IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘රටක ස්ථාවරත්වය පවත්වාගෙන යෑමට ‘සයිබර් ආරක්ෂාව’ වැදගත්‘‘

හර්ෂණ තුෂාර සිල්වා

නූතන ලෝකයේදී ඕනෑම රටක ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා සයිබර් ආරක්ෂාවඉතා වැදගත් යැයි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද (28) පැවැසීය. 

අනාගතයේ දවසක සයිබර් යුද්ධයක් ඇති වුවහොත් එවැනි යුද්ධ රටවල් අස්ථාවර කරමින් ආර්ථිකය පෙරළා දමමින් විනාශ කරනවාට අමතරව මානව සංහාරයක් ද සිදු කරනු ඇතැයි ප්‍රනාන්දු මහතා කීය.

‘සයිබර් අවකාශය‘ අනාගතය උදෙසා සදාතනික යුද භූමියක්’ යන තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සයිබර් ආරක්ෂාව පිළිබඳ සමුළුවේ ප්‍රධාන දේශනය කරමින් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා එම කරුණු සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායේ 75 වැනි සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාව මෙම සමුළුව සංවිධානය කර තිබිණි.  

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා එහිදි මෙසේ ද කීය.

             “නූතන යුගයේදී තාක්ෂණය වේගයෙන් වර්ධනය හා සංවර්ධනය වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය. මේ තත්ත්වය අපට එක් විදියකට හෝ වෙනත් විදියකට ජාලගත වීමට බල කර තිබෙනවා. එය විශේෂයෙන් සඳහන් කළ යුතු නැහැ. එහෙත් එසේ ජාල ගත වීමෙන් අප පෙර නොවූ විරූ ප්‍රතිවිපාකවලට නිරාවරණය කරනවා. 

‘සයිබර් ආරක්ෂාව’ ලෝකයේ ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. මහ පරිමාණ අපරාධ වැළැක්වීම මෙන්ම අනාගතයේදී ‘සයිබර් යුද්ධ’ ඇතිවීම වැළැක්වීම ‘සයිබර් ආරක්ෂාව’ එලෙස ප්‍රධාන මාතෘකවක් බවට පත්වීමට හේතුවක්. සයිබර් යුද්ධ ඇති වුවහොත් ඒවා ආර්ථිකය පෙරළා දමනවා පමණක් නොව මානව ජාතිය සංහාරයකට ලක් කරනවා. ඒ නිසා සයිබර් ආරක්ෂාව ඉතාම වැදගත්. 

අද අපි කෘතීම බුද්ධිය ආදී තාක්ෂණික ක්ෂේත්‍රයට සම්බන්ධ මාතෘකා රැසක් සම්බන්ධයෙන් කතා කරනවා. අනාතගයේදී ‘සබඳතා, ජාලගත’ කිරීම සම්බන්ධයෙන් කතා කිරීමට සිදුවේවි.

දැනටමත් ඒ පිළිබඳව කතා කරනවා.මේ ජාලගත වීමට හදවතක් නතර කරන්න පුළුවන්, ජාලගතවීම්වලින් මාර්ග අනතුරු සිදු කරන්න, බැංකු ගිණුම්වල ශේෂ අතුරුදන් කිරීම, සතුරන් නිර්මාණය කරමින් රටවල් අතරේ යුද්ධ ඇති කිරීම, යුද ප්‍රකාශ කිරීම ආදී බොහෝ දේ කළ හැකියි. 

අද වනවිට ආරක්ෂක විශේෂඥයන් සහ සයිබර් අපරාධකරුවන් අතර මීයන් සහ පූසන් අතර සෙල්ලමක් නිර්මාණය වී තිබෙනවා. ආරක්ෂක විශේෂඥයන් දත්ත ආරක්ෂා ගැනීමේ සටනක නිරත වී සිටිනවා. 

