බ්‍රිතාන්‍ය කවුන්සලය මගින් ඇරැඹූ ගෝලීය සමාජ ව්‍යවසාය ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යවසායකයන් පිළිබඳ සමීක්ෂණ වාර්තාව එළිදැක්වීම කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී අද (28) සිදුකෙරිණි .
එක්සත් ජාතීන්ගේ ‘එස්කැප්‘ ආයතනයේ සහය ඇතිව ලංකා සෝෂල් වෙන්චර්ස් ආයතනයත් බ්‍රිතාන්‍ය සමාජ ව්‍යවසායකයන්ගේ ආයතනයත් සහ තවත් ආයතන රැසකගේ සහය ඇතිව මෙම සමීක්ෂණය කර ඇත.
කර්මාන්ත හා වානිජ අමාත්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යා රිෂාඩ් බදියුදීන් ,ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිල් කාර්යාලයේ අධ්‍යක්ෂිකා ගියිල් කෝයිල්ඩිකෝට් , ආචාර්ය ලලිත් වෙලමැදගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය.
(ඡායාරූප චතුර එස් .කොඩිකාර)
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් පිළිබඳ සමීක්ෂණ වාර්තාව එළි දකී
piyathissa Thursday, 28 June 2018 02:00 PM
ව්‍යවසායකයෝ ගැන කතා කරන්න දෙයක් නැහැ. අවුරුදු 70 ගතවෙලා තවම ඉඳිකට්ටක් හදාගන්න බැහැ. නිමි ඇඳුම් ,මෘදුකාංග ඇරුනම මොනවද තියෙන්නේ? නැගීගෙන ආපු කර්මාන්ත 77 සැලසුමක් නැති නිදහස් ආර්ථිකයෙන් විනාශ කරගත්තා. කර්මාන්ත ව්‍යාපාරවලට හොඳ පසුබිමක් හැදුනානම් ව්‍යවසායකයෝ බිහිවෙනවා. කිසිම දෙයකට සැලසුමක් නැති රටක ඕක විතරක් හරි යාවිද. රට කරවන තැන ඉන්නේ ලියුමක් වත් ලියාගන්න බැරි උදවිය. එතනිම්ම වැරදිලා තියෙන්නේ.!!
vernonWednesday, 04 July 2018 07:25 AM
ඔබ කියන නිමි ඇඳුම් හා මෘදුකාංග අංශ දෙකම විවෘත ආර්ථිකයේ ප්‍රතිඵල. ව්‍යවසායකයා කියන්නේ නිෂ්පාදකයා විතරක් නෙවෙයි. ඒකට කෘෂි, කාර්මික හා සේවා යන ත්‍රිත්වයම ඇතුලත්. 77ට කලින් ලංකාවට ආනයනය කළේ බහුතරයක් පාරිභෝගික භාණ්ඩ. ඒත් ඊට පස්සේ අන්තර් භාණ්ඩ ආනයනය වැඩි වුනා. ඒ රටේ ව්‍යාපාර වැඩි වෙච්ච නිසා. ඔබ ලංකාවේ ඉතිහාසය කියවලා බලන්න කොහොමද මහා පැරකුම් රජතුමා රටේ විවෘත ආර්ථිකයක් ඇති කරලා රට දියුණු කරේ කොහොමද කියලා. ඉස්සර මහාතිත්ථ වරාය බදු නිදහස් වරායක්. කැණීම් වලින් විදේශ කාසි හමුවෙලා තියෙනවා. භාතිකාභය රජ දවස රෝමයෙන් ගෙනාපු පබළු වලින් රුවන්වැලි සෑය අලංකාර කරලා තියෙනවා.
PiyathissaThursday, 05 July 2018 04:15 AM
නිදහස් ආර්ථිකය නොවෙයි ප්‍රශ්නය, සැලසුමක් නැති වම එයට යාමයි. උදාහරණ වශයෙන් ඉන්දියාවේ සුළු හා මධ්‍යම කර්මාන්ත 850 පමණ ආරක්‍ෂිත ප්‍රතිපත්තියට 1998 පමණ කාලයෙත් පත් කර තිබුණ.අපට කරන්න තිබුණේ තෝරාගත් අංශ කිහිපයකට ආරක්ෂණය දීමයි.... එහෙම කලා නම් අප මේ වනවිට කාර්මික ව්‍යාපාර අංශයේ ඉහළටම යාහැකිව තිබුණා. ඇත්තටම මේවා හොඳ අධ්‍යනයකින් ගතයුතු ක්‍රියා මාර්ග. නිදහස් ආර්ථික ප්‍රතිපති වලින්ම කර්මාන්ත ව්‍යාපාර දියුණුවෙන්නේ නැහැ. ඔවුන් අපිට ලෙහෙසියෙන් තාක්ෂණ දෙන්නෙත් නැහැ. ලෝකයේ බලවත් රටවල දල ජාතික ආදායමෙන් කෘෂි කර්මාන්තයට 10% පමණ අයත් වුවත් අධි තාක්ෂණ ව්‍යාපාර වලට ඉතා ඉහළ අනුපාතයක් හිමිවෙනවා. 25%-40% වගේ. අපට හරි ප්‍රතිපත්තියක් තිබුනානම් මේ වන විට අපට එයට යාහැකිව තිබුණ.ඉතිහාසයේත් අපි වැවයි ,දාගැබෙයි සංකල්පයේම ඉන්නේ නැතිව, ව්‍යාපාර වලටත් බැස්සනම් ,පිටස්තරයින්ටම වාණිජ ව්‍යාපාර බාර නොදී හිටියනම් තා බලවත්ව ඉන්න තිබුන.එහෙම උන්න නම් වාරි තාක්ෂණයෙන් හැර යුධ තාක්ෂණයෙන්ද ඉහලටම යනවා.ලෝකේ දකිනවා.
