IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


වැලිබල් ෆිනෑන්ස් බදු පෙර ලාබය රුපියල් බිලියන 2.4ක්

වර්තමාන මූල්‍ය වෙළෙඳපොළේ ඇති අවිනිශ්චිත වාතාවරණය මධ්‍යයේ වුවද මෙම මූල්‍ය වර්ෂයේ මාර්තු අවසානයේදී රුපියල් බිලියන 9.7ක ආදායමක් ලබන්නට වැලිබල් ෆිනෑන්ස් සමත්ව සිටී. එය පසුගිය මූල්‍ය වර්ෂයේ පැවති රුපියල් බිලියන 8.7 අගය ඉක්මවා යාමකි.

පසුගිය වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය මෙන්ම වර්තමානයෙහි පැතිර පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රටේ සමාජ-ආර්ථිකය තුළ යම් අභියෝගයක් ඇති වකවානුවකදී පවා මෙලෙස  සියයට 11.12ක වර්ධනයක් ලබන්නට සමත් වීම, ආයතනයෙහි දූරදර්ශී මෙහෙයුම් ක්‍රියාදාමය හා ජනතා විශ්වාසය මනා ලෙස පිළිබිඹු කරන සාධකයක් බව එම ආයතනය සඳහන් කරයි.

මෙවැනි අභියෝගාත්මක කාල සීමාවක් තුළදී වුවද සමාගමෙහි අක්‍රීය ණය අනුපාතය සියයට 5ට වඩා පහළ අගයක් වීම, ඉහළ කළමනාකාරීත්වයෙන් ලද ප්‍රතිඵලයක් සේ දැක්විය හැකිය.

රුපියල් බිලියන 38.9ක්ව පැවති ණය ධාරිතාව අදාළ කාලසීමාව තුළදී රුපියල් බිලියන 41.1 දක්වා, සියයට 5.4 ඉපයීමක් ලෙස ඉහළ ගොස් ඇත. එමෙන්ම පසුගිය මූල්‍ය වර්ෂයේ රුපියල් බිලියන 3.3ක වූ ශුද්ධ ණය පොලී ආදායම සියයට 20.64ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 4 දක්වා වර්ධනය වී ඇත.

තම මෙහෙයුම් ක්‍රියාදාමයෙහි සවිමත්භාවය යළිත් වතාවක් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ වඩාත් කැපී පෙනෙන මූල්‍ය සමාගම් අතර කීර්ති නාමයක් ගොඩනගාගන්නට සමත්ව සිටින වැලිබල් ෆිනෑන්ස්, අභියෝගාත්මක කාලසීමාවන් තුළදී වුවද වත්කම් හා වගකීම් මනා ලෙස කළමනාකරණය කිරීම සඳහා සමාගමෙහි ඇති මෙහෙයුම් ශක්තිය සනාථ කරමින් අදාළ මූල්‍ය වසර තුළ රුපියල් බිලියන 2.4ක පෙර බදු ලාබයක් ලබන්නට සමත්ව ඇත. එය පසුගිය වසරේ පැවති රුපියල් බිලියන 2.2ට වඩා සියයට6.93ක වර්ධනයක් ලැබූ කැපී පෙනෙන සන්ධිස්ථානයකි.

මහජන විශ්වාසයෙහි මිනුම් දණ්ඩ වන තැන්පතු ශේෂය මෙම කාලසීමාවේදී රුපියල් බිලියන 29ක් වූ අතර එය පෙර වකවානුවට වඩා සියයට14.97ක වර්ධනයකි. “ඉතා අභියෝගාත්මක මෙන්ම අවිනිශ්චිත කාල සීමාවන් තුළ පවා ගුණාත්මක බව හා ප්‍රමාණාත්මක බව යන අංශ දෙකෙහිම සාර්ථක වර්ධනයක් පෙන්නුම් කරන්නට අපට හැකිවී තිබෙනවා. මෙය අපගේ දක්ෂ කාර්ය මණ්ඩලයේ මනා හැකියාව, විනිවිදභාවය, ප්‍රබල වැලිබල් සමූහයේ ශක්තිය වගේම අපගේ උසස් කාර්යසාධන උපායමාර්ග වලින් ලැබූ ජයග්‍රහණයක්” යැයි කළමනාකාර අධ්‍යක්‍ෂක ජයන්ත රන්ගමුව මහතා පැවසීය.

“අප පසුකරමින් සිටින්නේ අපේ රටේ පමණක් නොව මුළු ලෝකයේම ආර්ථිකයෙහි පසුබෑමක් ඇති අවධියක්. එහෙත් අප සියලු දෙනාම එයින් පසුබට නොවී සුපුරුදු මාවතට පිවිසීම හැකි ඉක්මනින් කළ යුතු දෙයක්. වැලිබල් ෆිනෑන්ස්හි දක්ෂ කළමනාකරණය නිසා සාර්ථකව ඉදිරියටම ගමන් කරන්නට හැකිවී තිබෙනවා. ඒ නිසාම තම ස්ථාවරය ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් රට පුරා සිටින ගනුදෙනුකරුවන් වෙනුවෙන් තම සේවා විනිවිදභාවයෙන් යුතුව මනා සේ ඉටුකරමින් සිටිනවා. ප්‍රබල වැලිබල් සමූහයෙහි පෙරගමන්කරුවා වන වැලිබල් ෆිනෑන්ස් මෙලෙස අඛණ්ඩවම සාර්ථකත්වයේ ඉහළට ගමන් කිරීම අපට නිහතමානී ආඩම්බරයක්” යනුවෙන් සභාපති, ප්‍රකට ආයෝජක ධම්මික පෙරේරා මහතා තම අදහස් දක්වමින් පැවසීය.

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මූල්‍ය සන්නාමය 2020 සම්මානයෙන් පිදුම් ලැබූ වැලිබල් ෆිනෑන්ස්,  සන්නාම වර්ගීකරණ ශ්‍රේණිගත  කිරීම (Brand Rating) 2019 වසරේදී A+ දක්වා ඉහළ නැංවීය. සාපේක්ෂව කෙටි කාලයක් තුළදී ශක්තිමත් හා ගෞරවණීය නාමයක් ලෙස එහි කීර්තිය පුළුල් ලෙස වර්ධනය කරගන්නට සමාගම සමත්ව සිටී.

(***)

 



අදහස් (0)

වැලිබල් ෆිනෑන්ස් බදු පෙර ලාබය රුපියල් බිලියන 2.4ක්

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 154 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 624 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 124 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 137 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 175 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1493 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site