ශ්‍රීලංකන් ගුවන් සමාගම කෙන්යාවේ නයිරෝබි නුවර වෙත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය සීෂෙල්ස් වෙත පියාසර කිරීමෙන් පසු නැගෙනහිර අප්‍රිකාවේ මෙහෙයුම් සිදුකරන දෙවැනි ගමනාන්තය ලෙස කෙන්යාව එක්වනු ඇත.
ඒ අනුව නැගෙනහිර අප්‍රිකාවේ විශාලතම හා කාර්යබහුලම ගුවන්තොටුපළ වන ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපළ (NBO) සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල (BIA) අතර 22 වැනි දින සිට මෙම ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි.
ශ්‍රීලංකන් ගුවන් සේවය සෑම බ්‍රහස්පතින්දා දිනකම නයිරෝබි වෙත සිය ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා පිරිමැසුම් පන්තියේ ආසන 269 ක් සහ ව්‍යාපාරික පන්තියේ ආසන 28 ක් සහිත එයාර් බස් A330 වර්ගයේ ගුවන් යානා යොදවා ඇත. යූඑල් 1715 ගුවන් යානය පැය 10:45 ට කොළඹින් පිටත් වී පැය 14:40 ට ජොමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබසිනු ඇත. පසුව යූ.එල්. 1716 නයිරෝබි සිට පැය 04:40 ට පිටත් වී පැය 13:55 ට නැවත කොළඹට ළඟාවීමට සැලසුම් කර ඇත.
නව ගමනාන්තය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙසේ පැවසීය. “ශ්‍රීලංකන් ගුවන් සේවය අප්‍රිකානු කලාපයට ව්‍යාප්ත කරමින් කෙන්යාවේ අගනුවර වෙත ගුවන් ගමන් දියත් කිරීම ගැන අපි සතුටු වෙනවා. නව මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ ගෝලීය මාර්ග ජාලය හරහා බාධාවකින් තොරව සම්බන්ධතා ලබා ගනිමින් බොහෝ අය කෙන්යාවට ගොස් ලෝකයේ විශ්මයජනක වන සතුන් ගවේෂණය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ”
නැගෙනහිර සහ මධ්‍යම අප්‍රිකාවේ ව්‍යාපාරික හා විවේක කේන්ද්‍රස්ථානයක් ලෙස නයිරෝබි හඳුන්වා දිය හැකි අතර ඉන් පිටතට ප්‍රවාහනය සඳහා ඇති ඉල්ලුම ද විශාල ලෙස ඉහළ ගොස් තිබේ. නයිරෝබි පිහිටා තිබෙන්නේ පුළුල් ජල පෝෂක ප්‍රදේශයකට අයත්ව ගොඩබිම සහ ගුවන් සම්බන්ධතා ඇති උපාය මාර්ගිකව වන අතර එමගින් උගන්ඩාව, ඉතියෝපියාව, ටැන්සානියාව, රුවන්ඩාව, මලාවි, සැම්බියාව සහ මැඩගස්කරය වෙත ඉතා පහසු සම්බන්ධතා සපයයි. කෙන්යාවේ මසායි මාරා ජාතික රක්ෂිතය, සෙරෙන්ගෙටි ජාතික උද්‍යානය සහ ටැන්සානියාවේ සැන්සිබාර් ඉතා ජනප්‍රිය සෆාරි සහ ජාතික උද්‍යාන ලෙස හැඳින්විය හැක.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා මෙසේ පැවැසීය. නැගෙනහිර අප්‍රිකාව, ඈත පෙරදිග සහ ඉන්දියානු උප මහද්වීපය අතර සැලකිය යුතු මාර්ග තදබදයක් ඇති කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මෙම නව මාර්ගය ඉඩ සලසනවා. එසේම මෙම නව මාර්ග ජාලය හරහා ප්‍රධාන ගමනාන්ත වෙත සම්බන්ධ වීමට කාලසටහන මඟින් ඉඩ ලබා දී තිබුණ ද, චීනයට සහ ඉන්දියාව වෙත ශක්තිමත් මෙහෙයුම් සිදු වනු දැකීමට අපේක්ෂා කරනවා.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්‍රී ලංකන් කෙන්යාවේ නයිරෝබි වෙත මෙහෙයුම් අරඹයි
S.P.පෙරෙරා Monday, 26 April 2021 08:47 PM
එංගලන්තය සහ බොහෝ රටවල් කොරෝනා රෝගී අවදානම වැඩි කෙන්යාව වගේ රටවල් රතුලැයිස්තු ගත කරලා ගුවන් ගමන් තහනම් කර ඇති පසුබිමක ලංකාව කෙන්යාව සමග ගුවන් ගමන් ආරම්භ කිරීම මොන තරම්නම් අනුවණ කමක්ද?
Dinesh Tuesday, 27 April 2021 10:01 AM
කවුද ඔය රටවල් වලට යන්නේ සමහර විට ලංකාවේ දේශපාලකයෝ පමණයි.