(ටී.කේ.ජී.කපිල )
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර සිදු කෙරෙන ගුවන් ගමන් ප්‍රවර්ධනය කිරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සකස් කළ වෙළෙඳ දැන්වීමකට කසකස්තානයේ ඇස්ටානා හි පැවති පාටා (PATA) සම්මාන උළෙලේ දී රන් සම්මානයක් හිමි වී තිබේ.
"එකම ජීවයෙන් යුතු දෙනුවරක් ගවේෂණය කරන්න" යන තේමාව යටතේ නිපදවා ඇති මෙම වෙළෙඳ දැන්වීම තුළින් දෙරට අතර ඇති ආවේණික සමානකම් මෙන්ම, ක්‍රිකට්, ආහාර පාන, කලාව, රළ මත ලිස්සා යාම, වනජීවී සුන්දරත්වය ආදිය මෙම දැන්වීම තුළින් දෘෂ්‍ය මාධ්‍යයෙන් පිළිඹිබු කරයි.
2017 වසරේ දී ආරම්භ කළ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් - ශ්‍රී ලංකා ගුවන් ගමන් වානිජමය වශයෙන් සාර්ථක වී ඇති අතර , ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒ සදහා වඩාත් වැඩි සුවපහසුවක් ලබා දෙන ඒ.- 330 එයා බස් වර්ගයේ ගුවන් යානා යොදවා ඇති අතර , ඒ යානා තුළ ඇති අභ්‍යන්තර විනෝදාත්මක පද්ධති මෙන්ම සම්මානලාභී ගුවන් මැදිරි කාර්යය මණ්ඩලය ගුවන් මගීන්ට අවශ්‍ය සේවා මනා ලෙස සපුරාලීම සිදු කරයි.
කසකස්තානයේ පැවති මෙම පාටා සම්මාන උත්සවයට ලොව පුරා සංවිධාන 78 කින් මෙසේ ආකර්ශනීය ප්රවේශයන් 197ක් ඉදිරිපත් කර තිබුණි.
මෙම වෙළෙඳ දැන්වීමට ජර්මනියේ, බර්ලින් නුවර පැවති 2018 ලොව විශාලතම වෙළෙඳ සංචාරක ප්‍රදර්ශනයේ දී පළමු පන්තියේ තරු සම්මානයක්ද හිමි වී තිබේ.
වමේ සිට
මැකාවෝ රාජ්‍යයේ සංචාරක කාර්යාලයේ අධ්යක්ෂ මාරියා හෙලේනා ද සේනා ෆර්නැන්ඩස්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිර්මාණාත්මක කළමනාකරු දිමුතු රණසිංහ, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු සමින්ද පෙරේරා, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රවර්ධන කළමනාකරු ගයාන් පීරිස් සහ පාටා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය මාරියෝ හාඩි යන මහත්ම මහත්මීහු මෙහි වෙති .
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට රන් සම්මානයක්
DD Saturday, 28 September 2019 06:06 PM
ඕස්ට්‍රේලියා වල ඉන්න අය නේද වැඩිපුරම ඔකේ යන්නේ. ඒ උනාට: 1. මෙල්බෙර්න් නුවරින් කවුරුත් නෑ. 2. මේක මෙල්බෙර්න් වල තිබිය යුත්තක්. 3. මෙල්බෙර්න් ගවිලවත් නෑ. ගඟෙන් වතුර බී ....... 4. ඔහොම බෑ ව්‍යාපාර වැඩි කර ගන්න 5. ඒ අතරේ සිංගප්පූරු ගුවන් යානා ලාබෙට ටිකට් දෙනවා
Nanda Monday, 30 September 2019 08:43 AM
කවුරු මේවා දෙනවද මන්දා... මේ අය මැදපෙරදිග යන අයට සලකන විදිය දැක්කාම...