IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වාහන අලෙවිය සියයට 85 කින් පහළට

(නිමල කොඩිතුවක්කු)

පසුගිය වර්ෂවලට සාපේක්ෂව වාහන අලෙවිය සියයට 85 කින් පමණ පහත වැටී ඇතැයි ශ‍්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා ලංකාදිපයට පැවසීය.

මේ හේතුවෙන් වාහන ආනයනකරුවන් දැඩි අර්බුදයකට ලක්ව ඇතැයිද රන්ජන් පීරිස් මහතා සඳහන් කළේය.

වාහන සඳහා පනවා ඇති බදු මුදල් ඉහළ දැමීම, රුපියල අව ප‍්‍රමාණය වීමෙන් වාහන වල මිල ඉහළ යාම හේතුවෙන් වාහන අලෙවිය සියයට හැටකින් පමණ අඩුවී තිබූ බවත් පාස්කු ප‍්‍රහාරයෙන් පසු මෙම තත්වය සියයයට 85කින් පමණ වර්ධනය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

රට තුළ ආර්ථිකය කඩා වැටීම, ව්‍යාපාර කඩාවැටීම, ජනතාවගේ ආදායම් මාර්ග අවහිර වීම මෙම තත්වයට බෙහෙවින් බලපා ඇතැයිද රන්ජන් පීරිස් මහතා පැවැසීය.

මෙරට තුළ වැඩි වශයෙන් අලෙවි වන  සුසුකි  වැගන් ආර්, ටොයටා ඇක්සියෝ,  ප‍්‍රිමියෝ, ටොයටා විට්ස් මෝටර් රථ වල සිට සියලූම වාහන සඳහා මෙම තත්වය බලපා ඇතැයිද ඔහු සඳහන් කළේය.

 



අදහස් (15)

වාහන අලෙවිය සියයට 85 කින් පහළට

amila Friday, 17 May 2019 05:02 PM

මේක තමා වෙන්න ඕනේ... රටින් ගෙන්වන දේවල් අඩු කරන්න ඕනේ... මේ කියන සංගමේ අය තමා අකමැති ලංකාවේ වාහන හදනවට. එයාලට ඕනේ වැඩි ගානට වාහන ගේන්න. මේ මාසේ ලංකාවේ ආනයන වියදම අඩු වෙයි. ගෙවීම් ශේෂයට බලපෑම අඩු මාසයක් වෙනවා.

:       86       422

Pradeep Friday, 17 May 2019 06:04 PM

යූ.එන්.පී. ආණ්ඩුවකින් නොතෙමි යන්න අඩුවට කාර් ගන්න හිටිය අයට වුණු දෙයක්...

:       305       912

PerakumSunday, 19 May 2019 03:24 AM

ඇත්ත....ඒත් හොඳ ප්‍රවාහන පද්ධතියක් තිබේ නම් කාර් එකක අවශ්‍යතාවය හොඳටම අඩු වෙනවා. උදාහරණයක් ලෙස බස් වල සීට් ගනනට මගීන් ගන්න නීතියක් දැම්මොත් බලන්න මොකද වෙන්නේ කියල. බස් රේස් යන එක ඉබේම නවතිනවා. ගමන් වාර ගණන වැඩිවෙනවා. වෙලාවට ගමනක් යන්න පුළුවනි. මාර්ග අනතුරු අඩුවෙනවා. එහෙම උනාම අපි කවුරුත් බස් වල යනවා. දුම්රිය සේවාවත් මේ වගේම දියුණු කරන්න පුළුවන්.

:       6       306

parakramaMonday, 20 May 2019 10:37 AM

මේ යෝජනාවට මම නම් උඩින්ම කැමතියි. මොකද පොකට් එක පරිස්සම් කරගන්න පුළුවනි.

:       27       10

Perera Friday, 17 May 2019 09:37 PM

මේඩ් ඉන් කුරුණෑගල... වොක්ස්වැගන් කාර් ගන්නකෝ අඩු ගාණට..

:       0       0

dilal Saturday, 18 May 2019 04:14 AM

වෙනත් භාණ්ඩ නම් අලෙවිය අඩුවෙනකොට මිල අඩුවෙනවා සමහර භාණ්ඩ නොමිලේ දෙනවා. නමුත් මේ වාහනවල නම් කිසිම මිල අඩුවීමක් නැහැ.