ඩිජිටල් සබඳතා ජාල වර්ධනය වෙමින් තිබෙනවා. ඒ තුළින් සම්පූර්ණ වටිනාකම් ජාලයම ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේතු වෙනවා. ඒ වගේම තිබෙන තර්ජන සහ සයිබර් ආරක්ෂාවේ තර්ජන ද සැලකිය යුතු ලෙස ඉහළ යනවා. 

එළැඹෙන කාලයේදී අවදානම සහ තර්ජනය ඉතාම පැහැදිලියි. එය අභ්‍යන්තර ආරක්ෂාව වෙන්න පුළුවන්, බාහිර ආරක්ෂාව වෙන්න පුළුවන්. දේශපාලනය, ආර්ථිකය, නිලධාරී තන්ත්‍රය හෝ සෞඛ්‍ය ආරක්ෂාව වෙන්න පුළුවන්. යථාර්ථය එයයි. අපි අද මුහුණ  දෙන උවදුර ඉතා බරපතළයි. කොටස් වෙළෙඳපොළවල් මෙහෙයවීම සිට මුදල් විශුද්ධිකරණය, පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීමේ සිට පුද්ගල චරිත ඝාතනය ආදී තර්ජන සහ අවදානම් රැසක් අප හමුවේ තිබෙනවා. 

අනාගතයේදී සයිබර් තර්ජන ජාතික රාජ්‍ය සහ ආරක්ෂක අංශ මුහුණ දෙන විශාලමතම අභියෝගයයි. තොරතුරු සන්නිවේදන තාක්ෂණය දියුණු වෙමින් ඉදිරියට යද්දි ලෝකය පරිවර්තනයට ලක්වෙද්දි නව අභියෝග නිර්මාණය වෙනවා. මේ නිසා රටවල්, රටවල ආරක්ෂක අංශ ඇතුළු විවිධ අංශ එකමුතුව සහයෝගයෙන් වැඩ කටයුතු කළ යුතුයි. මේ තත්ත්වය මත තිරසර බව සුරක්ෂිත කිරීම, ආර්ථික ස්ථාවරත්වය සහ ඕනෑම රටක ස්ථාවරත්වය සලකා බැලීමේදී සයිබර් ආරක්ෂාව ඉතාම වැදගත්” යැයි ද ආරක්ෂක ලේකම්වරයා පැවැසීය. 

ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායේ 75 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වෙන සංඥා බලකායේ ප්‍රදර්ශනය ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. 

සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් බී.එච්.එම්.ඒ. විජේසිංහ මහතා මෙම අවස්ථාවේදී ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සමරු තිළිණයක් පිළිගැන්වීය.

හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ද සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමරු තිළිණයක් පිළිගැන්වීය.

ජනාධිපතිවරයා මෛත්‍රිපාල සිරිසේන මහතා ආරම්භක සැසියෙන් පසු සමුළුවට සහභාගී දෙස් විදෙස් ආරක්ෂක ප්‍රධානීන්, සමුළුවේ කතිකයන් හා සයිබර් ආරක්ෂාව පිළිබඳ විශේෂඥයන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනි සිටියේය.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, නාවික හමුදාපති වයිස් අද්මිරාල්, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු මෙරට ආරක්ෂක ප්‍රධානීන්, විදෙස් ආරක්ෂක ප්‍රධානීන්, සයිබර් ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෙන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

උදෑසන 9 සිට පස්වරු 9 දක්වා ප්‍රදර්ශනය මහජනතාවට විවෘත අතර එය හෙටින් අවසන් වේ. 

ඡායාරූප - ළහිරු හර්ෂණ

 



අදහස් (1)

‘‘රටක ස්ථාවරත්වය පවත්වාගෙන යෑමට ‘සයිබර් ආරක්ෂාව’ වැදගත්‘‘

chandana Monday, 03 December 2018 12:57 AM

මාර වැඩේ කියන්නේ ඔය සයිබර් අහලවත් නැති කාලේ අපේ රට කිසිම අබාධයක් නැතුව ස්ථාවරව තිබුන එකනේ? වැරදිලා වත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 26 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1973 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 645 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 135 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1528 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site