IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විදේශවල මෙරට කුළුබඩු අලෙවි කරන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකාවේ කුළු බඩු ගෝලීය වෙළෙඳපොළ තුළ ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව විදේශවල මෙරට කුළුබඩු අලෙවි කරන මධ්‍යස්ථාන ආරම්භ කරන බවත් එහි පළමුවැන්න ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර දී ආරම්භ කරන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී  පැවැසීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලය එක්ව දිවයින පුරා විවිධ ප්‍රදේශවල ප්‍රචලිත මෙරට ඉපැරැණි ආහාර වට්ටෝරු 160ක් ඇතුළත් කරමින් රචිත ‘පුරාණ ආහාර වට්ටෝරු 160ක්’ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එම කරුණු කීවේය

ශ්‍රී ලංකාවේ සූපවේදීන්ට නව නිර්මාණ, නවෝත්පාදන කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදෙන ගෝලීය මට්ටමේ මුළුතැන්ගෙයක් ආරම්භ කරන බවත් එමගින් මෙරට සූපවේදීන් පුහුණු කිරීමේ වැඩසටහන් පවත්වන බව ද අමාත්‍යවරයා මෙහිදී කීවේය.

ඊට අමතරව නිවැරදි සූපශාස්ත්‍රවලට අනුකූල ශ්‍රී ලංකාවට ආවේණික ආහාර වර්ග ගෝලීය වෙළෙඳපොළට ගෙන යෑමේ වැඩසටහනක් ද වෝටර්ස් එජ් හෝටලය හා එක්ව ආරම්භ කරන බව ද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

රාජ්‍ය අංශය මගින් ක්‍රියාත්මක වන වෝටර්ස් එජ් හෝටලය පසුගිය සමයේදී ලාභ ලැබූ බවත් ඒවායේ ප්‍රතිලාභ ජනතාවට සහ එම ක්ෂේත්‍රයට හිමිවිය යුතු බැවින් නව වැඩසටහන් රැසක් ආරම්භ වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදි තවදුරටත් කීය. 

055

 

 

 



අදහස් (9)

විදේශවල මෙරට කුළුබඩු අලෙවි කරන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩපිළිවෙලක්

chandima Thursday, 05 September 2019 01:51 AM

අනේ මහත්තයෝ ලංකාවේ හදන සොච්චමක් කුළුබඩු විකුණලා කවදානම් ඔය ණය කන්දරාව ගෙවන්නද? අනික කුළුබඩු කියන්නේ උදේ, හවස කෑමට ගන්න දෙයක්ද? එක වතාවක් ගත්තාම අායෙත් ගන්නේ මාසෙකට දෙකකට පස්සේ. එ්කත් මුළු පවුලකටම ග්‍රෑම් 100ක් විතර. අඩු තරමේ දිනපතා අැඟේ උලාගන්න සුවඳ විලවුන් ද්‍රව්‍යයක්වත්, නැතිනම් අර කාර් වාහනවල එල්ලන සුවඳගහන කුප්පියක්වත් ආයුර්වේද ක්‍රමයට හදලා රට පැටෙව්වොත් අවුරුදු කීපයකින් ණය "කම්මුතු" කරගන්න තිබුණා. කෘෂි නිෂ්පාදන රට යවලා එව්වාගෙන් ණය පියවනවා කියලා හිතනවා නම් එ්ක කවදාවත්ම වෙන්නේ නැති වැඩක්.

:       70       21

shanthaMonday, 09 September 2019 09:04 PM

ඔස්ට්‍රලියාවට ගෙනෙන ගොඩක් කුළු බඩු ඉතා බාල සිංහල ලේබල් ගහල ඉන්දියාවේ හදපු ඒවා . තොග වෙලදාම් කරන පුද්ගලයන් වැඩි ලාබ ගන්න මේක කරනවා ලංකාවෙත් කුළුබඩු වල තත්වේ එසේම පවතිනවා වැඩි ලාබ නැතිවුනත් ලංකාවේ කෑමවල නියම රස හදුන්වදෙමෙන් වැඩි සංචාරකයන් ආකර්ෂණය කරගන්න පුළුවන් . නමුත් රටරටවල කඩ දන්නේ නැතිව ලංකාවේ හදල නියම සහතිකයක් එක්ක බෙදාහැරිනවානම් එක වටිනවා

:       0       38

Ranil Thursday, 05 September 2019 11:50 AM

පාඨලි ඔයාගේ නම ටිකක් ගොඩේ වගේනේ. ඒ නිසා අද කාලෙට ගැලපෙන විදියට ඔයාගේ නම මොඩ්කරලා ගමු. නරකද පාඨලී වෙනුවට පාර්ට්-ලී කියල දැම්මොත්? නිකම් බ්රූස්-ලී වගේ නේද?

