(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේ නිපදවන විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ ඉන්දියාවට අපනයනය කීරිමේදී එම අපනයනයකරුවන්ට තීරු බදු රහිත සහනයක් ලබා දීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
ලංකාවේ අපනයන නිෂ්පාදන අංශවල වර්ධනයන්ට ශක්තියක් ලබා දීමේ අරමුණෙන් චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉකුත් දා පවත්වන ලද “ඊ-කනෙක්ට්” මාර්ගගත අන්තර් ව්‍යාපාර රැස්වීමේදී ශ්‍රී ලාංකික ඉලෙක්ට්‍රොනික හා විදුලි උපකරණ නිෂ්පාදකයන්ගේ සංගමය මේ පිළිබඳව සාකච්ඡා කර ඇතැයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
මෙරට සමාගම් විසින් නිෂ්පාදනය කර අපනයනය කරනු ලබන නිෂ්පාදන සඳහා ඉන්දියානු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA) යටතේ ඉන්දියාවට තීරු බදු රහිත ප්‍රවේශයක් ලබා දෙන බව ද එම අමාත්‍යාංශය කියා සිටී.
අඩු ප්‍රවාහන වියදම් සහ අඩු නැව්ගත කිරීමේ කාලය නිසා ඉන්දියානු සමාගම්වලට ශ්‍රී ලංකාව සමාගම් සමඟ සහයෝගිතා/හවුල් ව්‍යාපාරවලට එළඹීම සඳහා පවතින විශාල ඉඩ ප්‍රස්ථාව පවතින හෙයින් ඒ පිළිබඳව ඉන්දියානු විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ දක්ෂිණ කලාපීය කාර්යාලයේ නිලධාරීන්ව දැනුවත් කිරීමටද චෙන්නායි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පියවර ගෙන ඇත.
කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ දී ව්‍යාපාරවලට පරිණාමනය හා විකාශය වීම, අත්දැකීම් අපේක්ෂා කිරීම සහ අවස්ථා ගවේෂණය සදහා සිදු කරන මෙම ව්‍යාපෘතිය යටතේ, ප්රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් සමඟ අන්තර් ව්‍යාපාර රැස්වීම්වලට සහභාගී වන ලෙස ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 22 ක විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදක සමාගම්වලට ඉන්දියානු විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදකයන්ගේ සංගමය විසින් ආරාධනා කර තිබුණි.
ශ්‍රී ලාංකික සමාගම් 7 ක් එනම්, රිචර්ඩ්සන් ප්‍රොජෙක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ්, රෙක්සෙල් ඉලෙක්ට්‍රික් ශ්‍රී ලංකා, කැලණි කේබල්ස් පීඑල්සී, එම්පයර් ට්‍රේඩිං ඒජන්සි (ප්‍රයිවට්) ලිමිටඩ්, ජීපීවී ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලෙක්ස් ප්‍රොජෙක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් සහ ලංකා විදුලි බල මණ්ඩලය මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර ඉන්දියාවේ ප්රමුඛ පෙළේ ඉලෙක්ට්‍රොනික සහ විදුලි උපකරණ නිෂ්පාදක සමාගම් 29 ක් මීට එක්විණි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රොනික හා විදුලි නිෂ්පාදකයින්ගේ සංගමය, ශ්‍රී ලාංකික සමාගම් සමඟ සම්බන්ධීකරණ කටයුතු සඳහා නොමසුරු සහයෝගය ලබා දුන්නේය.
අසල්වැසි රටවල් ලෙස ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීම සඳහා ඉන්දියානු විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ දැඩි උනන්දුවක් පවතින බව ඉන්දීය විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ දක්ෂිණ කලාපීය කාර්යාලයේ ප්‍රධානී කේ. සීතාරාමන් මහතා අවධාරණය කර ඇත.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විදුලි-ඉලෙක්ට්‍රොනික උපකරණ ඉන්දියාවට අපනයනය කරද්දී තීරු බදු රහිත සහනයක්
Bamunuarachchi Tuesday, 27 October 2020 09:03 AM
පොටෝඑකෙන් මට පෙනුනේ සෞදි අරාබියේ තිබෙන තෙල් පිරිපහදු , රිෆයිනරි එකක් වගේ.
de silva Tuesday, 27 October 2020 02:26 PM
ලංකාවේ සේවක වැටුප්, ඉන්ධන, විදුලිය වැනි දේවල් කලාපයේ අනෙක් රටවලට වැඩි නිසා ලංකාවේ යම් නිෂ්පාදනයක් අනෙක් රටවල නිෂ්පාදන සමග තරඟ කල නොහැක.
SL Friday, 30 October 2020 05:12 PM
බුදු අම්මෝ පලවෙනි පාර යයි... දෙවෙනි පාරත් යයි, තුන්වෙනි පාර රිජෙක්ට්... කොම්පැනිය හාන්සි...