(හර්ෂණ තුෂාර සිල්වා)
‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමට රංජිත් ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුතු සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කරනු ලැබ තිබේ.
මාර්තු මස 29 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙම පත් කිරීම කරනු ලැබ ඇත.
මනෝ තිත්තවැල්ල, සුසන්ත කටුගම්පළ, ආචාර්ය රෝෂන් පෙරේරා සහ එයාර් මාර්ෂල් කපිල ජයම්පති, රංජිත් ප්‍රනාන්දු මහතා සභාපතිධුරය දරණ ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ නව අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෝ වෙති.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 6 දෙනකු ඉකුත් දෙසැම්බර් මාසයේදී අස්වීමේ ලිපි බාර දුන් නව අධ්යක්ෂ මණ්ඩලයක් ස්ථාපිත කරන තුරු එම අධ්යක්ෂ මණ්ඩලයටම රාජකාරී කරගෙන යන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබිණි.
ඉන් අනතුරුව පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ මහතා ඉවත් කිරීමට එහි අධ්යක්ෂ මණ්ඩලය කටයුතු කළේය.
දෙසැම්බර් මාසයේදී ඉල්ලා අස්වීමේ ලිපි බාරදීමෙන් පසු පළමු වරට ජනවාරි (25) වැනිදා අධ්යක්ෂ මණ්ඩලය රැස් වු අතර ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ තවදුරටත් එම ධුරයේ තබාගන්නේ ද යන්න සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පවත්වා තිබිණි. එහිදි සුරේන් රත්වත්තේ මහතා ඉවත් කිරීමට පක්ෂව ඡන්ද 5ක් ද අතර විපක්ෂව ඡන්ද දෙකක් ද ලැබි තිබිණි.
සුරේන් රත්වත්තේ මහතා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් කිරීමට ඡන්දය දුන් පිරිස අතර සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා ද වූ අතර අජිත් ඩයස් මහතා ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන් සමාගමේ අධ්‍යක්ෂකවරුන් හයදෙනාගෙන් කෙනෙක් ද විය.
කෝප් කමිටුවට අසත්‍ය තොරතුරු ලබාදුන් බවට ද සුරේන් රත්වත්තේ මහතාට චෝදනා එල්ල වී තිබිණි.
‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ කළමනාකරණය ආයෝජන රැගෙන පැමිණෙන ජාත්‍යන්තරයේ ඉහළම ගුවන් සමාගමක් වෙත ලබා දී රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු කර තිබෙන බව ද එවකට රාජ්‍ය ව්‍යවාසය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කබීර් හෂීම් මහතා ජනවාරි මාසයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගම රාජ්‍ය ව්‍යාවසාය අමාත්‍යාංශ විෂය පථයට අයත් ආයතනයකි. වත්මන් අමාත්‍යවරයා වනුයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්‍රි ලන්කන් එයාර් ලයින් නව සභාපති රංජිත් ප්‍රනාන්දු
Mahee Tuesday, 03 April 2018 07:52 AM
ඇත්තම කියනවනම් මේ ලිපිය කියවනකොට ශ්‍රී ලන්කන් කාට අයිති කවුරු පාලනය කරන එකක්ද කියලවත් මට හිතාගන්න බැරිවුනා. වැදගත් වෙන්නේ අලුත් සභාපති කාගේ කෙනෙක්ද කියන එක විතරයි, ඉතුරු හරිය අපට හිතා ගන්න පුළුවන්.
bamunuarachchiWednesday, 04 April 2018 02:28 AM
කාගේ කෙනෙක් උනත් එයා හරියට වැඩය කරන කෙනෙක් බව පෞද්ගලිකවම දන්නවා.
BamunuarachchiWednesday, 04 April 2018 02:43 AM
මෙතුමා කාගේවත් නොවෙයි මේ රටේ කෙනෙක් රටට ආදරය කරන කෙනෙක් එම නිසා පැවරු කාරිය හරියට කරාවි. නමුත් මෙතුමාට ඉහලින් තව අපේක්ෂාවන් තිබෙන බලවත් අය ඉන්න බව අමතක කරන්න එපා. ඒගැන සිතා මෙතුමාට ඇඟිල්ල දික් කොරන්න ලැහැස්ති වෙන්න එපා.
sena Tuesday, 03 April 2018 12:11 PM
ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිද දන්නේ නැහැ.
jaseem Tuesday, 03 April 2018 05:56 PM
තවම කළමනාකරණය හරි නෑ
ලුම්බිණි Wednesday, 04 April 2018 12:14 AM
පිටරට පදිංචි වෙලා ඉන්න මිනිස්සුත් අධ්යක්ෂ මණ්ඩලයට පත් කරලා තියෙන එකයි පුදුමේ.
රාජුන් Wednesday, 04 April 2018 12:48 AM
මෙතන කී දෙනෙක් ඉන්නවද මේ විෂය ගැන දන්න? මේ විෂය ගැන අත්දැකීම් තියෙන?
Bamunuarachchi Wednesday, 04 April 2018 02:26 AM
රන්ජිත් මහතානනී නිහතමානී ඔබට මගේ සුබ පැතුම්. ඔබගේ හැකියාවන් ගැන මම හොඳින් දනිමි.............
Bamunuarachchi. Wednesday, 04 April 2018 02:37 AM
"ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිද දන්නේ නැහැ." මෙම මැතිතුමාගෙන් එසේ නොවන බව මටනම් සහතිකයි.
naradha Wednesday, 04 April 2018 10:01 AM
ඔය ආයතනයට තියෙන ණය කන්දරාවේ හැටියට කව්රු ආවත් ඕක ගොඩ ගන්න බැහැ. පිට රටක සමාගමක් ඕකත් එක්ක කීයටවත් බද්ධ වෙන්නේ නැහැ. අද සිදුවන්නේ රටේ සියලු දෙනාගේ බදු මුදලින්, කිහිප දෙනෙක් පමණක් ගමන් ගන්නා මේ පාඩු ලබන ආයතනය නඩත්තු කිරීම පමණි. දැන් ඇති එකම විකල්පය නම්, ඔය ආයතනය වසා දැමීම පමණි.
BamunuarachchiWednesday, 04 April 2018 10:32 AM
පුදුම වෙන්න එක මෙසේ වාඩිවෙලා කතාකරනවා වගේ මුහුණු බලාගෙන කතාකරන්න් පහසුකම් දැන් තිබෙනවා................