IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකාවත් - මාලදිවයිනත් අතර සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව හා මාල දිවයින අතර ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති ඕමර් අබ්දුල් රසාක් මහතා සහ කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ වී ඇත.

ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයින් ගෙන්වා ගැනීමටත්, ලංකාවේ සංචාරය කිරීමෙන් පසු ඔවුන් මාලදිවයින වෙත යොමු කර විවේකීව එහි කාලය ගතකිරීමට අවස්ථාව ලබා දීමටත්  හැකියාව ඇති බව මාලදිවයින තානාපතිවරයා රණතුංග මහතාට පවසා ඇත.
 
මාලදිවයින සංචාරකයින්ට නැරඹීමට ස්ථාන අඩු බවත් එරටට පැමිණෙන සංචාරකයින් පැමිණෙන්නේ නිදහසේ විවේකීව සිටීමට බවත් කියන මාලදිවයින් තානාපතිවරයා ලංකාවේ දී සංචාරකයන්ට නැරඹීමේ ස්ථාන රැසක් ඇති බවද සඳහන් කර තිබේ.
 
සංචාරක අංශයේ ප්‍රධානීන් සමග ද සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ වැඩ පිළිවෙළක්  සකස් කළ හැකි බව  ඇමතිවරයා මෙහිදී තානාපතිවරයාට පෙන්වා දුන්නේය.
 
මාලදිවයිනේ විදේශ කටයුතු ඇමතිවරයා ජනවාරි 28 සිට තෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බැවින් එහිදි මේ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා පැවැත්වීමට එකඟතාවය පළ කර ඇත.
 
සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ලේකම් මරීනා මොහොමඩ්, කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ යන මහත්වරුද මෙම සාකච්ඡාවට එක්වූහ. 



අදහස් (3)

ශ්‍රී ලංකාවත් - මාලදිවයිනත් අතර සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළක්

Walter White Thursday, 02 January 2020 04:01 AM

ඇත්තටම කිව්වොත් අපේ මොළයක් නැති ආණ්ඩුව සහ මාලදිවයින් ආණ්ඩුව ගැන කල්පනා කරාම පුදුම හිතෙනවා. ඇත්තටම නම් ලැජ්ජයි. මාලදිවයිනේ අය තව විදේශිතයෝ ගෙන්වාගන්න අදහස් කරනවා. ඒ අය හදන්නේ අපට එන ටිකත් ඩයිවර්ට් කරගන්න. නිදහසේ ඉන්න තැන් ලංකාවේ ඇත්තෙම නැද්ද? තියෙන ලස්සන තැන් ටික කාගන්නේ නැතිව ඒ අයට නිදහසේ ඉන්න මාලදිවයිනේ යවන්න ඕනද ? අපේ බූරුවෝ විදේශිතයන්ට ආතතියක් දෙනාවා. ඒ අයට දෙන්න පුළුවන් හැම වදේම දෙනවා. හැම දේම ඒ අයට බලෙන් විකුණනවා. වංචා කරනවා. ත්‍රීවීල් කාරයන්ගෙන් බේරෙන්න බැහැ. හිනා වෙලා සතුටින් එන විදේශිකයෝ ලංකාවෙන් යන්නේ අඬාගෙන. ඔන්න ඕවයි හදන්න ඕන. සංචාරක ව්‍යාපාරය තමයි අපේ රටට තියෙන එකම ගැළවීම. අපේ රටේ තත්වයට මහා පරිමාණ කර්මාන්ත හරි යන්නේ නැහැ. ඒ හීනෙන් ඇහැරිලා සේවා ආර්ථිකය දියුණු කරන්න ඕන. රටම ඒ ගැන දැනුවත් වෙන්න ඕන. මුළු රටම ලැස්ති වෙලා ඉන්න ඕන මේ දෙයට. රටේම ඉන්න බස්, ත්‍රීවීල් රියදුරන්, සංචාරක මගපෙන්වන්නන්, වෙළෙන්දෝ පුහුණු වෙන්න ඕන. මිනිස්සුන්ට සංචාරක කර්මාන්තය ගැන අවබෝධයක් දෙන්න ඕන. ඉතින් සංචාරක කර්මාන්ත ඇමති වෙන්න ඕන ඒ ගැන ඉහළම දැනුමක් ඇති බුද්ධිමතෙක්.

:       0       13

lanka Thursday, 02 January 2020 09:33 AM

නැව් සේවාවක් තමයි ඕනේ.. 2020ත් වෙලා තාම අපේ රටෙන් පිටරකට යන්න ක්‍රමවත් නැව් සේවාවක් නැහැ. අඩු තරමේ ඉන්දියාවට මාලදිවයිනට යන්නවත්.. නමුත් රට වටේට මුහුද..? සංචාරක අමාත්‍යාංශයත්, නාවික කටයුතු අමාත්‍යාංශයත්, ධීවර අමාත්‍යාංශයත් මෙච්චර කල් කළේ බොරු නීති පනව පනවා දඩගහන එක මිසක් මේවා දියුණු කරන එක නෙමෙයි.

:       0       64

Amula Saturday, 04 January 2020 10:36 AM

මේ මොකක්ද? ලැජ්ජා හිතෙන වැඩ. නැගිටගන්නවත් බෑ. අනේ හිරිකිතයි. ලැජ්ජයි. ඔක්කොම අත ඇරලා රට දියුණු කරපල්ලා. අපි ඉන්නේ ඔක්කොටම පිටිපස්සෙනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 94 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 66 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 108 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site