IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘ෂැංග්‍රි ලා කලම්බු’ වැඩ අරඹයි

(හර්ෂණ තුෂාර සිල්වා)

කොළඹ ගාලු මුවදොර ඉදි කරන ලද ‘ෂැංග්‍රි ලා’ හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) විවෘත කෙරුණි.

මෙරට ඉදි කරනු ලැබූ දෙවැනි ‘ෂැංග්‍රි ලා’ හෝටලය වන ‘ෂැංග්‍රි ලා කලම්බු’ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා පැවැති ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙසින් සහභාගි විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බෙර වාදන මධ්‍යයේ පීත්ත පටිය කැපූ අතර ජනාධිපතිවරයා චීන සංස්කෘතිකාංගයක් වන සිංහයාට ඇස තැබීමේ අවස්ථාවට ද සහභාගි විය.

ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ සහ ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් පොල්තෙල් පහන් දැල්විණි. ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝටලයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කරමින් එහි තිබූ සමරු පලකය නිරාවරණය කළේය.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ‘ෂැංග්‍රි ලා’ ජාත්‍යන්තර හෝටල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී බෙන් චී ලිම්, ‘ෂැංග්‍රි ලා කලම්බු’ හෝටලයේ සාමාන්‍යාධිකාරි තිමොති රයිට්, අලෙවි හා කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස් මැක්ෆෝල් යන මහත්වරු සහභාගි වූහ.

එයින් අනතුරුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ප්‍රධාන ආරාධිතයෝ සමරු සටහන් පොතේ සමරු සටහන් යෙදූහ.
බොලිවුඞ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්, ෆැන් යී රින්, ලූ ලූ යන මහත් මහත්මීන්  ‘ෂැංග්‍රි ලා කලම්බු’ හෝටලයේ පළමු අමුත්තන් ලෙස පිළිගන්නා ලදි.  

‘ෂැංග්‍රි ලා කලම්බු’ හෝටලය විවෘත කිරීමේ උත්සවයට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස,මහානගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, තානාපති නිලධාරීන්, ෂැංග්‍රිලා හෝටල් සමූහයේ අධ්‍යක්ෂකරුවන්, කළමනාකරුවන් ඇතුළු ආරාධිතයෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (17)

‘ෂැංග්‍රි ලා කලම්බු’ වැඩ අරඹයි

rajitha Thursday, 16 November 2017 12:05 PM

මේවා හැදුවා කියලා රටේ සාමාන්‍ය මනුස්සයට වැඩක් තියෙනවද? සල්ලිකරයින්ටම හොඳා .... හයිවේ එ් වගෙයි ද? හැමෝටම වැදගත් වුණා ...

:       105       113

Prase Thursday, 16 November 2017 02:18 PM

හිටපු ජනපතිතුමාගේ විශිෂ්ඨ ආයෝජනයක්...

:       310       1045

ShanFriday, 17 November 2017 07:26 AM

ඔව් ඔව්. මැදමුලනෙන් සල්ලි ගෙනල්ල හැදුවේ.

:       1398       448

Nandalal DE SILVA - FranceFriday, 17 November 2017 12:10 PM

ඔව් ඉතින් එ් සින්නක්කර ඔප්පුවකින් තෑගි දීපු මැදමුලන ඉඩමකනේ චීනා මේ ටොප් ක්ලාස් හෝටලේ හදා තියෙන්නේ. ඕවා කියන්න හලෝ කොන්ඩේ බැඳපු චීන්නුන්ට !!! අනේ මගේ කට....

:       308       42

lusena Thursday, 16 November 2017 06:19 PM

මෙම හෝටලය හදන්න ඉඩම සින්නක්කරව ලබාදුන්නා කියලා අගමැති ප්‍රමුඛ යහපාලන රජය පසුගිය රජය පතුරු ගැහුවා. යුද්ධය අවසාන වුණාට පසුව ලංකාවට ආව ප්‍රධානම ආයෝජනය මෙයයි. ලැජ්ජා නැතුව අගමැති මේක විවෘත්ත කරන්න.

:       2       317

ruby Thursday, 16 November 2017 07:28 PM

දැන් ඉතින් බනින්න පටන් ගන්න.

:       11       36

kamal Friday, 17 November 2017 01:50 AM

හිටපු ජනාධිපති ඒකාධිපතියා චීනාට සින්නක්කරවම ලියාදුන්නා අපේ රටේ කොටසක්. ඊට විරුද්ධව ක්‍රියාමාර්ගයක් නොගෙන ලජ්ජානැතිව එය විවෘත කරන හැටි...ලැජ්ජයි...

:       489       39

tikiri Friday, 17 November 2017 08:11 AM

විලි ලැජ්ජාව නැතිනම් කරන්න බැරි දෙයක් නැහැ නේද ? චීන්නු පස්ස පැත්තෙන් හිනා වෙනවා ඇති .

