IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


’ ආයෝජකයන්ට ප්‍රශස්ත සේවයක් ලබාදීම ආයෝජන මණ්ඩලයේ වගකීමයි’

සේවා සියල්ල එකම ස්ථානයකින් කාර්යක්ෂමව ලබාදීමත් ඩිජිටල් තාක්ෂණය හරහා කාර්යභාරය වඩාත් ශක්තිමත් කර ආයෝජකයන් හට ප්‍රශස්ත සේවාවක් ඉටු කිරීමත් ආයෝජන මණ්ඩලයේ වගකීම යැයි එහි නව අධ්‍යක්ෂ ජෙනරාල් සංජය මොහොට්ටාල මහතා කොළඹදී පැවැසීය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස වැඩ බාර ගනිමින් සංජය මොහොට්ටාල මහතා ඒ බව පැවැසීය.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියකු වන සංජය මොහොට්ටාල මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇන්ඩර්සන් ස්කූල් ඔෆ් මැනේජ්මන්ට් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විද්‍යාපති උපාධිය හිමි කරගත්තේය. හෙතෙම ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පිරිනමන ‘ෆුල් බ්‍රයිට්’ ශිෂ්‍යත්වධාරියෙක් ද වේ.

ඔහු මීට පෙර සිංගප්පූරුවේ බොස්ටන් කන්සල්ටින් ගෲප්හි කළමනාකරණ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති අතර ආසියා ශාන්තිකර කලාපයේ ආයතනික සංවර්ධන, ආයෝජන ව්‍යාපෘති සහ කොටස් ප්‍රවාහන සහ බාහිර සේවා යන අංශ බාරව කටයුතු කර ඇත.

වැඩ බාරගැනීමෙන් අනතුරුව මොහොට්ටාල මහතා ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩලය අමතා අදහස් දැක්වීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්මට අනුව තොරතුරු සන්නිවේදනය සහ දැනුම මුල්කරගත් ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් හෙතෙම අදහස් දැක්වීය. ගෝලීය ආයෝජකයන්ගේ අවශ්‍යතා සපුරාලිය හැකි නවීන ශ්‍රම බලකායක් සංවර්ධනය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද හෙතෙම අදහස් දැක්වීය.

තාක්ෂණික හුවමාරුව තුළින් මෙරට ශ්‍රම බලකායේ කුසලතා වර්ධනය කරගත හැකි බව එහිදි කී මොහොට්ටාල මහතා සැබෑ බහුවිධ සේවා කවුළුවක් ලෙස කාර්යක්ෂම කටයුතු කිරීමත් ඩිජිටල් තාක්ෂණය හරහා ලබාදීමත් ඩිජිටල් තාක්ෂණය හරහා මණ්ඩලයේ කාර්යභාරය වඩාත් ශක්තිමත් කර ආයෝජකයන් හට ප්‍රශස්ත සේවාවක් ඉටු කිරීම ආයෝජන මණ්ඩලයේ වගකීම බවත් තවදුරටත් කීවේය.

055



අදහස් (0)

’ ආයෝජකයන්ට ප්‍රශස්ත සේවයක් ලබාදීම ආයෝජන මණ්ඩලයේ වගකීමයි’

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 47 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 50 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 45 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2050 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 660 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 268 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1617 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site