IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


විදේශ රටවල සේවය කරන්නන්ගෙන් ලැබෙන ආදායමේ වර්ධනයක්

(හර්ෂණ තුෂාර සිල්වා)

විදේශවල සේවය කරන්නන්ගෙන් මෙරට ලැබෙන ආදායම් බලාපොරොත්තු නොවූ ආකාරයේ වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කොළඹදී අද (30) පැවැසීය.

‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් මේ වසරේදී විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණ සියයට 15කින් අඩුවනු ඇතැයි මුලින් ඇස්තමේන්තු කළ ද එම අගය වෙනස් කිරීමට සිදුව ඇතැයි ද හෙතෙම කීය.

මුදල් අමාත්‍යාංශයේ අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවැසීය. අවසන් මාස කිහිපයේදී විදේශ ප්‍රේෂණ ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ද මේ වසර අවසානයේදී පසුගිය වසරේ අගය ද ඉක්මවා යෑමට හැකිවනු ඇතැයි ද කබ්රාල් මහතා තවදුරටත් කීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ තාවකාලික දත්තවලට අනුව මේ වසරේ අගෝස්තු මාසයේදී විදේශ ප්‍රේෂණ ලැබීම්වල අගය රුපියල් බිලියන 122.9කි. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී එම අගය රුපියල් බිලියන 92.2ක් විය.

 



අදහස් (32)

විදේශ රටවල සේවය කරන්නන්ගෙන් ලැබෙන ආදායමේ වර්ධනයක්

de silva Wednesday, 30 September 2020 07:10 PM

විදේශ ශ්‍රමිකයිනි, කරුණාකර බැංකුමගින් ලංකාවට මුදල් එවීම පුළුවන් තරම් සීමා කරන්න... නැතිනම් මොවුන් ඔබලාගේ රටසල්ලි බලාපොරොත්තුවෙන් තව දුරටත් ගුවන් තොටුපළ වහලා දමාවි. මේ පාලකයන්ට වටින්නේ ඔබලා එවන රටසල්ලි පමණි. ඔබලාගේ ජීවිත පිළිබඳව කිසිම වටිනාකමක් මොවුන්ට නැත.

:       5       47

pathiranaSaturday, 03 October 2020 05:22 AM

කෝවිඩ් නිසා මෙහෙ මිනිස්සු විඳින දුක දැක්කාම ආණ්ඩුව ගැන කළකිරුණා.. යන්තමට ගෙදර වියදමට විතරක් සල්ලි යවන්න අරගෙන මාස කීපයක් වෙනවා.

:       4       27

johanSaturday, 03 October 2020 05:28 AM

මේ ආණ්ඩුව අපිට සලකන විදිහට අපිටත් පුළුවන් විදිහට ප්‍රතිචාර දැක්විය යුතුයි.

:       3       24

buddika Thursday, 01 October 2020 02:22 AM

කොම්පැනි වලින් ගොඩක් අයට ග්‍රටිවිටි දීලා එවලා එකයි සල්ලි වැඩියෙන් ආවේ.

:       1       26

rana Thursday, 01 October 2020 03:57 AM

මහජනතාවට වගකිව යුතු මහබැංකුවේ ඉහළ නිලධාරීන්ගේ මෙවැනි හැසිරීම්? ජරාම කඩේයෑමක් නොවේද?

:       2       27

විජිත් Thursday, 01 October 2020 08:41 AM

වැදි බණ...!!! ඒ කාලේ මේ රටේ ජනතාවගේ මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කරලා කෝටි ගණනක් නැතිකාලේ කවුද? මේ හාදයා ඇතුළු පවුලේ අය තමයි "පිරමිඩ" සූදුව කරන්නේ...

:       1       50

shantha Qatar Thursday, 01 October 2020 10:10 AM

විදේශ රටවල සේවය කරන අයටත් මොකක් හරි සහනයක් දෙන්න.

