IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සංචාරකයන්ගේ ප‍්‍රතිචාරය හොඳ අතට

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව ඇද වැටුණු ශී‍්‍ර ලංකාවේ සංචාරක කර්මාන්තය හෙමි හෙමින් හිස ඔසවමින් සිටී. පසුගිය අපේ‍්‍රල් මාසයේදී 166,975 ක් වූ සංචාරකයන්ගේ පැමිණීම අප්‍රේල් 21 වැනිදා සිදුවූ ප‍්‍රහාරයෙන් පසුව මැයි මාසයේදී 37,800 දක්වා පහළ බැස්සේය.

එහෙත් ජූලි මාසය වෙද්දී සංචාරකයන්ගේ පැමිණීම නැවතත් 100,000 සීමාව ඉක්මවා ගිය අතර විවිධ හේතු මත සැප්තැම්බර් මාසයේදී තරමක් පහළ බැස ඇතත් 100,000 සීමාවෙන් ඉහළ පවතී.

අවසන් මාස හයේදී සංචාරකයන්ගේ පැමිණීම පහත සඳහන් පරිදි වේ.

 

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (3)

සංචාරකයන්ගේ ප‍්‍රතිචාරය හොඳ අතට

Ranjan Wednesday, 09 October 2019 08:56 AM

සංචාරකයන්ගේ පැමිණීම කිසිම ආකාරයකින් ඉහළ ගොස් නැත.එසේනම් ලංකාවේ තිබෙන වැඩිපුරම හෝටල් ප්‍රමාණයක් මිනිස්සු නැති නිසා වසා දමන්නේ නැත. ඒ වගේම සේවකයන් දහස් ගණනින් ඉවත් කර වැඩිපුර හෝටල් ප්‍රමාණයක් විකිණීමට හෝ වසා දැමීමට සුදානම්ව ඇත.මේ එන සංචාරකයන්ගෙන් වැඩි දෙනෙක් පිටරට පුරවැසිකම ලබාගත් ලාංකික පුරවැසියන්ය.ඔවුනුත් සළකන්නේ සංචාරකයන් ලෙසය.

:       0       4

Prasanna Thursday, 10 October 2019 02:52 AM

ලංකාවේ අනෙක් කර්මාන්ත වගේම ලංකාවට සංචාරක කර්මාන්තෙකුත් නෑ. බිල්ඩිමක් හදලා ඒසී ටිකක් හයි කරාම සුද්දෝ කඩාගෙන එයි කියල හිතන ව්‍යාපාරික මෝඩ ප්‍රජාවක් අපිට ඉන්නේ. ලංකාවට කර්මාන්තයක් හැටියට සංචාරක අනන්‍යතාවයක් නෑ. ආසියාවේ මේ පැත්තට එන සුද්දෝ ටිකක් ලංකාවටත් ඇවිත් යනවා. ඕක තමයි වෙන්නේ. මම සැප්තැම්බර් මුල ලංකාවට ගිය වෙලාවේ, අහුන්ගල්ල පැත්තේ හොටෙල් එකක හිටියා, රු. 10,000 වලට දීපු රූම් එක 5500 දෙන්නේ. මුළු හෝටලෙටම හිටියේ මම විතරයි. ලොකු රෙස්ටුරන්ට් එකක් තිබුනත්, කෑම ගෙන්න ගන්න උනේ, ළඟ පාත පෙට්ටි කඩේකින්. ලොකු හොටෙල් එකක් උනාට හිටියේ, ක්ලීන් කරන කෙනයි, තව රිසෙප්ෂන් එකේ ගෑනු කෙනෙකුයි විතරයි. දැනට හෝටල් 2000 - 3000 විතර දාලා තියෙනවා විකුණන්න. ඒවයේ දාල තියෙන මිලගණන් අනුව, හෝටලෙන් ලැබෙන ඉදිරි අවුරුදු 10ක විතර නෙට් කෑෂ් ෆ්ලෝ එක, අලුතෙන් ගන්න මිනිහට නැති වෙනව. කවුද මේ ගණන් වලට හෝටල් ගන්නේ. මෙහෙම වෙන්නේ රටේ ආර්ථිකේ වර්ධනය 2% විතර නිසා. ආර්ථික වර්ධනයක් නැතුව කිසිම ව්‍යාපාරයක් පවතින්නේ නෑ. මිනිස්සු තමන්ගේ ව්‍යාපාර විකුනලා ජීවත් වෙන්න හදන මානසිකත්වයක් එන්නේ ඒ නිසා. මේ චක්‍රට අහු වුනු රටක් ඉතිරි වෙන්නේ නෑ.

:       0       134

giha Saturday, 12 October 2019 04:03 PM

මේක සම්පුර්ණ බොරුවක්. මමත් සංචාරක කර්මාන්තයේ ඉන්නේ. කොහෙන්ද මේ සංඛ්‍යා ලේඛන ගන්නේ. රන්ජන් හා ප්‍රසන්න කියල තියන දේ ඇත්ත. තවම 20% ත් 30%ත් අතර ප්‍රමාණයක් තමා සංචාරකයෝ එන්නේ. එකට මේ රජය කිසිම දෙයක් කරන්නේ නෑ. සංචාරක හෝටල් වල සේවකයන්ගේ වැටුප බොහොම අඩුයි. සර්විස් චාර්ජ් එකෙන් තමා ජිවත් වෙන්නේ. එක වැඩි වෙන්නේ සංචාරකයෝ ආවොත් විතරමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 8 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 18 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 107 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 70 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site