(රංජන් කස්තුරි)
රථවාහන අනයනය සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව නව රෙගුලාසි දෙකක් පනවා තිබේ.
රථවාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට සියයක මුදල් තැන්පතුවක් තිබීම අනිවාර්ය වන අතර ණයවර ලිපි විවෘත කිරීම සඳහා අවශ්‍ය මුදල් ආනයනකරුවන් වෙත කල්බදු ක්‍රමය යටතේ ණය නිකුත් නොකිරීම එම රෙගුලාසි වේ.
නව රෙගුලාසි හේතුවෙන් වාහන ආනයනය සීමා වීම හරහා විදේශ විනිමය රටින් බැහැරවීම සැළකිය යුතු අයුරින් අඩුවනු ඇතැයිද එය රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමට හේතුවනු ඇතැයිද රජය අපේක්ෂා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ
දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වාහන අනයනය සීමා කිරීමට නව රෙගුලාසි පනවයි
Dhammika Thursday, 20 September 2018 02:20 PM
මැති ඇමතිවරුන්ට ඔය මොකුත් අදාළ නැහැනේ. එයාලට කෝටි 4.50 වෙන ලෑන්ඩ් කෘසර් වී 8 කැමති විදියට බදු නැතිව ගන්න බලපත්‍ර හම්බෙනවනෙ, මහා බැංකුවට ඔච්චර කැක්කුමක් තියේනම් රුපියල ගැන, කරන්න ඕන ඔය වාහන බලපත්‍ර අහෝසි කරන එක
sagarika Thursday, 20 September 2018 03:53 PM
ඉතා හොඳ තීරණයක්.
amaraFriday, 21 September 2018 02:56 AM
මහබැංකුවේ පර්මිට්ස් නවත්තයිද? පර්මිට්ස් නිසා වසර 5න් ගොඩක් වාහන එකතුවෙනවා. සාමාන්‍ය මිනිස්සු ඔක්කොම බදු ගෙවල ගෙනෙන වාහන රටට බරක් නෙමෙයි
vajira Friday, 21 September 2018 01:07 AM
කෙසේහෝ මෙරටට ගෙනෙන යකඩ ගොඩවල් සීමා කලොත් හොඳයි. නැතිනම් තව ටික දිනකින් මහපාරක යන්න බැරි තරමට වාහන ගොඩ ගැහෙයි. දුම්රිය සහ බස් සේවාවන් ක්‍රමානුකුලව වැඩිදියුණු කලොත් හොඳයි
Nandana Friday, 21 September 2018 07:15 AM
මොන රටේද මේ වගේ පර්මිට් දෙන්නේ? කාටවත් විශේෂ සැලකිලි එපා.. වෘත්තීය සමිතිවලට ඇති බිය නිසා නොවේද?
BamunuarachchiFriday, 21 September 2018 11:28 PM
1977දී වැඩේ පටන්ගත්තේ වෘත්තීය සමිතිවලට බයවෙලා නොවෙයි. දැනටමත් කිසිම කෙනෙකුට විශේෂ වරප්‍රසාද දෙන්නේ නැතිනම් වෘත්තීය සමිති ප්‍රශ්න එන්නේ නැත. රාජකාරී සඳහා නිල වාහන ලැබෙනවා නම් පුද්ගලික පාවිච්චියට තමන්ගේ වියදමින් වාහන ගන්න. ඔය අසාධාරණය රටේ කෙරෙනතුරු පිටරට රැකියා කරන අය ලංකාවට විදේශීය විනීමය එවන්න එපා. රුපියල් එවීමේ ක්‍රම තිබෙනවා.
