IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ආර්ථික කටයුතුවලදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාව දෙන්න’

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව යන දෙරටටම පොදු ඉතිහාසයක් පැවතීම, විශිෂ්ට ද්විපාර්ශ්වික දේශපාලන සබඳතා පැවැත්වීම හා බහුපාර්ශ්විය ක්ෂේත්‍රයේදී දෙරට සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීම යන කරුණු සැලකිල්ලට ගනිමින් ආර්ථික කටයුතුවලදී ශ්‍රී ලංකාවට නැවත වරක් ප්‍රමුඛතාව දෙන්නැයි විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඉකුත් දා ඉල්ලීය.  

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර ද්විපාර්ශ්වික දේශපාලන උදේශනවල ආරම්භ සැසිය අමතමින් රවිනාථ ආර්යසිංහ මහතා එම ඉල්ලීම කළේය. කයිරෝ අගනුවර පිහිටි ඊජිප්තු විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඉකුත් දා (12) එම සමාරම්භක සැසිය පැවැත්විණි.

ආසියාව සඳහා ඊජිප්තු සහකාර විදේශ අමාත්‍ය තානාපති හැනී සෙලීම් මහතා මෙම සැසිවාරයේ සම සභාපතීත්වය හෙබවීය.

ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපතිනි දමයන්ති රාජපක්ෂ මහත්මිය හා විදේශ සබඳතා අමාත්‍යාංශයේ හා කයිරෝහි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ නිලධාරීහු විදේශ ලේකම් ආර්යසිංහ මහතා සමඟ මෙම සාකච්ඡාවලට සහභාගී වූහ.

සහකාර අමාත්‍ය තානාපති සෙලීම් මහතා මෙහිදි ශ්‍රී ලංකා නියෝජිත පිරිස පිළිගත් අතර ඊජිප්තුව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන ඓතිහාසික සබඳතා සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.

ගෝලීය අභියෝගවලට මුහුණදීමේ දී අප දෙරට වසර ගණනාවක් මුළුල්ලේ එකිනෙකාට සහය දක්වා තිබීම හා වර්තමානයේ දෙරටම ත්‍රස්තවාදය මර්දනය කිරීමට උනන්දුවක් දැක්වීම පිළිබඳව අවධානයට ලක්කරමින්, වෙළඳ, අයෝජන, තාක්ෂණය හා දැනුම බෙදාගැනීම යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අපේක්ෂිත මට්ටමට දෙරටේ සබඳතා වැඩිදියුණු කළ යුතු යැයි ද හෙතෙම පැවැසීය.

නිදහස වෙනුවෙන් සටන් වැදි අහ්මඞ් ඔරාබි පාසා නම් ඊජිප්තු ජාතිකයා 1883 වසරේ දී ශ්‍රී ලංකාවට නෙරපා දැමීම මඟින් දිරිගැන්වුණු, ශතවර්ෂ ගණනාවක් ඉපැරණි වෙළෙඳ සබඳතා දක්වා වූ අතීතයකට දිව යන ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර පවතින සබඳතා 1956 සූවස් අර්බුදයේදීත්, අප්‍රිකානු විමුක්ති අරගලයේදීත් ඉන් අනතුරුව නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය පිහිටුවීමේ දී බහුපාර්ශ්වික හවුල්කාරීත්වයටත් දක්ෂිණ-දක්ෂිණ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේදීත් ශ්‍රී ලංකාව ලබා දුන් සහාය තුළින් ශක්තිමත් වූ බව ලේකම් ආර්යසිංහ මහතා සමාරම්භක සැසියේදී කීවේය. 

ගෝලීය ප්‍රජාව හමුවේ නැවත වරක් මධ්‍යස්ථ කාර්යභාරයක් ඉටු කිරීමට, බල කේන්ද්‍රවලට පක්ෂපාතී නොවී කටයුතු කිරීමට සහ සියලුම රටවල් සමඟ මිත්‍රත්වයෙන් කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂ ඉටු කරමින් සහ ඒවාට බාධාවක් නොවන අයුරින් මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් ඔස්සේ රට මෙහෙයවන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිඥා දී බවත් එවැනි සමයක මෙම දේශපාලන උපදේශන පවත්වන බවත් ආර්යසිංහ මහතා කීවේය.