:       0       17

බද්රානි Thursday, 01 October 2020 10:21 AM

ලංකාවේ ගුවන් තොටුපොල දිගටම වසා තබන්න ඕනෑ. එතකොට විදේශගත ලාංකිකයින් නොකඩවා මුදල් ලංකාවට එවනවා. ඒ විතරක් නොවෙයි, බටහිර යුරෝපය ඇතුළු සංවර්ධිත රටවල්වල කෝවිඩ් 19 සඳහා ජනතාවට ලබාදෙන සහනාධාර ලබාගෙනත් ලංකාවටම තමයි එවන්නේ. උපන් රටට ආදරේ නම් පිටරටකට ගොස් මුදල් හම්බකරලා මේ රටේ පාලකයින්ට රට සංවර්ධනය කරන්න උපකාර කළාම පව් සිද්ද වෙන්නේ නැහැනේ...

:       23       12

DarshaniThursday, 01 October 2020 11:43 AM

සහතික ඇත්ත.. මේ දැනුත් කරනවා වගේ ගුවන්තොටුපළ වසාදමන්න ඕනේ.., විදෙස්ගත ලාංකිකයින්ට එන්න බැරිවෙන විදිහට.. මම දැක්කා ලංකාදීපයේ පුවතක් සෑම ගමකින්ම 2000ගානේ රට රැකියා වලට යවනවා කියලා. නියමයි අන්න එහෙම තමයි කරන්න ඕනෑ. ලංකාවේ ඉන්න මිනිස්සු පුළුවන් තරමක් පිටරට යවලා එහෙ හිරකරවලා ලංකාවට ඔවුන් උපයන සල්ලි ගෙන්නගමු. අපි ඒවායින් කාලාබීලා ජොලියේ ඉමු. අලුතින් පත්වුණු මන්ත්‍රී ගොල්ලන්ටත් අලුත්ම ජීප් එකක් ඒ සල්ලිවලින් ගන්න බැරියැ..

:       4       43

ranaFriday, 02 October 2020 03:46 AM

පෙරදා කාපට් යට සංවර්ධනය මෙදා මිනී උඩින් සංවර්ධනය, 2000 බැගින් රට , අපොයි එතකොට ඡන්ද ? බැහැ බැහැ බොරු කියලා රවටලා මෙහෙම තියා ගමු. දැන්ම යන්නත් බැහැනෙ.

:       4       13

Akanaj Friday, 02 October 2020 01:13 PM

මේ අය මිනිස්සු වෙන්න බැහැ. ඒ රටවල ගොඩක් ලංකාවේ මිනිස්සු කොයිතරම් කොයිතරම් දුක් විඳිනවා. මේ අය මෙහේ ගුවන් තොටුපළ වහලා තියෙන්නේ මිනිස්සු සූරාකන්න. වෙන රටවල ගුවන් සමාගම් වලට එන්න දෙන්නේ නැතිව ලංකාවේ මිනිස්සු දුක් විඳලා එවන විදෙස් විනිමය මංකොල්ල කනවා මදිවට ඒ මිනිස්සුන්ට රටට එන්න දෙන්නේ නැහැ. ඔය තීරණ ගන්න අයට හෙණ ගහනවා.

:       3       16

lanka Thursday, 01 October 2020 11:08 AM

නිකම් ටයි කෝට් ඇඳගෙන විදේශවල ශ්‍රමිකයින් දහ දුක් විඳිමින් රටට එවන මුදල් ගැන වර්ණනා කළාට මදි. දැන් ඔය ශ්‍රමිකයින් බොහෝදෙනෙක් අමාරුවේ වැටිලා ඉන්න අවස්ථාවේ, ඒ අය නැවත රටට ගෙන්නා ගන්නට පිළිවෙලක් සකස් කළයුතුයි. බොහෝවිට, මෙසේ විදේශගත ශ්‍රමිකයින් ඔවුන් සිටින රටවල සිරකර තබා ඇත්තේ කෙසේ හෝ ඔවුන්ගෙන් රටට ලැබෙන මුදල් ලබාගැනීමට විය හැකිය.

:       4       33

de silva Thursday, 01 October 2020 12:06 PM

මේ ගුවන් තොටුපළ දිගටම වහලා දමන්න ඕනේ. පිටරටවල තිබෙන ලංකාවේ තානාපති කාර්යාලත් වහලා දමන්න ඕනේ.. ගුවන් තොටුපළ ඇරියොත් පිටරටවල ඉන්න ලංකාවේ ඔක්කොම ලංකාවට එනවා. එතකොට මේ රට සල්ලි ලැබෙන්නේ නැහැ. ඔවුන් මළත් කමක් නැහැ රට සල්ලි එවනවා නම් ලංකාව පාලනය කරන ලොකු දේශපාලකයන්ට සහ අජිත් නිවාඩ් වැනි ලොකු නිලධාරීන්ට සුඛෝපභෝගි වාහන ගන්න, ජොලි කරන්න රට සල්ලි ඕනේ..

