IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වෙළෙඳ ගිවිසුම් අත්සන් නොකළොත් ඉදිරිය අසුබයි - හර්ෂ ද සිල්වා

නිමල කොඩිතුවක්කු          
 
අපේ  රට වෙළෙඳ ගිවිසුම්  හරහා ලෝකයත් සමග එකතු නොවුනොත් අපිට දැන් තියෙන ආර්ථික  ගැටලූවලට වඩා භයානක ආර්ථික ගැටලූ වලට  ඉදිරියේදී මුහුණ දිමට සිදු වන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අද(01)  පැවසීය.
 
තර්ජන වලට බයේ නිදහස්  ගිවිසුම් වලින් ඉවත්  වුවහොත් ආසියානු කලාපයේ  කොන් වන එකම රට බවට ශ්‍රී  ලංකාව පත්වනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා  සඳහන් කළේය.
 
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා මෙසේද කීවේය.
 
‘‘ සිංගප්පූරු වෙළඳ ගිවිසුම  රටට අහිතකර බවත්  මේ මගින් අපේ රට විනාශ මුඛයට ගමන් කරන බවටත් මේ දිනවල සමහර වෘත්තියවේදින්  තර්කයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ හේතුවෙන්  මෙම ගිවිසුමට එරෙහිව වැඩවර්ජනයකටත් ඇතැම් පිරිස් සූදානමින් සිටිනවා.
 
සිංගප්පූරු වෙළඳ  ගිවිසුම මහා බ්‍රිතාන්‍යත් එක්ක 1815 ගිවිසුමටත් වඩා භයානකයි කියලා බන්දුල ගුනවර්ධන මන්ත‍්‍රිවරයාත් පවසා තිබුණා. 1815 ගිවිසුම  මගින් ලංකාවේ අයිතිවාසිකම් අපි මහා බ්‍රිතාන්‍යයට පවරා  දුන්නා. එහෙම කිසිම දෙයක් මෙම සිංගප්පූරු වෙළඳ  ගිවිසුම   මගින් සිද්ධ වෙන්නේ නැහැ. 
 
මෛ සිංගප්පූරු වෙළඳ ගිවිසුම  මගින්  අපේ රටට සංවර්ධනය සඳහා අත්‍යාවශය සෘජු විදේශ ආයෝජන අපි බලාපොරොත්තු වෙනවා. කවුරු හරි විශ්වාස කරනවනම්  අපිට මෙම සිංගප්පූරු වෙළඳ ගිවිසුම  ගැළපෙන්නේ නැහැ අපි මේකෙන් ඉවත් වෙන්න  ඕනෑ කියලා, ඒ අවස්ථාවත් මෙම ගිවිසුම ඇතුලෙම තියෙනවා.  කවදා හරි දවසක බන්දුල ගුණවර්ධන මහත්තයලා බලයට ආවොත්  එතුමන්ලා කැමති නම් මෙම ගිවිසුමෙන් ඉවත් වෙන්න පුලූවන්. 
 
ඒ නිසා මේක 1815 ගිවිසුම වගේ  එකක් නෙමෙයි. 1815 ගිවිසුම වගේ ගිවිසුම් පසුගිය  රජය අත්සන් කළා. උදාහරණයක් විදියට යුද්ද  හමුදා මූලස්ථානය සින්නක්කරයට දීපු එක ඒ වගේ ගිවිසුමක්. අපිට ඒකෙන් ගැලවෙන්න බැහැ.‘‘

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (7)

වෙළෙඳ ගිවිසුම් අත්සන් නොකළොත් ඉදිරිය අසුබයි - හර්ෂ ද සිල්වා

senarath Wednesday, 01 August 2018 11:12 AM

රටේ කෘෂිකර්මාන්තය කඩාවට්ටලා, දැන් වෙළඳ ගිවිසුම් ගහන්නේ අහවල් දෙයක් විකුණන්නද? ගාල්ලේ ග්‍රවුන්ඩ් එක, ගාලු කොටුව වගේ දේවල් විකුණන්නද හදන්නේ? එනකොට කොහොමද කිව්වේ?

:       165       269

senarath Wednesday, 01 August 2018 11:21 AM

රටේ කෘෂිකර්මාන්තය කඩාවට්ටලා වෙළඳ ගිවිසුම් ගහන්නේ මොනවා විකුණන්නද? එනකොට කොහොමද කිව්වේ, වොක්ස්වැගන් එක එනවා, දූෂණය නැවතුවාම ණය ගෙවලා රට හදන්න පුළුවන් කියලා. මහ ලොකු ආචාරිය වුනාට, රජයේ සේවකයින්ට 10000 ක් වැඩිකරනකොට කටවහගෙන හිටියා. එ්කටම මාසෙකට ඕනේ බිලයන 14 ක් වැඩිපුර. කොහෙන්ද මේවට සල්ලි එන්නේ. කිසිම සංවර්ධන වැඩක් කෙරෙන්නෙත් නැහැ. ඒ මදිවට මහා බැංකුව හොරා කෑවා. දැන් රට පතුලටම වැටිලා තියෙන්නේ. රටේ තිබුණු ණය කන්ද දැන් තව බිලියන 7500 කින් වැඩිවෙලා. එ්ත් තවම ලොකු කතා විතරයි.

