IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘පොලී අනුපාත අඩු කිරීමේ වාසිය ප්‍රමාදයකින් තොරව ලබාදෙන්න‘

(හර්ෂණ තුෂාර සිල්වා)

බැංකු පොලී අනුපාත අඩු කිරීමේ වාසිය කිසිදු ප්‍රමාදයකින් තොරව වෙළෙඳපොළට ලබාදෙන ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකු ප්‍රමුඛ සියලු මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා මහතා අද (17) ප්‍රකාශ කළේය.

රටේ ව්‍යාපාර කටයුතු යළි පණ ගසා නැගී සිටීම තමන්ගේ ස්වයං අභිමතාර්ථ සපුරාගැනීමට අවශ්‍ය බව මූල්‍ය ආයතන තරයේ සිහි තබා ගැනීම වැදගත් යැයි ද හෙතෙම පැවැසීය.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් රටේ ආර්ථික කටයුතුවලට ඇති කළ හැකි දැඩි බලපෑම සැලකිල්ලට ගනිමින් ප්‍රතිපත්තිමය පොලී අනුපාත අඩුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (16) පියවර ගත්තේය.

කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන අතර ඒ හේතුවෙන් හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා පූර්ව උපායමාර්ගික ක්‍රියාමාර්ගයක් ලෙස එලෙස පොලී අනුපාත අඩු කළ බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා එම කරුණු සඳහන් කළේය.

වෙළෙඳපොළ ණය පොලී අනුපාත තවදුරටත් අඩු කිරීමත් දේශීය මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතා තත්ත්වය ඉහළ නැංවීමත් අරමුණු කරගනිමින් මුදල් මණ්ඩලය පෙරේදාගත් ක්‍රියාමාර්ග ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් කිරීමට මින් පෙර ගෙන තිබූ ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මේ වසරේ මේ දක්වා කාලය තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 75ක සමුච්චිත අඩුවීමක් කර ඇති බවත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම හරහා අරමුදල් පිරිවැය පහළ ගොස් ඇති බවත් සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා මේවායේ ප්‍රතිලාභ බලපත්‍රලාභී වාණිජ බැංකු ප්‍රමුඛ සියලු මූල්‍ය ආයතනවලින් දැඩිව ඉල්ලා සිටින බව ද ඔහු කීවේය.

හදිසි සහාය අවශ්‍ය කණ්ඩායම්වලට වෙත කාලීනව අවශ්‍ය කෙරෙන සහාය ලැබෙන බව සහිතක කළ යුතු යැයි ද හෙතෙම කීවේය.



අදහස් (11)

‘පොලී අනුපාත අඩු කිරීමේ වාසිය ප්‍රමාදයකින් තොරව ලබාදෙන්න‘

de silva Wednesday, 18 March 2020 07:50 AM

ඔහොම කියල හරියන්නේ නැහැ , කෙලින්ම විශේෂ ජනපති ඕඩර් එකක දෙන්න ඕනේ , මේ පටිපාටියට අදාලව ක්‍රියා නොකරන මුල්‍ය ආයතනවල දේපල රාජසන්තක කරනවා කියලා එතකොට නම් නිකන්ම වැඩේ සිද්ධ වේවි .

:       0       45

BamunuarachchiWednesday, 18 March 2020 12:41 PM

ඔව් ඔව්... ඔය ඕන මගුලක් කරන්න පුළුවන් අපි අඩුපොලියට මුදල් තැන්පත් කළොත් විතරයිනේ. තියන්නම් අපි සල්ලි බැංකුවේ... බලන් ඉඳපල්ලා...

:       0       18

සෙනෙවිරත්නFriday, 20 March 2020 12:24 AM

ඹබ හරි බැංකු බරපතල අර්බුදයක. එක එක්කෙනා ඕඩර්ස් දෙනවා බැංකු වලට කරන්නෙ කොහොමද කියලා හිතන්නෙ නැතිව.

:       0       1

Bamunuarachchi Wednesday, 18 March 2020 12:36 PM

මහාචාර්ය හිතාගෙන ඉන්නේ බැංකුව ඔය අත දිගහැරලා දෙන්න හදන්නේ බැංකුවේ ගොඩගහගෙන ඉන්න සල්ලි කියලද? බැංකුව කොපමණ පොලී අනුපාත අඩුකළත් බැංකුවට පාඩුවක් නැත... ගෙවන සහ ලබන පොලියේ වෙනස බැංකුවට නියමිත ආකාරයට බැංකුව තියා ගන්නවා. නමුත් බැංකුව ණයට දෙන්නේ ජනතාව තැන්පත් කළමුදල්... තැන්පත්කරුවන්ට සාධාරණ පොලියක් ලැබෙන්නේ නැතිනම් තැන්පත් කරුවන් මුදල් ආපසුගෙන වෙනත් ආයෝජනයක් කරන්න වෙනවා. මගේ සල්ලි අඩුපොලියට අරන් තව කෙනෙකුට පොහොසත් වෙන්න දෙන්නේ මොන බම්බුවකටද?