:       5       34

banda Thursday, 01 October 2020 12:40 PM

අපි සල්ලි එවනකොට හොඳයි. ලංකාවට එනකොට අපේ බෑග්එකේ තියෙන ඇපල් ගෙඩියයි, අරක්කු බෝතලයයි සේරම කස්ටම් එකෙන් ගන්නවා. මේවා කැත වැඩ..

:       4       35

Kamal KoyralaMonday, 05 October 2020 05:25 AM

බන්දු හරි, රේගුවෙන් කරන්නේ ලොකුවටම ඒ වැඩේ, ගෘහ සේවිකාවක් දුක් විඳලා වැඩ කරලා එම නිවසින් කරන ප්‍රධානයන්, පරණ බඩු ටිකක් එකතු කරලා එව්වම මුළු පෙට්ටියම බිමට හලනවා පරීක්ෂා කරන්න, පැය 10/12 ක් රස්තියාදු කරනවා.

:       0       11

saman Thursday, 01 October 2020 01:34 PM

පිස්සුද, එහෙම කරාම අපේ දේශපාලකයින් ටික ඔයගොල්ලෝ එවන විදේශ විනිමයෙන් සුර සැප විඳින්නේ කෙසේද?

:       2       23

MO77 Thursday, 01 October 2020 03:05 PM

මෑතකදී හොඳ රැකියාවක් කරන විදේශීය සේවකයින්ට ඔවුන්ගේ රැකියාව අහිමි විය. මෙම වසර අග සිට විදේශ ප්‍රේෂණය අඩු කරනු ඇත. කෝවිඩ් නිසා විදේශ රැකියා සඳහා ඇති ඉල්ලුම අඩු වේ. මාසයක දත්ත පමණක් බලා "පුරෝ කථන" ලබා නොදෙන්න

:       0       10

Nimal Thursday, 01 October 2020 05:22 PM

ඒකනම් ගිනස් පොතට යන්න ඕනි අමුතු වර්ධනයක්.

:       0       11

suddaFriday, 02 October 2020 09:14 AM

ඔය ගොඩට SDA හෙවත් විශේෂ පොළී අනුපාතයට ගිණුම් අරඹන්න එවන සල්ලිත් එකතුවෙනවා​. මාත් එව්වා. ඒ සල්ලි එවන්න පූලුවන් ඔක්තෝබර් 8 වෙනකම් පමණයි. හොඳ දෙයට ආයෝජනය කළොත් හොඳයි. නැත්නම් ගිණුම් කාලසීමාව ඉවරවුණාම ආපහු ගන්න වෙනවා...

:       0       3

Roshan Thursday, 01 October 2020 07:45 PM

මේ වගේ කෙනෙක් තව නෑ මේ ලෝකේ.

:       0       12

Shramikaya Friday, 02 October 2020 01:47 AM

ශ්‍රී ලංකාව හැර වෙනත් රටවල සේවය කරන ඔබ සියලු දෙනා ශ්‍රී ලංකාවට මුදල් යැවීම නැවැත්විය යුතුය. ඔබ ඔබේ ආදරණීයයන්ට මුදල් යවන විට එයින් වැඩි ප්‍රමාණයක් ඔබගේ ආදරණීයයන් විසින් නාස්ති කරනු ඇත. ඔබ වැඩ කරන අතරතුර ඔබේ මුදල් භුක්ති විඳින පවුල් සහ දරුවන් දෙස බලන්න. ශ්‍රී ලංකා රජය ඔබේ මුදල් සඳහා කෑදරයි. වඩාත් වගකීමෙන් කටයුතු කිරීමට ඔබේ පවුලේ අයට සහ ශ්‍රී ලංකා රජයට උගන්වන්න.

:       2       14

Hema Friday, 02 October 2020 04:44 AM

කෝවිඩ් බෝම්බය ශ්‍රී ලංකාවට ගෙන නොයා යුතුය, නමුත් ඔවුන් සියළුම ඉතුරුම් මෙහි යැවිය යුතුය.

