IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සංචාරක පැමිණිම ඉහළට


( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම පසුගිය මාසයේ දී සියයට 19.3 කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව පෙබරවාරි  මාසය තුළ දි සංචාරකයින් ලක්ෂ දෙකක් පමණ මෙරටට පැමිණ ඇති අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේ දී මෙම වර්ධනය පෙන්නුම් කරන බවද එම අධිකාරිය විසින් මාසිකව නිකුත් කරන නවතම දත්ත වාර්තාවක සඳහන් වේ.

ඉකුත් පෙබරවාරි මාසය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් චීනයෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 36,000ක් පමණ වේ. ඉන්දීයානු සංචාරකයින් 32,000ක් ද බි‍්‍රතාන්‍ය සංචාරකයින් 23,000ක් ද එම කාලය තුළ පැමිණ ඇත.
මේ අතර ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් හාර ලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ දිවයිනට පැමිණ තිබේ.



අදහස් (5)

සංචාරක පැමිණිම ඉහළට

neela Wednesday, 14 March 2018 07:24 PM

ඔය රොටි ගිල ගිල වතුර ගහා ගහා පයින් ඇවිදින ඉන්දියන් සංචාරකයෝ.... සංචාරක විසා වලින් එන මලයාලි කට්ටඩියෝ, කම්කරුවෝ එහෙම තහනම් කරන්න විදිහක් නැද්ද. මොකෝ ඔය අල්ලපු රටෙන් ආපු සංචාරකයෝ කියල හිතන් ඉන්න ගොඩක් අය සංචාරකයෝ නොවේ.

:       2       7

lalith Wednesday, 14 March 2018 11:30 PM

අල්ලපු රටේ ඉඳන් චපාති බැග් මලුවල දමාගෙන ඇවිත් එව්වා කකා මෙහෙ රස්සාවකුත් කරලා යන කට්ටියත් ගණන්ගන්නේ සංචාරකයෝ හැටියට නේද?

:       1       92

Indunil Thursday, 15 March 2018 05:36 AM

සංචාරකයෝ ආවට වැඩක් නැහැ කන්නේ පෙට්ටි කඩෙන් යන්නේ බස් එකෙන් නම්. ඔලු ගෙඩි ගානෙන් ඔවා මනින්න එපා.

:       3       4

කොබා Thursday, 15 March 2018 06:30 AM

පෙට්ටි කඩෙන් කෑවත් මොකද ඒ වියදම ගෙවන්නෙත් ඔවුන්ගේ රටෙන් ගෙනෙන සල්ලි වලින්, රුපියලක දෙයක් හරි විකුණාගන්න පුළුවන් නම් එක හොඳ දෙයක්, ඒ සල්ලි ලැබෙන්නේ අපේ මිනිස්සුන්ට, දියුණු වෙන්නේ පුංචි ව්‍යාපාරිකයන්, ඔය එදා වේල ටුවරිස්ට් කිව්වට එක සැරයක් සංතෝසයෙන් ගතකලොත් තමන්ගේ රට ට ගිහින් ඒ අත්දැකීම් කියන නිසා තවත් සංචාරකයෝ එනවා, ඒ කියන්නේ අපට තියෙන හොඳම ව්‍යාපාර ප්‍රවර්ධන ක්‍රමය, කෝටි ගණන් විදේශ මාධ්‍ය වලට ගෙවල දැන්වීම් පලකරනවාට වඩා බොහොම ඵලදායකයි.

:       1       148

Menaka Thursday, 15 March 2018 07:17 PM

අපොයි ඉස්සරහට සංචාරකයෝ ගොඩක් ඒවි. හතර පාරක් ලංකාවට කෙනෙක් මගෙන් ඇහුවා මොකද්ද මේ ලංකාවේ මේ දවස් වල කලබලේ මීට පස්සේ නම් සංචාරයට එන්නේ නැහැ කියලා. එයාට ආරංචි වෙලා තියෙන්නේ වෙනත් ඕස්ට්‍රේලියා ජාතිකයෙකුගෙන්. දැන් රටේ තත්වය නොදන්නා කෙනෙක් නැහැ.

:       5       34

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 57 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 43 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 107 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 70 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site