(තිළිණි ද සිල්වා)
සංචාරක ආකර්ෂණයෙන් යුතු නව සංචාරක ස්ථාන 6059 ක් දිවයින පුරා ප්‍රදේශ රැසකින් හදුනාගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
එම සංචාරක ස්ථාන දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමට විශේෂ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවද සංචාරක අමාත්‍යවරයා කීය.
මෙම නව සංචාරක ස්ථාන පරිසර හිතකාමී ස්ථාන බවත් වනජීවි, වනසංරක්ෂණ, පුරාවිද්‍යා වැනි ආයතන සමග සම්බන්ධීකරණය කර ඒවා දියුණු කිරීමට අපේක්ෂා කරන බවත් පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙරටට පැමිණෙන සංචාරකයන් වැඩි කාලයක් රට තුළ රදවා ගැනීමේ අරමුණෙන් මෙම නව සංචාරක ස්ථාන හදුන්වා දෙන බවය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් නව ආකර්ෂණීය සංචාරක ස්ථාන 318 ක් හදුනාගෙන ඇති අතර, නුවරඑළිය කේන්ද්‍ර කරගනිමින් සංචාරක කළාපයක් ප්‍රකාශයට පත් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බවද සංචාරක අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මීට අමතරව සංචාරක ආකර්ශනය ඉහළ නංවා ගැනීම සදහා නානුඔය සිට නුවරඑළිය දක්වා කේබල් රථ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන බවත්, යුරෝ මිලියන 52 ක මුදලක් වැය කරමින් සිදු කරන මෙම ව්‍යාපෘතියේ අදාළ ඉදිරි කටයුතු ද සිදු කෙරෙමින් පවතින බව ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්‍රී ලංකාවේ නව සංචාරක ස්ථාන 6059 ක්
Raveendra Thursday, 04 February 2021 01:23 PM
ඒකත් උදයංගටම බාර දුන්නා යසඅගේට කරලා දෙයි...