:       0       16

Deshabandu Friday, 02 October 2020 06:01 AM

මේ කතාව බොරුනම්...

:       2       4

Kumar (Gulf) Friday, 02 October 2020 08:01 PM

ලංකාවට මුදල් නොයෙවා දැන් පිටරට ආයෝජනය කල හැකි ලාභදායි ක්‍රම බොහෝ තියෙනවා.

:       3       18

videsh Sunday, 04 October 2020 07:18 AM

මට මතක් වෙනවා කොරෝනා මුල් කාලේ රට විරුවෝ ලංකාවට එද්දී රටේ මිනිස්සු මොනවද කිව්වේ කියලා.

:       1       8

B Silva Sunday, 04 October 2020 04:21 PM

ශ්‍රී ලංකාවේ ජීවන වියදම ඉතා ඉහළ මට්ටමක පවතින අතර යම් ආකාරයක මූල්‍යකරණයක් ලබා නොගෙන රටින් බැහැරව ජීවත්වන ආදරණීයයන්ගෙන් ඔවුන්ගේම පුද්ගලයින් රැකබලා ගැනීමට ඔවුන්ට බල කෙරෙයි.

:       1       5

de silva Sunday, 04 October 2020 10:45 PM

පිටරටින් විදේශ විනිමය ගෙන එන විදේශ ශ්‍රමිකයන්ට කිසිම සහනයක් නැහැ.

:       1       6

de silva Monday, 05 October 2020 09:50 AM

අන්න විදේශ සේවා එකේ ටෙලිෆෝන් බිල ගෙවාගන්න බැරුව ටෙලිෆෝන් කපලා. මෙයා මෙහේ බයිලා ගහනවා.

:       1       10

Nishan Tuesday, 06 October 2020 02:35 AM

විදේශ බෝම්බ කියලා නේද ඉස්සෙල්ලා ඔවුන්ට කතා කලේ ?

:       0       7

Sunil Dahanayake Tuesday, 06 October 2020 03:27 AM

මේ කතා කරන්නේ අප එවන මුදල් ගැන සහ අපේ මුදල් මත ජීවත් වීම ගැන ය. නමුත් ගුවන් යානා නොමැති බැවින් අපට ශ්‍රී ලංකාවට යා නොහැක. මොනතරම් ආත්මාර්ථකාමී ද.?

:       0       8

සමීර් Wednesday, 07 October 2020 06:16 AM

ඔබතුමන්ලා කතා කරන්නේ විදේශ රටවල සේවය කරන්නන්ගෙන් ලැබෙන ආදායම් ගැන විතරයි. කෝවිඩ් 19 කාලවල්වල විතරක් නෙමෙයි අනික් කාලවලත් අපි කොච්චර දුක්විඳලාද මේ සල්ලිටික යවන්නේ... දරු පවුල බේරගන්න. අපි ගැන කිසිම කැක්කුමක් නැහැ ආදායම විතරක් බැලුවම ඇතිද? විදේශ ශ්‍රමිකයින්ට රජයෙන් ලැබෙන සහනය මොකක්ද? ඇමතිවරුන්ට ලැබෙනව පර්මිට්... අඩුගානේ අපට වාහන පර්මිට් එකක්වත් දෙන්න හිතෙන්නැතිද? මුදල් ආදායම් ගැන වර්ණනා කළාට මදි මහත්තයෝ... අපි ගැනත් තවත් හිතන්න.

:       0       6

Binkunndaa Saturday, 10 October 2020 08:01 PM

අපිව හූරගෙන කාපල්ලා. කිසිම පහසුකමක් සලසන්නේ නැතිව එම්බසිවල ඉන්න හාල්පාරුවෝ අපේ සල්ලිවලින් වැජඹෙනවා. ඒ අය ඉන්නේ මාලිගාවල් වගේ තැන්වල. අපේ අහිංසක ළමයි... පාරේ අගුවල නිදාගන්නේ. කෑම නැහැ, බෙහෙත් නැහැ. ආරක්ෂාවක් නෑ. මේකම ශාපයක් වෙන්නේ නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 49 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 50 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 45 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2050 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 660 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 275 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1509 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site