IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සරසවි අනධ්‍යයන සේවක වර්ජනයෙන් ග්‍රාමීය ආර්ථිකයට බලපෑම්

(ප්‍රින්ස් රත්නායක)
රට පුරා ක්‍රියාත්මක වන  විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩ වර්ජනය නිසා විශ්වවිද්‍යාලය පදනම්කරගෙන වක්‍ර රැකියාවන්හි නියුතු බොහෝ පිරිසකට සිය ආර්ථිකයට පහර වැදී ඇති බව  විශ්වවිද්‍යාල ආපනශාලා හිමියෝ පවසති.

ත්‍රිරෝද රථ සේවවාන්හි නිරත වන පිරිස්ද  පවසනුයේ විශ්වවිද්‍යාලය සාමාන්‍ය පරිදි නොපැවැත්වීමත් සිසුන් නේවාසිකාගාරයන්හි නොමැතිවීමත් නිසා නිතිපතා වැඩිවශයෙන් තමන් සේවාවන් ලබාගන්නා සිසුන්  සිය නිවෙස්වල සිටීමත් නිසා තම වෘත්තියට ප්‍රබල පහරක් එල්ලවී  ඇති බවයි. අවුරුදු කාලයේ තම අතමිට සරුකර ගතයුතු වුවත් දවසේ වියදමවත් සපයා ගැනීමට නොහැකි තත්වයක් උදාවී අති බවද පවසති. 

එමෙන්ම දුරකථන ඇමතුම් හල් හා ලිපිද්‍රව්‍ය හා පොත්සැල් පවත් වාගෙන යන සබරගමුව විශ්ව විද්‍යාලය අවට  පොත්සැල් හිමියෝ සිය සේවා ස්ථාන වසා දැමීමට සිදුව ඇති බව පවසති. බාබර් සාප්පු, රූපලාවන්‍යාගාර මෙන්ම පළතුරු වෙලඳසැල්ද තම  කටයුතු කරගෙන යානොහැකි තත්වයක් උදාවී ඇති බවත් අවරුදු සමයේ මෙම තත්වය හේතුවෙන් තමනට නරක කාලයක් උදාවී ඇති බවද පවසති.

පඹහින්න ප්‍රදේශයේ තොග හා සිල්ලර වෙළෙදසල් මෙන්ම හෝටල්  හිමියන්ටද විශ්වවිද්‍යාල ප්‍රජාවගේ සෘජු බලපෑම හේතුවෙන් තම වෙළඳකටයුතු පහළ මට්ටමක් පැවතෙන බවද කියති. ඔවුන් පවසන්නේ සිසුන් මෙන්ම සේවක ප්‍රජාවද මෙම අවුරුදු කාලයේ ඉහළ ගණුදෙනු කිරීමක් පවතින බවත් පසුගිය වසරවලට ඉහළ ලාබ ඉපයූවත් උද්ගතව  ඇති ගැටලු මුල් කො සේවකවැටුප් නොලැබීම හේතුවෙන් මේ දිනවල ඔවුන් මිලදී ගැනීමේ හැකියාව අවම මට්ටමකට පැමිණිමත්  විකුණුම් අවම වී ඇති බවයි.

 මේ හේතුවෙන් වඩා තදින් තම ව්‍යාපාරික කටයුතුවල තදබල පහරක්  වැදී ඇති බව පවසති. ඇතැම් අපනශාලා හා හෝටල් මේ හේතුවෙන් වසා දමා ඇති අයුරුද දැකිය හැකිය. සිසුන් ඉලක්ක කරමින් ඔවුනට ආහාර ලබාදෙන ගෘහණියන්ටද සිය ආදායම සොයන මග ඇහිරී ඇති ඔව්හු බව පවසති. පවතින තත්වය හමුවේ කඩ සාප්පු වසාදමා ඇති අතර වෙනදා පන්දසකට අධික පිරිසක් ගැවසෙන බෙලිහුල්ඔය හා පඹහින්න ප්‍රදේශයේ හිස්බවක් දැකගත හැකිය.

