IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


සංචාරකයින් ගෙන්න ගන්න 5 අවුරුදු සැලැස්මක්

( තිළිණි ද සිල්වා )

 

සංචාරකයන් දිවයිනට ගෙන්වා ගැනීම සදහා පස් අවුරුදු විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කළ බව සංචාරක අමාත්‍යාංශ්‍ය කියා සිටී.

මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන්  සමන්විත ඉහළ පෙලේ කමිටුවක් ද පත් කිරීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙන රටවල් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

නව සංචාරක නිපැයුම් සංවර්ධනය , බෞද්ධ මංපෙත් ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය,සුවතාව හා ආයුර්වේද මත පදනම් වූ සංචාරක ව්‍යාපාරය, චිත්‍රපථ රූගත කිරීම්, ත්‍රාසජනක ක්‍රීඩා, ජාත්‍යන්තර ක්‍රීඩා තරග හරහා සංචාරක ප්‍රවර්ධනය පාරිසරික සංචාරක ව්‍යාපාරය වැනි විවිධ ක්ෂේත්‍රයන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රවර්ධන කටයුතු ද ලෝකය පුරා සිදු කිරීමටත් , ඒ සදහා විදේශගත ශ්‍රී ලංකා දූත මණ්ඩල සහය ලබා ගැනීමත් මෙම සංචාරක  ප්‍රවර්ධන වැඩසටහන හරහා සිදු කෙරේ.

මේ සදහා දැනටමත් උපායමාර්ගික සංවර්ධන සැලැස්මක් ද සකස් කර ඇති අතර ඊට ඇමැති මණ්ඩල අනුමැතිය ද හිමිව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කීරීමේ කමිටුවේ සභාපතිවරයා වශයෙන් සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා කටයුතු කරන අතර සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු, සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කළමණාකාර අධ්‍යක්ෂ මධුභාෂිණි පෙරේරා, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන හිරාන් කුරේ, තිලක් වීරසිංහ,සනත් උක්වත්ත , සමින්ද පෙරේරා , නිමේෂ් හේරත් යන මහත්ම මහත්මීහු මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

මෙම ඉහළ පෙළේ කමිටු සාමාජිකයන්ට පත්වීම් ප්‍රදානය කිරීම ඇමැතිවරයාගේ අතින් සිදු වූ අතර කමිටුවේ පළමු සාකච්ඡාවටද ඇමැතිවරයා සහභාගී විය.

මෙහිදි අදහස් දැක්වූ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව ලෝකයේ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙසත් කොවිඩ් සුරක්ෂිතම රටක් ලෙසත්  ප්‍රවර්ධනය කිරීමට අපෙක්ෂා කරන බවයි.

වාර්ෂිකව සංචාරකයන් මිලියන 7 ක් දිවයිනට ගෙන්වා ගැනීමේ හා ජාතික ආර්ථිකයට සංචාරක ව්‍යාපාරයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායමක් ලබා දීමේ රජයේ ඉලක්කය කොවිඩ් වසංගතය හේතුවෙන් දශමයක් හෝ අඩු වී නැති බවත් ඒ සදහා උපරිමයෙන් රජය කටයුතු කරමින් සිටින බවත් ඇමැතිවරයා කීවේය.

ජනවාරි 21 වැනිදා සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 5000 ඉක්මවා ඇති බවත් තවත් මාස කිහිපයක් ගත වන විට මෙරටට සංචාරකයන්ගේ පැමිණීම යථා තත්වයට පත්වනු ඇතැයිද අමාත්‍යවරයා කීය.

 



අදහස් (4)

සංචාරකයින් ගෙන්න ගන්න 5 අවුරුදු සැලැස්මක්

de silva Tuesday, 23 February 2021 09:23 AM

සංචාරකයෝ ගෙනත් ආණ්ඩුවේ හෙංචයියලාගේ හෝටල් පමණක් පුරවාගෙන ඉන්නවා. අනිත් මිනිස්සුන්ගේ හෝටල්වලට එන සංචාරකයන්ට වීසා දෙන්නේ නැහැ. මේකද ක්‍රමය? අනිත් මිනිස්සුන්ගේ හෝටල් බංකොළොත් වුණාම රාජපක්ෂලාගේ ගෝලයෝ ඒවා කුණු කොල්ලයට ගන්නවා. සංචාරක ව්‍යාපාරෙන් ජීවත් වන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බඩගින්නේ... මිනිස්සු සේරම එකතුවෙලා ඔබලාගේ ඔය හෝටල් කිහිපයට ගල් ගසන දවස අතළඟ...

:       0       11

Chaminda Tuesday, 23 February 2021 06:35 PM

පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයින් ගේන සැලසුමට එහෙනම් 15 අවුරුද්දක්වත් යනවා ඇති...

:       0       6

අජිත් Wednesday, 24 February 2021 08:18 AM

සංචාරකයින් නම් මිලියන 7ක් ගේන්න සැලැස්ම. ඒ වුණාට මැදපෙරදිග හා යුරෝපයේ ඉන්න ශ්‍රමිකයන් 60000ක්, 70000ක් ගෙන්න ගන්න තමයි තාමත් සැලැස්මක් නැත්තේ... අවුරුද්දක් ගෙවිලත්. විදේශවල රස්සාවට ගිය පුරවැසියන් ලංකාවට එන්න නැතුව, රස්සා නැතුව හිඟාකන තත්වයට අද පත්වෙලා. මාස ගණන් පෝලිම් වල ඉඳලා ලක්ෂ ගණන් හෝටල්වලට ගෙවලා හිස් අතින් ගෙදර යන්න වෙලා. මේව‍ාට සැලසුමක් හදන්න තමයි කවුරුවත් නැත්තේ... ඇයි මේ විදියට විදෙස්ගත ශ්‍රමිකයින්ට සලකන්නේ? බිලියන ගණනක් රටට හම්බ කරලා එවන ඒවාට කලගුණ සලකන්නද?

:       0       6

Lanka Thursday, 25 February 2021 12:40 PM

ලංකාවේ දේශපාලුවන් ටික දන්නේ කොරෝනාව ගරානාවක් කරගෙන බඩ වඩා ගන්නයි, හෙන්චයියන්ට හම්බ කරන්න, ඉඩ දෙන එකයි, අනාගත සැලසුම් කිය කියා සැලසුම් කරකර වචන හරඹ වලින් ජනතාව අන්දන එකයි. ඒක ලෝකයම දන්නවා, සංචාරකයන් හැමතිස්සේම මුලින්ම බලන්නේ තමන්ගේ රටේ ජනතාවකට, මානව හිතවාදී විදිහට රජයක් සලකනවාද කියන එක. මුලින්ම කරන්න ප්‍රධානතම දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු හොයන එක... ඒ කියන්නේ මානුෂික ප්‍රශ්නයක් විදිහට සලකලා විදෙස් ශ්‍රමික රට විරුවෝ ටික ගෙන්නන එක. දෙවනුව එන්නත ලබාගෙන එන විදේශිකයන් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කිරීම, එන්නතත් ලබාගෙන, මුදල් වියදම් කරගෙන ලංකාවට ඇවිල්ලා හෝටලයකට කොටුවෙලා නිරෝධායනය වේවී ඉන්න කිසිම සංචාරකයෙක් කැමති නැහැ, සරල ඇත්ත ඒකයි!

:       0       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 47 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 50 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 45 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2050 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 660 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1507 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site