පසුගිය මාස කිහිපය තුළ දී විදේශ අමත්‍යාංශය, 2014 වසරේ දී ශ්‍රී ලංකාව නිරීක්ෂක තත්ත්වය ලබාගත් අප්‍රිකානු සංගමයේ  රටවල් සමඟ සහයෝගීතාව තුළින් ශ්‍රී ලංකාවට ඉන්දීය සාගරයේ කේන්ද්‍රීය පිහිටිමක් ලබාදීමට උචිතවන වඩාත් පලදායී හා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන සබඳතාවක් උදෙසා අභිසාරීතාවලට හා ඉඩ ප්‍රස්ථාවලට විසදුම් ලබාදීම අරමුණු කර ගන්නා ”නැවත ප්‍රබෝධමත් කරන ලද අප්‍රිකානු ප්‍රතිපත්තියක්” ක්‍රියාත්මක කිරීමද ආරම්භ කර තිබේ.

1980 ගණන්වලදී ඊජිප්තුවේ තේ අවශ්‍යතාවයෙන් සියයට 60ක් සපුරන ලද්දේ ශ්‍රී ලංකාව වන අතර ඉහළ බදු පැනවීමෙන් හා පසුව අප්‍රිකානු කලාපීය වෙළෙඳ කණ්ඩායම් නිර්මාණය වීමෙන් අනතුරුව එම අගය සියයට 5 දක්වා පහත වැටී තිබේ. කෙසේ වෙතත් ඩිල්මා, සුපර් ෆයින්, අක්බාර්, ඉම්ප්‍රා සහ ජේ.ඒ.එෆ්.එෆ් වැනි ප්‍රමුඛ පෙළේ තේ වෙළෙඳ නාම යටතේ ඊජිප්තුවේ විචක්ෂණ තේ රසඥතාවලට අඛණ්ඩව උසස් ගුණාත්මකභාවයකින් යුත් මිල අධික විශේෂ තේ ලබාදෙන අතර එය පුළුල් කිරීමේ අවශ්‍යතාවයක් පවතී.

ඊජිප්තුව, ශ්‍රී ලංකාවේ කැපු පොල් සඳහා විශාලතම වෙළඳපොළක් වන අතර ඒවා එහි රසකැවිලි කර්මාන්තයට යොදා ගැනේ. මීට අමතරව, රබර් නිෂ්පාදන, හම් නිෂ්පාදන, කුළු බඩු, කොහු නිෂ්පාදන, රසකැවිලි, කොකෝවා හා කොකෝවා ආශ්‍රීත නිෂ්පාදන පෝසිලේන් හා පිඟන් භාණ්ඩ ශ්‍රී ලංකාව ඊජිප්තුව වෙත අපනයනය කරයි.

රසායන ද්‍රව්‍ය හා ප්ලාස්ටික් නිෂ්පාදන, ලෝහ ආශ්‍රිත නිෂ්පාදන පොහොර, තෙල් හා නැවුම් පළතුරු ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ඊජිප්තුවෙන් ආනයනය කරන භාණ්ඩ අතර වෙයි. මෙම සාකච්ඡාවලදී, වර්ධනය කිරීමට ඉඩ කඩ තිබෙන ක්ෂේත්‍ර වශයෙන් සංචාරක ක්ෂේත්‍ර හදුනාගෙන ඇති අතර තිරසර ආයෝජන ගලන සහතික කරලීම සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳව ද ආරම්භක සැසියේදී සාකච්ඡා කරන ලදි.

මේ සඳහා, 2004 දී මුලින් ම පිහිටුවන ලද ඊජිප්තු - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය නැවත පණ ගැන්වීමටත්, අවසාන වරට 2002 වසරේ දී කැඳවන ලද වෙළඳ හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ කොමිෂන් සභාව නැවත කැඳවීමටත් එකඟතාව පළ කරන ලදි.

දෙහි, දෙළුම්, අඹ, රට ඉඳි වගා කිරීම සඳහා ඊජිප්තුවේ තාක්ෂණික සහාය ලබා ගැනීමට හා කෘෂිකර්මය පිළිබඳ ඊජිප්තු ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පුහුණු ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව සමාලෝචනය කරන ලද අතර අන්නාසි, රත් කෙසෙල්, අනෝදාවලින් රෝපණ ද්‍රව්‍ය ලබාගැනීම පිළිබඳව ඊජිප්තුව උනන්දුවක් දක්වයි.

කෘෂිකර්මය, සංචාරක, රෙදිපිළි හා ඇගළුම් කර්මාන්ත, සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ, තෙල් පිරිපහදු යන ක්ෂේත්‍රවල අයෝජන සිදු කරන ලෙස ඊජිප්තුව ශ්‍රී ලාංකික අයෝජකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

කොළඹ වරාය නගරයේ ආයෝජන කරන්නැයි ද ශ්‍රී ලංකා රජය ඊජිප්තු ආයෝජකයන්ට ආරාධනා කර තිබේ.  

