IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


‘ණයෙන් මිදෙන්න චීනය ලංකාවට උදව් කරනවා’

“ණය උගුලෙන්” මිදීමට චීනය, ශ්‍රී ලංකාවට උපකාර කරන බවත් රට සංවර්ධනය කිරීම සඳහා වරාය, මාර්ග සහ ජල සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා පවසා ඇත.

චීන - ශ්‍රී ලංකා ප්‍රායෝගික සහයෝගීතාව යන මැයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සහ විද්වතුන් පිරිසක් අතර කොළඹ දී පැවති සංවාදයක දී තානාපතිවරයා එම අදහස් පළ කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට සහ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවලට අනුව 2018 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 52 ක් බවත් ඉන්  චීනයෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6ක් බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා පවසා ඇත. ඒ අනුව එය සමස්ත ණය ප්‍රමාණයෙන් 11.5% කි.

අවස්ථා ගණනාවකදී බටහිර රටවලින් ඉහළ පොළී අනුපාතවලට ගත් ණය ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජය අඩු පොළී අනුපාත යටතේ චීනයෙන් ණය ගත් බවත් “ණය උගුලෙන්” මිදීමට එය උපකාරී වූ බවත් චීන තානාපතිවරයා එම සංවාදයේදී සඳහන් කර තිබේ. 

චීනය, ශ්‍රී ලංකාවේ විශාලතම විදෙස් ආයෝජකයා බවත් චීනය, ශ්‍රී ලංකාව තුළ ඉදිකිරීම් කටයුතු රැසක් සිදුකර ඇති බවත් චීන තානාපතිවරයා මෙම සංවාදයේදී සඳහන් කර තිබේ.

චීන සංචාරකයන් විශාල පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණෙන බව සඳහන් කර තිබෙන චීන තානාපතිවරයා චීන - ශ්‍රී ලංකා සහයෝගීතාව වර්ධනය වෙමින් පවතින බව ද සඳහන් කර ඇත.

2009 වසරේදී සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුවත් අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින්’ පසුවත් ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා ආධාර මෙන්ම ආරක්ෂාව ද සැපයූ බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ. 

(ෂිංහුවා ඇසුරිනි)

055



අදහස් (20)

‘ණයෙන් මිදෙන්න චීනය ලංකාවට උදව් කරනවා’

chandima Thursday, 31 October 2019 01:49 PM

වරාය, මාර්ග සහ ජල සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා කොහොමද ණය ගෙවන්නේ? ඒ වැඩවලට තවත් ණය ගන්න වෙනවා. ඒ ව්‍යාපෘතිවලට යන්ත්‍ර උපකරණ අමුද්‍රව්‍ය චීනෙන්ම ගෙනෙන්න වෙනවා. අන්තිමේ ලෝකෙට ණය වුනු අපි චීනට ණයවෙනවා. මේ වෙලාවේ අපි එකතුවෙන්න ඕන අපේ භාණ්ඩ මිලදී ගන්න වෙළඳපොළක් ඇති රටවල් සමග... නැතුව තරඟකාරී ලෙස ලෝකයට භාණ්ඩ නිපදවා බෙදාහරින රටවල් සමග නොවෙයි. යුරෝපය, ඇමෙරිකාව වැනි රටවල කම්කරු වැටුප් ඉහළ නිසා ඒ රටවලට තමන්ට අවශ්‍ය භාණ්ඩ බොහොමයක් පිටරටින් ගෙන්වන්න වෙනවා. ඒ රටවල් සමග මිතුරු වෙලා අපිත් ඉලෙක්ට්‍රෝනික උපාංග, සන්නිවේදන උපාංග, බෙහෙත් වර්ග, වැනි මිල අධික භාණ්ඩ වෙළඳපොළට ඇතුළු වුනොත් අපිත් ගොඩ... කවදාවත් කෘෂි අපනයනයෙන් නම් රට නන්වන්නටවත්, ණය පියවන්නටවත් බැහැ. චීනාට අහු නොවී රට ගොඩගන්න ක්‍රමයක් බලනවා නම් තමයි හොඳ...

