‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන් හඳුනාගැනීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා හේමාස් සමාගම කොළඹ ජාතික රෝහලට පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් පරිත්‍යාග කර ඇත.
හේමාස් සමාගම වෙනුවෙන් හේමාස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රය පරිත්‍යාග කළ අතර කොළඹ ජාතික රෝහල වෙනුවෙන් ශ්‍රී ලංකා හෘදරෝග විද්‍යාලයේ හිටපු සභාපති සහ ජාතික රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ස්ටැන්ලි අමරසේකර මහතා යන්ත්‍රය බාර ගත්තේ ය.
විවිධ බරපතළ රෝගී තත්ත්වවල සිටින රෝගීන් හඳුනාගනිමින් ඔවුන් කඩිනම් ප්‍රතිකාර සඳහා යොමුකර වයිරසය ආසාදනය වී ඇත්නම් ඔවුන්ට සාර්ථකව ඊට මුහුණ දීම සඳහා සූදානම් කිරීමට මේ මගින් අවස්ථාව උදා වනු ඇතැයි හේමාස් සමාගම සඳහන් කරයි.
එම කාලීන අවශ්‍යතාව හඳුනාගනිමින් කොළඹ ජාතික රෝහලට මෙම නවීන පී.සී.ආර් පරීක්ෂණ යන්ත්‍රය හේමාස් සමාගම කියයි.කොළඹ ජාතික රෝහලෙන් කරන ලද ඉල්ලීමකට අනුව හේමාස් සමාගම මෙම පරිත්‍යාගය කර තිබේ.
ඉල්ලීම පිළිගෙන කෙටි කාලයක් ඇතුළත මෙම යන්ත්‍රය රෝහලට ගෙන්වා දීම සම්බන්ධයෙන් හේමාස් සමාගමේ කළමනාකාරීත්වයට ස්තූතිය පළ කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ස්ටැන්ලි අමරසේකර මහතා කීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය අමරසේකර මහතා මෙසේ ද කීය.
‘‘ජාතික රෝහල මෙතෙක් ‘කොවිඩ්-19’ වයිරසයට ප්‍රතිකාර කරන විශේෂ රෝහලයක් ලෙස වර්ගීකරණය කර නොතිබූ නිසා මින් පෙර පී.සී.ආර් යන්ත්‍රයක අවශ්‍යතාවක් මතු වූයේ නැහැ. මෙම යන්ත්‍රය හරහා පරීක්ෂණ රෝහල තුළ ම සිදු කිරීමට හැකිවන බැවින් එමගින් බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට ඇති පීඩනය යම් තරමින් අවම කර වයිරසය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා අපට ඇති හැකියාව තවදුරටත් වර්ධනය වනවා."
මෙහිදි අදහස් දැක්වූ හේමාස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය මෙසේ කීවාය.
‘‘සමස්ත රටම මෙම වසංගත තත්ත්වයෙන් මිදීම සඳහා එක්ව කටයුතු කරන මේ මොහොතේ හේමාස් සමාගම ද ශ්‍රී ලංකා රජයටත්, මහජන සෞඛ්‍ය පද්ධතියටත් අවශ්‍ය සහයෝගය ලබා දීමට අඛණ්ඩව කැපවනවා. වසර ගණනක් පුරා හේමාස් සමාගම මෙරට පවුල් අතර සෞඛ්‍යසම්පන්නව ජීවත් වීමේ අභියෝගය යතාර්ථයක් බවට පත් කිරීම සඳහා වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස කටයුතු කර තිබෙනවා. අප ඉදිරියේ ඇති අභියෝගය ජය ගැනීම සඳහා එකාවන්ව එක්වන ලෙස අපි සියලු ශ්‍රී ලාංකිකයන් හට ආරාධනා කර සිටිනවා."
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික රෝහලේ සහ හේමාස් සමූහයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
055
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හේමාස් සමූහයෙන් කොළඹ ජාතික රෝහලට පී.සී.ආර්. යන්ත්‍රයක්
Kamal Koyrala Thursday, 24 December 2020 09:31 AM
බොහොම හොදයි... හැබැයි පැණි බීලා... මුට්ටි හැලුවා වගේ මෙ පරිත්‍යාගයත් බිල්ලට දෙන්න එපා....
Abaran Friday, 25 December 2020 01:32 AM
නොදකිං... රට බංකොළොත් වුණාට පාර්ලිමේන්තුවේ ඉන්න අය බංකොළොත් නැහැනේ...
kamal Thursday, 31 December 2020 08:16 AM
යන්තරෙ නොමිලේ... අපෙන් පරීක්ෂණ කට්ටල සල්ලි දීලා ගන්න.