IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


’රටේ ආර්ථිකය නංවන්න අලූත් නීති අණ පනත් ගේනවා’

(සුජිත් හේවාජුලිගේ)

රටේ ආර්ථිකය නැංවීමට අලූත් නීති අණ පනත් හඳුන්වා දෙන බවත් රාජ්‍ය ඉඩම් බැංකුවක් හා ආයෝජන කලාප ඇති කිරීමට තව පනත් දෙකක් ඉදිරිපත් කරන බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

අගමැතිවරයා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී සඳුදා (3) සවස පැවැති ආයෝජන වාතාවරණය සැලසීම පිළිබඳ මාර්ගෝපදේශන මාලාවක් හඳුන්වා දීමේ උත්සවයේදීය.

 

 

 

 

 

 

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී මෙසේද කීය.

 මේ කටයුත්තට  දායක වුණු ලෝක බැංකුවට,  ඕස්ටේ‍්‍රලියානු රජයට ස්තූතිවන්ත වෙනවා. මේ හඳුන්වා දෙන්නේ රටේ ආයෝජන නංවා, අපනයනය නංවා රට සංවර්ධනය කිරීමේ උපාය මාර්ගයයි.

අද වන විට අපට ලොකු ණය බරක් ඉතිරි වී තිබෙනවා. ඒක රටට, ජනතාවට ලොකු බරක්. ඒ බර අඩු කරන්න කටයුතු කළ යුතු වෙනවා. ඒ සඳහා ඇති එකම විසඳුම ආයෝජන හා අපනයන වැඩිකර ගැනීමයි. ඒ සඳහා අපි ගත හැකි සෑම උත්සාහයක්ම දරනවා.

 පසුගිය කාලයේ රටේ ප‍්‍රමාණවත් නිෂ්පාදනයක් ඇතිවුණේ නැහැ. ඒ නිසා විදේශ වෙළෙඳපොළට යෙදවිය හැකි භාණ්ඩ ප‍්‍රමාණයක් උත්පාදනය වුණේ නැහැ. ඒ නිසා අපේ කි‍්‍රයාකාරිත්වය අඩුවුණා. ආර්ථිකය නැංවීමට යෙදවීම් අවශ්‍ය වෙනවා. අපි අපනයන්ට වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

මැලේසියාව, තායිලන්තය මේ වන විට ලොකු සංවර්ධනයකට ගොස් තියෙනවා. අපි ඒ අය අනුගමනය කරමින් ඉදිරියට යා යුතුයි. අපේ කලාපයේ වියට්නාමය, කාම්බෝජය යන රටවල් හිටියේ අපට වඩා ගොඩක් පස්සෙන්. අද වන විට අපි පසුකර යන තත්ත්වයක් ඇතිවෙලා.

 අප නව ආණ්ඩුවක් පිහිටුවා ගන්නේ රටට නව ව්‍යවස්ථාවක් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඇති කරන්නයි. අපි දැන් ඒ කටයුතු සාර්ථකව කරගෙන යනවා. ඒ ප‍්‍රතිසංස්රණ හරහා විරැකියාව නැති කිරීමට ආදායම් වැඩි කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

මේ උත්සවයට උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, එම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඒ.ඞී.එස්. ගුණසිංහ, ලෝක බැංකුවේ ග‍්‍රාමීය අධ්‍යක්ෂ ඉද්‍ර ස්වරායි,  ඕස්ටේ‍්‍රලියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ටිමි හියුගියස් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.



අදහස් (4)

’රටේ ආර්ථිකය නංවන්න අලූත් නීති අණ පනත් ගේනවා’

lalith Wednesday, 05 July 2017 06:30 PM

ඔබ තුමාටත් තියෙන්නේ මාර බලාපොරොත්තු ගොඩක්නේ? එත් යනවිදියටනම් අර දීකිරි මුට්ටියට වුනු දේම වෙයි වගේ? වෙලාවකට හිතෙනවා ඇත්තටම ඔබතුමාද කියල? දොරටුපාලයා එහෙම නොවෙයි නේද?

:       0       135

Lal Thursday, 06 July 2017 08:55 AM

මෙයාලගේ ක්‍රමේ හැටියට රටේ සම්පත් ටිකයි මුලු රටමයි වික්කානම් ඉවරයිනේ.. බොරු බයිලා කියන්නේ නැතුව...

:       1       29

Gayan Thursday, 06 July 2017 01:13 PM

රටත් ඉවරයි වගේ.. මෙහෙම ගියොත් ගන්න යමක්වත් නැතිවේවි..

:       0       23

ranil Friday, 07 July 2017 04:22 AM

කට ඇරියොත් ඉතින් ටොම් පචයක්ම තමා

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 93 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 64 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 108 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site