(තිළිණි ද සිල්වා)
දිවයින පුරා සිටින සංචාරක රියදුරන්, මඟපෙන්වන්නන් ඇතුළු සංචාරක සේවා සපයන්නන් කඩිනමින් ලියාපදිංචි කිරීමට රජය තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (30) පැවසීය.
සංචාරකයන්ට රට විවෘත කිරීමට පෙර සංචාරක සේවා සපයන්නන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය බැවින් මෙම පියවර ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඒ අනුව සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කිරීම සඳහා අන්තර්ජාල ක්‍රමවේදයක් ද හඳුන්වා දී ඇති අමාත්‍යවරයා පැවසීය.
සංචාරක පනතේ 48(3) වගන්තිය අනුව දිවයින පුරා සිටින සියලුම සංචාරක සේවා සපයන්නන් සංචාරක සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතු අතර මෙලෙස නිසි ලෙස ලියාපදිංචි නොවීම නිසා කොවිඞ් 19 වසංගත තත්වය හේතුවෙන් රජය ලබා දුන් සහන ලබාගැනීමට ඇතැමුන්ට නොහැකි වී ඇති බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර සිටියේය.
මේ අතර දිවයින පුරා සිටින සංචාරක රියදුරන්ට සංචාරක සේවා අධිකාරියේ විධිමත් පුහුණුවක් ලබාදීමට ද කටයුතු යොදා ඇතැයි ඇමතිවරයා සඳහන් කරයි.
එම පුහුණුව දිවයින පුරා පිහිටි වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන හරහා ලබා දීමට අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර ඇත.මෙහිදී පෙර පුහුණුවක් ලබා ඇති පුද්ගලයන්ට පුනරීක්ෂණ වැඩසටහන් ද, නවකයන් සඳහා නව වැඩසටහන් ද සංචාරක සංවර්ධන අධිකාරිය පහසුකම් සලසා ඇත.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචි කෙරේ