:       166       432

anuraThursday, 31 October 2019 07:00 PM

ඔබතුමාගේ විග්‍රහය ඉතාම හාස්‍යජනකයි. මිනිසා කොතරම් දියුණු උනත් ට්‍රාන්සිස්ටර්, රෙසිස්ටර්, අයි.සී ආහාරයට ගන්න බැහැ. ලෝකයේ ජනගහනය ඉහළ යමින් පවතිනවා. එවිට ආහාර අවශ්‍යතාද දිනෙන් දිනම ඉහළ යනවා. ජපානය තාක්ෂණයෙන් කොතරම් දියුණු වුවත් කෘෂිකර්මාන්තය ඔවුන් අමතක කර නැහැ. නවීන විද්‍යාව හා තාක්ෂණය සමග අප ඉදිරියට යායුතු බව කවුරුත් පිළිගන්නා සත්‍යයක්. නමුත් ඒ නිසා කෘෂිකර්මාන්ත අමතක කළ යුතු යැයි සිතන්නේ නම් එය අනුවණ ක්‍රියාවකි. කෘෂිකර්මාන්තය කරන්නේ ආහාර නිෂ්පාදනය පමණක් නොවේ. බෙහෙත්, සහ තාක්ෂණයට අවශ්‍ය වන සමහර මූලික අමුද්‍රව්‍යයද නිෂ්පාදනය වනවා. පහුගිය කාලයේ ඔය මතය නිසා අටුව කඩලා පුටුව හදන්න ගිහින් ගොඩක් දෙනෙක් පස්ස බිම ඇනගෙනයි දැන් ඉන්නේ.

:       26       154

chandimaFriday, 01 November 2019 11:37 PM

කෘෂිකර්මය අමතක කරන්න කියලා කිව්වේ කවුද? කෘෂිනිපැයුම් අපනයනයෙන් හෝ ඒ ආශ්‍රිත නිපැයුම්වලින් පමණක් මේ ණය කන්දරාව ගෙවන්න බැරිබවනේ කිව්වේ... එ්ත් ඉතින් මේ ගොල්ලොත් එක්කලා මොන කර්මාන්තද..?

:       0       23

NAKSunday, 03 November 2019 08:11 AM

වරායෙන් මුදල් උපයන්නේ කොහොමද කියලා සිංගප්පූරුව දියුණු වූ හැටි සොයා බැලුවොත් ඔබට දැනගත හැකිවේවි...!!! වරායකින් වතුර විතරක් විකුණලා වුණත් ලොකුවට මුදල් උපයාගත හැකියි. අවශ්‍ය වන්නේ අනුන් කළ දේ නිසා එයට අපහාස කර එය විකුණා දමන නායකයන් නොව එය තව දියුණුකර රටට ප්‍රයෝජනවත් අාදායම් ලබන ව්‍යාපෘතියක් බවට පත්කළ හැකි නායකයෙක් සොයා ගැනීමයි.

:       100       74

sunil perera Thursday, 31 October 2019 07:27 PM

අපිට වසරකට අහිමිවී යන ලක්ෂ දෙකකට වැඩි තරුණ දරුවන්ගේ ඉගෙනුමට නුඹලා විශ්ව විද්‍යාල නවයක් පළාත් නවයට සාදා දෙන්නට ණය දෙනවානම් අපේ දරුවන්ගේ ශ්‍රමය ලෝක ශ්‍රම වෙළද පොළට ආයෝජනය කොට අපේ මේ ට්‍රිලියන දොළහා ගෙවා දමන්නට හැකිබව මගේ අදහසයි. ඒ සදහා ණය දෙන්නේනම් සහ අපේ රටේ බලධාරීන් ක්‍රියාත්මක වේ නම් 225ම නැතිව එක පරිඝණකයකින් මේ කටයුත්ත අති සාර්ථක අන්දමින් සිදුකළ හැකියි.

