IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වැගන් ආර් ගෙන්වීම නවතී

(ජයන්ත සමරකෝන්)

ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථ මාදිලිය වන වැගන් ආර් ඉදිරියේදී මෙරටට ආනයනය නොකිරීමට තීරණය කළ බව ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරිඤ්ඤගේ මහතා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති සාකච්ඡාවකදී පැවැසීය.

රේගුවේ වර්ගීකරණ කමිටුවේ අත්තනෝමතික තීරණයන් මත වැගන් ආර් හයිබ්‍රිඩ් රථ ලෙස නොව පෙට්‍රල් වාහන ලෙස නිෂ්කාෂණය කිරීම මීට හේතු වී ඇතැයිද ඒ මහතා කීය.

රුපියල්  ලක්ෂ 33කට අලෙවි වන මෙම රථයක් රේගුවේ තීරණයෙන් ලක්ෂ 35කට අලෙවි කිරීමට සිදුවන බවද මෙම තත්ත්වය යටතේ ජනතාවට මෙම වාහනය මිලදී ගැනීමට නොහැකි වන නිසා එම වාහනය ගෙන්වීම නතර කරන බවද සඳහන් කළේය.

 

 



අදහස් (15)

වැගන් ආර් ගෙන්වීම නවතී

jayasekara Thursday, 28 March 2019 03:47 AM

ඉවසන්න... තවත් ඉවසන්න... මොකද වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව... කමින්ග් සුන්...

:       14       357

Sapumal. Thursday, 28 March 2019 06:07 AM

සත්‍ය වශයෙන්ම මේ රටේ වැඩිපුර අලෙවි වූ මෙම රථ වලට තවත් බද්දක් ඇතිකිරීමට තමයි රේගුව මේ පියවර ගත්තේ. ජනතාවගේ රුධිරය අනියම් ආකාරයකට බීමක් තමයි මේ රේගුව බොහෝවිට කරන්නේ. මේ බදු කුමන රජයෙන් කලත් මේ රුධිරය බොන්නන්ට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතුයි.

:       292       783

AsankaThursday, 28 March 2019 06:31 AM

කතාව ඇත්ත නමුත් මේ රටේ ජනතාවනම් කවදාවත් පෙළ ගැහෙන්නේ නැහැ , ගැහෙන්නේ පක්ෂ පාටට විතරයි , ඔන්න වෙන රටක ජනතාවක්නම් අසාධාරණයට මේ තරම් ඉඩ දෙන්නේ නැහැ , ආණ්ඩු පෙරලයි

:       1       224

jayath Thursday, 28 March 2019 10:00 AM

මොස්තර නිර්මාණ කරුවෝ අය - වැය හදන්න දමල -හරියට සපතෙරුවට කියල ඇඳුම් මස්සවන්න ගියා වගේ . ඒ උනාට මේ රටේ ඉන්න බත් කන හරක් ලබන සැරෙත් මුන් ටිකම දියවන්නාවට යවයි !

:       1       380

වීර Thursday, 28 March 2019 10:20 AM

ශ්‍රී ලංකාවේ දැනට තිබෙන වාහන ප්‍රමාණයත් හොදටම වැඩි. තව වාහන මොකටද ගෙන්වන්නේ. කාර් සෙල් වල තියෙන වාහන ගොඩත් පාරට ආවම මිනිස්සුන්ට පොළව යටින් හරි පොලව යටට හරි තමයි යන්න වෙන්නේ. සේරමට කලින් ත්‍රීවීල් ටික වෙන රටකට පටවන්න සැලසුමක් හදන්න. රට ගැන හිතනවානම්.

:       259       341

vipulaTuesday, 02 April 2019 07:16 AM

අපේ රටේ සමහරක් කුහකයෝ ඉන්නවා තමන් මෝටර් රථයක් ගත්ත වෙලේ ඉදල රටේ වාහන වැඩී කිය කිය ඉන්නවා. රටේ වාහන වැඩි නම් වාහන ගන්නේ නැතුව ඉන්න. වාහන ගන්න අයට ඉරිසියා කරන්න එපා .

:       9       121

Mudali Thursday, 28 March 2019 03:16 PM

පාරෙ යන්න බැහැ ඉවක් බවක් නැතුව එහාට මෙහාට කඩාගෙන දුවන වාහන…. හරිම කරදරයක් . අනතුරුත් වැඩියි… වායු දූෂණ ශබ්ද දූෂණ මම නම් කැමතියි, සියලුම වර්ගයේ වාහන ගෙන්වීම අවුරුදු කීපයකට නතර කරනවානම්. සත්තෙන්ම...

