(මොහොමඩ් ආසික්)
ගම්මිරිස් කුරුඳු ඇතුළු සුළු අපනයන බෝග නවයක් ආනයනය කිරීමත් ප්‍රති අපනයනයත් වත්මන් රජය විසින් තහනම් කිරීමට ගත් තීරණය නිසා මේ වන විටත් ගම්මිරිස් මිල ඉහළ ගොස් ඇති බවත් ඉදිරියේදී ගොවීන්ට තවත් සහන ලැබෙනු ඇති බවත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේත්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පි. හීන්කෙන්ද මහතා කීය.
පේරාදෙණියේ පිහිටි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී අද (09) සවස මාධ්‍ය වෙත මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා එසේ කීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
‘‘පසුගිය දෙසැම්බර් පස් වනදා මුදල් අමාත්‍යාංශය මගින් අපනයන කෘෂි භෝග සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක් නිකුත් කළා.
අපනයන භෝග නවයක එනම් කුරුඳු, ගම්මිරිස්, සාදික්කා, කරාබු, ඉඟුරු, කහ, සියඹලා ඇතුළු භෝග නවයක් ආනයනය කිරීමත් නැවත අපනයනය කිරීමත් සම්පූර්ණයෙන් තහනම් කරල තියෙනවා. ඒ අනුව මේ බෝගවල විදෙස් නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙන එන එක නවත්වලා තියෙනවා.
වත්මන් රජය මේ ගත්ත තීරණය ඉතාමත් වැදගත් තීරණයක් වෙනවා. ශ්‍රී ලංකාවේ වගා කරනු ලබන මෙම බෝගවල තියෙන සංඝටකවලට හොඳ මිලක් තියෙනවා. ඒවයේ තියෙන තෙල් ප්‍රමාණය වැඩියි. ඒවායේ තියෙන සංඝකවල තත්වය ඉතා පොහොසත්. නව රජයේ මෙම තීරණයත් සමඟ දේශිය නිෂ්පාදනවලට හොඳ තැනක් මෙමගින් ලබා දීලා තියෙනවා.
ප්‍රධාන වශයෙන් දේශිය ගොවියාගේ ආර්ථිය ශක්තිමත් වීම මෙයින් සිදු වෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් රුපියල් 450 කට තිබුණ ගම්මිරිස් මිළ දැන් රුපියල් 800 ක් වෙනකම් නැඟල තියෙනවා. සාමානත්‍යයෙන් එකට එකක් වගේ වැඩි වෙලා තියෙනවා.
මේක ආරම්භයක් විතරයි ඉදිරියේදී තව දුරටත් ආනයනය කිරීම් නැවතීමත් සමඟ දේශිය නිෂ්පාදනවල මිල ඉහළ යනවා.
එමගින් දේශිය ගොවියාගේ ආර්ථික තත්වය ශක්තිමත් වෙනවා.එහෙම වුනහම සියලු ගොවීන් වැඩි වැඩියෙන් වගා කරන්න නැඹුරු වෙලා වැඩි අපනයන ආදායමක් අපට ලබා ගන්න පුළුවන්‘‘ වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සුළු අපනයන භෝග ආනයනය තහනම් කිරීමෙන් ගම්මිරිස් මිල වැඩිවෙලා
shantha Monday, 09 December 2019 08:27 PM
හොඳ තීරණයක්. ගොවියට මුදල් ලැබෙනකොට ඔහුගේ මිලදී ගැනීමේ ශක්තිය වැඩි වෙනවා. එමගින් රටේ වෙනත් කර්මාන්ත හා නිෂ්පාදන වලට ඉල්ලුමක් ලැබෙනවා .
Warnakulasuriya Tuesday, 10 December 2019 03:07 AM
මෙම නිලධාරි මහතුන් තේරැම් නොගත් දෙයක් මෙහි සඳහන් කළ යුතුව ඇත. මීට පෙරත් ගම්මිරිස් මිල ඉහළ ගිය මොහොතක ගොවි මහතුන් එම වගාවට නැඹුරු වුනා. එහෙත් පසුගිය තත්ත්වයට මුහුණ දීමට ඔවුන්ට සිදුවුනා. ගම්මිරිස් වගාව කෙටිකාලීන බෝග වගාවක් නොවේ. මේ නිසා ඇමතිවරැ මාරැවෙන සහ ආණ්ඩු මාරැවෙන කොට ගොවි මහතුනුත් බෝගය මාරැ කළ යුතුද? පළමුව ප්‍රතිපත්තියක සිට කටයුතු කිරීමට මේ නිලධාරින් නීති සකස් කර ගත යුතුව ඇත. ලොවම පිළිගන්නා ශ්‍රී ලංකාවේ දුෂිත දේශපාලනයට මුහුණදීමට රාජ්‍ය නිලධාරින්ට කොන්දක් තිබුනේ නම් අද වැනි අවාසනාවන්ත තත්ත්වයකට ශ්‍රී ලංකාව පත්වෙන්නේ නැත.
