(කාංචන කුමාර ආරියදාස)
සීගිරිය නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයන්ට එල්ල වන බඹර ප්‍රහාර වලින් ආරක්ෂා කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල හා පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව සිංහ පාදය ආසන්නයේ යකඩ බට සිටුවා කොහු ලණු වලින් සැකසූ දිගැති ලණු වලින් සැකසුණු දිග පැදුරක් වැනි දෙයක් එල්ලා ඇති ආකාරය දැක ගැනීමට හැකි විය.
මෙම බඹර ආවරණය ඉදිකිරීම් කටයුතු 27 වැනි දා අවසන් වූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘතියේ නිලධාරීහු පවසති. පසුගිය කාලයේ දිගින් දිගටම දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරිය සිංහ පාදය ආසන්නයේදී බඹර ප්‍රහාර වලට ලක්වන්නට සිදු විය.
පරිසර අමාත්‍යාංශයේ නියමු ව්‍යාපෘතියක් ලෙස බඹර කලාප සහ සංචාරක කලාප වෙන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවත් මෙම ලණු පැදුරු දිගේ බොකල වැල් සිටුවා බඹර කලාපයක් සහ සංචාරක කලාපයක් වෙන් කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
බොකල නැමති වැල් මේ සඳහා උපයෝගී කර ගැනීමට පරිසර පරීක්ෂණ කණ්ඩායමක් ඉදිරිපත් වී සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිගිරි බඹරු මට්ටු කරන්න බොකල වැල් කලාපයක්
kumar (galf) Tuesday, 29 August 2017 06:04 AM
මේකත් තව පිස්සු වැඩක් වගෙයි පෙනෙන්නේ.
rasika Tuesday, 29 August 2017 10:34 AM
කුකුළු දැල් වැනි දැලකින් ගමන් මග ආවරණය කරන්න . අව්වත් අඩු වෙනවා .
azaam Wednesday, 30 August 2017 01:40 PM
අනේ මෙහෙමත් ගොන් වැඩ. පය බරවාවට පිටකර බෙහෙත් බැන්දාසේ. සීගිරියේ තියෙන ලස්සන නැතිවෙනවා ඔය කරපු වැඩෙන්. කම්බි බට දාලා කොච්චර කැතද? වෙන කරන්න දෙයක් තිබ්බේම නැද්ද?
perakumSunday, 17 September 2017 10:25 AM
හරියට හරි අසාම් නියම වැඩක්...! ඔය කියන "බොකල වැලේ" ඇති විශේෂ තත්වය මොකක්ද? ඒ හරහා බඹරුන්ට එන්න බැරිද? මොකක්ද මේ නාස්තිකාර වියදම? අපේ සල්ලි නේද...! පරිසර අමාත්‍යාංශයේ ඉන්න රට ගිහින් ඉගෙන ගෙන ආපු ලොකු මහත්තුරුන්ට වඩා අපේ ගමේ ඉන්න ගම මහත්තුරුන්ගෙන් ඇහුවානම් මේකට හොඳ පිළියමක් කියාවි. ඒත් ඉතින් අපේ දේවල් අපට අගයක් නැහැ නේ...!