(හර්ෂණ තුෂාර සිල්වා)
මෙරට සයිබර් ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්ති නැවත වරක් විමසා බැලිය යුතු යැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද (28) පැවැසීය.
‘සයිබර් අවකාශය : අනාගතය උදෙසා සදාතනික යුද භූමියක්’ යන තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ පැවැති සයිබර් ආරක්ෂාව පිළිබඳ සමුළුවේ ආරම්භක සැසිය අමතමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා එම කරුණු සඳහන් කළේය.
එහිදි අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා මෙසේ ද කීය.
“සයිබර් තර්ජන ඕනෑම තැනකින් නිර්මාණය වෙනවා. ඕනෑම වෙලාවක පැමිණෙන් පුළුවන්. එහෙත් සෑම අවස්ථාවකදීම එම තර්ජන පැමිණෙන්නේ පිටතින්. මේ තර්ජනවලට මුහුණ දීම සඳහා ආරක්ෂක අංශ මෙන්ම සිවිල් ප්‍රජාව, හමුදාවෙන් පිටස්තර පාර්ශව ද සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.
සයිබර් ආරක්ෂාව රටක ආර්ථිකයට, සංචාරක ක්ෂේත්රයට ආදී ඕනෑම ක්ෂේත්රයකට බලපෑම් කරනවා.
අපේ සයිබර් ආරක්ෂක ප්‍රතිපත්ති නැවත විමසා බැලිය යුතුයි. එම ප්‍රතිපත්ති පිළිබඳව විමසා බැලීමක් කළ යුතුයි. අපි අපේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික පද්ධති සහ ජාල සුරක්ෂිත කළ යුතුයි. අපි ආරක්ෂක අංශ අතර පමණක් නොව සයිබර් ජාලය තුළ සිටින සියලු පාර්ශව සමඟ දත්ත සහ තොරතුරු බෙදාහදා ගත යුතුයි. සහයෝගීත්වයෙන් වැඩකළ යුතුයි. ශ්‍රී ලංකා යුද හමුදාවට සයිබර් ආරක්ෂාව පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙන්නේ එවිටයි”
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘සයිබර් ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්ති නැවත වරක් විමසා බැලිය යුතුයි‘‘