:       16       23

SLThursday, 19 March 2020 03:28 AM

අන්න එහෙම කරන්න. ලෝකේ බොහෝ රටවල තැන්පතු වලට ගෙවන පොලිය 2% හෝ ඊටත් අඩුයි. රටක ව්‍යාපාර තිබුණොත් තමයි මිනිස්සුන්ට රස්සා ලැබෙන්නේ. රට සංවර්ධනය වෙන්නේ නැතිව 22%ක් පොලියට OD අරගෙන 10%ට ලාබෙට ව්‍යාපාර කරලා නොවේ. ලංකාවේ බැංකුවල වාර්ෂික ලාභය දැක්කාම පෙනෙනවා ඔවුන්ගේ ලාභය කොතරම් අසාධාරණද කියලා...

:       0       38

BamunuarachchiThursday, 19 March 2020 12:31 PM

ඒ ඒ රටවල මුදලට වටිනාකමක් තිබෙන නිසා. ඒ මුදල් වලට බයිනින් පවර් එකක් තිබෙන නිසා. ඇමරිකාවේ ඩොලර් 1 ගන්න පුළුවන් බඩුවට අපි රුපියල් 185 අද ගෙවන්න ඕනේ.

:       1       1

de silva Wednesday, 18 March 2020 03:48 PM

ඔය තැන්පතුවලට පොලිය ගෙවන්න පුළුවන් වෙන්නේ මිනිස්සු බැංකුවෙන් සල්ලි ණයට අරන් අලුතෙන් ව්‍යාපාර, නිවාස ඉදිකිරීම් වැනි දේ කළොත් පමණි. දැන් තිබෙන පොලි අනුපාත ඉහළ නිසා මිනිස්සු මුදල් ණයට ගෙන වැඩක් කිරීමට මැලිවෙති. කොරෝනා ප්‍රශ්නය මෙතැනට අලුතෙන් එකතු වුණු දෙයක්... පොලිය අඩු කිරීම හරි තීරණයක්..., හොඳම උදහරණය පොලිය අඩුකරපු නිසා ජර්මන් ආර්ථිකය 2006 සිට මේ දක්වා සිදුවුණු වර්ධනය.

:       0       42

BamunuarachchiThursday, 19 March 2020 12:34 PM

මිනිස්සුම වෙන්න ඕනේ නැහැ රජයත් බාන්ඩාගාර බිල්පත් නිකුත් කරලා බැංකුවලින් ණය ගන්නවා.

:       0       0

මුණසිංහ Thursday, 19 March 2020 01:42 AM

මෙය වෙනකම් අපට විශ්වාසයක් නැහැ. මෙතෙක් කල් මහ බැංකුව පොලී අඩු කළත් ඔවුන් අඩුකලේ තැන්පතු පොලිය විතරයි. ණය පොලී අනුපාත අඩු කලේ නැහැ. ඒ වාසියත් ගත්තා. මහ බැංකුව සෘජුව ඊට මැදිහත්විය යුතුයි. ඊට අමතරව විවිධාකාරයෙන් මුදල් අය කරගන්නවා. ඒ.ටී.එම්. කාඩ් එකට වාර්ෂික ගාස්තු කියලා එක එක ගණන් අය කරනවා. බැංකු පොත අප්ඩේට් කරනකොට තමා පේන්නේ ඒවා. ඒ ගැන ඇහුවාම එකඑක දේ කියනවා.

:       0       10

Rane Saturday, 21 March 2020 09:47 AM

බැංකු ප්‍රමාණයත් වැඩි බව හොඳටම පේනවා. ලාබ අධික නිසා නේද මේ...?

:       0       2

Ajith Kuma Monday, 30 March 2020 04:47 AM

පොළිය සියයට හැත්තෑපහකින් අඩුකිරීමට පියවර ගන්න. මේ අවස්ථාවේ එසේ නොකොළොත් සියලු ව්‍යාපාර ප්‍රබල අර්බුදයකට ලක්වෙනු ඇත. රජයේ බැංකුත්, ව්‍යාපාරිකයින් ඇතුළු සැමදෙනාම සූරන්කනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 21 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1924 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 643 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 135 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 209 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site