:       1       41

Akila Saturday, 18 May 2019 11:52 AM

යහපාලනයේ මුදල් ඇමැතිලා ඔක්කොම දන්නේ හැම බජට් එකකදීම... අායේ නම් ඉතින් වාහන මිල වැඩිකරන්න තමයි. වෙන විදිහකින් "අය" හොයාගන්න දන්නේ නැහැ. මේ ගොල්ලෝ තව අවුරුදු 10ක් හිටියොත් මරුටියකුත් කෙල කෝටියක් කරයි.

:       0       0

Nuwan Saturday, 18 May 2019 01:05 PM

කොච්චර හොඳද? මේ පුංචි රටේ තවත් වාහන යන්න ඉඩක් නැහැ. කරුණාකරලා, ඔය සංගමේ ඔය මීටර් කරකවපු, ආර් ග්‍රේඩ් ජපන් වාහන, කුඨ ලෙස වෙනස්කරලා ලංකාවේ අහිංසක දුප්පතුන්ට විකුණලා සුරකින්නේ නැතුව කරුණාකරලා ඔය ව්‍යාපාරය නවත්තන්න දැන්වත්... ලංකාවේ සේල්වල තව අවුරුදු 10 කට වඩා ඇතිවෙන්න වාහන තියනවා. ඔබලාගේ සම්බන්ධකම් පාවිච්චිකරලා අපේ රටේ නිෂ්පාදනයක් ඔය ජපානය ඇතුළු පිටරටවලට අපනයනය කරන්න ක්‍රමයක් හදන්න. එයයි මේ මොහොතේ ඔබේ රටට විය යුතු යුතුකම...

:       0       0

pakeer Saturday, 18 May 2019 01:51 PM

ලංකාවේ වාහන හැදුවට කමක් නැහැ පිටරට සමාගම් වලින්. ඒ කියන්නේ ඇඟලුම් වගේ. එතකොට ඒවගේ තත්වයක් තියෙනවා. නැතුව හදන්නන් වාලේ හැදුවොත් නිකන් යකඩ ගොඩක් විතරයි. එ්කයි මිනිස්සු ජපන් සහ යුරෝපා වාහන මිල ගාන වැඩි වුනත් ගන්න හදන්නේ. අනික වාහන දැනටමත් තියෙන මිනිස්සු හරිම කුහකයි. ඒ අය ආස නැහැ අනිත් අය වාහන ගන්නවට. හොඳ දේ හැමෝටම සුභවාදීව කළොත් හැමෝටම සෙතක් වේවි...!!!

:       0       0

Chaminda Saturday, 18 May 2019 05:02 PM

දේශීය පොල් මිල රුපියල් 20 ට අඩු වෙලා..... ඒ නිසා පොල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනයට ටැක්ස් වැඩි කරන්න...

:       0       0

සිරිබිරිස් Sunday, 19 May 2019 01:12 AM

ඇත්තටම මේ රටේ වෙන්න ඕන මෙය තමයි. වාහන ආනයන කරුවන් ඉන්නේ ඉතාම ටික දෙනයි. නමුත් ඔවුන් පිනවන්න ගියාම වෙන්නේ මෙරට තවතවත් අගාධයට යාමයි. අපිට ලෝකයට වාහන විකුණන්න අවශ්‍ය නැහැ රටට අවශ්‍ය සියලු වාහන මෙහිම හදමු

:       269       447

BamunuarachchiTuesday, 21 May 2019 01:48 PM

මරේ මාරු අදහස. "වාහනයක් ගැනීමෙන් පිනවන්නේ වාහන ආනයන කරුවන්" මේවගේ මොළ ෆෝමලීන් වල දාලා පරිස්සම් කරන්න ඕනේ.

:       0       0

BamunuarachchiTuesday, 21 May 2019 01:50 PM

"රටට අවශ්‍ය සියලු වාහන මෙහිම හදමු" ඇයි අර ලංකාවේ ෆොක්ස්වැගන් කොම්පැනියේ හදන කාර් මදිද?

:       0       0

vidya Monday, 20 May 2019 05:44 PM

අප්පේ යන්තම් පාරේ බැහැල යන්න පුළුවන් .

:       34       6

Sisil Thursday, 23 May 2019 04:16 AM

කුඩයක් ගත්තා නම් නොතෙමී යන්න පුළුවන් නේ.. වාහනයක් ඕනෑ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 15 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 37 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1999 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 652 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site