විශ්ව විද්‍යාල කටයුතු ඇනහිටීමෙන් හා  සිසුන්  නොමැතිවීමත්  සේවක වර්ජනය හේතුවෙන් ඔවුනට පඩි නොලැබීමත් නිසා එළවලු පළතුරු මාළු මිලදී ගැනීම විශාල ලෙස අඩුවී ඇති බවත් තම දවසේ වෙළඳාම අඩුවී තමන් මිලටගත් භාණ්ඩවල මුදලවත් සොයා ගැනීමට අසීරූවී ඇති  බව පඹහින්න සතිපොලේ වෙළඳාමේ යෙදෙන පී.එල් දිනේශ් ඉන්දික හා කේ. වී.විමලාවතී යන අය පැවසූහ. 


උද්ගතව ඇති සරසවි අවුල ‍ මුල්කොට සරසවි සිසුන්ට සේවකයින්ට මෙන්ම විශ්වවිද්‍යාලය වටා සිය ආර්ථික කටයුතු සිදුකරන පාර්ශව රැසකට මෙම තත්වය සෘජුව බලාපා ඇති අතර එළඹෙන නව  අවුරුදු සමය මේ හේතුවෙන් සුබදායී නොවන වටපිටාවක් ගොඩනැගී ඇත.



අදහස් (9)

සරසවි අනධ්‍යයන සේවක වර්ජනයෙන් ග්‍රාමීය ආර්ථිකයට බලපෑම්

සිසිර කොට්ටව Sunday, 08 April 2018 09:19 AM

ඊට අමතරව සරසවි අනධ්‍යයන සේවක වර්ජනයෙන් ග්‍රාමීය ආර්ථිකයට බලපෑම් විතරක්ම නෙවෙයි, විවිධ ක්ෂේත්‍රවලට මෙය බලපා ඇතැයිද, 138/ 176/ කැලණිය/ ගන්දර/ හපුගල හා පඹහින්න බස් රථ කොන්දොස්තර මහතුන්, රියදුරු මහතුන් ලෙස ඔවුන්ගේ ආදායම් බරපතල ලෙස කඩාවැටී ඇතැයි ඔවුන්ගේ ස්වාමියාටත් මේ තත්වය තුළදී අවුරුදු සමයත් ඇදුරු වූ බවත් ප්‍රකාශ කරයි.

:       0       43

ගාමිණී Sunday, 08 April 2018 11:36 AM

අපේ රටේ සේවකයින්ගේ තියෙන්නේ කුහකකම. උගත් වෘත්තීයවේදීන්ට, කථිකාචාර්යවරුන්ට යම්කිසි පඩි වැඩිකිරීමක් කළොත් එම ආයතනයේ අනෙක් අවශේෂ උදවිය ඒකට කැමති නෑ. නැත්නම් කියනවා පඩි විෂමතාවක් කියලා. මේක නවත්තන්න නම් රජයේ සහ අර්ධරාජ්‍ය, විශ්ව විද්‍යාල වගේ ආයතනවල සේවකයින්ට තම සේවය අනුව පොදු වැටුප් තලයක් ස්ථාපිත කළ යුතුයි. උදාහරණයක් ලෙස රියදුරු වෘත්තිය...

:       312       278

vernonSunday, 08 April 2018 04:39 PM

දැන් වෘත්තීයතුමෝ, එහෙම කියලා මාසෙට දවසක්වත් විශ්ව විද්‍යාලයට නොයෙන, තමන්ගේ දේශනය වෙනත් නවක ආධුනික ආචාර්යවරුන්ට කරන්න දීලා තමන් ටියුෂන් කරන්න යන, ළමයින්ට 80% පැමිණීම අනිවාර්ය කරලා තමන් 10%ක් වත් දේශනවලට නොයෙන ඔය ආචාර්යවරු තමුන්ට විතරක් පඩි වැඩි කර ගැනීමේ පදනම මොකක්ද? අනික මේ වර්ජනය පදනම් වෙන්නේ ඔය ආචාර්යවරුන්ගේ වැ‍ටුප් ව්‍යුහය පදනම් කරගෙන නොවේ. මේ වර්ජන කාලය ඔය ආචාර්යවරුන්ට නත්තල් වගේ. මොකද තමන් වෙනදා හොරෙන් පැන පැන කරපු ටියුෂන්, ලෑන්ඩ් බ්‍රෝකර් වැඩ, කාර් බිස්නස් දැන් ර‍ඟේට කරන්න පුළුවන්නේ.