:       0       257

sirimal Friday, 17 November 2017 08:26 AM

එක්තරා ප්‍රදේශයක ජීවත් වුණු රකුසෙකුට සිදු වුනාලු ගමරාල කෙනෙකුට තල කුරුණි අට බැගින් කප්පම් ගෙවන්න. පසු කලෙක අර රකුසාගේ සුවදුක් බැලීමට ආ බලවත් රකුසෙක් කප්පම් කතාව අහලා ගමරාලට පාඩමක් උගන්නනවා කියලා වහසිබස් දොඩවලා ගමරාල මුණ ගැහෙන්න ගිහිල්ලා. බලවත් රකුසා ගමරාලට හොඳටම බයවෙලා තල කුරුණි දාසයක් දෙන්න පොරොන්දුවෙලා ආවලු. ලංකාවේ අපිට වුනේ ඒ ටිකමයි.

:       0       238

darshana Friday, 17 November 2017 09:09 AM

ජනාධිපති, අගමැති මේවා විවෘත්ත කරන්නත් යනවද?

:       1       146

Nandalal DE SILVA - France Friday, 17 November 2017 07:23 PM

රෙජීමය මෙම හෝටලය හදන්න ඉඩම සින්නක්කරව ලියා දුන්නා, චීන සමාගමට. රටේ වාසනාවකට ඔවුන් බලයෙන් පහ කරන්න මහජනතාව ඡන්දය දුන්න නිසා බලයට පැමිණි යහපාලන රජය මේ "තෑගි ඔප්පුව" වෙනස් කරා. දැන් මේ සුපිරි හෝටලය ඉදිකර තිබෙන්නේ ශ්‍රී ලංකා රජයෙන් "දීර්ඝ කාලීන" බදු ගිවිසුමකට ගත් රටේ වටිනාම ඉඩමකය. බදු කාලය අවසන් වෙන විට මේ ලියන මමත්, මෙය කියවන ඔබත් ජීවතුන් අතර නැත. එමෙන්ම මේ ඉඩම් පිල්ලියට දායක වුන රාජපක්ෂ පවුලත් මේ මිහිතලය මත නැත. කෙසේ වුණත් මේ හෝටලය ඉදිකර තිබෙන ඉඩම් සම්පත රටේ අනාගත දරුවන් වෙනුවෙන් ඉතිරිවී තිබේ. එය චීනයේ කොටසක් නොවේ. එයට අත හිත දුන් අපේ රටේ නායකයන්ට අප කොහොම ගරු කරන්නද? පින් දෙන්නද?

:       450       126

nimmi Saturday, 18 November 2017 02:20 PM

අනුන් හදපුව විවෘත්ත කර කර ඉන්න තමයි තියෙන්නේ.

:       0       177

Sam.path Sunday, 19 November 2017 10:19 AM

හරි දේ වැරදියට කිරීම සහ වැරැදි දේ හරියට කිරීම...

:       1       16

Sampath Sunday, 19 November 2017 10:24 AM

අවුරුදු 99ක් කියන්නේ පරම්පරා 2යි. විදේශිකයින්ට ඉඩම් දීම සීමාකළ යුතුයි.

:       0       53

Lal Sunday, 19 November 2017 01:37 PM

චීනට දුන්නත් කමක් නැහැ කබල් ඉන්දියන් අයට නොදී. රට සංවර්ධනයට චීනා දෙන උදව්වලට ස්තූතිකල යුතුයි.

:       0       215

බණ්ඩාර- කෑගල්ල Wednesday, 22 November 2017 10:11 AM

නන්දලාල් සිල්වා, අනේ ඔයා ප්‍රංශෙට වෙලා පාඩුවේ ඉන්නවාද? අපි මෙහේ ඉඳන් මේ ගොල්ලෝ කරපු ඒවාට පින් දෙනවා මදි නොකියන්නම. මොකද අපිට දැන් ඉන්නෙම ලැජ්ජ බය නැති නායකයෝ (හොරකමට හොදේ). තමුන් නොදන්නවා වුණාට මේ ගොල්ලෝ චීනෙට ලොකු ලයින් දාලා පොර්ට් සිටි එක නවත්තපු එකට වන්දියක් විදිහට චීන කොම්පැණියට වැඩි අයිතියකුත් දීලා තමයි ආයෙමත් ඒ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ. ඒක හින්දා ඔය කාට කාටත් කඩේ යන්න කලින් තමන් බඩු ගේන්ඩ ගත්ත මල්ලේ හිල් ටික වහ ගත්තොත් හොඳයි.

:       0       181

daham Thursday, 23 November 2017 03:07 PM

නන්දලාල්, අහලා තියෙනවද මෝඩකමට බෙහෙත් නැහැ කියලා. අහලා නැත්නම් කරන්න දෙයක් නැහැ. සොරි තමයි.

:       0       116

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 35 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1993 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 652 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 136 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 222 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site