ත්‍රස්තවාදය, අන්තවාදය හා දේශ සීමා ඉක්මවා සිදු කරන අපරාධ මර්දනය කිරීමට සාමූහික ප්‍රයන්ත දැරීම 1996 දී අත්සන් තබන ලද ආරක්ෂක සහයෝගීතා ගිවිසුම නැවත සක්‍රීය කිරීම පිළිබඳව හා ගැටුම් සමථයකට පත් කිරීම, සාම සාධක කටයුතු හා සාමය ගොඩනැඟීම පිළිබඳ කයිරෝ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ සාම සාධක කටයුතු පිළිබඳවත්, ශ්‍රී ලංකාවේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දී හා වෙනත් පුහුණු ආයතනවලදී ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිළිබඳවත්, පුහුණු අවස්ථා පිළිබඳ මෙන් ම මිනිස් ජාවාරම හා මත්ද්‍රව්‍ය  නීතිවිරෝධි ලෙස ප්‍රවාහනය කිරීම වැළැක්වීම සම්බන්ධයෙන් ඊජිප්තු බලධාරීන් සමඟ තොරතුරු හා පළපුරුද්ද බෙදා හදා ගැනීමට සඳහා කේන්ද්‍රස්ථානයක් පිහිටුවීම පිළිබඳවත් ආරක්ෂක සහයෝගීතාවට අදාළව සාකච්ඡා කරන ලදී.

වෛද්‍ය සංචාරක කටයුතු සංවර්ධනය කිරීම සඳහා දැනුම ලබා ගැනීමට හා ඊජිප්තුවේ ලෝක යෞවන සංසඳයට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ සහභාගිත්වය වැඩි කිරීම තුළින් දෙරටේ තරුණ තරුණියන් අතර සබඳතා ගොඩනැඟිමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලදී.

ඉස්ලාමීය ආගමික අධ්‍යාපනයේ වත්මන් අධ්‍යාපන සහයෝගීතාව පුළුල් ලෙස පදනම් කර ගැනීමේ වැදගත්කම, වෛද්‍ය විද්‍යාව, කළමනාකරණය, විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ පුරාවිද්‍යාව යන විෂයවලට අදාළව ඊජිප්තු විශ්ව විද්‍යාලවලට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අවධාරණය කරන ලදි.

ඊට අමතරව උපාධි අපේක්ෂක අවස්ථා දෙකකුත් උපාධි අවස්ථා හයකුත් ප්‍රදානය කිරීමට ඇති අවස්ථා සලකා බැලීම සඳහා ඊජිප්තු පාර්ශවය කෙටුම්පත් කරන ලද අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කරන ලදි.  

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව ගෝලීය ගැටලු පිළිබඳ සම අදහස් දරන බව හා බහුපාර්ශ්වීය සංසඳවල දී සමීප සහයෝගීතාවක් පවත්වාගත් බව හදුනාගනිමින් මුහුණදෙන පොදු ගෝලීය අභියෝග අවබෝධ කර ගැනීම සඳහා දෙරටේ කනිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සඳහා ඩිප්ලෝමා පුහුණු පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව ද ආරම්භක සැසියේදී සාකච්ඡා කරන ලදි.

නියෝජිත කණ්ඩායම් දෙක ආරම්භක සැසියේදී ජාත්‍යන්තර සංසදවලදී හා ඊජිප්තුව වර්තමාන සභාපතීත්වය උසුලන අප්‍රිකානු සංගමය තුළ දී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා අනුගමනය කළ යුතු යෝජිත වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් සමාලෝචනයක් කරන ලදි.  

මැද පෙරදිග හා අප්‍රිකාවේ මෙන්ම අසියාවේ ප්‍රවණතා හා ඊජිප්තුව හා ශ්‍රී  ලංකාව සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කරන නිරායුධකරණය, සංක්‍රමණය, මානව හිමිකම් හා තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම ඇතුළු වර්තමාන ජාත්‍යන්තර ගැටලු විශාල සංඛ්‍යාවක් පිළිබඳව දක්වන පොදු අදහස් හා මත ද මෙහිදී සාකච්ඡා කරන ලදී.
කයිරෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් (වාණිජ) ශිවන්ති අබේරත්න, දෙවැනි ලේකම් අනෝද්‍යා චිරස්රී සහ ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යාංශයේ අප්‍රිකා අංශයේ සහකාර අධ්‍යක්ෂ තුලාන් බණ්ඩාර යන මහත්ම මහත්මීහු දේශපාලන උපදේශනය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට ඇතුළත් වූහ. 

 055



අදහස් (0)

‘ආර්ථික කටයුතුවලදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාව දෙන්න’

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 65 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 45 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 107 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 70 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site