:       108       192

දිලුම් Friday, 29 March 2019 04:25 AM

මුදලි ඉස්සරලම ඔබ වාහනයක් පාවිච්චි කරනවාද නැද්ද කියන්න. ඔබ වාහනයක් පාවිච්චි කරනවානම් මේ වගේ මෝඩ කමෙන්ට් දාන්න කලින් ලංකාවේ පොදු ප්‍රවාහන සේවය පාව්ච්චි කර බලන්න. එතකොට තේරෙයි ඇයි මින්ස්සු තමන්ගේම කියල වාහනයක් ගන්න මේ තරම් පොර කන්නේ කියල. හදිසියකට වෙලාවට ගමනක් බිමනක් යන්න කවදාවත් ලැබෙන්නෙ නෑ. අනික මේ බස්වල කොන්දොස්තර හා රියදුරු මිනිස්සුන්ගේ කාලය හිතාමතා විනාස කරන හැටි දැක්කාම තවත් ලේ පයින්ට් ටිකක් පිච්චෙනවා. අන්තිමට බස්එකෙන් බහින්නේ පෙෂර් හදාගෙන. ඔබලා මෙතන කමෙන්ට් කොටනවා මාර්ග තදබදය ගැන කියවමින්. ඇයි මිනිසුන්ගේ පැත්ත ගැන හිනත්ත බැරි. මේකට විසදුම මේ රටේ යටිතල පහසුකම් හා රියදුරන්ගේ විනය හැදිම හා හයිබ්‍රිඩ් වැනි පරිසර දූෂණය අඩු වාහන දිරිගැන්වීම මිසක් ඒවාට බදුගසා මිනිසුන්ගේ ලේ උරා බීම නෙමෙයි.

:       174       201

AmalFriday, 29 March 2019 08:47 AM

තවත් වාහන ගෙන්න එපා. රටේ වාහන වැඩි කියන මරි මෝඩයින්ට කියන්න තියෙන්නේ... බලපල්ලා වෙනත් දියුණු රටක් දිහා, කොපමණ වාහන තියනවද එක පවුලකට, පවුලේ හැමෝටම එක බැගින් තියනවා. නමුත් අවශ්‍ය තරම් යටිතල පහසුකම් හදාල තියනවා රටේ බදු මුදල් වලින්.... වාහනත් ගණන් අඩුයි... අපිට වඩා 200% කින්... රටේ වාහන කොච්චර තිබ්බත් මේ ලියන මටත් වාහනයක් නැහැ. ගන්න පෙරුම් පුරනවා වසර ගාණක් රටේ කොච්චර වාහන තියේද කියන එක මට වැඩක් නැහැ.

:       167       315

DhammikaSaturday, 30 March 2019 07:48 AM

ඔබ හරි. මටත් වාහනයක් නැහැ. රටේ වාහන වැඩියි නම් ඔය කවුරු හරි මට තමන්ගේ වාහනේ දෙනවද මගේ ගමන් ටික යා ගන්න. මම 1ක් නොගෙන ඉන්නම්. පාරේදී දැක්කොත් මාවත් දාගෙන යන්න.. නිකන් ගොබ්බ කතා කියන්න එපා මිනිසුනේ.. ඉඳගන්න කොට පරිස්සමින්... ඔයාලා වගේ කුහකයින්ගේ මොලේට හානි වෙයි.

:       552       205

ajithMonday, 01 April 2019 10:47 AM

අමල් ගේ අදහසට මමත් එකඟය. රටේ වාහන වැඩි වෙන එකකට පිළියම සාමාන්‍ය ජනතාවට වාහනයක් ගන්නන බැරි ගානට බදු වැඩිකරන එක නෙවෙයි. ඒක බදු ගෙවන ජනතාවට ලොකු පීඩනයක්. ඒවගේම ලංකාවේ පොදු ප්‍රවාහන සේවාවල ගුණාත්මක බාවය හරිම පහලයි. දේශපාලකයෝ හැමදෙයකින්ම සූරකාල ජනතාවට බර පටවන ඒක හරිම අසික්කිත වැඩක්. ජනතාව පක්ෂ පාට අත ඇරලා මේවට විරුද්ද වෙනකන් මේක නවතින්නේ නෑ. ඕනෑම පක්ෂයක් බලයට පත් උනාම කරන්නේ මේ දේම තමයි.

:       0       7

naliya Sunday, 31 March 2019 12:29 PM

හොඳ වැඩක්... වාහන හොඳටම වැඩියි දැනටමත්...

:       62       1132

NuwanMonday, 01 April 2019 10:48 AM

ඇයි ඔබේ ඇඟ දිගේ යනවද වාහන....

:       2       68

jayasekaraTuesday, 02 April 2019 04:13 AM

අනේ එතකොට... පන්චවිද ප්‍රතිපත්තියේ පොරොන්දු උන "පුංචි කාර් සිහිනය"?

:       3       5

ranjith athukorala Monday, 01 April 2019 10:25 AM

මේවා රත්තරන් වලින් හදලා ගේනවද? මේ තරම් විශාල මුදල් ගෙවන්නේ වෙන රටවල හැටියට අහස උසට හැමදේටම මේ රටේ ඉපදුන වරදටද මොවුන් මෙහෙම කරන්නේ..?

:       2       55

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 85 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 59 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 107 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site