NuwanWednesday, 04 July 2018 07:54 AM
එහෙම කියන්න එපා. ලංකාවේ හොද මෘදුකාංග සමාගම් රැසක් ව්‍යවසායකයින් කීප දෙනෙක්ගේ උත්සාහය නිසා ලෝකය පුර හොද නමක් දිනාගෙන තියනවා. ඇගලුම් කර්මාන්තයත් දකුණු ආසියාවේ ඉදිරියෙන් ඉන්න ව්‍යාපාර වශයෙන් දියුණු වෙලා තියනවා. ඉදිකටු හදන්නේ නැතිඋනාට ඊට වඩා ගොඩක් වටිනා දේවල් මේ රටේ නිෂ්පාදනය වෙනවා. දිල්මා තේ පිට රටවල මිනිස්සු බොන්නේ නැත්ද? ඔය ඉදිකටු කතාව මේ රටේ මිනිස්සු වට්ටන්න චිරාත් කාලයක් තිස්සේ කියපු මහා කුහක කතාවක්.
PiyathissaThursday, 05 July 2018 04:27 AM
හොඳට හොයල බලන්න ලංකාවේ තියෙන්නේ මොනවද කර්මාන්ත ව්‍යාපාර ,වෙන රට වල තියෙන්නේ මොනවද කියල. ගතවූ වසර 70 අපි පටන් ගත්තේ මොනවද දැනට තියෙන්නේ මොනවද කියල. වෙන එකක් ඕනේ නැහැ අපේ ඉගෙන ගන්න ළමයින්ගෙන් සිවිල්,සංනිවේදන වගේ අංශ කිහිපයක් හැරුනම ඒගොල්ල මොකද්ද කරන්නේ කියල බලන්න. අපිට හැම දෙයක් ම බලන්න ඕන සාපේක්ෂව.
vidya Monday, 02 July 2018 04:27 AM
ළඟ ඉන්න චීනා ලස්සනට වැඩේ කරලා දෙයි.
chandrapala Monday, 02 July 2018 11:03 AM
අපි දන්නා කියන කාලේ, ඔය ලාෆ්ස්,සොෆ්ට්ලොගික්, ධම්මික වගේ කිහිප දෙනෙක් ඇවිල්ල ඉන්නවා.ව්‍යවසායක සංවර්ධන පාඨමාලා,ණය ක්‍රම තියෙනවා,කාර්මික සංවර්ධන මණ්ඩලය, කුඩා ව්‍යවසායක මණ්ඩල තියෙනවා ව්‍යවසායන් නැහැ.මේවා ගැන ටොන් ගානක් සමීක්ෂණ වාර්තා ඇති.නිලධාරීන්ට වැටුප් ගෙවනවා.වැඩක් වෙලා නැහැ.ඇත්තටම මේවා ගැන හොයන්න ඕන කමක් ඇත්තෙත් නැහැ.රටම ඔහේ යනවා.අලුත් පරපුර ඉගෙන ගන්නේ කොහොම හරි රට යන්න.එකත් හරි රටේ කර්මාන්ත ව්‍යාපාර නැතිනම් මොකක් කරන්නද!
Jayathilaka Wednesday, 04 July 2018 02:53 AM
ඔය බුද්ධිමතුන් කියන වෘත්තිකයින්ට බැරිද තමන්ගේ ඉල්ලීම් වලට පඩියයයයි,පර්මිට් වාහනෙයි ඉල්ලනගමන් තව තව කර්මාන්ත පටන් ගනියෝ!!! කියල ඉල්ලන්න?
තරුෂි Wednesday, 22 June 2022 04:40 AM
ව්‍යවසායකයින් පිළිබඳ විස්තරත් අවශ්‍යයි...!