:       0       34

රජින්ද Thursday, 31 October 2019 09:08 PM

චීන ණයෙන් මිදෙන්න සහ ලෝකයේ කලාපීය රටවලට කරටකර සටනක් දෙන්න අපට අවම වියදමකින් උපරිම ඵලදායිතාවයක් ගෙනදෙන මූලිකම ස්වයංපෝෂිත ක්‍රමය තමයි දේශීය ගොවීන්ට උපරිම සහන දීලා මේ රටේ අත්හැර දමා තිබෙන කුඹුරු, ඊට ගැලපෙන ආදේශක භෝගවලින් උපරිමයෙන් අස්වද්දන එක. එවිට හේන් ගොවිතැන සහ බිහිසුණු වන විනාශය වළක්වාගන්න හැකි අතර, ඊට සමගාමීව අධ්‍යාපනය සහ අන්තර්ජාල පහසුකම දැවැන්ත වර්ධනයක් ඇතිකළ යුතුයි. ඔච්චරයි ඉස්සෙලම කරන්න තියෙන්නේ. එතැනින් එහාට හුඟක් දේවල් වෙනස් වේවි. ඔය ටික කරගන්න කොන්දක් ඇති නායකයෙක් සහ ශක්තිමත් ආණ්ඩුවක් ජනතාව විසින් බිහිකර දිය යුතුයි...

:       5       101

sudarman kanakapille Thursday, 31 October 2019 10:24 PM

බෝධි පූජාවක් තියලා පඬුරු තියා දෙවියන්ට කන්නලව් කරමු. මේ දවස්වල අපේ අනාගත ජනාධිපතිවරු පන්සල් යන තරම දැකලා දෙවියන් අපිට ණයෙන් ගැලවෙන්න මගක් කියා දෙන එක මට නම් 100%ක් ශුවර්...

:       0       103

ලුම්බිණි Friday, 01 November 2019 01:37 AM

ණයෙන් මිදෙන්න චීනය මේ දක්වා නම් ලෝකේ කිසිම රටකට උදව් කරලා නැහැ.

:       27       60

Bandara Friday, 01 November 2019 07:35 AM

චීනයට දෙවනි පාරටත් අහුවෙන්නයි යන්නේ.

:       19       50

lalithm Friday, 01 November 2019 07:37 AM

ණයෙන් මිදෙන්න උදව් කරන එකත් උගුලක්. මාරයි. චීන උගුල්. ලෝකේ පළවෙනි ආර්ථිකයයි, දෙවෙනි ආර්ථිකයයි දෙකම එක සමාන දේවල් දෙවිදියකට කරන රටවල්. අපි නිකම් නැටවෙනවා.

:       20       30

de silva Friday, 01 November 2019 10:48 AM

චිනේ අපට උදවු කරන්නේ කොහොමද කෝටි ගණනක චීන වැසියෝ දරිද්‍රතාවයෙන් පෙළෙද්දින්? සමහරු කන්ටේනර් වල නැගලා යුරෝපෙට යන්න ගිහින් එක රොත්තට 30-40 හුස්මගන්න බැරුව මැරෙනවා. අපේ නිෂ්පාදන වලට එහෙ වෙළදපලක් නැහැ. අපිට ඔවුන්ගේ නිෂ්පාදන වලට වෙළදපලක් ,ගුවන් තොටුපළ , වරායවල් , මාර්ග හදන්න ඔවුන් සහනාධාර දුන්නේ නැහැ. දුන්නේ 8% - 10 % වාර්ෂික පොලියට බැංකු ණය , කොන්ත්‍රාත් ඔවුන්ගේ රටේ ඉදිකිරීමේ සමාගම් වලට දෙන කොන්දේසි මත .නොරොච්චෝලේ වගේ අසාර්ථක ව්‍යාපෘති වලට වන්දි ලබාගැනීමට අපට හැකියාවක් නැහැ. අධිවේගී මාර්ගයෙත් ප්‍රමිතිය නම් ඉතා අඩු බව පෙනෙනවා. නමුත් දීපු සල්ලි වලට ණය සහ පොලියනම් ගෙවන්න වෙනවා. චීනෙට ව්‍යාපෘති දුන්නහම දේශපාලකයටනම් කොමිස් හොඳට ලැබෙනවා. බටහිර රටවලට දුන්නොත් කොමිස් ගහන්න ටිකක් අසීරු වෙනවා. චීන්නු පසුපස ගියොත් අපි අමාරුවේ වැටෙනවා. මාර්ග තදබදයක් නොමැති ප්‍රදේශ වල ඉවක් බවක් නැතිව වනය විනාශ කරමින් මුදල් ණයට ගෙන අධිවේගී මාර්ග තැනීම වැනි අනවශ්‍ය සංවර්ධන කටයුතු ඉදිරියට සීමා කිරීම අත්‍යවශ්‍යය වෙනවා.