:       2       3

CHANDIMA Thursday, 05 September 2019 04:09 PM

ඔය කියන විදියට අපේ කුළුබඩු ගන්න රටවල් වල කාමර කෑල්ලක් කුලියට ගන්න මාසේ කුලිය හොයාගන්න අවුරුදු පහක් එතන කුළුබඩු වික්කත් බැහැ. අන්තිමේ වෙන්නේ කොටි ගානක් යටකරල දන්නා කියන උන් රොත්තක් රට පටවන එක. පිටරට ඕනතරම් තියෙනවා වෙනත් රටවල්වලින් එන කුළුබඩු හොහොම අඩුමිලට. උදාහරණයක් විදියට කුලුබදුවක් නොවුනත් සුදුපොල්තෙල් ගැන කතාකලොත් පිලිපිනෙන් එන සුදුපොල්තෙල්වල මිල අපේනිෂ්පාදනවල මිලෙන් භාගයක්. හැමදෙයක්ම එහෙමයි. කොහුලනු වලින් වියන සෝදාපාලුවට පස ආවරණය කරන පැදුරු ඉන්දියාවෙන් එන්නේ ඉතා අඩු මිලකට, වෙන එකක් තියා ඉන්දියාවෙන් එවන ශීතකළ (වරක් යන්තම් නුවතුරේ දමා, තැම්බූ බවට සටහන් කර ඇති) අමු මුරුංගකරල් පවා තුට්ටුදෙකයි. අපේ රටේ අහක දැම්මත් ඒ ගණනට එව්වා යවන්න බැහැ. ඉන්දියාවත් චීන්නුත් භාණ්ඩ අපනයනය කරන්නේ සියයට එකක් ලාභගත්තත් ඒ විදේශ විනිමය කියල හිතල. ඒනිසා ඔය බොරු වැඩ වලට මුදල් සහ කාලය නාස්ති නොකර, පුලුවනිනම් අපනයනය කරන කර්මාන්ත සහ සමාගම් වලට ඇති සියලුම බදු, අමුද්‍රව්‍ය ආනයන බදු සහ, ඉන්දන බදු, දුරකථන බදු, විදුලි බදු, වට බදු, ඇතුළු වෙනත් ව්‍යංග බදු සියල්ල ඉවත් කරන්න. එවිට ඉබේම නිතරඟයෙන් අපේ නිපැයුම් විකිනෙයි.

:       0       102

Kumar Thursday, 05 September 2019 05:58 PM

ඇමතිතුමා කරන්න හදන්නේ තම හිතවතුන්ට පිටරට රැකියා ලබාදෙන්නැයි. ලංකාවේ කුළු බඩුවලට වෙලා තිබෙන්නේ මිල අධිකකම විතරයි. හීනැටී සහල් රාත්තලකට ඩොලර් පහක් අය කරනවා. අනෙක් දෙයත් ඒවගේ තමා. අපි වැඩිපුරම කන්නෙ ලංකාවේ සම්බා බත් මිසක් හීනටි සහල් කන්න වත්කමක් නැත. අනෙක් කුළුබඩු ලංකා වෙළඳ සැලකින් ලබා ගන්නවා. කිතුල්පැණි බෝතලේ අඩියට වෙන්න ඉතා ඝනකමින්යුත් සුකිරීවැනි දෙයක් තිබුණා. ලංකාවෙන් අපනයනකල පිසින ලද අහාර පිරිසිදු නැති වග එම නගරයේ අධිකාරීන් එම වෙළෙඳ සලට දැනුම් දී ඇත. මම ලියන්නේ මගේ ඇත දැකීමයි. කජු නම් අපනයනය කරන්න සිතන්වත් එපා. කජු රාත්තලක් ඩොලර් 6 කට ගත හැකි.

:       0       39

ලසන්තFriday, 06 September 2019 11:18 AM

අයියෝ කුමාර් මට ඔයා ගැන හරිම දුකයි. ඔයා ලංකාවේ හොඳම කිතුල් පැණි ගැන කිසිවක්ම දන්නේ නැහැ. ඉතාම උසස් කිතුල් පැණි ටික කලක් නොසෙල්වී සාමාන්‍ය උෂ්ණත්වයක තිබෙන විට අඩියේ හකුරු සෑදෙනවා. ඒවා සූකිරි වගේ ඒවාට කියන්නේ වැලි හකුරු කියලා. කාල බලන්න හරිම රසයි. කිතුල් පැණි පෙරකාලයේ ඇසුරුම් කලේ කොලපත්වල මුල් බැඳලා. ඒවා පැණි ඇසුරු සඳහා බෝතල් වලටත් වඩා හොඳයි. පැණි හොඳ නම් තිබුනේ කොලපතක සකස්කල පැණි මුලක නම් මාස කීපයක් ඇතුලත සියල්ලම වැලි හකුරු වෙනවා. සූකිරි වලටවඩා වෙනස් වෙන්නේ නැහැ...

:       0       77

KumarFriday, 06 September 2019 05:47 PM

ලසන්ත මහත්මයා, ලංකාවේ මම කළ රැකියාව නිසා ලක්ෂපාන විදුලි බලාගාරය අසලින් බොහෝ විට යන්නේ. ඒ අසල ඉතා හොඳ කිතුල් පැණි සහ හකුරු මිලයට අරගෙන තිබෙනවා. ඒ වගේම මම රක්වාන පැත්තෙන් දෙනියායටත් යනවා.. ඒ පැත්තෙත් හොඳ කිතුල් පැණි අරගෙන තිබෙනවා. ඉතින් කිතුල් පැණි කියන්නේ අලුත් දෙයක් නොවේ. වැලි හකුරු සහ සූකිරි කියන දෙකේ වෙනසත් හොඳ හැටි දන්නවා. මම මෙරටට එන්න කලින් ලංකාවේ නොගියේ කුමනටයි, මුලතිව් පැත්තටයි විතරයි.

:       1       1

sampath Monday, 09 September 2019 12:54 PM

චන්දිම මහතා සමග 100% එකග වෙනවා

:       0       0

harith Gunasekara Sunday, 15 September 2019 08:42 AM

හරියට සාම්පල් එකක් එවන්න බැරි රටේ ඉන්න වංචා කාරයන් කොහොමද පිටරට වල අපේ කුළුබඩු විකුණන්නේ? මම අවුරුදු 25ක් ජර්මනියට කුළුබඩු ගෙන්නන නිසයි මෙහෙම කියන්නේ. අපේ රටේ සමහර ඇමතිලා ඉන්නවා ක‍රන සබ්ජෙක්ට් එක දන්නේ නැහැ. ලේකම් තමයි ඔවුන්ගේ දෙවියෝ..

:       0       36

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 72 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 50 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 107 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site