපතිතුමා හා මහින්ද රාජපක්ෂ මහතාගේ හමුව සිදුවන ස්ථානය පිළිබඳ ප්‍රශ්නය ද ඒ සමඟම මතු වූ අතර පසුව ඒ පිළිබඳ එකඟතාවකට පැමිණීමේ අදහස පෙරදැරිව පිරිස සතුටින් විසිර ගියහ.


එහෙත් ජනවාරි 14 වැනිදා පෙරවරුවේ නැවත මෙම ජ්‍යෙෂ්ඨයන් පිරිස මෛත්‍රී ජනාධිපතිතුමාට කියා සිටියේ පක්ෂය බාර ගැනීමේ කටයුත්ත දිනකින් හෝ කල් දැමීමකින් තොරව හැකි ඉක්මනින්ම සිදු කළ යුතු බවය. එහෙත් ජනාධිපතිතුමා කියා සිටියේ ඒ වන විට ශ්‍රී ලංකාවට වැඩමකොට සිටි පාප් වහන්සේගේ සංචාරයෙන් පසුව එම කටයුත්ත සිදු කරමු යනුවෙනි. එහෙත් එවිට ජ්‍යෙෂ්ඨයන් පිරිස කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන්ට එය ඉක්මනින්ම සිදු කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟී ඇති බවත් අද දිනය තුළම එම කටයුත්ත සිදු කිරීමට මහින්ද රාජපක්ෂ මහතා කැමැත්තෙන් සිටින බවත්ය. මේ අනුව ජනාධිපතිතුමා කියා සිටියේ පාප් වහන්සේගේ සංචාරයට අදාළ නිල කටයුතු අවසන්වීමෙන් පසු සවස 7.00 ට පමණ තමාට ඒ සඳහා ඉඩකඩ ඇති බවය. එහිදී ස්ථානය වශයෙන් කතානායකතුමාගේ නිල නිවස සුදුසු බව මෛත්‍රී ජනාධිපතිතුමා විසින්ම යෝජනා කළේය.


විශේෂයෙන්ම මෙලෙස ජනාධිපතිවරණයෙන් දින 5 කට පසු කතානායක නිල නිවස තුළ දී අභිනව ජනාධිපතිවරයාට ශ්‍රී.ල.නි.ප.ය භාර දීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එකඟවූවේ කරුණු කිහිපයක් මතය. 
ඉන් වැදගත්ම කරුණ වන්නේ විධායක ජනාධිපතිවරයකුගේ බලයේ ප්‍රමාණය දන්නේ එවැනිම බලයක් භුක්තිවිඳ පැරදුණු විධායක ජනාධිපතිවරයකුම පමණක් වන නිසාය. දෙවැන්න නම් තම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම යන සංකීර්ණ ප්‍රශ්නයේදී අභිනව විධායක ජනාධිපතිවරයාගේ රැකවරණය අවශ්‍යම බව මහින්ද රාජක්ෂ ජනාධිපතිතුමා අන් කවරකුටත් වඩා හොඳින් දැන සිටීමය. 


ඒ හා සමාන තවත් කරුණක් වන්නේ 2005 ජනාධිපතිවරණයෙන් ජයගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එවකට ශ්‍රී.ල.නි.ප සභාපතිනිය වූ චන්ද්‍රිකා මැතිනියගෙන් පක්ෂ නායකත්වය ලබා ගැනීම උදෙසා තමාගේ වාසියට පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කර තිබීමය. ඊට අනුව ‘පක්ෂයේ සාමාජිකයකු රටේ විධායක ජනාධිපතිවරයා වන්නේද ඔහුට පක්ෂයේ සභාපති ධුරය හිමි වන්නේය” යනුවෙන් සඳහන් වෙයි. එම වගන්තිය දැන් පාරාවළල්ලක්, භූමරංගයක් ලෙසින් එතුමාගේ මනස තුළ භ්‍රමණය වෙයි. මෛත්‍රී ඇමතිතුමා පොදු අපේක්ෂකයා වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස්වී නොවේ. එතුමා ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව ශ්‍රී.ල.නි.ප. නායකත්වයට හිමිකම් කීම සඳහා මෙම ව්‍යවස්ථා ප්‍රතිපාදනය ද ඉතා යහපත් පසුබිමක් ගොඩනැගීය.


ජනවාරි 13 වැනි දා සවස ශ්‍රී.ල.නි.ප.ය නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදීම පිළිබඳ සියලු දෙනා දැනුවත් කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් කථානායක නිල නිවසේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු මහා සංඝරත්නයද ශ්‍රී.ල.නි.පයේ හා සන්ධානයේ හිටපු මැති ඇමතිවරු පිරිසක්ද පැමිණ සිටියහ. මෙම කතාබහ අතර දී ඩිලාන්, වාසු හා සුසිල් - වාසු අතර ඉතා ප්‍රබල වාග් සංග්‍රාමයක් ඇතිවිය. 


ඊට හේතු වූයේ ශ්‍රී.ල.නි.ප.ය කඩා වෙනත් පක්ෂයක් සෑදිය යුතු බවට වාසුදේව මහතා කියා සිටීමත් සමඟය. එම අදහසට ප්‍රතිචාර දැක් වූ සුසිල් ප්‍රේමජයන්ත හිටපු ඇමතිතුමා ‘වාසුදේව මහත්තයා, 1991 සිට අපි ශ්‍රී.ල.නි.පය තුළ නායකයො ගණනාවක් සමඟ වැඩ කර තියෙනවා. එහෙමයි අපි මෙතැනට ඇවිල්ල ඉන්නෙ. මම නම්  ීඛෑඡ එක කඩන තැන නෑ. තමුන්නාන්සෙට හරි ලේසියි පක්ෂය කඩන්න කියන්න’ යනුවෙන් පැවසීය. මේ අතර අනෙක් අතින් ඩිලාන්ද වාසුට බැණ වදී, මෙම තත්ත්වය තුළ මහත් කෝපයට පත් වාසුදේව නානායක්කාර මහතා කතානායක නිල නිවසින් පිටව ගියේය. 


මේ වන විට විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරු ද සිටියේ ශ්‍රී.ල.නි.ප.ය කඩා වෙනත් නව දේශපාලන පක්ෂයක් ගොඩනැඟිය යුතුය යන අදහසේය. විශේෂයෙන්ම පක්ෂය, නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදීමට වාසු, විමල් හා උදයගේ විරෝධය පැහැදිලිය. සාධාරණය. ඒ තුළ ඔවුන් දේශපාලන වශයෙන් මහත් අසීරුතාවකට පත්වීම ස්වභාවිකය.

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.



අදහස් (1)

අමරවීර නිවෙසේ මහ රෑ කසු කුසු

jeewa Saturday, 29 September 2018 03:58 PM

මේවගේ ප්‍රතිඵල මිනිස්සු දැන් හොදට විදවනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4914 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14747 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5780 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 529 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1435 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2556 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site