:       279       484

රජින්ද Wednesday, 01 August 2018 12:12 PM

මෙන්න විශ්වවිද්‍යාල වලින් බිහි කරපු තවත් එක් කවටයෙක්. රටේ ආර්ථිකය සහ ආර්ථික ප්‍රාණ වායුව විදේශ රටවලට සෙල්ලම් කරන්න දුන්නම අපිට හොඳයි කියන්න ඔය විෂයට ඇමතියෙක් ඕනේද? මේ රටේ අලුත් දෙයක් හොයාගන්නා චින්තකයින්ට එක රුපියලක් වියදම් නොකර සිංගප්පුරුවේ ඒවා නැත්නම් අපි අනාථයි කියන්නද? සාමාන්‍ය මිනිසුන්ගේ බදු සල්ලි වලින් සුපිරි ජීවිත ගතකරන ඇමැතියෝ මේ රටේ ඉන්නේ. මහජනතාවත් ගොනාට ඇන්දවීම තරම් පාපයක් නොදනිමි...

:       108       305

Raveendra Wednesday, 01 August 2018 01:20 PM

අනේ මන්දා මේ ඉගෙනගත්තයි කියන කෙනෙක් කියන කතාද? වෙළඳ ගිවිසුම් ගහන්නේ අපේ රටටත් හොඳක් වෙන්න වගේම අපේ නිෂ්පාදන අනෙත් රටටත් යැවීමට නොවේද? නිකන් ගිවිසුම් අත්සන් කරන්නන් වාලේ එසේ කරන්නේද? යන්න පාසල් දරුවෙකුටත් තේරෙන නමුත් මුන්දැලාට නොතේරීම මහ පුදුමයකි. භයානක ආර්ථික ගැටලුවලට සාමාන්‍ය පුරවැසියන් වන අප නම් දැනටමත් මුහුණ දීලා තියෙන්නේ.. නමුත් මේ " වාසනාවන්ත අම්බරුවන් 225ම කිසිම " ආර්ථික ගැටලුවක් නැහැ දෙයියන්ගේ පිහිටෙන්. මහ බැංකුවේ හොරුටික ගැන මේ උන්දෑ කිසි වචනයක් කිව්වේ නැත්තේ මොකද? සූත්තර පුංචාගේ අඹ යාළුවා කෙලින්ම සම්බන්ධ නිසා වෙන්න ඇති නේද? ආචාර්ය මල්ලියේ...? ඒ මහ මුදල් මංකොල්ලය අපේ ආර්ථිකයට භයානක ගැටළුවක් නොවේද.. අපේ දුප්පත් බදුමුදල්වලින් " පිනට සුර සැප විඳින මල්ලියේ "?

:       103       312

tommy Wednesday, 01 August 2018 01:48 PM

මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී කිව්වලු!

:       1       5

tommy Thursday, 02 August 2018 01:20 PM

වෙනත් රටවල් සමග ඇතිකරගන්න මෙවැනි වෙළෙඳ ගිවිසුම් වල යථාර්තය නම්, කිසිම රටක් එයින් ඇතිවන වෙළඳ වාසිය සම්පුර්ණයෙන්ම එක රටකට පවරන්නේ නැහැ. අද ආසියානු කලාපයේ, විශේෂයෙන්ම බංගලා දේශයේ සහ මියන්මාරයේ අවදිවීමත් සමග විශාල ආර්ථික වර්ධනයක් ඇති වෙමින් පවතින අතර, මෙවැනි රටවල් සමග ඉදිරියට නොයාමෙන් ලංකාව එක තැන පල්වෙන රටක් විය හැකියි. අද වෘත්තියවේදින් යයි කියාගන්න කීප දෙනෙක් තමන්ගේ පටු අරමුණු තකා මේවට විරුද්ධ වුනාට, රජයක යුතුකම විය යුත්තේ රටේ සමස්ත සුභ සිද්දිය තකා, නොබියව මේ වෙළඳ ගිවිසුම් වලට එලබිමයි. නමුත්, අද ලංකාවේ දේශපාලන නායකත්ව මෙවැනි තීරණ ගැනීමට තරම් ශක්තිමත්ද යන්න ප්‍රශ්නයකි.

:       0       0

saman Friday, 03 August 2018 10:33 AM

ඔබ තුමා මේ ගැන අර ඔලුවක් නැති කිසිම ඉදිරි දැක්මක් නැති ඔලමොට්ටල අගමැතිට කියල පෙන්නලා දෙන්න කරුණාකරලා. මොකද එයාට කිසිම ඉදිරි දැක්මක් නැහැ මේක අපේ රටේ මහා ජනතාවගේ කරුමයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 21 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1905 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 643 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 135 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site