IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සහල් හිඟය මවාපෑමක් බව මෝල් හිමියෝ කියති

කාංචන කුමාර ආරියදාස

කෘත්‍රිමව මවා පා ඇති සහල් හිඟය නිසා රටේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල්  සීයට අනූනමයක්  වසා දමා ඇතැයි සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරයි.
 
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රමුඛ කණ්ඩායම එක්ව මෙම මාධ්‍ය හමුව පැවැත්වූහ.
 
මාධ්‍ය හමුව ඇමතූ සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා කියා සිටියේ පසුගිය කාලයේ ඇතිවූ නියඟය හේතුවට වඩා මහා පරිමාණ ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට හසුවී සහල් නිෂ්පාදනය කරන මුවාවෙන් මහා පරිමාණ වී මංකොල්ලයක් සහ සහල් මංකොල්ලයක් සිදු කරන බවයි.
 
ලංකාව පුරාම සිටින සුළු  හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ  ආයතන වසා දැමීමට සිදුව ඇති බව ද ඔහු  පෙන්වා දුන්නේ ය. එමෙන්ම සහල් මෝල් ආශ්‍රිතව සේවය කළ විසිපන්දාහක් පමණ පිරිසකගේ රැකියා අහිමි වී ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය. එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සිය ව්‍යාපාර වැඩි දියුණු කිරීම සඳහා ලබා ගත් ණය මුදල් ගෙවා ගැනීමට නොහැකිව අසරණවී සිටින බව ද හෙතෙම කීවේය.



අදහස් (5)

සහල් හිඟය මවාපෑමක් බව මෝල් හිමියෝ කියති

රාජේශ් ඛන්නා Tuesday, 12 December 2017 08:24 PM

සහල් මෝල් වැඩිහරියක් වහල නම් සහල් හිඟයක් ඇති වෙන්නම ඕනනෙ.

:       2       3

Senarath Wednesday, 13 December 2017 03:26 AM

මේක මේ අය විසින් සැලසුම් සහගතව කරන දෙයක්.. මහාපරිමාන මෝල් 2,3ක් ඉතුරුවෙලා අනික් ඒවා වසා දැමීම සහ පිටරටින් ගේන්න සහල් වලින් කිසිම වෙහෙසක් නැතිව මුදල් ඉපයීම මේකේ අරමුණ....රජයත් හොරාට නිදා ගන්නවා...විශාල මෝල් හිමිකරුවෝ දේශපාලඥයෙකුගේ සහෝදරයෝ.......එහෙම නැත්නම් ඇමතිලා...

:       3       18

dileepa jayaruwan Thursday, 14 December 2017 05:26 AM

කවුරු කොහොම කිව්වත් ජනතා විමුක්ති පෙරමුණට විශේෂ ලැදියාවක් ජනාධිපති තුමාගේ තියෙනවා. ඇරත් ඔය මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් ගැන එතුමාගේ දැක්ම මොකද්ද කියල ජනතාවට එතකොට බලාගන්න පුළුවන් වෙයි.......... මොන විදියකින් හරි අපේ ජනතාවට යහපතක් තමා අපි බලාපොරොතු වෙන්නේ.

:       2       9

jeewa Friday, 15 December 2017 04:32 PM

මේ ලිපියට අදාල නැති වුණත් මෙය පලකරාවි කියා සිතනවා. පාරේ විකිණීමට තියන කපපු කොස්, (මැල්ලුම්) අරගන්න එපා. දරුවන්ට දෙන්න එපා. කොස් වල කහට පිපෙන එක නවත්තන්න රසායනික දියර වතුරකට කොස් දාලා තමයි පාර්සල් කරලා විකුණන්නේ... ගැබිණි මව්වරු, වයසක, බාල කාගේ වුණත් ජීවිත අනතුරේ, මෙය බොරුවක් නොවේ. චර්ම රෝග වෛද්‍යවරයෙක් පවසපු දෙයක්... කොතරම් බෙහෙත් කරත් හොඳ වෙන්නැති නිසා දොස්තර අහලා තියනවා විස්තරේ.... පසුව අමාරුවෙන් දොස්තර මහත්තයා වෙළෙන්දාගෙන් අහලා දැනගත්තු දෙයක් තමයි මම ඔයාලට කිව්වේ...

:       2       8

ajith Thursday, 21 December 2017 04:32 AM

අසරණ ගොවීන්ගේ විශ්‍රාම වැටුප අවුරුදු දෙකක් තිස්සේ මහින්ද ජනපති කාලේ නොගෙවා ඉන්න කොට මේ ගොවි සම්මේලන ලේකම්ලා උද්ඝෝෂණ කලෙත් නැහැ. මාධ්‍ය සාකච්චා තිබ්බෙත් නැහැ. දැන් වැස්සත් පාරට , පැවුවත් පාරට බැහැගෙන පාරවල් අවහිර කරනවා.

:       2       2

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 26 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1970 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 645 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 135 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site