ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සඳහා පාරිභෝගිකයන් අතර ජනප්‍රිය හච්, කාලීන අවශ්‍යතාවලට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් නිවසේ සිට අධ්‍යාපන හා කාර්යාල කටයුතු කර ගැනීමට අවශ්‍ය ඩෙටා සැලසුම් රැසක් පසුගියදා හඳුන්වා දුන්නේය. වැඩිවෙමින් පවතින අවශ්‍යතාවක් වන ඔන්ලයින් පන්ති සහ දේශනවලට ප්‍රවේශ වීමට අවශ්‍ය අන්තර්ජාල පහසුකම් දැරිය හැකි මුදලකට මෙලෙස හඳුන්වා දී ඇතැයි හච් සමාගම සඳහන් කරයි.
මෙමගින් නිවසේ සිට අධ්‍යාපන කටයුතු කිරීමට රු.29ක් හා රු.69ක් වැනි සුළු මුදලකටData සැලසුම් දෙකක් හඳුන්වා දී ඇති අතර රු. 29 පැකේජය ඩෙටා 2 GB කින් සහ දින දෙකක වලංගු කාලයකින් ද රු. 69 පැකේජය ඩේටා 7 GBකින් සහ දින හතක වලංගු කාලයකින් ද සමන්විත වේ. මෙම සැලසුම් ද්විත්වය මගින්ම ZOOM, Microsoft Teams, Google Meet, Google Classroom වැනි අධ්‍යාපනික කටයුතු සඳහා යොදා ගන්නා App සඳහාද web browsing සඳහාද ප්‍රවේශය ලබා දෙයි.
හච් රු 551 කට Zoom App සඳහා විශේෂිත වූ පැකේජයක්, අධ්‍යාපන හා කාර්යාල කටයුතු වෙනුවෙන් දැනටමත් හඳුන්වා දී ඇති අතර එය Anytime data 20GB කින් හා දින තිහක වලංගු කාලයකින් සමන්විත වේ. මෙය පෙරගෙවුම් හා පසුගෙවුම් යන පාරිභෝගිකයන් ද්විත්වයටම සක්‍රීය කරගත හැකි අතර අතර අනෙකුත් අධ්‍යාපනික කටයුතු සඳහා යොදා ගන්නා App සඳහා ප්‍රවේශයද, You Tube සඳහා අසීමිත ප්‍රවේශයක් ද හිමිවීම අමතර ප්රතිලාභයකි.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හච් වෙතින් නවතම ඩෙට සැලසුම් රැසක්
anula Wednesday, 17 March 2021 08:57 AM
ලෝකෙ කොහෙවත් නැහැ...