IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සීයයට 2.7 ක් බව ලෝක බැංකුව කියයි

(හර්ෂණ තුෂාර සිල්වා)
 

මේ වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.7% ක් වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කරයි. සිය නවතම වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක බැංකුව ඒ බව වාර්තා කර තිබේ.
 
 පසුගිය වසරේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වයත් මේ වසරේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ අභියෝග මධ්‍යයේ වුවත් ආයෝජන සහ අපනයන ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම නිසා මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2.7% ක අගයකින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව සිය වාර්තාවෙන් ඇස්තමේන්තු කර තිබේ.  
 
කෙසේ නමුත් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී ඇස්තමේන්තු ගත ආර්ථික වර්ධන වේගය අඩුව තිබේ. පසුගිය වසරේදී මෙරට ආර්ථිකය 3.2% කින් වේගයකින් වර්ධනය වූ බව ලෝක බැංකු වාර්තාවේ සඳහන් වේ.

 මේ අතර ලබන වසරේදී මෙරට ආර්ථිකය 3.3% කින් ද 2021 දී 3.7% කින් ද වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කරයි.

 ලෝක බැංකුවේ ඇස්තමේන්තු කිරීම්වලට අනුව දකුණු ආසියානු කලාපයේ ඉහළම ආර්ථික වර්ධන වේගයක් ඇති රට බවට පත්ව ඇත්තේ බංග්ලාදේශයයි. මේ වසරේදී එරට ආර්ථිකය 8.1% කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත. ඊට අමතරව ඇෆ්ගනිස්තානයේ 2.5% කින්, භූතානයේ 5කි% න්, ඉන්දියාවේ 6 % කින්, මාලදිවයිනේ 5.2% කින්, නේපාලයේ 7.1% කින්, පාකිස්තානයේ ආර්ථිකය 3.3% කින් ද වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත



අදහස් (8)

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සීයයට 2.7 ක් බව ලෝක බැංකුව කියයි

Rasika Pradeep Thursday, 17 October 2019 09:50 AM

නිෂ්පාදන ආර්ථික දැක්මක් රට තුළ ඇති නොකර ආර්ථික වර්ධනයක් ගැන කතා කරලා වැඩක් නෑ. එක පැත්තකින් දේශීය සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර නිෂ්පාදනයන්ට ආදේශන සහ එම නිෂ්පාදනම ආනයනය කරන ගමන් නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට පරිභෝජන ආර්ථික රටාවකට රට ගෙනියනවා. හොඳම උදාහරණය තමයි ලක්සැල, 2015 ලක්සැල වෙළඳසල් 42 ක් තිබ්බා දැන් තියෙන්නේ 2යි.. අනික සුළු අපනයන බෝග ව්‍යාප්තිය. කොටින්ම කන සහල් ටිකත් පිටින් ගේන්න වෙලා. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කිසිම සැලැස්මක් නැහැ. අපි රටක් විදියට පස්සට විතරයි. මේ යහපාලන ආණ්ඩුව කලේ ගිහින් තියෙන්නේ...

:       0       213

සමන් - ඕමානයThursday, 17 October 2019 04:00 PM

මේ යහපාලන කාලකන්නි හැත්ත ආවත් හරි, රට ප්‍රපාතයටම ගියා. මහින්දගේ කාලයේ ආර්ථික වර්ධන වේගය 7% ට 8% ට තිබුනා. ආසියාවේ ඉදිරියෙන්ම අපි හිටියා. ඔවුන්ට මනා දැක්මක් තිබුනා. මුන් ටික ඇවිල්ලා රට කාබාසිනියා කරලා, තමන්ගේ සාක්කු විතරක් පුරවගත්තා. කිසිම ආර්ථික සැලැස්මක් නැතිව, බූරු රැලක් විදිහට වැඩ කරලා රට බංකොලොත් කළා...........කමක් නෑ, තව මාසයකින් මුන් රංචුව ගෙදර නේ!