Dhammika Friday, 21 September 2018 10:21 AM
සාමාන්‍ය මිනිහෙක් දුක් විඳගෙන සල්ලි එකතු කරලා ගෙදර වුවමනාවට ආරක්ෂාකාරී ජපන් වාහනයක් ගන්නේ කොච්චර පෙරුම් පුරලද? මිල වගේ 3ගුණයක් බදු ගෙවලා... රටේ වාහන වැඩිවෙලා කියලා සල්ලි රට ගියා කියලා ඒ මිනිහගේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැනේ... එහෙම වෙද්දී මැති ඇමතිවරු රජයේ ඉහළ සේවකයින් සහ සමහර වෘත්තිකයින් බදුරහිත වාහන බලපත්වලට ගන්නවා ලක්ෂ 100 ගණන් වටිනා වසර 5න් 5ට.... එක්කෝ පර්මිට් එක ලක්ෂ 30, 40 ට විකුණනවා. මේ ක්‍රමය කොච්චර සාධාරණද? මගේ දරුවට මම උගන්නන්නේ මේ රටින් හොඳ රටකට ස්ථිරවම යන්න කියලයි.
BamunuarachchiFriday, 21 September 2018 11:36 PM
ඔබ හරියට මම ඔය තීරණයට ආවේ 1950 ගණන්වල ඉස්කෝලේ යන කොල්ලෙක් හැටියටයි. අද එය ක්‍රියාත්මක කර තිබෙනවා. හැබැයි අපේ ළමයි මෙරටට මුදල් එවනවා නම් ඒ පිටරට යාමෙන් පලක් නැත. එක ඩොලරයක් මෙරටට එවන්න එපා කියන්න.
priyantha wijerathna Saturday, 22 September 2018 07:30 AM
පුළුල් වූ ජාතික මගී ප්‍රවාහන පද්ධතියක් අපේ රටට තිබුණා නම් ප්‍රශ්න ගොඩක් විසඳෙනු ඇත .
ajith Sunday, 23 September 2018 09:18 AM
මේක හරි මෝඩ තීරණයක්. රටේ ජනතාව පීඩනයට පත් කරලා රටේ ප්‍රශ්න විසඳන්න බෑ. අනික මේකෙන් වෙන්නේ රටේ පරණ වාහන පාවිච්චිය වැඩිවෙනවා. එතකොට පරිසර දූෂණය, ශ්‍රම නාස්තිය, රිය අනතුරු වැඩි වෙනවා. හිස් මොල පාර්ලිමේන්තුවට යැව්වම මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ...
hesa Sunday, 23 September 2018 08:23 PM
ඕනෑම දෙයකට පක්ෂව හෝ විරුධව ලියනවා . එත් මේ ලියන දේ කනකට ගන්නවද ඉහල තැන වලින්. බොරුවට පත් කොළ පුරෝනවා. මිනිසුන්ගේ ලේ පුච්චනවා පමණි . මේ රට මේ කපේදී ගොඩ එන්නේ නැහැ
දිලුම් Tuesday, 25 September 2018 06:55 AM
රුපියල අවප්‍රමාණය වෙන්න හේතුව වාහන ගෙන්වන එක විතරයි වගේ මහ බැංකුවේ කථාව. මේ රටේ හදන්න පුළුවන් සීනි ඇටේ අල්පෙනෙත්තෙ බිත්තරේ ඉදන් හැම දේම පිටරටින් ගෙනල්ලා ගිලින හිගන අය නිසා තමයි මේරටට මෙහෙම වෙලා තියෙන්නේ. තමන්ගෙ රටේ හදන්න පුළුවන් දේ වැඩිපුර හදල අතිරික්තය පිටරට විකුණල තමන්ගෙ රටේ හදන්න බැරි දේ විතරක් ආනයනය කරන්න මේ මහලොකු සහතිකේට සීමා වෙච්ච ආචාරියලට තේරෙන්නේ නැත්තෙ ඒකෙන් කොමිස් එන්නේ නැති නිසාද. හැම දේටම කරන්නෙ එක්කො බදු ගහන එක නැත්නම් සාමාන්‍ය මිනිහගෙ දෙයක් කඩාවඩා ගන්න ප්‍රතිපත්ති හදන එක.