රවින් Tuesday, 10 December 2019 05:02 AM
නිලධාරීන්ට පමණක් වරද පටවන්න එපා. මොලයක් නැති කඳක් හා විශාල බඩක් තියෙන ඔලමොට්ටල දේශපාලුවන්ව පත් කරලා යවන අපිත් වගකියන්න ඕනේ. තමන් පත්කරන්න යන්නේ දේශපාලුවෙක්ද? නැතිනම් දේශපාලකයෙක්ද ? කියන වග තේරුම් ගෙන තම වටිනා ඡන්දය අනාගතයේදී පාවිච්චි කලොත් අපට අනාගතයේදී දුක් විඳින්න වෙන එකක් නැහැ, නිලධාරින් කියන දේ හරියට විශ්ලේෂණය කර තේරුම් ගැනීමේ හැකියාව නොමැති දේශපාලුවන්ගෙන් අපට හෝ රටට වැඩක් නැත. " අපි හඳෙන් හරි හාල් ගෙනල්ලා උබලට කන්න දෙනවා " කියපු ගමන් ඡන්දය දෙන්න එපා. අනික් පැත්ත හැරිලා සල්ලි කොහෙන්ද? හදේ කුඹුරු තියනවාද? කියලාවත් අහන්න පුරුදු වෙන්න.
duminda Tuesday, 10 December 2019 05:32 AM
ගොවියට හොඳ මිලක් ලැබෙනවා වගේම පරිබෝගිකයා ගැනත් බලන්න ඕනි , සමස්ත ජනතාවගෙන් 1% ටත් අඩු ගම්මිරිස් ගොවියා වෙනුවෙන් 99% උන පාරිබෝගිකයන් පීඩාවට පත්වෙන එක වලක්වන්න. දේශීය පරිභෝජනය වෙනුවෙන් සාධාරණ මිලක් දෙන්න පුළුවන් නම් හොඳයි.
Warnakulasuriya Tuesday, 10 December 2019 06:56 AM
සියල්ල විනාශයට ඔබේ තර්කය හේතුවෙලා තිබෙනවා. පුවක් ගහක් හෝ වැටමාර ඉන්නක් පැළ නොවන දේශගුණයක් ශ්‍රීලංකාවේ නොමැති තරම්. ගම්මිරිස් වැලක ඵලදාව ගෙදරකට හොඳටම සෑහෙනවා. ජනතාව එතනට තල්ලු නොකළොත් සැමදා ණයට කන, හිඟමනෙන් යැපෙන්නට සිදුවෙනවා. ඔය කියන පාරිභෝගිකයා තමන්ගේ ගෙමිදුලක් වෙනුවෙන් ජලය, විදුලිය, පොහොර, සහ ශ්‍රමය කොපමණ වැය කරනවාද? එය ඔහුට බරක් නොවීම තේරුම් ගත නොහැකියි.
dumindaTuesday, 10 December 2019 08:42 AM
මිල වැඩි වීමත් එක්ක පරිභෝජනය අඩු වෙන එක සරල සිද්ධාන්තයක්. එතකොට ගොවියා ශක්තිමත් කළ යුත්තේ දේශීය වෙළද පොලෙන් විතරක් කියල හිතනවානම් එක කවදාවත් වෙන්නේ නෑ. හොදයි හෙමෝම වගා කළා කියමු. එතකොට දේශීය වෙළද පොළ හෝටල් සහ ආපනශාලා වලට සීමා වෙනවා. වෙන්න ඕනි දේශීය පරිභෝජනය දිරිමත් කරන ගමන් අපනයනය වැඩි කිරීමයි.
අප්පුහාමිWednesday, 11 December 2019 04:49 AM
වර්ණකුලසූරිය මහතා ඉතාම නිවැරදියි කියන්න පුළුවනි. දැන් කාලයේ ගම්මිරිස් වැල් පමනක් නොවේ පඳුරු ක්‍රමයටත් වවන්න පුළුවන්. ඒ නිසා ගෙදර මල් පෝච්චියක වුවත් ගම්මිරිස් පඳුරක් දෙකක් හදාගන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. එහෙම කළොත් පාරිභෝගිකයාත් රැකෙනවා.
c.Fernando. Tuesday, 10 December 2019 07:43 AM
හොඳ තීරණයක්. වගාකරුවන් අතට මුදල් ලැබෙනකොට මෙතෙක් කල් ඔහුට නොලැබුණු ලාබයක් ලැබීමම වගාව තව තව වැඩි කරගන්න ඉබේම පෙළඹෙන සත්‍යක්. ඔහුගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. හැම වගාකරුවෙක්ම බලාගෙන සිටියේ ඕකට තමයි. ලොවම පිළිගන්නා ශ්‍රී ලංකාවේ දුෂිත දේශපාලනයට මුහුණදීමට අවංක රාජ්‍ය නිලධාරින්ට හැකියාවන් තිබුනේ නම් අද වැනි අවාසනාවන්ත තත්ත්වයකට ශ්‍රී ලංකා ගමමිරිස් පත්වෙන්නේ නැති බව ඉතාම ප්‍රචලිත කරුණක්.
චමින්ද Wednesday, 11 December 2019 04:55 AM
හීන්කෙන්ද මහතාණෙනි, නොදන්නා නිසා අහන්නේ මෙම සුළු අපනයන ද්‍රව්‍ය මෙරටට මුලින්ම ගෙනවිත් ප්‍රතිඅපනයනය පටන්ගත්තේ කවදා සිටද ? කාගේ යෝජනාවක් අනුව ක්‍රියාත්මක කළ දෙයක්ද ? රටට පැහැදිලි කරන්න.