:       276       425

Kumar Sunday, 08 April 2018 02:40 PM

ඒක සත්‍යයක්... වර්ජනය නිරත වන සේවකයින්ගේ ගෙවල්වල. අවුරුදු නැහැ....

:       0       29

කපිල ගම්හේවා Monday, 09 April 2018 02:21 AM

එලිපිට නොකිව්වට සිසුන්ට වෙනත් සේවා සපයන කණ්ඩායම් වුණත්, මේ දවස්වල අමාරුවේ වැටිලා ඉන්නේ. රටේ කොයි විශ්වවිද්‍යාලය අවට ගම්වල වුණත් තත්වය ඕකයි. ඒ අය කීයක් හරි වැඩිපුර හොයාගත්තේ ශිෂ්‍යයින් හින්දා තමයි.

:       0       26

wedage Monday, 09 April 2018 10:31 AM

මම බලන්නේ මෙය සිසුන්ගේ පැත්තෙන්... අපේ ළමයින් ගෙදර ඇවිත් ඉන්නවා වෙලාවට කාලා... ස්නානය කරලා විවේකයක් ගන්නවා.

:       101       53

kamal Tuesday, 10 April 2018 06:56 AM

මේ පුවතේ තිබෙන කාරණා සම්පූර්ණ ඇත්ත. ඌණපූරණයක් කරනවා නම් දැන් ආණ්ඩුවට ආචාර්යවරුන්ට පඩි ගෙවන්න වෙලා තියෙනවා දේශන අඩාල වුනත්. සිසුන් ගේ උපාධි ලැබෙන දිනය පසුපසට යනවා. මාස ගනන් එක දිගට කරගෙන ආ සමහර පර්යේෂණ නියැදි සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා සමහර පර්යේෂණ රජයේ හෝ වෙනත් ආධාරයකින් මුදල් ගෙවා කරන ඒවා නිසා ඒ අමුද්‍රව්‍ය සඳහා ආයෝජනය කරන ලද මුදල් නැවත ලබා ගත නොහැකි වීම නිසා පර්යේෂන අසාර්ථක වෙනවා. මුදල්මය අලාහයට අමතරව සමහරුන්ගේ ඉහල උපාධි පර්යේෂණ සම්පූර්ණයෙන් මේ නිසා කඩාකප්පල් වී තිබෙනවා. ඒ අතින් බලනකොට ඔය සෙවකයන් ඉල්ලන පඩියට වියදම් වෙනවා වගේ දෙතුන් ගුණයක් රටට පාඩු වෙනවා. ඔය රට කරවන උගත් නූගත් ඇත්තන්ට මේ වක්‍රාකාරව සිදුවන පාඩුව පේන්නේ නැති එක මහජනතාවගේ කරුමය තමයි.

:       0       1

Romesh Jayamanna Tuesday, 10 April 2018 01:11 PM

දේශපාලනඥයන් ඇතුලුව සෑම දෙනාටම දොස් නඟන්නෝ වෙති. මේ ජාතියේ අනාගතය ගැන සිතන්න නැත. ජනාධිපති සිට කම්කරුවෙකු දක්වා තවත් බලය සහ මුදල් අවශ්‍ය වේ. මුළු රජයේ හා එහි ශ්‍රම බලකාය ආත්මාර්ථකාමීයි. අපේ ජාතියට අනාගතයක් නැත

:       0       32

shan saudi Thursday, 12 April 2018 05:49 AM

දැන් බලාගෙන ගියාම සම්පුර්ණ රටේ අදායම් පෙළ ගැහිලා තියෙන්නේ සරසවි පැවැත්ම මතනේ. රටේ නායකයන් මෙය ඉක්මනින් වටහා ගත යුතුය. මේ සේවකයන් නිසි ආකාරයට සරසවි පවත්වාගන යාමට ඉඩ නොදෙන්නේනම් වහාම මේ අයවලුන් සේවයෙන් ඉවත්කර නව සේවකයන් බදවා ගෙන සරසවි වහාම විවෘත කල යුතුය. රටේ ජන ජීවිත වලට තදින් බල පාන්නේනම් මෙවන් අයගේ ක්‍රියාකාරකම් වහාම අත්හිටවිය යුතුය

:       0       3

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 876 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 628 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 126 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 175 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1500 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site