IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘සමාජ අසාධාරණ ජයගැනීම තරඟකාරී ආර්ථිකයක විශාල ම අභියෝගයයි’


(නිමල කොඩිතුවක්කු)
 
තරඟකාරී ආර්ථිකයක් ඇති කිරීමේදී සමාජ අසාධාරණ සිදුවීම ජයගත යුතු විශාලතම අභියෝගය බවට පත්ව ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.
 
එබැවින් තරඟකාරී ආර්ථිකයක් සමඟ සමාජ සේවා කටයුතු වෙනුවෙන්ද රජය විශාල අවධානයක් යොමුකර ඇතැයිද අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
 
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද(22) පැවති ජාතික සමාජ සංවර්ධන ආයතනයේ උපාධි සහ ඩිප්ලොමා ප‍්‍රදානෝත්සවයට එක්වෙමිනි.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.
  
‘‘ සමාජය දියුණු වෙන්න  දියුණු වෙන්න සමාජයේ  එක් එක් අංශයට සහයෝගය, උපදෙස් සහ සත්කාර අවශ්‍යයි. කවුද ඒක ලබා දෙන්නේ කියන ගැටලුව දැන් තියෙනවා. පැරණි  ලංකාවේ ඒ පිළිබඳව සොයා බලන්න පවුල් ජාලය කියන  වැඩසටහනක් තිබුණා. පවුලේ ඔක්කොම එකට  හිටියා. කවුරු හරි අනෙක් කෙනාව බලා ගත්තා. දැන් පවුල් ජාලය  නැහැ. එක්කෙනෙක් ඩුබායිවල, අනික් කෙනා කොරියාවේ.  කවුද මේවා බලාගන්නේ.
 
මේ හැම කෙනාටම  ඉස්සෙල්ලම තියෙන්නේ තමන්ගේ  දරුවන් ගැන බලා ගන්නයි. ටියුෂන් පන්තිවලට යවන්න,  වෙනත් නැටුම් පන්තිවලට යවන්න, තමන්ගේ  ආහාරවේල බලා ගන්න තියෙනවා.  වෙන එකක් තියා දැන් දවල්ට එළියෙන් කනවා. 
 
මේ ක‍්‍රමවේදය  ඉස්සෙල්ලා උසස් පන්තිවල තිබුණා.  ඒක දැන් සෑම සමාජ කණ්ඩායමකටම පැතිර යනවා. මේ කණ්ඩායම  පිළිබඳව  අපේ අවධානය වැඩි වෙන්න, වැඩි වෙන්න ඒ සඳහා විශේෂඥ දැනුම අවශ්‍යයි.
 
අපේ ණය ගෙවන්න ආණ්ඩුවක් විදියට අපි විශාල මුදලක් යොදවන්න තිබෙනවා. මේ ණය ගෙවන්න බැරි තත්වයක තිබුණේ. ඒ ණය ගෙවන්න පුළුවන් තත්වයක් තිබුණා නම් එදා 2014දි  ජනාධිපතිවරණය තියන්නේ නැහැ.
 
අපි මේ වසරේදී  පමණක් ඩොලර් මිලියන 5,900ක් ගෙවන්න ඕන.  අපේ ආදායමේ විශාල කොටසක් එතෙන්ට ගිහින් තියෙනවා. තව කොටසක් ගිහින් තියෙනවා රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්න.
 
මේ ඉතුරු සල්ලිවලින් අපි අවධානය යොමු කළේ සමාජ අංශය ගැනයි. මේ අවුරුදු කිහිපයේදි අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් යෙදුවා.  අධ්‍යාපනය  අවුරුදු 13ක් අනිවාර්ය කළා.  ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළා.  පුහුණු ගුරුවරු  වැඩිපුර යෙදුවා,  වැඩිපුර විද්‍යාපීඨ ඇති කළා”  යැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී පැවැසීය.
 
 
(ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (10)

‘සමාජ අසාධාරණ ජයගැනීම තරඟකාරී ආර්ථිකයක විශාල ම අභියෝගයයි’

Raveendra Friday, 22 March 2019 02:29 PM

සූත්තර පුංචාගේ මාර සොයාගැනීම... මේ සොයාගැනීමට නොබෙල් ත්‍යාගයට හාදයාගේ නම යෝජනා කළ යුතුමයි.

