IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සංචාරක ක්ෂේත්‍රය නංවාලීමට ආධාර දෙන ආයතන සමඟ සාකච්ඡාවක් කොළඹදී

 ( තිළිණි ද සිල්වා)
 
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසු සංචාරක ක්ෂේත්‍රය නංවාලිම සම්බන්ධයෙන් එම කර්මාන්තයට ආධාර දෙන ආයතන වට මේස සාකච්ඡාවක් සමග අද (29)  කොළඹදී පැවැත්වෙන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය කියා සිටී.
 
කොවිඩ් 19 වසංගතයෙන් පසු මෙරට සංචාරක ක්ෂේත්‍රය නංවාලීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ යෝජනා සංචාරක ආයෝජන වැඩි කිරීම සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ගැටළු විසදීම වැනි කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කරන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
 
මෙම සාකච්ඡාව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආයතනය, ලෝක බැංකුව, යුරෝපා සංගමය, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආධාර ලබාදෙන ආයතන රැසක නියෝජිතයන් සහභාගී වීමට නියමිතය.
 
මේ අතර එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය අග්නිදිග ආසියා හා පැසිෆික් කොමිසමේ හා එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ දකුණු ආසියා කොමිෂමේ 32 වැනි ඒකාබද්ධ සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ හෙට (30) පැවත්වවේ.
 
මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එය වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරුණු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.
 
කොවිඩ් 19 බලපෑම හා සංචාරක කර්මාන්තය නංවාලීම සදහා වන මාර්ගෝපදේශ  මැයෙන් පැවැත්වෙන මෙම සමුළුව ආසියා - පැසිෆික් කලාප වල රටවල සංචාරක ඇමතිවරුන් හා නිළධාරීන් විඩීයෝ තාක්ෂණය ඔස්සේ මෙම සමුළුවට එක්වීමට නියමිතය.

 



අදහස් (4)

සංචාරක ක්ෂේත්‍රය නංවාලීමට ආධාර දෙන ආයතන සමඟ සාකච්ඡාවක් කොළඹදී

appachchi Tuesday, 30 June 2020 12:58 AM

මෙයා හොඳයි ස්ටේජ් එකට දාන්න. සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්න හොඳ මොලකාරයෙක් දාන්න. ස්ටේජ් වල අනුන්ට බනින්න.. අපහාස කරන්න පාවිච්චි කරන්න තමයි වෙන්නේ...

:       0       8

D.H.G WEERASENA Tuesday, 30 June 2020 03:19 AM

එය කළ යුතුමයි.

:       0       0

de silva Tuesday, 30 June 2020 12:31 PM

මේ අවස්ථාවේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්න නම්.., ඔය කාමරවල ඉන්න සංචාරක මණ්ඩලයේ අයට සහ බහුජාතික හෝටල්වල ලොක්කන් එක්ක කතාකරලා වැඩක් නැහැ. සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්න ඕනෑනම් සුළු සහ මධ්‍යම පරිමාණ හෝටල් හිමියන් එක්ක කතාකරන්න. ඔවුන්ගේ සහයෝගය ඇතිව ඔවුන්ගේ වහලා තිබෙන හෝටල් ටික නාරේධායන මධ්‍යස්ථාන වශයෙන් භාවිත කරලා අර අරාබිකරයේ අතරමංවෙලා ඉන්න අපේ ශ්‍රමිකයින් ටික ලංකාවට ගෙන්වාගන්න ඉන්පසුව මේ කාර්යය සඳහා ලබාදුන්නු ව්‍යාපාරිකයන්ට තම හෝටල් රිපෙයාර් කරගන්න යම්කිසි මුදලක රජයෙන් ගෙවලා ඔවුන් සමග සීත සෘතුවේ සංචාරක කර්මාන්තය සඳහා සූදානම් වෙන්න. මේ වැඩේ සඳහා සංචාරක මණ්ඩලයේ නිලධාරීන් මැදිහත් කරගන්න එපා.. මේ නිලධාරීන් ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණ සංචාරක ව්‍යපාරිකයන්ට නයාට අඳුකොල මෙනි...

:       0       11

de silva Thursday, 02 July 2020 02:14 PM

ඔබලාට රටේ පොඩි මිනිසුන්ගේ, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ, විදේශ ශ්‍රමිකයන්ගේ දැවෙන ප්‍රශ්න විසඳන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. ඔබලා ළඟ ඒවාට විසඳුම් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 93 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 64 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 108 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site