:       67       307

sirisenaFriday, 18 October 2019 12:14 PM

අනේ හරි සෝක් ආර්ථික විග්‍රහයක්නෙ. කොහෙන් ආර්ථික විද්‍යාව ඉගෙනගත්ත ද මන්දා

:       7       21

warunaTuesday, 22 October 2019 07:41 AM

මහින්ද පාලනයේ මුල් වකවානුවේ සමස්තයක් ලෙස ගත් කල 7% ක පමණ වරදානයක් පෙන්නුවත් ඔහුගේම කාලයේ 2013 වසරේ ආර්ථිකයේ පසුබැසීම ආරම්බ කර ඇත. 2013-3.4% 2014 4.96% . මුල් වකවානුවේ පැවතී වර්දනයට ප්‍රදාන හේතුව වන්නේ ණය මත ඇතිකරන ලද ඉදිකිරීම් . රටට විශාල ණයබරක් ඇතිකරමින් පලදායි නොවන මෙගා වියපෘති හා ඉදිකිරීම්ය. ස්ථාවර ආර්ථික වර්ධනයක් අත් කරගැනීමට නම් අදායම් ඉපදවෙන ආයෝජනයක් විය යුතු බව ආර්ථික නියමයක්. අයෝජනනවලින් අදායමක් නොලැබෙන් නිසා ආර්ථිකයේ පසුබෑම ඔහුගේ කාලයේදීම ආරම්භ වේ ඇති බව සංක්‍ය අර්ථ නිරුපනයෙදී පැහැදිලිව පෙනේ. ඔහුගේ කාලයේදී රට ගොඩ ගත නොහැකි ණය අගාදයකට වැටුණු බව පිළිගත යුතු සත්‍යකි. මෙය ණය මගින් ඇතිකරන ලද ආර්ථික බුබුලක් ලෙස අර්ථ දැක්වීම කල හැකිය. යහ පාලන ආර්ථිකය මෙහි දිගුවක් ලෙස සැලකිය හැකිය.

:       1       27

lanka Thursday, 17 October 2019 11:49 AM

ලෝක බැංකුව කියන විදියට දකුණු ආසියාව නම් 3 වන ලෝකයේ කලාපිය රටවලිනුත් අන්තිම පහළින් ඉන්නේ අපිනේ... ආයෝජකයන් එකෙක් එන්නේ නැති, හැමදාම බෝම්බ පුපුරන ඇෆ්ගනිස්ථානෙත් ආර්ථික වර්ධන වේගය 2.5% ක්ලු...

:       43       57

විජිත් Thursday, 17 October 2019 03:26 PM

ලැජ්ජයි. නමුත් ලැජ්ජා නැතිව ආයෙමත් සැරයක් අවුරුදු 70ක්ම රට බෙදාගෙන විනාස කරපු ටික ආයෙමත් එන්න හදනවා. අපේ රටේ ඉන්න වහල්ලු ටික ඒ අයටම ඡන්දෙ දෙනවා. කිසිම රජයක් දුප්පත්කම නැතිකරන්නෙත් නැහැ. දුප්පත්කම නැතිවුනොත් දේශපාලුවන් ඉදිරියේ දෙකට තුනට නැවෙන්න කව්රුත් නැහැ. ඒ නිසා දෙස්පාලුවාගේ පැවැත්මට දුප්පතාව තියාගන්නවා. මේ පාරවත් මේ රටේ මිනිස්සුන්ට රට ගැන සුබ අදහසක් පහලවේවිද කියලා බලමු.

:       63       13

jayaSaturday, 19 October 2019 04:42 PM

හරි අදහසට දාලා තියෙන dislike ප්‍රමාණයෙන් රටේ ඉන්නේ මෝඩයන් බව සනාථ වෙනවා

:       149       12

Koba Friday, 18 October 2019 04:46 AM

ලක්සල වගේ ආයතන වැහෙනවා කියන්නේ ස්වභාවික මරණ, ඒවාට ටිකක් ගිහින් බලන්න, අලස උදාසීන කිසිම විවිධත්වයක් නැති හද්දා පරණ මෝස්‌තර පරණ සංකල්ප ටිකක් පට්ට ගැහ ගහ විකුණන සුදු අලියෙක්, ඒ වගේ මෝඩ රාජ්‍ය ආයතන ටිකක් තියාගෙන රට දියුණු කරන්න පුළුවන් කියල හිතන මිනිස්සු ඉන්නවා, වේගවත් ඉඳිකිරීම් කෙරෙනකොට රටක ආර්ථික වර්ධන වේගයක් පෙන්වනවා තමයි, එත් එය නොකඩවා පවත්වාගන්න නම් අර ආයෝජන වලින් ලාබ සොයන්න ඕන, එහෙම කලොත් සංවර්ධන කරයුතු නොකඩවා පවත්වන් යන්න පුළුවන්, අනාගත ව්‍යාපෘති වලට නය ගන්න පුළුවන්, අපේ රටේත් වේගයෙන් විවිධ ආකර්ශනීය ඉඳිකිරීම් පටන් ගත්ත, එත් ඒ ආයතන වලින් ලැබෙන ලාබ ඉතා අඩුයි, සමහර ඒවාකිසිම වැඩක් නැහැ. ලංකාවේ ඉතා ධනවත් එත් කිසිම උගත්කමක් නැති මුදලාලි මහත්තයෙක් කිව්වා මොන සංකල්පේ තිබුනත්, රුපියලක් හරි උපයන්නේ නැත්නම් ඒ සංකල්ප වලින් ඇති වැඩේ මොකක්ද කියල, සහතික ඇත්ත, නය ගන්න ඕන ඒවා ගෙවන්න ඕන කියල කල්පනා කරලා ගෙවන විදිහ හදාගෙන, අපේ රටේ නොවෙන්නෙත් එක,

:       3       37

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1240 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 629 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 126 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 176 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1409 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site