:       166       139

NissankaSaturday, 23 March 2019 08:43 AM

රවින්ද්‍රට තියෙන්නේ අමුතු ලෙඩක්. මේ ලෙඩේම තියෙන බමුනෙකුත් ඉන්නවා. පොහොට්ටුවේ කවුරු හරි දෙයක් කිව්වොත් ඒක පරම සත්‍යය. වෙනත් කවුරුහරි මොන තරම් හරි දෙයක් කිව්වත් වැරදි. මේ වගේ පාට කන්නාඩි දාගත්ත අය නිසා තමා අපේ රටට මේ අවාසනාවන්ත ඉරණම අත් වෙලා තියෙන්නේ

:       72       313

RaveendraSaturday, 23 March 2019 06:34 PM

නිස්සංක මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. අප කිසිවිට වර්ණ කන්නාඩි පැළද අදහස් ඉදිරිපත් නොකරන බව ඔබට නොතේරීම කනාගටුවට කරුණකි. අප සැමවිටම හොද දෙය අගය කරන්නෙමු. එය මෛත්‍රී ද මහින්දද රනිල් රතු මලයද අපටනම් අදාලම නැත. එලෙසින්ම වැරදිනම් එය වැරදියි කීමට අප නම් බිය නොවන්නෙමු. මොකද 225 ම සිය පවුලුත් සමග නඩත්තු කරන්නේ ඔබ මෙන්ම අපද ගෙවන බදු මුදල්වලින් බව නොරහසකි. එබැවින් මොවුන්ගේ හොද දෙය අගය කිරීමත් වරදින වැරදියි කීමට අපට කොදු පණ තිබිය යුතුය. තවදුරටත් අප එක එක්කෙනාගේ පක්ෂවලට, වර්ණවලට ගැති වෙන තරමටම අපගේ මාතෘ භූමිය අගාදයට යාම වැලැක්විය නොහැකි බව ඔබටද නොතේරීම කනගාටුවකි.

:       137       132

NissankaSunday, 24 March 2019 04:25 AM

රවින්ද්‍ර ඔබ මේ කියන දේ මිට කලින් ඔබ විසින් පල කර ඇති ඔබේ අදහස් හා නොගැලපේ. ඔබම ආපසු කියවා බලන්න.

:       7       208

Sanath KandySunday, 24 March 2019 04:36 AM

රවින්ද්‍ර, ආර්ථික විද්‍යාව පිලිබඳ නොබෙල් ත්‍යාගය දිනාගත් අමාත්‍ය සෙන් වැනි විද්වතුන්ගේ අදහසද මෙවැනි බව ඔබ දන්නවාද? මටනම් හිතෙන්නේ ඔබට මේ කියූ කිසි දෙයක් වැටහී නැහැ. ඔබට වහකදුරු මෙන් තිත්ත රනිල්ගේ එජාපයද, ඔබ දෙවියන් බුදුන් මෙන් වන්දනාමාන කරන රාජපක්ෂලාගේ ආණ්ඩුද මෙතෙක් කල් ක්‍රියාත්මක කර ඇති ආර්ථික ප්‍රතිපත්තියේ ඇති අසාර්ථකබව ගැනයි මේ කතා කරන්නේ. රනිල් මේ ස්වයං විවේචනයක් කරලා තියෙන්නේ. එත් මේ මාර්ගයෙන් මිදෙන්නේ ඔවුන්ට හැකියාවක් හෝ උවමනාවක් නැහැ. එබැවින් අප කළ යුත්තේ විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක් ඇති පිරිසකට බලය ලබා දීමයි.

:       47       176

Bandara Friday, 22 March 2019 06:45 PM

කියලා වැඩක් නැහැ රවීන්ද්‍ර.. මේකනම් මාර සොයාගැනීමක්... මොකක් හරි එකකට ඇවිල්ලා කෙප්ප ඇදබාලා යනවා. රට එතනමයි...

:       55       133

Sanath Kandy Saturday, 23 March 2019 08:53 AM

ඔබ ඇතුළු ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙක විසින්ම ක්‍රියාත්මක කරන නව ලිබරල් ආර්ථික ක්‍රමයේ තාර්කික ප්‍රතිඵලය තමා ඒ. මේ කටුක සත්‍ය දැන දැනම තව දුරටත් අපේ රට සමාජ ආර්ථික විෂමතාවයෙන් පිරුණු අසාර්ථක රාජ්‍යයක් කරා ගෙන යන්නේ නැතිව විකල්ප බලවේගයකට බාර දීම තමා එකම විසඳුම.

:       0       106

bamunuarachchi Monday, 25 March 2019 09:12 AM

"ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු." මේ කතාව ඉවත් කොරන්න මේකත් හරියට දැන් හැම එකාටම පාවිච්චි කරන " ඔබතුමා " වගේ කතාවක්. අපි කෙලින් කතා කරමු.

:       46       110

Mudali Monday, 25 March 2019 01:42 PM

රවින්ද්‍ර යමක් තේරුම් කරලා දුන්නනම් පිළිගන්නවා…. බමුණු තරම් අන්තවාදී නැහැ.

:       68       142

gbase Tuesday, 26 March 2019 11:24 AM

මහමෙරකට වඩා උසයි ජයගත් අභියෝග. ඉතින් මදිද??

:       0       49

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 101 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 69 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2056 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 664 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site