:       0       25

kimSaturday, 02 November 2019 05:39 AM

කාට කියන්නද? අප්‍රිකාවේ රටවල් බොහොමයක් චීන ණය උගුලේ අහුවෙලා. ඒ ගොල්ලන් කරන්නේ ඒ රටවල ආර්ථික වැදගත් මර්මස්ථාන චීනයට විකුණන එක. අපේ හම්බන්තොට වරාය විකුණනවා වගේ..

:       0       26

NAK Sunday, 03 November 2019 08:23 AM

ණය යනු දෙපැත්ත කැපෙන පිහියක් වැනිය. ප්‍රවේශමෙන් පාවිච්චි කළයුතුය. ණය පරිභෝජනය සඳහා නොවේ ආයෝජනය සඳහා පමණි. ණය පරිබෝජනය කළහොත් ණය උගුලේ සිරවේ.

:       0       8

Kumara Friday, 01 November 2019 11:21 AM

චීනයේම කොටසක් කරගත්තා නම් ණයත් නෑ.. බයත් නෑ..

:       0       3

Nimal Saturday, 02 November 2019 06:26 PM

තව විකුණන්න තියෙන ඒවා ගණන් බලලාම ණය ගමු චීනෙන්. දැනටමත් කට්ටිය ගෝල්ෆේස් එක, වරාය චීනෙට විකුණලා ඉවරයි. තව තියෙනවා නම් විකුණමු චීනෙට. චීනේ අපිට ණය දෙන්න මග බලාගෙනයි ඉන්නේ.

:       0       11

NAK Sunday, 03 November 2019 08:19 AM

අප මෙය නැවතත් අපටම ලබා දෙන ලෙස චීනයෙන් ඉල්ලා සිටිය යුතුයි. ගත් මුදල් හා වියදම් කල මුදල් ණය වශයෙන් සලකා ගෙවා දැමීමේ කොන්දේසි මත මෙය නැවත අපවෙත හැකි ඉක්මණින්ම ලබාගත යුතුයි. හැටදෙලක්ෂයක මෝඩයන්ගේ පව්වලට ගෙවීමට සිදුවීම ස්වභාවිකයි.

:       0       0

NAK Sunday, 03 November 2019 08:26 AM

රනිල්ලා වගේ අයත් එක්ක මොන සංවර්ධනයද? ඇවිල්ලා ඉන්නෙම අපේ දේ විකුණගෙන උන්ට සැපෙන් ඉන්න...

:       14       0

Kumar Tuesday, 05 November 2019 07:05 PM

ලංකාවේ අය කියනව වාගේ වැඩක් කරනවානම් ණය අවශ්‍ය වෙන්නේ නැහැනෙ.

:       0       0

de silva Tuesday, 05 November 2019 07:40 PM

ඔය අධි වේගී මාර්ග හදන්න ගත්තු ණයවලින් අඩුම තරමේ 75% වත් ගෙවා ඉවරවනතුරු නව අධිවේගී මාර්ග ව්‍යපෘති ආරම්භ කරන්න එපා , රටේ මාර්ග තදබදයට විසදුම කැලේ කපමින් ඉවක් බවක් නැතිව මුදල් ණයට ගෙන අදිවේගී මාර්ග ඉදිකිරිම නොවේ. නගර හරහා දිවෙන ප්‍රධාන මාර්ග වලට විකල්ප ලෙස බයිපාස් මාර්ග ඉදිකර එම මාර්ග අසල වෙළද ව්‍යාපාර සහ නිවාස ඉදිකිරිම සම්පුර්ණයෙන් තහනම් කර මායිම් තාප්ප දැමීමය. එසේ කල නොහැකි ස්ථානවල කනුමත මාර්ගය ඉදිකිරීමය.

:       0       4

jayalal subasinghe Saturday, 09 November 2019 12:33 AM

සින්නක්කරව වික්කේ කව්ද? බදු දුන්නේ කව්ද කියලවත් දන්නේ නැතිද?

:       0       66

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 551 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 113 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 125 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 132 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 174 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


දිරිය කතුන් සවිබලගන්වන සිංගර් දිරි වියමන්
2024 මාර්තු මස 22 102 0

ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site