IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාව ගණකාධිකාරීවරුන් බිහිකරන මධ්‍යස්ථානයක් කිරීමට සහාය දෙනවා

ශ්‍රී ලංකාව දකුණු ආසියාවට මෙන්ම ලෝකයට ගණකාධිකාරීවරුන් සහ වෘත්තීයවේදීන් බිහිකරන ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය දෙන බව ජාත්‍යන්තර ගණකාධිකරණ සම්මේලනයේ සභාපති ඉන් කි ජූ මහතා කොළඹදී පැවැසීය.

ශ්‍රී ලංකාව දැනටමත් දකුණු ආසියාවට ගණකාධිකරණ ක්ෂේත්‍රයේ ශිල්පීන් සහ වෘත්තීයවේදීන් බිහි කරන ප්‍රමුඛ රටක් බවත් 2020-2030 දශකයේදී ශ්‍රී ලංකාව දකුණු ආසියාවට පමණක් නොව සමස්ත ලෝකයටම ගණකාධිකරණ ශිල්පීන් සහ වෘත්තීයවේදීන් බිහි කරන ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය සම්පූර්ණ සහාය දෙන බවත් හෙතෙම කීය.  

උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  හමුවීමෙන් පසු ඔහු එම කරුණු කීවේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි ජාත්‍යන්තර ගණකාධිකරණ සම්මේලනයේ සභාපති ඉන් කි ජූ මහතා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඉකුත් දා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මුණ ගැසී සාකච්ඡා පැවැත්වීය.

යුනෙස්කෝ ආධාර මත ඉදි කරන ලද දකුණු ආසියානු ගුරු පුහුණු මධ්‍යස්ථානය ආශ්‍රිතව කලාපයේම දරු දැරියන්ට වාණිජ, ගණකාධිකරණ සහ ව්‍යවසායකත්ව විෂයවලට අදාළව ගුරු පුහුණු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට ද ඉන් කි ජූ මහතා මෙහිදි එකඟතාව පළ කළේය.

ජාත්‍යන්තර ගණකාධිකරණ සම්මේලනයේ සභාපතිවරයකු ශ්‍රී ලංකාවට පැමිණියේ වසර 15ක පසුවය.

උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ගණකාධිකරණ සම්මේලනයේ හිටපු සභාපති සහ වෘත්තීය ගණකාධිකරණ සංවිධාන සංවර්ධන කමිටුවේ සභාපති අර්ජුන හේරත් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
055

 



අදහස් (7)

ශ්‍රී ලංකාව ගණකාධිකාරීවරුන් බිහිකරන මධ්‍යස්ථානයක් කිරීමට සහාය දෙනවා

Chathuri Friday, 24 January 2020 10:15 PM

මුළු ලෝකෙම ගොඩදාගන්න උදව් කරන්න... නමුත් මේ උගතුන් පිරි මව්බිම වලපල්ලට යන එක මොවුන්ට නොපෙනෙන්නේ ඇයි? පොතේ දැනුම තිබුණට මදි වටපිටාවේ වෙන දේත් හොයලා බලන්න ඕනෑ. මහ දවල් බැංකු මංකොල්ල කනවා රටේ ලොක්කෝ.., අනුන්ගේ රටවලට ගණකාධිකාරවරුන් බිහි කරන්න හදනවා. හරියට රනිල් ලෝකෙ වටේයනවා.. නායකයින්ට සම්මේලන පවත්වන්න. තමන්ගේ රට හිඟාකනවා. මේවා ලියලා වැඩක් නැහැ. අපේ රටේ කෙරුවාව චිත්‍ර පටියකට හදන්න ඕනෑ...

:       3       60

mahinda Sunday, 26 January 2020 01:23 AM

රුපියල් 2500 මාසික වැටුප හා වියදම් සමීකරණය පෙන්නන්න පුළුවන් අය ඉස්සෙල්ලා බිහිකරවන්න.

:       0       36

සමන් කුමාර Monday, 27 January 2020 05:31 AM

ඉන් කි ජූ මහතා කියපුව තේරුණාද දන්නේ නෑ.

:       2       12

kap Tuesday, 28 January 2020 10:38 AM

අර වගේ නම් තියෙන අයද?

:       0       0

ලුම්බිණි Wednesday, 29 January 2020 12:08 AM

ඉස්සර වෙලා තමන් ගණන් ඉගෙන ගන්න.

:       0       0

Perera Saturday, 01 February 2020 11:13 PM

දැනට ඉතින් ජාවාරම්කාරයෝ බිහි කරන මධ්‍යස්ථානයක්නේ.

:       0       0

vidya Thursday, 20 February 2020 07:25 AM

වැඩේනම් හොඳයි. ගනන් කරන්න කාසි නැනේ. වැලි ඇට තමයි ගණන් කරන්න තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 526 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 627 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 124 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 175 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site