හර්ෂණ තුෂාර සිල්වා
‘වෙළෙඳපොළ ඉලක්ක කරගත් කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය’ කොළඹ මුවන්පික් හෝටලයේදී අද (17) දියත් කෙරුණි.මෙම ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ මූල්‍ය ආධාර සපයන අතර ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය සහ ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශය පහසුකම් සපයයි.
ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ‘ඉන්ටර්නැෂනල් එක්සෙකටිව් සර්විස් කෝප්ස් ආයතනය’ විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.
වසර 2022 මාර්තු මාසයේදී මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත අතර ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 14.1ක් (ආසන්න වශයෙන් රුපියල් බිලියන 2ක්) මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබේ.
මෙම ව්‍යාපෘතිය මගින් කිරි නිෂ්පාදන ක්ෂේත්රයේ සියයට 18ක වාර්ෂික වර්ධනයක් අපේක්ෂා කරන අතර කිරි නිෂ්පාදන සැපයුම් දාමය තුළ ගොවිපොළ පලදායීත්වය සහ කිරි ආශ්රිත නිෂ්පාදනවල ගුණාත්මකභාවය වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී තිබේ.
කිරි ගොවීන්ට සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය ගුණාත්මකභාවයෙන් ඉහළ යෙදවුම්වලට ප්‍රවේශ වීමේ සේවා ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීම, කිරි ගොවිපොළ කළමනාකරණය සඳහා සුදුසු නව ක්‍රමවේද හඳුන්වාදීම, කිරි ගොවිපොළ පවත්වාගෙන යෑම,
කිරි එක්රැස් කිරීම හා ප්‍රවාහනය සහ අනෙකුත් සියලු අංශවලට අදාළව ගුණාත්මකභාවය සහ සනීපාරක්ෂක ක්‍රමවේද වැඩි දියුණු කිරීම, කිරි නිෂ්පාදන අලෙවිය වැඩි කිරීම සඳහා තොරතුරු තාක්ෂණය සහ ජංගම දුරකතන භාවිතය සහ ඒ ආශ්රිත නව ක්‍රමවේද සැකැසීම සහ කිරි නිෂ්පාදන අංශය තුළ මූල්‍ය සම්පාදනය සහ ආයෝජන ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ ඉලක්ක වී තිබේ.
උතුර, වයඹ, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව යන පළාත් මෙම ව්‍යාපෘතියේ ඉලක්ක ගත කලාප බවට පත්ව තිබේ.
ෆ්ලෝරීඩා විශ්ව විද්‍යාලය, සර්වෝදය සහ ‘ග්ලෝබල් ඩයරි ප්ලැට්ෆෝම්’ මෙම ව්‍යාපෘතියේ උප පාර්ශවකරුවන් වන අතර සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලය, කිරි ගොවිපොළ සංවර්ධනය පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුව, කිරි පිරිසැකසුම් සමාගම්, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ජාතික කිරි නිෂ්පාදන සංගමය, ඩයලොග් ආසියාටා සමාගම, ඕවර්සීස් ප්‍රයිවට් ඉන්වෙස්ට්මන්ට් කෝපරේෂන් සහ මෙරට බැංකු සහ තවත් පිරිස් කිහිපයක් මෙම ව්‍යාපෘතියේ හවුල්කරුවෝ වී සිටිති.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වෙළෙඳපොළ ඉලක්ක කරගත් කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය දියත් කෙරේ
Lalith Sunday, 20 May 2018 01:13 PM
කිරිගොවියෝ පුහුණු කරන්නෙත් ඔය හෝටලේමද නැතිනම් වෙන හොටලේකද?
akila Monday, 21 May 2018 04:01 AM
මොනවද දන්නේ නැහැ මේ කිරි නිෂ්පාදන? අගමැතිවත් දන්නවද දන්නේ නැහැ. මෙතැන මොකක්ද වෙන්නේ කියලා?
de silva Monday, 21 May 2018 06:26 PM
ඔන්න තවත් ප්‍රෝඩාවක් ,
wik Tuesday, 22 May 2018 05:31 AM
හැම එකටම බනින්නේ නැතුව ඔය ගේන හැම ව්‍යාපෘතියකින්ම පුළුවන් තරම් හුරලා ගන්න තියන දෙයක් ගන්න. ඔය කව්රු ආවත් සර්ව සම්පුර්ණ ව්‍යපෘති එන්නෙත් නැහැ ගේන්නෙත් නැහැ . මිනිස්සු වන අපි දැනගන්න ඕන ඔය එන ඒවගෙන් හුරලම ගන්න. . . නැතුව බන බන ඉන්නේ නැතිව