( තිළිණි ද සිල්වා )
සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක් ඉදිරියේදී හදුන්වා දීමට රජය තීරණය කර ඇතැයි සංචාරක හා ගුවන්සේවා අමාත්‍යාංශය කියා සිටී.
ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මියට උපදෙස් දී ඇතැයිද එම අමාත්‍යාංශය කීය
සංචාරක මාර්ගෝපදේශකයන්ගේ සමාගම් සමග පසුගිය දා (22) පැවති සාකච්ඡාවක දී එම සංගම් නියෝජිතයන් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ සංචාරක මාර්ගෝපදේශකයන් සදහා නීතිමය ආවරණයක් ලබා දෙන ලෙසය.
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය මෙරට සංචාරක මාර්ගෝපදේශකයන් තුන්දෙනෙකුට වැළදුණු බවත් ඉන් එක් අයෙකු මිය ගිය බවත් එම සංගම් නියෝජිතයෝ අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.
මේ වන විට දිවයිනපුරා සංචාරක මග පෙන්වන්නන් 5000කට ආසන්න පිරිසක් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී තිබේ.
මෙම සංචාරක මගපෙන්වන්නන් සදහා සහන පොළී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස ද ඔවුහු ඇමති ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලා සිටියහ.
ඇමතිවරයා මෙහි දී කියා සිටියේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරිය දැනටමත් අවධානය යොමු කර ඇති බවයි.
ඊට අමතරව සංචාරක මාර්ගෝපදේශකයන් සදහා ගෙවනු ලබන දීමනාව දිනකට ඇමෙරිකානු ඩොලර් 35 දක්වා වැඩි කරන ලෙස ද එම නියෝජිතයෝ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියහ. ඒ සම්බන්ධයෙන් අදාළ අංශ සමග සාකච්ඡා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේය.
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නොවු සංචාරක මග පෙන්වන්නන් රැසක් සිටින බවත් ඔවුන් සංචාරකයන් සුරා කෑමකට ලක් කරන බවත් එම නියෝජිතයන් ඇමති ප්‍රසන්න රණතුංග මහතාට පෙන්වා දුන්හ.
ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙවැනි සිදුවීම් වැළැක්වීමට ඉදිරි පියවර ගන්නා බවය.
සංචාරක ක්ෂේත්‍රෙය් නියුතු මග පෙන්වන්නන්, රියදුරන් නියාමනය කිරීම සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැලසුම් කළ බවත් කොරෝනා වසංගතය හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වු බවත් පැවසු ඇමතිවරයා සංචාරක ක්ෂේත්රයේ යථා තත්ත්වයට පත් වූ වහාම එම වැඩසටහන නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද කීවේය.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සංචාරක මාර්ගෝපදේශකයින්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන්න යයි